IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විල්පත්තු පෙත්සමට බදියුදීන්ගෙන් විරෝධතා

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධි රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්  නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකාර අමාත්‍ය රිෂාද් බදියුදීන් අද (31) අභියාචානාධිකරණය හමුවේ විරෝධතා ගොනු කළේය.

පෙත්සම සැප්තැම්බර් 30 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවිණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.



අදහස් (0)

විල්පත්තු පෙත්සමට බදියුදීන්ගෙන් විරෝධතා

අංගොඩ ලාල් Thursday, 01 September 2016 05:11 AM

විල්පත්තුවේ විතරක් නෙමෙයි මුළු රට පුරාවටම මහා පරිමාණයේ පරිසර හානි වෙනවා. උමාඔය ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල ප්‍රදේශයට වෙලා තියෙන හානිය තවමත් එහෙමමයි. වැලි ජාවාරම්කාරයින්ගෙන්, හොරෙන් කැලෑ කපන්නන්ගෙන් සිදුවෙන පරිසර හානියත් එහෙමමයි. මේ රටේ පරිසර අමාත්‍යාංශයක් තියෙනවාද කියල හිතෙනවා. පරිසර හානි ගැන පරිසර ඇමතිවරයා නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

දිලිප් Thursday, 01 September 2016 05:10 AM

වන සංහාරයට විරුද්ධව සාධාරණය ඉටුවනු දැකීම අපි සැමගේ බලාපොරොත්තුවයි. (නි)

:       0       0

සෑම් Wednesday, 31 August 2016 03:39 PM

යහ පාලනේ. මොකක්ද අස්සෙන් දොරේ යනවා. (අ)

:       0       0

නිහාල් Wednesday, 31 August 2016 03:44 PM

එන එන ආණ්ඩුවලට මුක්කුගහලා ඇමතිකම් අරගෙන ඒ අයගේ ජනකොට්ටෂට පමණක් සේවය සහ අනවසර වරප්‍රසාද ලබාදීම මොහුගේ ක්‍රියාවයි. (අ)

:       0       0

රවීන්ද්‍ර Thursday, 01 September 2016 05:40 AM

විල්පත්තුව කපලා පදිංචි කරවූ මිනිසුන්ගේ මුල් ගම්බිම් කෝ. ඇයි ඒ තැන් වල පදිංචි වෙන්න බැරි. තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමයි එකම පරමාර්ථය. සංහිඳියාවේ නාමයෙන් ඇයි මේවාට ඉඩ දෙන්නේ. (නි)

:       0       0

විපුල Wednesday, 31 August 2016 04:17 PM

විමසිලිවත් ව ඉන්න අය අවුරුදු හතරේම ඉන්න වෙයි අල්ලගෙන (බ)

:       0       0

රුවන් Wednesday, 31 August 2016 04:13 PM

මේවගේ ජනතා නායකයින් අපිට නැහැ. බලන්න , හොදින් හෝ නරකින් තමන්ගේ ජාතියට අවශය වැඩ කොටස සෑම ආණ්ඩුවකින්ම කරගන්නවා. (බ)

:       0       0

නිමල් ලලිත Friday, 02 September 2016 01:36 AM

විල්පත්තුවට කර තිබෙන විනාශය එහි යන ඕනෑම කෙනෙකුට බලාගත හැක. නමුත් මෙම විනාශය පටන්ගත්තේ හිටපු ජනපතිතුමාගේ කාලයේදී බවද අමතක නොකළ යුතුය. දේශපාලන බලපෙරේතකම නිසා එදත් වැරදි සිදුවිය, අද එදාටත් වඩා වැරදි සිදුවේ. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 31 August 2016 05:28 PM

වන විනාශය දෙස බල බලා ඉන්න බලධාරීන්ට, ඒවාට අනුබල දෙන දේශපාලුවන්ට අවබෝධ වෙන්න ඕනෑ ඉදිරියේ බිහිවන දරුවන්ට බොන්න වතුර නැති රටක් ඇතිවෙන බව. (නි)

:       0       0

කෝසල Thursday, 01 September 2016 06:53 AM

මොකුත් කියන්න නරකයි මේවට (නි)

:       0       0

අශෝක Wednesday, 31 August 2016 05:54 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ! (රේ)

:       0       0

හේවා Wednesday, 31 August 2016 07:47 PM

මම පසුගිය සතියේ විල්පත්තු පැත්තේ ගියා. කියලා වැඩක් නැහැ. සහරා කාන්තාරය මීටවඩා හොඳ බව මට වැටහුනා (නි)

:       0       0

ඉසුරු Wednesday, 31 August 2016 09:19 PM

පව් නේද? දුප්පත් මිනිහෙක් කෙහෙල් කැනක් කැපුවා නම් මෙලහට හිරේ. මෙහේ පෙනි පෙනී කැලේ කපනවා. නීතිය යුක්තිය අද කොයිබද? (නි)

:       0       0

දිල් Friday, 02 September 2016 02:34 PM

පුවත්පත් වලින්වත් විල්පත්තුව ගැන කතා නැහැ. ඉදිරියේ භයානක නියඟයක් එනවිට කාට කාටත් තේරේවි. (නි)

:       0       0

සෙනරත් Thursday, 01 September 2016 02:15 AM

කෝටි ගණන් වල වාහන ඉල්ලන්නේ රට වටේ ඇවිදලා රටට සේවයක් කරන්න කියලා එක ඇමති කෙනෙක් කියනවා ඇහුනා. යාල පැත්තට නොයන්නේ තවම ඒ වාහනය ලැබිලා නැතුව ඇති. (නි)

:       0       0

පිටිගල Thursday, 01 September 2016 02:09 AM

සහජීවනේ මුවාවෙන් ගහකොළ සතා සීපාවා විනාශ කරන එක කව්රු කව්රුත් ඉවසාගෙන ඉන්නයි තියෙන්නේ. හෙට අනිද්දට කැලේ ඉන්න සත්තු ටිකත් මරලා කනතුරු බලා ඉඳිමු. පක්ෂය ගැන විතරයි මේ කාලේ අපේ අයට හිතන්න වෙලා තියෙන්නේ. කාගේ කාගේත් ගැලවීම තියෙන්නේ පක්ෂය මතනේ. (නි)

:       0       0

සෙනරත් Thursday, 01 September 2016 03:21 AM

මේක ජනාධිපතිතුමගේ අමාත්‍යංශයට නේද අයිති. එතුමාට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

රසික Thursday, 01 September 2016 03:21 AM

මෙම පෙත්සම ඉවත්කර ගත්තොත් නේද හොඳ. මොකද මෙය සහජීවනයට බාධාවක් (නි)

:       0       0

ජයසිරි Wednesday, 31 August 2016 12:48 PM

අයියෝ ඕක එච්චර ලොකු ප්‍රශ්නයක්ද, ඔය විනාශය කාටවත් පෙන්නේ නැනේ, හුගක් ඇත නේ තියෙන්නේ , ඔන්න ඕක ඇත ඇරලා දල රාජපක්ෂලට මොනවා හරි කරන්න පුළුවන්ද බලන්න. බුදු පිළිමේ කඩපු එක ජනාධිපති තුමා තාම පුවත්පතින් දැක්කේ නැතුවද දන්නේ නෑ (බ)

:       0       0

දයානි Wednesday, 31 August 2016 01:13 PM

අනේ පව් අහිංසක බදියුදින්ගේ නම කතාකරන්න එපා .එයා නිර්දෝෂයි (බ)

:       0       0

ලාල් Wednesday, 31 August 2016 01:19 PM

මුළු රටම මේ කරල තිබෙන වන විනාශයට නිත්‍යානුකූලව ගන්නාවු ක්‍රියාමාර්ගය ගැන විමසිල්ලෙන් ඉන්නවා. (බ)

:       0       0

රොෂේන්- රියාද් Wednesday, 31 August 2016 01:39 PM

මේ අය එල්ලන්න ඕනේ රක්ෂික වන උද්‍යානවලට කරපු විනාශයට (බ)

:       0       0

සජී Thursday, 01 September 2016 04:30 AM

වනාන්තර විනාශය ජාතික අපරාධයක්. සංහිඳියාව නිසා කෙසේවෙතත් ස්වභාව ධර්මයෙන් නම් මේවට දඬුවම් ලැබෙයි (නි)

:       0       0

කිත්සිරි Thursday, 01 September 2016 04:24 AM

වාසියට රට වුණත් විකුණන අය අපි අතර ඉන්නවා. (නි)

:       0       0

ලාල් Wednesday, 31 August 2016 02:18 PM

කවුද රටේ පරිසර ඇමති ?මොනවද කරන්නේ?සහජීවන කාණ්නාඞිය දාගෙන බුදිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 376 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 441 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 884 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5069 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1203 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site