IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වලල්ලාවිට සභාපති රිමාන්ඩ්

දක්ෂින අදි වේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා බෙන්තොට ප්‍රාදේශීය සභාපතිගෙන් රුපියල් ලක්ෂ පහලොවක අල්ලසක් ගත්තැයි අත්අඩංගුවට ගත් වලල්ලාවිට ප්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල, මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් ආර්.ඒ.ජේ රාජපක්ෂ මහතා විසින් ලබන නම වෙනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබීය.

මතුගම පොලිසිය ඔහු අද අදිකරණයට ඉදිරිපත් කළේය. ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකුද පෙනී සිටි අතර සැකකරු අසනීපයෙන් පෙළෙන  බව ඔහු උසාවියට දැන්වීය.

ඔහු බන්ධනාගාර රෝහලට ප්‍රථිකාර සදහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (0)

වලල්ලාවිට සභාපති රිමාන්ඩ්

මාලක සිල්වා Sunday, 07 July 2013 08:54 AM

මෙයා පිටිපස්සේ ඉන්නේ මෙයාගේ නරක වැඩ වලට උදව් කළ අය. නැත්නම් මේ වගේ පාහරයන් පිටුපස්සේ යන්නේ කව්ද?(නදී)

:       0       0

සරත් අතාවුද Saturday, 06 July 2013 05:12 PM

මුන්ව පට්ටගහන්න ඕනේ.(නදී)

:       0       0

චූලා Sunday, 07 July 2013 08:57 AM

කවුද හොඳ කවුද නරක කියලා ඡන්දදායකයා දන්නේ නැහැ.කුණු දේශපාලනේදී මොකා ආවත් උත්තරේ එකයි.මේ රට දැන් පක්ෂ විපක්ෂ හැමෝම පාලනය කලානේ. සෝම හාමුදුරුවෝ කිවුවා වගේ කටු ගාන්න ඡන්දෙ.මේ වඳුරු දේශපාලකයන්ට එතකොට ආතබුත නැතිවෙලා හිතන්න වෙනවා ඇයි එහෙම වුනේ කියා. (නි)

:       0       0

ලසන්ත Sunday, 07 July 2013 08:58 AM

නීතිඥයන්ට පමණක් බනින්න එපා.මොකෝ, බලන්න වන්දිබට්ටයෝ කීදෙනෙක් පිටිපස්සේ ගිහින් ඉන්නවද කියලා (නි)

:       0       0

තිලක් Sunday, 07 July 2013 09:10 AM

මධ්‍යම සහ වයඹ තමාගේ එක ඡන්දය හරියට භාවිතා කරන්න. එතකොට ඔය වගේ වැඩ කරන්න භයවේවි. ජනතාවගේ අතේ බලය ඇති කාලෙට එය හරියට බෙදමු.බොරුවට රැවටෙන්න එපා (නි)

:       0       0

සෑම් Sunday, 07 July 2013 09:34 AM

මේ වගේ අය පස්සෙන් යන්න මෝඩයෝ ඉන්නවනේ?? රට ගැන කලකිරෙනවා (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 06 July 2013 07:40 PM

වර්තමාන ලංකාවේ බහුතර රජයේ සේවකයෝ ඔක්කොම හොරු, අල්ලසක් කොමිසමේ අය විතරයි අල්ලස් නොගන්නේ (නි)

:       0       0

අර්ෂා Sunday, 07 July 2013 10:50 AM

දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි.එම දඩුවම වර්තමාන සැම නිලදාරියෙකුටම හොද පාඩමක් වේවි. (නි)

:       0       0

රංජිත් Sunday, 07 July 2013 10:52 AM

පගාව දුන්න කෙනාට මොකද වන්නේ? එයාවත් අල්ලලා ඒ කුඩුවටම දාන්නා ඕනෑ. මෙයාලට ඇප දෙන්න එපා. අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලි ඕවා. බැංකු ගිණුම් ගෙදර වත්කම් සේරම පරීක්ෂා කරන්න. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 06 July 2013 08:19 PM

මෙයා පසුපස සිටින්නේ කවුද? රැදවියොද? (නි)

:       0       0

නාරද Saturday, 06 July 2013 08:35 PM

දැන් පොඩි ප්‍රශ්නයක් තියනවා, මෙයට පගාව දීපු කෙනා අල්ලන්නේ නැත්තේ ඇයි? මොකද එයත් මජන මුදල්නේ පගාව විදියට දීලා ඇත්තේ (නි)

:       0       0

සංජය Saturday, 06 July 2013 09:22 PM

සතියනේ යන්න ඕනේ. ඔක්කොම සතියෙන් හරියයි. මට මතක නැහැ කියයි.(නදී)

:       0       0

සාමා Saturday, 06 July 2013 09:26 PM

දිල්හානිගේ කතාව හරි.(නදී)

:       0       0

සංජය Saturday, 06 July 2013 09:29 PM

දිල්හාණි, ඇසල බනින්න එපා ඔවුන් මොනවා කරන්ඩද?(නදී)

:       0       0

අචිනි Sunday, 07 July 2013 12:02 PM

මේ ගෝලබාලයෝ හොරකම් කරපු ගමන් ලෙඩ වෙනවනේ. මොකද මේ ..? (නි)

:       0       0

සංජය Saturday, 06 July 2013 09:45 PM

දිල්හාණි, ඇසල බනින්න එපා බල්ලෝ මොනවා කරන්ඩද?(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 06 July 2013 09:46 PM

ලොකු ලොකු අය කෝටි ගණන් වලින් සෙල්ලම් පෙන්වන විට පොඩි අය ලක්ෂ ගණනින් වැඩ පෙන්වනවා. තව ටික දවසකින් නිදහස් වෙලා ඇවිත් ඔය තනතුරේම ඉදගනීවි . අද අපේ රටේ මේවා සාමාන්‍ය දේවල් වෙලා.(නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 06 July 2013 09:47 PM

කිවයුතු සියලුම දේ මෙහි සන්ධාන වී අවසක් ඔබ සැමට පින්.(නදී)

:       0       0

අමාලි සිල්වා Saturday, 06 July 2013 10:19 PM

මහජන ඡන්දයෙන් පත්වන හොර තක්කඩියන්. මේවට වග කියන්න ඕනෑ මෙවැනි තක්කඩි බලයට පත් කරන්න ඡන්දය දුන් අයම තමා (නි)

:       0       0

සරෝජ් Saturday, 06 July 2013 10:24 PM

මෙම පින්තුර දෙකෙන්ම පේනවා පසු පස කොපමණ පිරිසක් ඉන්නවද කියලා. (නි)

:       0       0

කෙලුම් Saturday, 06 July 2013 10:34 PM

ලංකාවේ ඔක්කොම නිලධාරීන්, මන්ත්‍රීවරු ලෙඩ්ඩුනේ බලනකොට. ලෙඩ්ඩුන්ට ජන්දේ දෙන්න එපා ආයිත් (නි)

:       0       0

බණ්ඩා Saturday, 06 July 2013 11:37 PM

මම මේ අත් දෙක දිහා හොදට බැලුවේ පිරිත් නුලක් දෙකක් දාගෙනද කියලා. අපිට කලින්ම මේ ව‍ගේ අය හදුනා ගන්නත් ලේසි‍යි පිරිත් නූලෙන් (නි)

:       0       0

පද්මසිරි Sunday, 07 July 2013 01:06 AM

හරිම පුදුම මේ අයට ලෙඩ තියනබව දැනගන්නේ උසාවි වලට ගියාට පස්සෙනේ. මෙයාලට ඉදිරිපත් වෙන ලෝයර්ස්ලත් තේරුම්ගන්න ඕනෑ මේ වගේ මිනිස්සුන්ට අනුකම්පා නොකරන්න. මෙයාලා කරන්නේ රටේ මහජනතාවට ලොකු අසාදාරනයක්. (නි)

:       0       0

බන්දුල Sunday, 07 July 2013 04:12 AM

මේ වගේ අයගෙන් රටට සිදුවෙන යහපත කුමක්ද...? මෙයාලව ගෙදර යවන්න රටේ මුදල් නාස්ති නොකර. අනිත් එක හොරකමකට හෝ අපරාදයක් කරලා අත්අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙනවා. මේ වගේ ලෙඩ්ඩු තියාගෙන මොනවා කරන්නද? මීට පස්සේ දේශපාලනයට එන අයට වෛද්‍ය සහතිකය අනිවාර්ය කරන්න. (නි)

:       0       0

බමුණු Sunday, 07 July 2013 04:49 AM

ඇත්තටම බලද්දී නීතිඥයෝ කියන්නේ කට ඇරියොත් බොරු කියන ජාතියක්නේ. නැත්නම් මෙහෙම හොරුන්ව බේරගන්න ඉදිරිපත් වේවිද? (නි)

:       0       0

බමුණු Sunday, 07 July 2013 04:54 AM

බලන්නකෝ මෙයා පසුපස යන ගොලයෝ ටික. පලාබබාල ඕනෑ කියන මිනිස්සු ටිකකුත් මෙරටේ ඉන්නවනේ. (නි)

:       0       0

සුනිල් චන්ද්‍රමන් Sunday, 07 July 2013 05:25 AM

ලාංකික ජනතාවනි,පාඨක ප්‍රකාශ සියල්ලෙන්ම කියවෙන්නේ එකම එක දෙයයි. මේ පවතින දේශපාලනය ජරා ජීර්ණයි. ඉතිං දැන්වත් මේ හොර නඩ ඡන්දවලදී ආපහු ගෙදර යවන්න (නි)

:       0       0

රණවීර Sunday, 07 July 2013 06:56 AM

පුලුවන්නම් කාට් හරි මහරගම පැත්තෙත් ඉන්නවා අල්ලල දෙන්න (අ)

:       0       0

දම්මි Sunday, 07 July 2013 07:18 AM

ඇසල, සත්තුන්ට අපහාස කරන්න එපා. සත්තු පගාව ගන්නෙ නැහැ (නි)

:       0       0

අසාද් Sunday, 07 July 2013 07:19 AM

බමුණු නීතිඥයෝ කියන්නේ දෙකොනින් කන අය.(නදී)

:       0       0

තරු Sunday, 07 July 2013 07:32 AM

හොද වැඩේ තමයි වුණේ (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 03:40 PM

සභාපති ගෙන් මෙහෙම ඉල්ලුවානම් අපි වගේ කෙනෙක් ගෙන් කොහොම ගනියිද?(නදී)

:       0       0

සනත් Sunday, 07 July 2013 02:45 PM

බැලුවහම හැම අපරාදයක්ම කරන්නේ සබාපතිලනේ (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 06 July 2013 03:46 PM

අපේ විතරද වාර්ෂික ආදායම් වාර්ථා ඉල්ලන්නේ. මෙයාලගෙන් නැද්ද?(නදී)

:       0       0

ඇසල Saturday, 06 July 2013 03:46 PM

පගාව ගහල අහුඋන හැටියේ අසනීප වෙන එකත් සනීපයක්. ඇප ලැබෙනකම් රෝහලට වෙලා ඉන්න පුළුවන්. මේක අද ඊයේ තියන ලෙඩක් නෙමෙයි. ඉන්න දේශපාලුවොත් එන්න පෙරුම්පුරන දේශපාලුවොත් ඔක්කොම එකයි. දේශපාලනේ බල්ලට ගිහින් නෙමෙයි බල්ලෝ දේශපාලනයට ඇවිල්ලා.(නදී)

:       0       0

රනිල් Sunday, 07 July 2013 07:47 AM

ගොඩක් දුර යන්න තිබුන කෙනෙක්. වැඩේ අනා ගත්තා. (නි)

:       0       0

තෙන්නකෝන් Sunday, 07 July 2013 07:48 AM

අර පොලිස් පති වාස් ගුනවර්දන මහතාටත් උන ගැනුණා උසාවියට ආපුගමන්. මෙයාලා මහා ලෙඩ්ඩු රටේ නැද්ද නිරෝගී කොන්ද පන තියෙන අවංක සේවය කරන මිනිස්සු. වැඩේ තියෙන්නේ මෙයාලා මිනී මරනකම් හොරකන් කරනකම් කිසි ලෙඩක් නැහැ. මාට්ටු උනාට පසුව ස්නායු දුරුවල වෙලා වෙව්ලන්න පටන් ගන්නවා.(නදී)

:       0       0

විදානගේ Saturday, 06 July 2013 04:07 PM

මාර්ග සංවර්ධන අදිකාරියේ ලොකු නෝනලා පගාව ගන්නේ හොලිඩේ ට්‍රිප් ගෙවල් වලට පුටු සැටි වගේ ඒවා.(නදී)

:       0       0

ශ්‍රීනාත් Sunday, 07 July 2013 07:55 AM

ඇසල බල්ලන්ට අගෞරව නොකරන්න.(නදී)

:       0       0

ලංකාතිලක Sunday, 07 July 2013 08:28 AM

පැලවත්ත වළල්ලාවිට පැත්තේ මෙයා අඩි 10 කොන්ක්‍රීට් එක දාල බෝඩ් එකක් ගහනවා අඩි 20 විතර දිග.කොන්ක්‍රීට් වටිනා කම ලක්ෂයයි.බෝඩ් එකේ වටිනා කම ලක්ෂ 2යි.එකේ ලොකුවට ගහනවා (අ)

:       0       0

පද්මසිරි Sunday, 07 July 2013 08:32 AM

ඊළඟ ප්‍රාදේශීය සබා මැතිවරණයට ලොකුම සුදුසුකමක් මේක.මහලේකම්තුමා මෙයාට අනිවාර්යෙන්ම නාමයෝජනා දෙනවා (නි)

:       0       0

අතුකෝරල Saturday, 06 July 2013 04:31 PM

බය වෙන්න දෙයක් නෑ උදේනි, තව ටික දවසකින් ඔයාට එළියට එන්න පුළුවන්. ආසියාවේ විශාලම මුදල් වංචාව කරපු අයත් තවම හොඳට රස්සාවත් කරගෙන ඉන්න මේ රටේ ලක්ෂ 15 ක් කියන්නේ කොච්චර පොඩි ගාණක්ද?(නදී)

:       0       0

දිල්හාණි Saturday, 06 July 2013 04:37 PM

ඇසල ගේ කියමන හරි. දේශපාලනය බල්ලන්ට ගිහින් බල්ලෝ දේශලාලනයට ගිහින්. මේ එන ඡන්දයේදී මහත්වරුන්ට පමනක් ඡන්දය පාවිච්චි කරන්න. සල්ලි වලට ඡන්දෙ දෙන්න එපා. උගත් කම වගේම දෙමාපියන්ගේ යට ගියාවත් හොයන්ඩ. පහු ගිය අවුරුදු 10-15 දී කළු සල්ලි හොයපු අය සුදු රෙදි ඇඳගෙන අපිට වඳිනවා. ඊට පස්සේ අපි ඔවුන් ඉදිරියේ බල්ලෝ වගේ දෙකට නැමෙනවා. මේ පාර බුද්ධිමත්ව ඡන්දෙ දෙමු. එකම පක්ෂයට හැමෝම දෙන්ඩ එපා.(නදී)

:       0       0

බමුණු Sunday, 07 July 2013 08:51 AM

[දැන්වත් මේ හොර නඩ ඡන්දවලදී ආපහු ගෙදර යවන්න] මේගොල්ලෝ ගෙදර යැව්වට ඊළඟට එන අය එයාලත් මේගොල්ලන්ගේ ජාතියේම අය තමයි . අනික මේ හොරු පස්සේ එන අය බලන්න. මෙයාලා ඉන්නකන් අරයලව ගෙදර යවන්න බැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 123 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2526 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 929 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 525 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1573 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site