IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වොලිබෝල් පිටි 18ක් දිග ‘සිහින යාත්‍රාව‘ ලංකාවේ

ලොව ප්‍රධාන පෙළේ නාවික සමාගමක් වන හොංකොං හි ඩ්‍රීම් කෘෘසස් සමාගමේ නෞකාවක් සඳුදා (31) කොළඹ වරායට සේන්දු විය.

ආසියාවේ දෙවැනි විශාලතම නෞකාව ලෙස සැලකෙන ඩ්‍රීම් කෘෘස් නෞකාව පිළිගැනීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක ඇතුළු රජයේ නියෝජිත පිරිසක් එහි ගොස් සිටියහ.

මෙම නෞකාවේ අති සුඛෝපභෝගී සවාරියක් යෑමට මගීන්ට අවස්ථාව සලසා දී ඇත. මගීන් 3400කට පමණ එකවර ගමන් කළ හැකි එහි සේවක සංඛ්‍යාව 2000ක් පමණ වේ. ප්‍රණීත ආහාර පාන සහිත අභ්‍යන්තර ආපනශාලා 35ක් සහිත මෙම නැවෙහි ආලින්ද සහිත එකට යා කැරුණු කාමර 100කට අධික සංඛ්‍යාවක් ඇත. මගීන්ගේ බාහිර කුටි 3360ක් එහි ඇත. 

මෙම නෞකාවේ බර ටොන් 151300කි. එහි දිග අඩි 1099කි. එනම් කිලෝ මීටරයකින් 4/10කට ආසන්නය. පළල අඩි 131කි. මෙම නැව ජර්මනියේ නිෂ්පාදනය කර ඇති අතර තට්ටු 19කින් සමන්විතය. එහි දිග වොලිබෝල් පිටි 18ක දිගට සමානවේ. 

පැය පහක පමණ කාලයක් මෙරට වරායේ නැංගුරම්ලා තිබූ ඩ්‍රීම් කෘෘස් නෞකාවේ දැවැන්ත රංග ශාලා තුනක් ද නිර්මාණය කර ඇත. මගීන්ට ඒවායේ විවිධ නර්තන, සංගීත හා සර්කස් වැනි ප්‍රසංග නැරඹීමේ අවස්ථාවද උදාවේ. එහි ප්‍රධාන රංග ශාලාව ශ්‍රී ලංකාවේ නෙළුම් පොකුණ රඟහලට වඩා මදක් කුඩා එකකි. විනෝද උද්‍යානයක් සහ ජල තටාකද එහි වේ.

සාප්පු සංකීර්ණයක් හා කැසිනෝ ශාලා රැසක්ද නෞකාවේ දක්නට ලැබේ. මගීන්ට අමතක නොවන අපූරු අත්දැකීමක් ලබාදීමට සමත් මෙම සිහින යාත්‍රාව කොළඹට සේන්දු වීම පිළිබඳ අදහස් දැක්වූ ඩ්‍රීම් කෘෘසස් සභාපති තැචර් බ්‍රවුන් සඳහන් කළේ ආශ්වාදනීය නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවේ සංචාරකයින්ට ද අවස්ථවක් ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳ සතුටු වන බවයි.

ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපෘතියට වියදම් වූ මුදල මෙන් තුන් ගුණයකට ආසන්න මුදලක් නැව නිෂ්පාදනයට වියදම් වී ඇත.නැව නිෂ්පාදනයට වියදම් වූ මුළු වියදම ඇමෙරිකා ඩොලර් කෝටි 100කි(රුපියල් කොටි 14 700ක්).

(වීඩියෝ මනෝජ් හර්ෂික)

IMG_1859 IMG_1886 IMG_1903 IMG_1907 IMG_1917 IMG_1926 IMG_1947 IMG_2086 IMG_2113 IMG_2136 IMG_2152 IMG_2162

gg

500 600

 

efdg.jpgsdsd

 



අදහස් (0)

වොලිබෝල් පිටි 18ක් දිග ‘සිහින යාත්‍රාව‘ ලංකාවේ

උපාලි Tuesday, 01 November 2016 08:20 AM

අර මහ බැංකු සල්ලි වලින් මේ වගේ නැවක් අරගෙන කෝටි 300 ඉතුරු කරන්නත් තිබුනා. අපරාදේ...! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 01 November 2016 05:24 AM

ඒත් රටේ බහුතරයට පාන් පෙත්තක් කන්න, දරුවාට පැරසිටමෝල් එකක් දෙන්න සල්ලි නැහැ. (නි)

:       0       0

මාධව Tuesday, 01 November 2016 05:54 AM

කොච්චර අගේද?(හේ)

:       0       0

මහේෂ් Tuesday, 01 November 2016 06:03 AM

කුමාර් අපේ මිනිස්සු ඔය හිටන තරම් දුප්පත් නෑ.(හේ)

:       0       0

කමල් Tuesday, 01 November 2016 06:08 AM

ඔහොම හිතන්ඩ ගියොත් අනික් මිනිස්සු උඩ බලන් ඉන්නද? ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නවා, හදටත් යනවා.(බ)

:       0       0

පීරිස් Tuesday, 01 November 2016 06:30 AM

මුදල් ඇමැතිතුමා අපිටත් එකක් හදලා දෙන්න කියලා ඉල්ලයිද දන්නෑ. අපේ මිනිසුන්ට යන්න. (බ)

:       0       0

ශාන්ත Tuesday, 01 November 2016 06:37 AM

ලංකාවේ පාන් පෙත්තක් කන්න පැරසිටමෝල් ගන්න සල්ලි නැති වුනාට අරක්කු සිගරට් බොන්න ඕනෑතරම් සල්ලි තියනවා. එළවලු වලට සල්ලි වියදම් නොකළාට මස් මාළු වලට කොහොමහරි වියදම් කරනවා. ඉස්සර පයින් ගිය අය අද අඩි සියක් දෙසීයක් යන්නත් ත්‍රීවීල් ඕන. ඉතින් මේ සල්ලි තියන නිසා නොවේද (බ)

:       0       0

සජී Tuesday, 01 November 2016 06:56 AM

මිනිසුන්ට කෙසේවෙතත් මැති ඇමතිගොල්ලන්ට නම් යන්න පුලුවන් වෙයි (නි)

:       0       0

අචලා Tuesday, 01 November 2016 07:39 AM

මහ බැංකු ගේම යටගියා නම් අවුරුදු දෙකක් ඇතුළට මීටත් වැඩියේ ලොකු නැවක අයිතිකාරයෝ අපේ සමහරු (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 01 November 2016 07:48 AM

පාසල් දරුවන්ට අවස්ථාවක් සළසා දෙන්න මෙය නැරඹීමට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 981 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2019 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1062 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 352 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1578 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1108 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site