IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැලිවේරිය උද්ඝෝෂණයේ වීඩියෝ පොලිසිය ඉල්ලයි

වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන් දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝ පට කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට දෙන්නැයි ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් නිමල් රණසිංහ මහතා රූපවාහිනී නාලිකා හයකට අද සවස නියෝග කෙළේය.

සිරස, දෙරණ, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, හිරු නාලිකාව හා ස්වර්ණ වාහිනිය එම අයතන සයයි

කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමකට අනුව එම නියෝගය කළේය.



අදහස් (0)

වැලිවේරිය උද්ඝෝෂණයේ වීඩියෝ පොලිසිය ඉල්ලයි

වාස් Sunday, 04 August 2013 07:04 PM

මොකද වීඩියෝව දැක්කේ සජීවීව තව ඕනෙද (දී)

:       0       0

අස්මිත් Sunday, 04 August 2013 11:32 AM

දැන් එදා සිද්දිය උග්‍ර වුනාට පසු විඩියො දර්ශන සහ ඊට කලින් දවසේ ඇමතිතුමා කරපු ගර්ජනයත්,හමුදාව කරපු තර්ජනයත් සමගම පෙන්නන්න වටිනවා සදරනයක් නම් බන්දුලගේ ලොක්කාගෙන් බලාපොරොත්තු වෙන්න එපා!ඔය එකම පක්ෂයකින් වත් කිසිම වැඩකට සම්බන්ද නැති රටට මොන පක්ෂය ආවත් ඔහේ ජීවත් වෙන ජනතාව කොයි තරම් නම් ලංකාවේ ඉන්නවද?වැලිවේරියේ හිටියේ වැඩියක්ම ඒ වගේ ජනතාවක් ඔවුන්ට පක්ෂය යකා වුනත් කමක් නැහැ,නිදහසේ දරු පවුල් සමග සාමකාමිව පොළොවෙන් ලැබෙන දෙයකින් කාල බීල දිවි ගෙවාගන්න දගලන අහිංසක ජනතාවක්.

:       0       0

සදරුවන් Saturday, 03 August 2013 09:40 PM

ඇයි වෙන චිත්‍රපටියක්වත් නැද්ද බලන්න? (නි)

:       0       0

දිසානායක Saturday, 03 August 2013 10:10 PM

මෙම වීඩියෝ දර්ශන ලබා කුමක් කරයිද?විදේශ කුමන්ත්‍රණ ,එන්.ජී.ඕ.කුමන්ත්‍රණ,දේශීය බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක්... මින් කුමන ගිණුමටද? කිසිම සාක්ෂියක් නොමැතිව එක් අයෙක් නම් කියන්නේ එක්තරා දේශපාලන කණ්ඩායමක් මෙය පිටුපස සිටින බවයි. (නි)

:       0       0

රණවීර Sunday, 04 August 2013 11:50 AM

බන්දුල මහා මෝඩ අදහස් තියෙන මිනිහෙක්

:       0       0

බන්දුල Saturday, 03 August 2013 10:22 PM

පාරවල් අවහිර කරලා අනෙක් මිනිසුන්ට මොනවා වුණත් කමක් නැහැ තමන්ගේ අයිතිවාසිකම් ලැබුනොත් ඇති කියලා උද්ගෝෂණ කළ අයට හමුදාවෙන් කළ සැළකිල්ල මතක තියෙනකම් කට්ටිය ආයෙත් පාරට බහින එකක් නැහැ.පැත්තක හිටපු ළමයෙක් මැරුණු එක ගැනනම් දුකයි. ඒ හැරෙන්න වෙන දුකක් නම් නැහැ (නි)

:       0       0

රවිනාත් Saturday, 03 August 2013 10:32 PM

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පිටපතක් ලබාදීමට නොහැකිද? පිටපත් සියල්ල පොලිසියට දුන්නොත් වැලිවේරියේ මිනිස්සු අර කාටද බාර දුන්නා වගේ තියෙයි. සාක්ෂි අත්පත් කර ගැනීමේ මෙහෙයුම පිළිබච මේ උත්සාහය නිසා සැකයක් ඇතිවෙනවා.අන්තිමේදී පරීක්ෂණ වාර්තාවෙන් කියන දේ ගැන අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් ඔස්ට්‍රලිය Sunday, 04 August 2013 04:43 PM

පාටේ ප්‍රස්සනයක්ද දන්නේ නැහැ තද රතු පාටින් ඉර ඇන්දොත් හොදෛයි වගේ

:       0       0

පද්මිණි Sunday, 04 August 2013 12:01 PM

මාධ්‍ය වේදීන් ගෙවල් අස්සේ හැංගිලා පන බේරාගත්තා. වීඩියෝ දෙන්නේ කොහෙන්ද? (දී)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 04:49 PM

ඇයි වීඩියෝ එක මොකටද ආය්බෝවන් සහසුද්දෙන්ම දැක්කේ නැතුවද එතනම ඉඳලත්?

:       0       0

පහන් Saturday, 03 August 2013 11:23 PM

රූකාන්ත චන්ද්‍රලේක සිද්ධියවගේ වගේ ඔය වෙඩි තියපු කට්ටියට ගස් යන්න වෙනවා .හැබැයි මේ වකවානුවේ නෙමෙයි .වතුර ගහල කදුළු ගෑස් ගහල විසුරුවන්ඩ තිබුන ජාල ප්‍රහාර වලට ගෙනාපු වතුර එහෙම්මම තියනවා .මම හිතන්නේ ඒ වතුර වල පීඑච් එක හොද නිසා තියාගන්න ඇති (අ)

:       0       0

විජයබා Sunday, 04 August 2013 12:07 PM

මේවා දකින වෙන රටවල මිනිස්සු කියාවි විදේශ මදිහත්විමක් අත්යාවශයයි කියල මානව අයිතිවාසිකම් රකින්න. කවුද එතකොට මේ ඇරෙයුම කරන්නේ? ලංකාවේ හමුදාවට පුලුවන්ද පිටරට හමුධාවක් එක්ක ගහගන්න?

:       0       0

රජ Sunday, 04 August 2013 12:08 PM

අහිංසකයින් එක්කෙනෙක් නෙවෙයි දැන් වෙනකොට දෙන්නෙක්ම බිලි දීලා. ඒ වෙනුවෙන් සාධාරනයක් මේ පාලකයින්ගෙන් ඉටු වෙයිද?. මමනන් හිතන්නෙ නැහැ. දැම්මම පටන්අරගන කුමන්ත්‍රන කතාව.ඊලගට වීඩියෝ බලල ගෙවල්වල ඉන්න කොල්ලොටිකත් කූඩුකරයි කඩාකප්පල් කාරයෝ කියල. අන්තිමට බොන්න වතුර ටිකක් ඉල්ලපු වරදට උසාවිත් යන්න වෙයි. එහෙම නොවුනොත් මේක ම.සිතිවිල්ල නොවෙයි.

:       0       0

ප්‍රනාන්දු Saturday, 03 August 2013 11:33 PM

අනෙක් කොල්ලන් ටත් වැඩේ දෙන්ඩ වගේ .(අ)

:       0       0

ලාල් සුරන්ජිත් Sunday, 04 August 2013 12:11 PM

ඕකෙන් වෙන්නේ අහිංසක මහජනතාව ඇත අඩංගුවට පත් වෙන් එක විතරයි වෙඩි තියපු හමුදා බටයෝ අත්අඩංගුවට ගන්නේ නැහැ ඔකතමයි වෙන්නේ

:       0       0

අරුණ Sunday, 04 August 2013 12:15 AM

දැන් කියන්න මෙහෙම කරපු කාටද කවදාද දඩුවම් ලැබුණේ කියලා (නි)

:       0       0

සිසිර Sunday, 04 August 2013 12:23 AM

මුළු ලෝකෙන්ම ලංකාව අවනම්බු කරපු හැටි ... (නි)

:       0       0

තබුක් සිල්වා Sunday, 04 August 2013 12:27 AM

බොහෝදුරට දේශපාලනයට යටවෙලා තිබෙන නිසා පොලිසිය ගැන ජනතාවට විශ්වාසයක් නැත (නි)

:       0       0

රූපවතී Sunday, 04 August 2013 12:34 AM

අයි වීඩියෝ කරන්න එපා කියලා තර්ජනය කළා නේද? ඇයි දැන් රෙකෝඩ් ඉල්ලන්නේ ? හමුදාවට කියලා තිබුණනේ හොදට වීඩියෝ එකක් කරගන්න. එතකොට මේ කාගෙන්වත් කොපි ඉල්ලන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

අනුර Sunday, 04 August 2013 05:00 PM

වීඩියෝ පටි ඕනේ නැහැ හමුදාවෙන් අහන්න කියයි ඒ කට්ටිය තමයි වෙඩි තිබ්බේ (දී)

:       0       0

සීල Sunday, 04 August 2013 12:56 AM

ඒක නම් හොදයි. රණවිරුවන්ගේ රණ කෙළි බලාගන්න පුළුවන්.මම හිතන්නේ නිදහස් චින්තකයෝ ලෙසට ඒවා සියල්ලන්ටම බලාගන්න පුළුවන් විදිහට ප්‍රසිද්ධ කරන්නත් ඕනෑ. මාධ්‍යවේදියෝ විශේෂයෙන් ලංකාදීප මාධ්‍යවේදිනියට වුණදේත් බලාගන්න පුළුවන්. (නි)

:       0       0

චානක. Sunday, 04 August 2013 01:02 AM

ලංකාව කොහොමත් ප්‍රශ්නය හඳුනාගෙන ඒ සඳහා සුදුසු පිළියම් යොදන අවස්ථා අඩුයි (නි)

:       0       0

දසුනි Sunday, 04 August 2013 02:24 AM

අවශ්‍ය වුණොත් වෙඩි තියන්න කියලා මේ අයට කව්රුත්ම කියලා නැද්ද? මේ දේවල් නොතේරෙන්න තරම් අපි මන්ද බුද්ධිකයෝ නෙමෙයි. (නි)

:       0       0

කමල් Sunday, 04 August 2013 03:10 AM

සාධාරණ නීතියක් නැතිකමක ප්‍රතිඵල, භායානක අනතුරක රට වැටී ඇත (නි)

:       0       0

පෙරේරා Sunday, 04 August 2013 03:38 AM

කවුරු දෙයිද? වීඩියෝ එක දීපු කෙනාගේ ආරක්ෂාව ගැන සහතික වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

ඩෑම් Sunday, 04 August 2013 03:52 AM

මේක කරපු අයට නම් හොදක් වෙන්න එපා (නි)

:       0       0

නිශාන් Sunday, 04 August 2013 04:18 AM

මේ රට මෙහෙම තත්වයකට පත් වෙයි කියලා අපි හිතුවේ නැහැ කවදාවත්. (නි)

:       0       0

දුමින්ද Sunday, 04 August 2013 05:40 AM

සමාජ අන්තර්ජාල අඩවි වල තිබෙනවා නේද? එතන මාධ්‍යකරුවන්ට තර්ජනය කළ රණවිරුවෝ ළගත් ඇතිනේ ඉතින්. මොනවද මේ වැඩ? (නි)

:       0       0

සත්‍යපාල Sunday, 04 August 2013 05:41 AM

පිපාසයට දිය බිදක් ඉල්ලා සටන්කළ ඔබට සිසිල් දිය පොදක් වෙනුවට ලැබුනේ ගිනියම් වූ වෙඩි උණ්ඩ. රටක ප්‍රශ්න වැඩි වනවිට එය විසදන "ප්‍රජාතන්ත්‍රවාදය" මෙයද? (නි)

:       0       0

ක්‍රිස් Sunday, 04 August 2013 05:43 AM

වතුර ඉල්ලු ජනතාවට මෙහෙම කළ එක නිවැරදිද? (නි)

:       0       0

නීලම්බරී Sunday, 04 August 2013 05:47 AM

වැලිවේරියේ දී සාමාන්‍ය වැසියන් පන්දහසක් පමණ ජලය ඉල්ලා කළ විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝ පට ලබාගැනීමට ඔවුන්ට මාධ්‍ය නිදහස තිබුණාද යන්න ප්‍රශ්නයකි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 August 2013 05:58 AM

බන්දුල ,ඔයා නම් මෝඩයෙක්. අරගල උද්ඝෝෂණ නොකර කවදාවත් දෙයක් ලබාගන්න බැහැ. ඒක ලෝක සත්‍යයක්. සුද්දන්ගෙන් මේ රට නිදහස් කරන්න අපේ මුතුන් මිත්තෝ ජීවිත පුජාවෙන් අරගල කළ නිසා නේද අද අපි නිදහසේ ඉන්නේ? ඒ වගේම තමයි මේ මිනිස්සුත් අරගල උද්ඝෝෂණ කළේ පිපාසෙට බොන වතුර ටික වෙනුවෙන්. ඒ මිනිසුන්ට වෙඩි තියපු එක හරි කියනවා නම් ඔයාව යවන්න තියෙන්නේ පිස්සන් කොටුවට. එතන තමයි හොඳම තැන ඔයාල වගේ අයට. (නි)

:       0       0

සමන් Sunday, 04 August 2013 06:15 AM

වීඩියෝ දර්ශන බලලා සාධාරණය ඉටුකරන්න වගේ හදන්නේ (නි)

:       0       0

යවනාඩ් Sunday, 04 August 2013 06:54 AM

අනුවණයින් සමග ජිවත් වෙන්න ගිය විට ඔය දේවල් වෙනවා (නි)

:       0       0

අප්පුහාමි Sunday, 04 August 2013 07:11 AM

දැන් ඔය වීඩියෝ ඉල්ලන්නේ වෙඩි තියපු ආමි එක ගැන හොයන්නමද? (නි)

:       0       0

ප්‍රියංක Sunday, 04 August 2013 07:37 AM

මෙතනදී ඔය වැඩේට උපදෙස් දීපු අය ගැළවේවි.වැඩේ කරපු අය ගස් යාවි. අවසානයේ කීපදෙනෙකුට රැකියව අහිමි වේවි. එපමණක් නෙවි හිරේ යන්නත් වේවි. මගේ ප්‍රාර්ථනය ඒ කටයුතු ඉක්මන් වෙන්න කියන එකයි (නි)

:       0       0

අංජන Sunday, 04 August 2013 07:39 AM

මේකෙන් සිද්ධ වුණේ ආණ්ඩුව අපකීර්තියට පත්වුණු එක. මැරුණු සහෝදරයාට අපගේ සංවේගය ප්‍රකාශ කරන්න කැමතියි. ජනාධිපතිතුමනි, ස්වාධින පරීක්ෂණයක් කරවන්න. ඔතනට ආපු 80% සෙනග සන්ධානයට සහය දක්වපු අය. මේ අයගේ එකම බලාපොරොත්තුව ඔබතුමාගේ තීරණය. මැරුණු සහෝදරයාගේ පියාගේ වචනවල කිසිඳු වෛරයක් ගැන කියවුනේ නැහැ. එහෙත් එතුමා මේ දරුවා ලොකුකරන්න වින්ද දුක් දන්නේ එතුමාම තමයි. ඒකයි වේදනාව. (නි)

:       0       0

සුමේධ Sunday, 04 August 2013 08:00 AM

වීඩියෝ කරපු මාධ්‍යවේදීන්ට පහර දීලා දැන් වීඩියෝ ඉල්ලනවා?? (නි)

:       0       0

මහවැලි Sunday, 04 August 2013 08:38 AM

රතුපස්වෙල අහිංසක දුප්පත් ජනතාව වීදි බැස්සේ කේක්, හැම්,බේකන්, චීස් ඉල්ලලා නොවේ . පිරිසුදු බොන වතුර ඉල්ලලා. ඒ දුප්පතුන්ට ලැබුනේ වෙඩි උණ්ඩ. මේ ප්‍රවණතාවය නම් මේ රටේ අහිංසක ජනතාවටත් රජයටත් එතරම් සුබදායක වන්නේ නැත. (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 04 August 2013 08:54 AM

අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)

:       0       0

මහින්ද Sunday, 04 August 2013 06:05 PM

අර හමුදාවෙන් ඇවිල්ල ජීප් එකේ නැගල ක්යිවාරු ගහපු ලොක්ක,,,,,,,,, කෝ (දී)

:       0       0

නිසාන් Sunday, 04 August 2013 09:16 AM

මොකටද දැන් විඩියෝ ඉල්ලන්නේ? (නි)

:       0       0

කෙවින් Sunday, 04 August 2013 09:34 AM

බන්දුල වැනි මෝඩ මිනිසුන්ගේ අදහස් නිසා මෙවැනි ප්‍රශ්ණ ඉදිරියේදී වැඩිවේවි.

:       0       0

කෙවින් Sunday, 04 August 2013 09:34 AM

බන්දුල වැනි මෝඩ මිනිසුන්ගේ අදහස් නිසා මෙවැනි ප්‍රශ්ණ ඉදිරියේදී වැඩිවේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 76 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 123 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1782 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2662 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2021 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 525 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site