IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘විල්පත්තුව වනජීවී කලාපයක් කරන්න‘

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන ඒ ආශ්‍රිත සියලූම වන බිම් ද ඇතුළත් වන ආකාරයට වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කර ගැසට් කරන ලෙස  මෛත්‍රීපාල සිරිසේන ජනපති අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම විල්පත්තුව ඇතුළු සියලූ වනාන්තර නවීන තාක්ෂණය භාවිතා කරමින් ගුවනේ සිට නිරන්තරයෙන්ම නිරීක්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිවරයාඋපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් සමඟ අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දුන්නේය.

කුමන අයුරකින් හෝ සිදු කෙරෙන වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස   නිලධාරින්ට උපදෙස් දුන් ජනපති වැඩිදුරටත් ප්‍රකාශ කළේ වනාන්තර හෙළි කිරීම් සහ කැලෑ කැපීම්වලට එරෙහිව දැනට පවතින නීතිය තුළ ඇති දඩ මුදල හා සිර දඩුවම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙස තමා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කරන බවයි.



අදහස් (0)

‘විල්පත්තුව වනජීවී කලාපයක් කරන්න‘

වසන්ජය Friday, 30 December 2016 08:50 PM

ඔන්න කරනවා නම් වැඩ! (නි)

:       0       0

දහම් Saturday, 31 December 2016 12:19 AM

ඇයි විල්පත්තුවේ වන විනාශය කරපු අය එළිපිටම දකින්නට තියෙද්දී අත්අඩංගුවට ගන්න කියලා නියෝග දෙන්න පියවර නොගන්නේ. මේ කරන්නේත් ජනතාව රවටන එකද. (නි)

:       0       0

යොහාන් Saturday, 31 December 2016 01:35 AM

මොනතරම් වටිනවාද එහෙම කරනවා නම් (නි)

:       0       0

ශශික Saturday, 31 December 2016 02:11 AM

විල්පත්තු විනාශය වළක්වන්න ආණ්ඩු දෙකටම උවමනාවක් තිබුණේ නැහැ. මේ දෙගොල්ලොම ඡන්ද ටිකට පෙරේතකමේ කටපියාගන ඉන්නවා සිංහරාජ වනාන්තරේ කැපුවත්. කොහොමත් ජනාධිපතිතුමා නම් අවදිවෙන්නේ පත්තරේ ආවට පස්සෙනේ. (නි)

:       0       0

වසන්ජය Sunday, 01 January 2017 10:53 PM

මොහොමඩ්, රෂීඩ්, ඔයාලා දෙන්නා හිතන දේ අපිට තේරෙනවා. වනාන්තර කියන්නේ අමිල සම්පතක්. එය රැකගැනීම ජාතික වගකීමක් (නි)

:       0       0

මොහොමඩ් ඉනාම් Saturday, 31 December 2016 03:35 AM

මුලින්ම මිනිසුන් ජීවත්වෙලා ඉන්න ඕනෑ. ඔය ප්‍රදේශවල ජීවත්වෙන ජනතාව ඉතා දුක්ඛිත ජීවිත ගතකරන්නේ. ඔය වනය විතරක්ද රටේ තියෙන්නේ. (නි)

:       0       0

රෂීඩ් Saturday, 31 December 2016 05:49 AM

කවුරු වනාන්තර හෙළිකළත් වරදක් නමුත්, ඔය විල්පත්තු අාශ්‍රිතව හිටපු අය කොටි විසින් පන්නලා යැව්වා. අද ඒ ඉඩම් වනාන්තර වෙලා. ඉතින් ඒවා ආපහු හෙළිකළාම දොස් කියනවා. (නි)

:       0       0

කුමාර් Saturday, 31 December 2016 07:05 AM

මේක මීට ඉස්සර අභයභුමියක් කිව්වේ රජයේ අනුදැනුම හා අනුමත කිරීම මත නොවෙයිද? (නි)

:       0       0

කරුණාපාල Saturday, 31 December 2016 08:18 AM

ඒ කියන්නේ කැලේ කපලා වනේ පදිංචිවුණ අයත් ගණන් ගන්නේ වන ජීවීන් හැටියටද? එ්කත් නරකම නැහැ. ඒ වුණාට මුළු රටම වනජීවී කලාපයක් බවට නම් කළොත් තමයි වඩා නිවැරදි (නි)

:       0       0

පද්මසිරි Saturday, 31 December 2016 02:55 PM

අපිට ඉන්නේ ‘මම දන්නේ නැහැ, එසේත් නැත්නම් මම දැනගෙන සිටියේ නැහැ‘ කියන බලධාරීන්ද? එසේත් නැත්නම් අනුන්ගේ පිහිටෙන් බලයට ආ අය පාලනය කරගන්න බැරි පාලකයින්ද. (නි)

:       0       0

රාමන් Friday, 30 December 2016 01:16 PM

කලාප හැදුවට මදි. වන විනාශය කරන අයට දඬුවම් දෙන්න. (නි)

:       0       0

යොහාන් Friday, 30 December 2016 01:37 PM

නියමයි. ඒත් කෙළින්ම නියෝග කරන්නකෝ. ඒ වගේම නීතිරිති දැඞිකරලා කැළෑ කපලා ගස් අදින වාහන රාජසන්තක කරන්න. (නි)

:       0       0

නිහාල් Friday, 30 December 2016 01:42 PM

අශ්වයාට පැනලා යන්න දීලා ඉස්තාලය වැහුවට වැඩක් වේවිද. (නි)

:       0       0

රන්ජිත් Saturday, 31 December 2016 11:16 PM

ඇත්තටම වනජීවී එකට අයත් වනාන්තර ටික විතරයි අද ආරක්ෂා වෙලා තියෙන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිතිව තිබුන වනාන්තර බොහොමයක් අද විනාශවෙලා. ඒ නිසා ජනාධිපතිතුමාගේ තීරණය බොහොම අගය කළයුතුයි. වනාන්තර වන සතුන් සමඟ ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

දොන් Friday, 30 December 2016 03:07 PM

හොඳ තීරණයක්, පරක්කුවෙලා හරි. කාන්තාර අපිට එපා (නි)

:       0       0

බුද්ධික Friday, 30 December 2016 03:25 PM

තව ටිකක් කල් යනකොට ඕකේ ඉතුරු වෙන්න දෙයක් නැතිවෙයි (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 30 December 2016 03:39 PM

අශ්වයා රටෙනුත් පැන්නාට පස්සේ ඉස්තාලේ දොරට අගුලක් හයි කරන්න උපදෙස් දීලා වගෙයි!

:       0       0

දිලිප් Sunday, 01 January 2017 04:09 AM

කර ඇත්තේ මහා වන විනාශයකි. පවතින නීතිය අනුව කටයුතු කර වගකිවයුතු සියල්ල තරාතිරම නොබලා කටයුතු කර ඉදිරි වන විනාශ සදහා මහජන පෙළඹවීම් මර්දනයට අඩිතාලම නිමවමින් ගතයුතු අවැසි පියවර කඩිනමින්ම ගත්තනම් තම වඩාත් හොඳ! (නි)

:       0       0

ලාල් Friday, 30 December 2016 04:04 PM

නියමයි. ඒත් ඇයි මේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කරන්නේ? කෙලින්ම නියෝග කරන්නකෝ. ඒ වගේම නීතිරිති දැඩිකරලා කැළෑ කපලා ගස් අදින වාහන රාජසන්තක කරන්න. (නි)

:       0       0

නිමල් ලලිත Friday, 30 December 2016 04:26 PM

තනිකරම මහා පරිමාණ විනාශයක් ඇතිවුණාට පස්සේ ඇහැරිලා තියෙන්නේ. දැන් කරලා තියන විනාශයට විරුද්ධව පියවරක් ගන්නේ නැද්ද? (නි)

:       0       0

යෝනක Sunday, 01 January 2017 06:24 AM

ප්‍රමාදවෙලා හරි මේ තීරණය ගත් එක වටිනවා (නි)

:       0       0

සරත් Friday, 30 December 2016 05:20 PM

අපිට නම් සුරංගනා කතා තමයි මේවා. විල්පත්තුවේ ඔච්චර එළිකිරීම් සිදුවෙද්දී සියල්ලෝම නිහඬව ඉන්නවා. මාධ්‍ය වලට නම් ලොකු කතා කියනවා. පරිසරය රකින්න රජයෙන් ගෙනියන ක්‍රියාමාර්ග හරිම ලිහිල්. උඩහින් කඳුකරයේ කැලෑ කපලා ගෙවල් හදනවා, පහළින් තියෙන කැලෑ එළිකරනවා. (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 30 December 2016 05:30 PM

අපිට සතුටුයි මේවා ඇහෙනකොටත් (නි)

:       0       0

සරත් Friday, 30 December 2016 05:28 PM

අන්න නියම වැඩ! (නි)

:       0       0

ගුණසිරි Friday, 30 December 2016 06:13 PM

ජනපතිතුමනි, මෙය ක්‍රියාත්මකවන්නේ නම් අකුරටම, ඔබට අපගේ උත්තම ප්‍රණාමය! (නි)

:       0       0

අශෝක Friday, 30 December 2016 06:49 PM

විල්පත්තුව ලංකාවේ පෙණහල්ල වගේ. විල්පත්තුව විනාශ කරන දේශද්‍රෝහීන්ට තනතුරු, පට්ටම්! ඒ වන විනාශය රටටම හෙළිකරපු අය හිරගෙදර! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 59 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3091 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 561 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1055 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 762 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 809 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site