IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විල්පත්තු ලේනා නළුවෙක් වෙයි

බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වන ජීවී චිත්‍රපටයක් තිර ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පෝල් විලියම්, මවගෙන් වෙන් වුණු ලේන් පැටියකු දුටුවේය. අසනීප ගතියෙන් සිටි ලේන් පැටියාට සාත්තු කළ ඔහු  ‘රොබ්‘ යනුවෙන් නමක් ද තැබීය. මාසයක්ම ලේන් පැටියාට සාත්තු සප්පායම් කළේය.

ලේනාගේ මව ලේනා සොයා එතියි ලේන් පැටියා ගස් බෙනයක තැබුව ද මව නොපැමිණියා ය.

දැන් ලේනා ඔහුගේ කමිස සාක්කුවේ සිටී. ලැප්ටොප් පරිගණකයේ සිටී. ඔහුගේ කෝප්පය ඇතුළට ද යයි.

පෝල් ලංකාවට පැමිණියේ විල්පත්තු දිවියන් හා පුරා විද්‍යා නටබුන් ගැන වාර්තා චිත්‍රපටයක් සැකසීම සඳහාය.

තමා කොතරම් ලේන් පැටියාට ආදරය කළත් තම රටට ලේන් පැටියා රැගෙන යා නොහැකි බව පෝල් කියයි.

අනෙක් අතට ලේනුන් හොද සුරතළුන් නොවන බව ද ඔහු කියයි.

(ඡායාරූප බීබීසී)

 

 

 



අදහස් (0)

විල්පත්තු ලේනා නළුවෙක් වෙයි

සෙන්තිල් Wednesday, 23 October 2013 09:32 PM

නිල්මිණි, ඔබ හරි (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 23 October 2013 02:24 PM

ලේන් පැටියා හෙන නිදි කුම්බරයෙක් නේ .. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 October 2013 02:24 PM

සුද්දෝ හුඟාක් කැමති පුසොන්ට ! (ස)

:       0       0

ගුණපාල Wednesday, 23 October 2013 09:50 PM

එංගලන්තේ මිනිස්සු ලේන මස් කනවා. එනිසා ගෙනියන්න බෑ (දිල්)

:       0       0

මනෝජ් Thursday, 24 October 2013 10:00 PM

පත්මිණි,චුල -කුවේට්,බොහොම ස්තුතියි මාව දැනුවත් කළාට (නි).

:       0       0

සිතුම් කීරගල Wednesday, 23 October 2013 09:50 PM

ලස්සන ලේනේක්නේ..(දිල්)

:       0       0

රවී Wednesday, 23 October 2013 02:30 PM

පෝල්ට ලේනා රැගෙන යාමට අවශ්‍ය නිතිමය සහය ලබාදීමට හැකි නම් හොඳයි. (ස)

:       0       0

කුමාරි Wednesday, 23 October 2013 09:57 PM

අනේ මෙයාව මට දෙන්නකෝ මන් මේ වගේ සත්තුන්ට පොඩිකාලේ ඉඳලම පිහිට වෙලා තියෙනවා, (දිල්)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 23 October 2013 10:05 PM

පව් ලේන් අම්මට කොච්චර දුක ඇද්ද?මොනවා කරන්නද? කාලයක් ගියාම එයාට එයාගේ පරිසරය පුරුදු වෙයි ..... චන්ද්‍ර වීරසිංහ ... ඔය එක ලේන් පැටියයි .... ලංකාවේ ඔය විදියට අසරණ දෙමාපියන් නැති දරුපැටව් කි දාහක් අනාථ නිවාසවල ඉන්නවද?...ඒ දරුවන්ට පිහිටවෙන්න කියලා ඉල්ලුවානම්..... ඔයත් සත්ව කරුණාව ඇති හොද මහත්මයෙක් කියලා තවත් හොදට පෙනේවි ....(දිල්)

:       0       0

සෙයිලනිකස් Wednesday, 23 October 2013 02:42 PM

කුමාරි, මස් කන්නේ සුද්දෝ විතරයි. අපි මස් කන්නේ නැහැ ? (ස)

:       0       0

ජ. තිසර Wednesday, 23 October 2013 02:53 PM

ඈතයි බොහෝ ඉපදුන මව් රට ශීතයි.. උණුසුම් සිරි ලකේ වන ජීවින් ගාවයි.. අසරණ ලේන් පැටියගෙ සුරතල් තාවෙයි.. අමතක නොවෙන සුන්දර දේවල් මේවයි... (ස)

:       0       0

සේනාරත්න Wednesday, 23 October 2013 02:57 PM

සුද්දා ගාව තියෙන්නේ “ කැනොන් “ කැමරාවනේ. ඒවා ආසියාවේ . (ස)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Thursday, 24 October 2013 11:10 PM

මේ සතාට ආහාර බිඳක් දන් දීලා නිර්ලෝභීව සතුටු වනවා මිස සතුන්ව බලහත්කාරයෙන් කූඩුකර හැඳීම සතුන්ට සිදු කරන හිංසාවක් ලෙස හැදින්විය හැකිය. (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 27 October 2013 09:25 PM

චන්ඩි, ඔයාට ලේනෙක් ලැබුනොත් මොකද කරන්නේ? (නි)

:       0       0

ඉන්දික ගම්පහ Wednesday, 23 October 2013 11:02 PM

මෙයාට ගොඩක් පළතුරු කවලා වගෙයි. ඒකයි ඔය ඔලුව ලොකු (නි)

:       0       0

සම්පත් Thursday, 24 October 2013 03:46 PM

අපිත් කොච්චර ලේනුන්ව බේරාගෙන නිදහස් කරලා තියනවද? (ස)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 23 October 2013 11:41 PM

පිටබැද්දර ජයා මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

මනෝජ් Thursday, 24 October 2013 12:14 AM

මම ඉන්නේ සාජා නුවර.මම දැන් මෙහෙ වසර 8ක් සේවය කරනවා.මට මෙහෙදී පොඩි බලු පැටවෙක් හමුවුණා,වසර 2 ට විතර උඩදී.මම එයාට ටොමි කියලා නම දාලා තියෙන්නේ.හරිම කීකරුයි.මට මෙයාව ලංකාවට යනකොට ගෙනියන්න පුලුවන්ද? ඒ කොහොමද?එසැණ බලන කවුරුහරි සහෝදරයෙක් ,සහෝදරියක් කියලා දෙන්න.මොකුත් බෙහෙත් විදලා නැහැ.මට දැන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ (නි)

:       0       0

ශාන්ත Thursday, 24 October 2013 12:40 AM

අපේ ගෙදරත් හිටිය ලස්සන ලෙන් පැටියෙක් ඌව් පුසා කෑව (අ)

:       0       0

නිලාන් Wednesday, 23 October 2013 04:06 PM

රට ගෙනි යන්න බැරි වුනත් ලේනා හරිම අහිංසක සතෙක්. මිනිස්සු වගේ නෙමේ සතුන්ට මුල අමතක වන්නේ නෑ. හොඳට කලෙහි ගුණ තියනවා. (ස)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 12:54 AM

ලේනාගේ පිට වුඩ ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ................. පුංචි කාලේ කිව කවියක මෙහෙම තිබුන ඉතිරි හරිය මතක නැ.(අ)

:       0       0

මානෙල් Tuesday, 29 October 2013 11:53 PM

මස් කන්නේ නැති සුද්දෝ කොච්චර ඉන්නවද (නදී)

:       0       0

හිරු Wednesday, 23 October 2013 04:14 PM

ඌ නිදිකුම්බෙක් නෙවෙයි. ඌ තාම ඇස් ඇරලා නෑ.. (ස)

:       0       0

රාජින්ද Wednesday, 23 October 2013 04:14 PM

ලංකාදීපෙට මම කැමති මේ හේතුව නිසයි. විවිධත්වයෙන් පුවත් පල කිරීම අගය කරමි. (ස)

:       0       0

මානෙල් Tuesday, 29 October 2013 11:57 PM

මස් කන්නේ නැති සුද්දෝ කොයි තරම් ඉන්නවද , (නදී)

:       0       0

හර්ෂිනී Thursday, 24 October 2013 01:21 AM

හරි හුරතල් ....(අ).

:       0       0

චන්දි Thursday, 24 October 2013 12:12 PM

අනේ එපා සුජීව ..,දැන් මට ලේන්නු හුරතල් කරන්න කාල වෙලාව නැහැ. ලොකු රාජකාරියක් තියෙනවා ඉටු කර ගන්න., (ස්තුතියි ඇහුවට)(නදී)

:       0       0

සුජිත් Thursday, 24 October 2013 01:31 AM

ඇත්ටටම එපින්වන්ත විදේශික මහතාට සුරතල් සතෙක් වෙනුවට කවුරුත් නැති අසරනයෙකුටත් ඒ වරම අත්වන්න කියල අපි ප්‍රත්ටන කරමු (අ)

:       0       0

දේවි Thursday, 24 October 2013 01:53 AM

සුද්දත් නිකන් ලේන් පැටියා වගේ.ඔයාට ගොඩක් පින් අනේ! (නි)

:       0       0

රේණුක Thursday, 24 October 2013 02:12 AM

ජනක, ඔබගේ අදහසට මම සතුටු වෙමි. (නි)

:       0       0

රවී Thursday, 24 October 2013 02:49 AM

සංසාරේ දුකකි.හමුවීම් වෙන්වීම් සියල්ල දුකකි. අනිත්‍යයයි.පින් විතරක් රැගෙන යන්න පුළුවන් (නි)

:       0       0

චමින්ද Wednesday, 23 October 2013 04:57 PM

මගෙත් හිටියා ලේන් පැටියෙක් පොඩි කාලේ . ඌව කාක්කෙක් අරන් ගියා ජනේලෙ උඩ රොටි කකා ඉන්න කොට. (ස)

:       0       0

අමර් Wednesday, 23 October 2013 05:14 PM

අපි ඔහුව අගය කරමු (නි)

:       0       0

ශිවා Wednesday, 23 October 2013 12:00 PM

පින් ගොඩක්. (ස)

:       0       0

අනිල් Wednesday, 23 October 2013 05:45 PM

මේ ලේන් පැටියා දකිනකොට මට අපේ ගෙදර මාසයක් විතර අපිත් එක්ක හිටි ලේන් පැටියා මතක් වුණා.එයා ටිකක් ලොකු වෙලා, පරිසරයට මුදා හැරිය දවසේ ලොකු දුකක් දැනුනා.ඒත් එයා ඉන්න ඕනෑ එළියෙනේ.මේ පුද්ගලයාගේ සත්ව කරුණාව අගය කරනවා. (නි)

:       0       0

කුමාර් Wednesday, 30 October 2013 03:44 AM

ඔය ලේනෙක් නෙවේ මීයෙක් (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 23 October 2013 12:09 PM

ලොකු පිනක් මහත්තයෝ (නි)

:       0       0

නිල්මිණි Wednesday, 23 October 2013 06:03 PM

චන්ද්‍ර වීරසින්ග්හේ,සතෙකුට කරුණාව දයාව දැක්වීම සදහා බෞද්ධම විය යුතු නැහැ. ඔවැනි අදහස් පළකිරීමෙන් ඔබගේ මානසිකත්වය කෙසේදැයි වටහාගත හැක (නි)

:       0       0

චන්දි Wednesday, 23 October 2013 12:18 PM

මගෙත් ආසම සතෙක් තමයි ලේනා. (නි)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Thursday, 24 October 2013 07:09 PM

මම හිතන්නේ නම් සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න ඉඩ ලබා දීම විතර පිනක් වෙන නැහැ කියලයි. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 23 October 2013 12:32 PM

සුපිරි නළුවෙක් වුණත් කැළය තරම් වටිනා රජදහනක් සතෙකුට කො‍යින්ද? (නි)

:       0       0

තාරක Wednesday, 23 October 2013 12:33 PM

සංසර බැදීමක් වෙන්න ඇති, එහෙත් මේ භවයේදීත් වැඩිකලක් ළග ඉන්න පින නැතුවා ඇති!!!! (නි)

:       0       0

චමත් ඉතාලිය Saturday, 26 October 2013 12:38 AM

මනෝජ්,ඔයාට බල්ලව ගෙනියන්න පුළුවන්.එක ගුවන් බලපත්‍රයකට එක බල්ලෙක් ගෙනියන්න පුළුවන්. ඔයාට කිලෝ 35 ක් දෙනවා නම් බල්ලාගේ බර කිලෝ 20 ක් නම් ඉතිරි කිලෝ 15 බඩු ගෙනියන්න පුළුවන්. කුඩුවක දාන්නත් ඕනෑ. එන්නත් විදලා තියෙන්නත් ඕනෑ. ඔයා ඉන්න රටෙන් බල්ලව පිටගෙනියන්න තහනමක් නැද්ද කියලා බලන්නත් ඕනෑ. ඒ ඔක්කොම කරගෙන ගුවන් සමාගමේ කෙනෙකුගෙන් ඉතිරි විස්තර දැන ගන්න. කොහොමටත් ඔයාට බල්ලාව ගෙනියන්න පුළුවන්. ඔයාගේ වෑයම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා.... (නි)

:       0       0

නිමල් පෙරේරා Thursday, 24 October 2013 08:18 AM

මගේ ගෙදරත් නිදහසේ ගතකරන ලේනුන් පනහකට වැඩිය ඉන්නවා. මගේ පළමු රාජකාරිය තමා උදෙන්ම ඒ අයට කෑම දෙන එක. නමුත් එක පුසේකුටවත් වත්ත පළාතේ එන්න දෙන්නේ නැහැ. පුසෝ ගැන බලාගන්න හොඳ බල්ලෙකුත් ගෙදර ඉන්න නිසා ප්‍රස්නයක් නැහැ..(නදී)

:       0       0

කමල් Wednesday, 23 October 2013 12:43 PM

මේ මහත්මයාට ලේන් පැටියා සමග රට යාමට අවසර දෙමු (නි)

:       0       0

සුජීව Thursday, 24 October 2013 08:27 AM

චන්දි, [අංක 3] ඔයා ලේනුන්ට ඔච්චර ආසද? මම එකෙක් හොයලා දෙන්නම්. (නදී)

:       0       0

චමත් Wednesday, 23 October 2013 06:47 PM

ෂික්! මට ඔහොම ලේනෙක් හම්බවෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සන්ධ්‍යා Wednesday, 23 October 2013 12:51 PM

තිරිසනුන්ට වුණත් ආදරය තේරෙනවා (නි)

:       0       0

අසේල Wednesday, 23 October 2013 07:02 PM

නිල්මිණි, ඔයා හරියටම හරි. (නි)

:       0       0

නුවන් Wednesday, 23 October 2013 07:11 PM

මටත් උන්නා ලේන්නු ගොඩක් දැන් ඉන්න නම් එකම එක ලේනයි.(නදී)

:       0       0

රසික Thursday, 24 October 2013 09:18 AM

මගෙත් ආසම සතෙක් තමයි ලේනා. (ස)

:       0       0

අරුණ Wednesday, 23 October 2013 01:04 PM

පානාතිපාතා වේරමණී සික්ඛාපදන් සමාදියාමි (නි)

:       0       0

පද්මිණී Thursday, 24 October 2013 09:30 AM

මනෝජ්, ඔයාට බල්ලා ලංකාවට ගෙනියන්න පුළුවනි. ඒ ගැන නීතිමය විස්තර ගුවන් සමාගමට කතා කරලා දැනගන්න.ශ්‍රී ලන්කන් එකෙන් අහන්න.ගෙවිය යුතු ගාස්තු ගැන.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 October 2013 07:47 PM

චන්දි, ඇයි කුකුළන්ට කැමති නැද්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 October 2013 07:48 PM

රාජින්ද, ලංකාදීපයට මම කැමති මේ හේතුව නිසයි. විවිධත්වයෙන් පුවත් පල කිරීම අගය කරමි. (නි)

:       0       0

ජනක Wednesday, 23 October 2013 01:33 PM

සතෙකුට ආදරය කරන්න සංවේදී හදවතක් තිබෙන්න ඕනෑ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ - නවසීලන්තය Wednesday, 23 October 2013 01:37 PM

විදේශයක සිට ලියමි . කරුණාකර බෞද්ධ පින්වතෙක් හෝ පින්වතියක් මෙම ලේන් පැටියාට සරණ වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. (ස)

:       0       0

චූල - කුවේට් Thursday, 24 October 2013 09:57 AM

මනෝජ්, ඔයාට ටොමී ලංකාවට අරගෙන යන්න පුළුවනි. ඔයාගේ පළාතේ ඉන්න වෙට්නේරි දොස්තර හමුවෙලා උපදෙස් ගන්න. පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට කතා කරන්න. (ස)

:       0       0

ජානි Wednesday, 06 November 2013 05:30 PM

කරුණාකර වනයට මුදා හරින්න. එය මහගු පිනක් වනු ඇත (නි)

:       0       0

නිරෝෂන් නිරෝෂත් Wednesday, 23 October 2013 01:53 PM

ලස්සනයි, අනේ මගේ ගෙදර හිටිපු ලේන් පැටියව මටත් මතක් වෙනවා.සත්තු මිනිස්සු වගේ නෙවෙයි.එයාලගෙ ජීවිතේට කවුරු ආවත් ඒ ආදරේ වෙනස් වෙන්නෑ. (ස)

:       0       0

නිහාල් Wednesday, 23 October 2013 02:01 PM

ඔය වගේ සිදුවීම් ඕන තරම් සිංහල ජන සමාජයේ සිදුවී තිබෙනවා.නමුත් සුද්දෙක්ගේ සත්ව කරුණාව අගේ කරනවා. (ස)

:       0       0

ෆීනා Wednesday, 23 October 2013 02:05 PM

අලංකාර දසුනක්. (ස)

:       0       0

අමිල - කටුනායක Wednesday, 23 October 2013 02:05 PM

පෝල් ලේනට හරි කැමති වගේ. (ස)

:       0       0

සමාධි Friday, 25 October 2013 12:09 PM

චමත් අපේ දිහා ඉන්නවා දඩු ලේනෙක් ඔයාට එවන්නද?මට ඔයාගේ ලිපිනය දෙන්නකෝ. මං ගෙදරටම ගෙනල්ල දෙන්නම්. (ස)

:       0       0

කුමාරි Wednesday, 23 October 2013 02:15 PM

ගහ කොළ සත්තු කියන්නෙ අපිත් එක්කම ලොකු මහත් වෙන අය.සුද්දගෙ කරුණාව හොඳයි.ඒත් සුද්දට මස් නැතුව ජීවත් වෙන්න බෑ.ඒකයි වැරැද්ද. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 984 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1349 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5490 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1313 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5476 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4965 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17464 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 87 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 141 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site