(ටෝනි කරුණානායක)
මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන 'ගනේමුල්ලේ සංජීව' නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු වන 'වෑලියේ සුරාජ්' සහ හිටපු යුද හමුදා සෙබළා 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද (14) නියම කළේය.
මිනුවන්ගොඩ දකුණු වෑලියේ පදිංචි ගල්කැටි දේවගේ සුරාජ් රණවක හෙවත් වෑලියේ සුරාජ් (24) සහ මිනුවන්ගොඩ,පත්තඩුවන වැල්ලේගොඩැල්ලේ පදිංචි දිනුස පරාක්‍රම බණ්ඩාර(21) යන හිටපු යුද හමුදා සෙබළා මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
එම සැකකරුවන් දෙදෙනාව එස්.ටී.එෆ්.නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් ග්‍රෑම් 04 යි මිලිග්‍රෑම් 360 ක් ,
වායු රයිෆල් 1ක්, තියුණු ආයුධ 3 ක් සහ නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබිණි. සැකකරුවන් දෙදෙනා දින 7 ක් මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව අද (14) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් නොමැති බව පැමිනිල්ල මෙහෙයවූ මිනුවන්ගොඩ පොලිසියේ සැරයන් සුදත් නන්දසිරි මහතා අධිකරණය හමුවේ පැවසීය .සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් සහ ජංගම දුරකතන විශ්ලේෂණ පරීක්ෂා කරමින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතීඥ සරප කරුණාරත්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’වෑලියේ සුරාජ්’ ඇතුළු දෙදෙනා රිමාන්ඩ්