IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


වොලිබෝල් මුල් පුටුවට තරග වදින්න වත්මන් සභාපතිට කී‍්‍රඩා ඇමැති අනුමැතිය

කී‍්‍රඩා පනතේ යෝජිත වෙනස්කම් අනුව දේශපාලනඥයන්ට  ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීම සීමා කිරීමට තීරණයක් තිබුණත් විදේශ රැකියා ප‍්‍රවර්ධන  හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතාට පිට පිට හත් වැනි වසරටත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට තරග වැදීම  සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිවී ඇතැයි  වාර්තාවේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 25  වැනිදා පැවැත්වීමට  දැන් තීරණය  කර තිබේ. ඇමැති ඩිලාන්  පෙරේරා මහතා වොලිබෝල් මුල් පුටුව හොබවන්නේ වසර 2005 සිටය. එදා සිට  නිතරගයෙන්  තනතුර හොබවන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ඒ සඳහා තරග වැදීම ප‍්‍රතික්‍ෂේප කරයි. මෙවරත් ඇමතිවරයා වොලිබෝල් මුල් පුටුවට නිතරගයෙන් පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මෙතෙක්  දින යොදා ගෙන නොතිබුණත් වොලිබෝල් සම්මේලනයේ වත්මන් නිලධාරි මණ්ඩලය මෙවරත් තනතුරු සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සුදානමින් පසුවන බවත් වාර්තාවේ. ඒ අනුව වත්මන් ලේකම් සුසිල් රණසිංහ මහතාත්, භාණ්ඩාගාරික රොහාන් සෝමවංශ  මහතාත් තවදුරටත්  එම ධුරවල කටයුතු කිරීම සඳහා නාමයෝජනා බාරදීමට සුදානමින් සිටිති. දැනට එහි උප සභාපති ධුර දරන පාර්ලිමේන්තු  මන්තී‍්‍ර දිලූම් අමුණුගම, පළාත් සභා මන්තී‍්‍ර කංචන ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා, සුගතදාස කී‍්‍රඩා පාලක සභාවේ සාමාජික මහින්ද බණ්ඩාර  හා එයාර් වයිෂ් මාර්ෂල් රොහාන් පතිරගේ  යන මහත්වරුන්ට අමතරව වොලිබෝල් සම්මේලනයේ මීට පෙර තනතුරු දැරූ හිටපු නිලධාරීන් කීපදෙනකුත් මෙවර උප සභාපති ධුර සඳහා නාමයෝජනා බාරදීමට සුදානමින් සිටිති. එසේ වුවහොත් ගියවර නිලවරණයේදී මෙන් මෙවර  නිලවරණයේදීත් උප සභාපති තනතුරු සඳහා තරගයක් පැවැතීමේ අවස්ථාවක් තිබේ. වොලිබෝල් සම්මේලනයේ නිලවරණය මාර්තු 25 වැනිදා පෙරවරු 10ට ඔලිම්පික් නිවසේදී පැවැත්වීමට දැන් සැලසුම් කර තිබේ. මේ අතර දේශපාලනඥයන් ජාතික කී‍්‍රඩා සංගම්වල තනතුරු දැරීමේ සීමා පැනවීම සම්බන්ධයෙන් ජාතික කී‍්‍රඩා සංගම් ගණනාවකින් එල්ලවූ විරෝධතා සැලකිල්ලට ගත් කී‍්‍රඩා ඇමැතිවරයා සිය අභිමතය පරිදි දේශපාලනඥයන්ට ඒ සඳහා අනුමැතිය දීමට එකඟවී සිටියි. ඇමැතිවරයා මීට පෙර අවස්ථාවකදී මාධ්‍යවේදීන්ට පැවසුවේ වොලිබෝල් පරිපාලනය වඩාත් හොඳින්  පවත්වාගෙන යන  ඇමැති ඩිලාන් පෙරේරා මහතා වැනි පුද්ගලයන්ට වන අසාධාරණය වළක්වා ගැනීම සඳහා සිය අභිමතය පරිදි ඔවුන්ට  ජාතික  කී‍්‍රඩා සංගම්හි තනතුරු දැරීම ගැන තමන් විරුද්ධ නොවන බවයි.



අදහස් (0)

වොලිබෝල් මුල් පුටුවට තරග වදින්න වත්මන් සභාපතිට කී‍්‍රඩා ඇමැති අනුමැතිය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි
2024 නොවැම්බර් මස 28 46 0

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැව


කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 101 1

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල
2024 නොවැම්බර් මස 28 71 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 275 0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


සෝමාවතියත් යටවේ
2024 නොවැම්බර් මස 28 392 0

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං


වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 1224 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site