බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විදුහල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12) පැවැති බස්නාහිර පළාත් පාසල් වොලිබෝල් තරගාවලියේදී මීගමුව ප‍්‍රදේශයේ ප‍්‍රධාන පාසලක පුහුණුකරුවකු පරාජය දරාගැනීමට නොහැකිව විනිසුරුවන්ට පහර දීමට තැත්කළ බව කියැවේ.
ජාත්‍යන්තර මට්ටමේ වොලිබෝල් පුහුණුකරුවකු මෙන්ම ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායමක පුහුණුකරුවා ලෙස මෑතකදී විදේශ සංචාරයකටද සහභාගි වී ඇති මෙම පුහුණුකරුවා සම්බන්ධයෙන් වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම පුහුණුකරුවා සේවය කරන මීගමුවේ පාසල් කණ්ඩායම වයස 17 න් පහළ බාලක අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වීමත් සමග එම පුහුණුකරු විනිසුරුවන්ට බැණ වදිමින් කළහකාරි ලෙස හැසිරී තිබේ. පසුව ඔහු විනිසුරුවන්ගේ විවේක කාමරයට ගොස් පහරදීමට උත්සහගත් අවස්ථාවේදී ඊට දෙමව්පියන් පිරිසක් විරෝධය දැක්වීමත් සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවද වාර්තා වේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ අදාළ පුහුණුකරුගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් දරුවන් ඉදිරියේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු ලෙස ඔහුගේ හැසිරීම ඉතාම පහත් මට්ටමක පැවැති බවත්ය.
”මා වසර 40 කට ආසන්න කාලයක් වොලිබෝල් පිටියේ කටයුතු කර තිබෙනවා. නමුත් මෙවැනි සිද්ධියක් දැක්ක පළමු අවස්ථාව මෙයයි” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ වෙනත් පාසලක ක‍්‍රීඩකයකුගේ පියකු පැවසුවේ ආදාළ පුහුණුකරුගේ හැසිරීම හේතුවෙන් මීගමුව ප‍්‍රදේශයේ කීර්තිමත් පාසලටද කැළලක් වූ බවයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වොලිබෝල් පුහුණුකරුත් විනිසුරුවන්ට පහර දෙයි
ෂාවරුන Saturday, 15 June 2013 12:23 PM
ඔබට පුලුවන්ද මට මේ සමබන්දව පින්තුරු එවන්න .(අ)