IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිස්පති‘

ගම්පහ රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයට යුද හමුදාව කැඳවා ඇත්තේ පොලිස්පතිවරයා විසින් යැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඉදිරියේදී අද (19) පැවසීය.

යුද හමුදාව හා උද්ඝෝෂකයන් අතර වැලිවේරිය නගරයේ දී අගෝස්තු පළමුවැනි දාගැටුමේ දී තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දෙමින් කොමසාරු මහතා එලෙස පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරීවරයා සාක්කි  දුන් එතර එම සාක්කියේදී ඔහු පැවසුවේ වැලිවේරියට හමුදාව කැඳවූයේ තමා නොවන බවයි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ උපුල් දේශප්‍රිය මහතා - මහේස්ත්‍රාත්තුමනි, වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ පොලිස් අධිකාරී නොවේ නම් කවුද කැඳවූයේ කියා හෙළි කළ යුතුයි.

මහේස්ත්‍රාත් - වැලිවේරියට හමුදාව කැඳවූයේ කවුද?

පොලිස් අධිකාරී කොමාසරු  - වැලිවේරියේ තත්ත්වය උසස් නිලධාරීන්ට දැන්වූවාම ඒ වෙනුවෙන් අවශ්‍ය වන පිරිසක් එවනවා.

නීතීඥ උපුල් දේශප්‍රිය - කවුද හමුදාව කැඳවපු උසස් නිලධාරියා?

පොලිස් අධිකාරී කොමසාරු   -  මට ලැබුණු වාර්තාවකට අනුව පොලිස්පතිතුමා තමා යුද හමුදාව කැඳවා තිබෙන්නේ.

මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූයේ වැලිවේරියට යුද හමුදාව කැඳවූයේ ගම්පහ පොලිස් අධිකාරී විසින් බවයි.

 

 



අදහස් (0)

‘වැලිවේරියට හමුදාව කැඳෙව්වේ පොලිස්පති‘

දිනේෂ් Wednesday, 09 October 2013 02:56 PM

පොලිසිය හරියට සාක්කි නොදී කොහොමද ජනතාව හදන්නේ.(දිල්)

:       0       0

ලුම්බිණි Wednesday, 09 October 2013 03:02 PM

හමුදාව යවන්න ඇත්තටම අණ දුන්න කෙනා හිනා වේවි මේ නඩුව දිහා බලාගෙන ඇති.(දිල්)

:       0       0

කමල් Wednesday, 09 October 2013 03:12 PM

පොලිසීයේ ඉන්නේ තොත්ත බබාලාද?(දිල්)

:       0       0

සරත් Wednesday, 09 October 2013 03:20 PM

ඇත්තමයි ලුම්බිණි. (දිල්)

:       0       0

ධම්ම Wednesday, 09 October 2013 03:32 PM

මටත් මැවිලා පේනවා එයාගේ හිනාව ලුම්බිණී.(දිල්)

:       0       0

ගාමිණී Wednesday, 09 October 2013 03:38 PM

වැලිවේරියේ වෙඩි තිබ්බද ?,මටනම් මතක නැහැ.(ත)

:       0       0

රණා Wednesday, 09 October 2013 03:51 PM

ඔන්න එන්න දුන්නේ මම නම් නොවේ.(දිල්)

:       0       0

ඩෑම් Wednesday, 09 October 2013 04:00 PM

මට පේන විදියට ලුම්බිණී හරි. හිනා වෙවී බලා ඉන්නවා ඇති. (ත)

:       0       0

කාල් මාක්ස් Thursday, 10 October 2013 09:52 AM

මේකට පොලිසියේ කවුරුවත් වගකියන්නෙ ඕන නැහැ. පොලිසියෙ කාටවත් හමුදාවට අන දෙන්න බලයක් නැහැ. හමුදාවෙ නිලදාරියෙක් පොලිස්පතිගේ අණ පිලිපැදලා තියෙනවනම් එයාල තමයි වැරදි (දී)

:       0       0

අමිල Wednesday, 09 October 2013 04:07 PM

තත්වය කියන්නේ මොන තත්වය ද? හමුදාව එන්න ඉස්ස්සේලා කවුරුවත් ප්‍රචණ්ඩ ලෙස හැසිරුනේ නැහැනේ (දිල්)

:       0       0

අජන්ත Wednesday, 09 October 2013 04:13 PM

කොළඹ අපරාධ කොට්ඨාසය බොරු සාක්‍ෂි ලබාදීම ගැන පියවරක් නැද්ද?(දිල්)

:       0       0

ෂරු Wednesday, 09 October 2013 10:10 PM

මෙ බන්දුල පෙරේරා සුනිල් පෙරේරාගේ මල්ලිද ? (අ)

:       0       0

කුසුම් Wednesday, 09 October 2013 04:23 PM

ඇත්තමයි ලුම්බිණි, අණ දුන්න කෙනා දැන් මොකුත් නොදන්නවා වගේ නඩුව දිහා බලාගෙන සෙමින් හිනා වේවි ඉඳිද්දී, මේවා දකින අපිට නම් හයියෙන්ම හිනා යනවා. (අ)

:       0       0

අන්තෝනි Wednesday, 09 October 2013 04:26 PM

ලංකාවේ හිටපු විහිළු කාරයෝ ෆ්‍රෙඩී සිල්වා ,නිහාල් සිල්වා නැතිවුනාට පස්සේ දැන් ඉන්නේ පොලිස් අධිකාරිලා (දිල්)

:       0       0

චන්දිමා Thursday, 10 October 2013 10:14 AM

බන්දුල පෙරේරා ඉල්ලගෙන කනවා.කිව්වොත් කියන්නේ මැටි කතාවක්මයි. (දී)

:       0       0

සුදු පුතා Wednesday, 09 October 2013 04:52 PM

පොලිසිය ඇරුනම මුළු ලෝකයම දන්නවා මේකට අණ දුන්න මාමා ගැන. ලුම්බිණි හරි. එත් ඒ හිනාව කවද හෝ දවසක කදුළුවලට හැරේ වේ නේද?(දිල්)

:       0       0

චතුරංග Wednesday, 09 October 2013 04:53 PM

මේවා දකිද්දි සුනිල් පෙරේරාගේ සින්දුවක් මතක් වෙනවා (දිල්)

:       0       0

සත්‍යා Wednesday, 09 October 2013 11:51 PM

බන්දුල පෙරේරලා වගේ අයට තමා දැන් ඉතින් වරදින කාලය එන්නේ (නි)

:       0       0

සෙනරත් Wednesday, 09 October 2013 04:57 PM

එක එක්කෙනා එක එක දේවල් කියනවා නම්, දැන් තියෙන්නේ ඔතනට රාජකාරිය කරන්න ඇවිල්ලා පටිත් ගලවාගත් හමුදා නිලධාරියගෙන්ම ඇත්ත අහන එකයි. එයා කියයි කවුද එන්න කිවුවේ කියලා. (නි)

:       0       0

රත්නසිරි Wednesday, 09 October 2013 04:58 PM

කට කට! ප්‍රවේශමෙන්... (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 12:05 AM

දැන් ඉතින් සියල්ල සිදුවී අවසානයිනේ? (නි)

:       0       0

දසුනි Wednesday, 09 October 2013 05:22 PM

හැමෝම එකතුවෙලා ලස්සනට රගපානවා.මේ ඝාතන වලට සම්බන්ධ හැම කෙනෙකුටම තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැළවෙන්න ක්‍රමක් මේ ලෝකයේ තවමත් නිර්මාණ වී නොමැත. (නි)

:       0       0

සනත් Wednesday, 09 October 2013 05:45 PM

පහත් තැනින් වතුර ගලන්නයි හදන්නේ. (ත)

:       0       0

ගමගේ Wednesday, 09 October 2013 05:53 PM

ලුම්බිණි, එයා විතරක් නොවෙයි, එයාගේ අරයත් හිනාවෙවී බලාගෙන ඉන්නවා ඇති නේද? (නි)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:29 AM

පොලිසියට පාලනය කරන්න බැරි අවස්ථා වලදී හමුදාව කැඳවීම කෙරෙන දෙයක්නේ. මෙතනත් එහෙම සිදුවුණ බව පෙනෙනවා. ඉතින් ඇයි ඒකේ වගකීම බාරගන්න පොලිසියට බැරි? දැන් වැඩේ අවුල් වෙන්න යනවා වගෙයි තවදුරටත්. (නි)

:       0       0

පද්මිණි Thursday, 10 October 2013 11:12 AM

මට මැවිලා පෙන්නේ අර ගලේ පහරපු බළලා එක වහන්ට දගලන හැටි . (දී)

:       0       0

ජයසුරිය Wednesday, 09 October 2013 06:16 PM

මේ ගොල්ලෝ 88 -89 කාලෙත් හිටියද දන්නේ නෑ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 October 2013 06:26 PM

ලුම්බිණිට දිවැස් තිබෙනවා වගේ.බලාගෙන.නිදාගන්නකොට ප්‍රවේශමෙන්.හමුදාව ගෙන්වපු එකද මෙතන තියෙන වරද? හමුදාව නොපැමිණායා නම් තාමත් නුවර පාර වහගෙන සිටීවි. පොලිසියට නොහැකි නම් හමුදාව එම දේ කළ යුතුයි. (නි)

:       0       0

ඩෑම් Thursday, 10 October 2013 04:45 AM

ඔවුන්ගේ කටින් වචනයක් ගැනීම ඉබ්බාගෙන් පිහාටු ගැනීමටත් වඩා අමාරුයි වගේ (නි)

:       0       0

මර්වින් Wednesday, 09 October 2013 06:29 PM

ඔය හැමෝම කරන්නේ බොරු. මේ රටේ ඕනෑම වැරදි වැඩක් කරලා උසාවියෙන් ගැළ‍වෙන්න පුළුවන් ක්‍රම මිනිස්සු දන්නවා. පොඩි මිනිහට සාධාරනයක් වෙන්නේ නැහැ කවදාවත්. (නි)

:       0       0

සිරියලතා Wednesday, 09 October 2013 06:30 PM

සමහරුන්ට අපේ සිනහවල් පෙනෙන්නේ නැහැනේ දැන් (නි)

:       0       0

චන්දිම - මාතර Thursday, 10 October 2013 11:47 AM

රට අද බන්දුලට ගිහිල්ල වගේ මට පේන්නෙ. (ත)

:       0       0

අශාන් Thursday, 10 October 2013 07:32 AM

බන්දුල පෙරේරාගේ "මාර්ගය" නම් කවදාවත් අවහිර වෙන එකක් නැහැ (නි)

:       0       0

කටා මාමා Thursday, 10 October 2013 07:42 AM

ලුම්බිණි, අන්තිමට හිනාවෙන්නේ හිනාවෙන අපිටම බව යමෙක් නොදන්නේ නම්  ,මෙන්න කට කොනකින් මගේ සිනාව... (නි)

:       0       0

සිරිදාස Wednesday, 09 October 2013 07:11 PM

බන්දුල ,කව්ද කිව්වේ හමුදාව ගෙන්නලා වෙඩි තැබූ එක වැරදියි කියලා.හමුදාව ගෙන්නපු කෙනෙක් හොයා ගන්න නැතිඑකයි ප්‍රශ්නය.ඔයා කියනවා වගේ මෙච්චර හොද වැඩක් කරපු කෙනා සැගවෙන්නේ ඇයි? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 09 October 2013 07:11 PM

සිරියලතා, ඒකට මට හිනා... (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 10 October 2013 07:46 AM

ඕක නෙමෙයිනේ කියන්න තිබුනේ පොලිස් අධිකාරිවරයාට. එදා කියු දේවල් මට මතක නැහැ කිවුවා නම් නේ හොද. අර අරයා කිව්වේ එදා... එහෙම කිවුවා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැහැ (නි)

:       0       0

කුසුම් Wednesday, 09 October 2013 07:13 PM

අනේ, මෙතන කිසි වරදක් වෙලා නැහැ බන්දුල! වෙලා තියෙන්නේ "අරය" තනියම හිනා වෙන එකයි, ලුම්බිණි අපිව හිනා ගස්වපු එක විතරමයි. (දිල්)

:       0       0

කින් බෙනට් Wednesday, 09 October 2013 07:34 PM

බන්දුල පෙරේරා කරන කාර්යය මම නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් කියලා. (නි)

:       0       0

දේශප්‍රිය Thursday, 10 October 2013 08:17 AM

පොලිස්පතිතුමා වුණත් ගොඩක් සතුටු වෙයි අපේ අයගේ මේ අදහස් බලලා. (නි)

:       0       0

අනිල් Thursday, 10 October 2013 08:25 AM

මේක මහජන ප්‍රශ්නයක්.වගකිවයුත්තෝ එළියට ගන්න වෙනවා. උසාවිය නොමග යවන්න කාටවත් ඉඩ දෙන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 453 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 482 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10654 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3086 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3873 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6145 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19502 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site