IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැලිවේරිය යළි සාමාන්‍ය අතට

වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩීවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණැයි කියමින්  කොළඹ මහනුවර මාර්ගය සහ වැලිවේරිය බැලුම්මහර නව නුවර මාර්ගය අවහිර කරමින්   පැවැත්වූ උද්ඝෝෂණයේදී යුද හමුදාව හා ගැමියන් අතර ඇතිවූ ගැටුමෙන් පසු වාහන ගමනාගමනය සඳහා වැලිවේරිය නගරය ඊයේ (2) දහවල් 11ට පමණ විවෘත විය.

ඒත් කඩ සාප්පු වැඩි හරියක් වසා දමා තිබිණි. මේස, පුටු, ටයර් හා වෙනත් දේ පාරට දසමා පුළුස්සා තිබිණි. පොලිසිය ඒවා ඉවත් කළේය. මහජනයාද තැන තැන රැස්වී සිටියහ. වැඩිම පිරිසක් රැඳී සිටියේ වැලිවේරිය ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානයේය.

එහි වස් පස දෙව් මැදුර අබියස ස්තෝප්පුවේ ද, බිත්තිවල ද වහලේ ද තැනින් තැන සිදුරු සැදී තිබිණු අතර තැනිත් තැන ලේ පැල්ලම් ද තිබිණි. පොලිස් සොකෝ නිලධාරීහු එම ස්ථානවලට ගොස් පතුරම් වැටී තිබූ ස්ථාන, ලේ පැල්ලම් තිබූ ස්ථාන අංක යොදා ලකුණු කර ඡායාරූප ගත්හ.

දහවල් 11 වන තෙක් වැලිවේරිය නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් අවහිර කරමින් පොලිස් හා හමුදා කපොලු යොදා තිබිණි.

නගරයේ හමුදා වාහන, බෆල් රිය, ජල ප්‍රහාරක රථ, හමුදා ගිලන් රථ  කිහිපයක් නතර කර තිබූ අතර අඩි දහයෙන් දොළහෙන් පාර දෙපස සන්නද්ධ සෙබළු වූහ.

උදේ 09 පමණ වන තෙක් නගරය සම්පූර්ණයෙන්ම පාළු වී ගොස් තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු පොලිස් සහ හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (2) උදෑසන වැලිවේරිය පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

උදේ 10ට පමණ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා වැලිවේරිය නගරයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීය.

ඇතැම් කඩසාප්පුවලට   හානි සිදුව තිබෙනු දක්නට ලැබුණි.

සිකුරාදා (2) අලුයම 2 පමණ වන විට නගරයේ යුද හමුදා සෙබළුන් 200ක් පමණ සිටි අතර නගරයට එන වාහන නවතා ‘කොහෙ ඉඳන්ද ආවේ? කොහෙටද යන්නේ?‘ ආදී ප්‍රශ්න අසා එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් පසු වාහනවලට යාමට ඉඩ ලබා දුන්නේය.

අලුයම දෙක පමණ වට විට යුද හමුදා සෙබළු 60ක් 70ක් පමණ වැලිවේරිය පොලිසිය භූමියේ නිදා සිටි අතර උසස් පොලිස් නිලධාරීහු විටින් විට වැලිවේරිය පොලිසියට ආහ.

පාර මැද ගිනි තබා සහ කඩා බිඳ දමා තිබූ දෑ රාත්‍රී කාලයේ හමුදා සෙබළුන් විසින් ඉවත් කරනු දැක ගත හැකි විය.

 වැලිවේරිය දිවි නැගුම සති පෙලේ තිබූ වෙළඳ තට්ටු රැසක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ගිණි තබා තිබිණි.

ගම්වාසීන් පැවසුවේ තමන් ඒවාට ගිනි නොතැබූ බවයි.

 



අදහස් (0)

වැලිවේරිය යළි සාමාන්‍ය අතට

පිටිගල Saturday, 03 August 2013 08:42 AM

මේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක් පන්ති ගිහින් එනකොට නේද සිද්ධිය වෙලා තියෙන්නේ. (නි)

:       0       0

රංගශානි Saturday, 03 August 2013 08:45 AM

මේ වෙන සියල්ලටම වග කියන්න ඕනෑ වැඩි පිරිසක් ඉන්නවා. මේ අයව අල්ලලා උපරිම නිතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ශාන්ත Saturday, 03 August 2013 05:43 PM

ඔබගේ මම අදහසට ගරුකරනවා එහෙත් ඔයකියන රණවිරුවන්ට. දොස්කියන්නේ කව්ද? (දී )

:       0       0

පරාක්‍රම Friday, 02 August 2013 07:41 PM

ඉල්ලුවේ පිරිසිදු පානිය ජලය. ලැබු‍ණේ වෙඩි උණ්ඩ සහ පොලු පාර. මියගියේ අවරුදු 16 පාසල් සිසුවෙක්. අහෝ මෙවන් විපතක් යලි සිදු නොවේවා. (අ)

:       0       0

ඔයිතබද්දර ජයා Friday, 02 August 2013 08:03 PM

ඉල්ලුවේ වතුර දුන්නේ රුධිරය , (අ)

:       0       0

අරුණ Saturday, 03 August 2013 09:21 AM

හැමදේටම විරුද්ධ වෙන දේශප්‍රේමියෝ නිදිද? (නි)

:       0       0

රන්ජන් Saturday, 03 August 2013 05:57 PM

දැන් ලංකාවේ මිනිස්සුන්ට දෙයි යන්ගේ පිහිට පමණි (දී)

:       0       0

හාරූන් අන්සාර් Friday, 02 August 2013 08:34 PM

"අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?" (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 03 August 2013 09:24 AM

රනිල්,වෝල්ටර්, දෙන්නටම දෙන්න තියෙන්නේ එකම පිළිතුර තමයි (නි)

:       0       0

අශාන් Friday, 02 August 2013 08:36 PM

මහා ලොකුවට උගන්ඩාවට සල්ලි දෙනවා පිරිසිඳු පානිය ජලය වෙනුවෙන් කියලා... මෙහෙ වතුර ඉල්ලන මිනිස්සුන්ව මරනවා... මේ කුහක මිනිස්සුන්ට හොඳක් වෙන්නේ නෑ...(ස)

:       0       0

පිටිගල Friday, 02 August 2013 08:36 PM

පත්තරේක තිබුණා විසඳුමක් දුන්නට පස්සේ කඩාකප්පල් කාරයෙක් ඒ වැඩ කරද්දී මැරිලා කියලා. ඔය පතුරම් කොපු මහජනතාව ගෙනත් දාපු ඒවා වෙන්න ඇති.ලේ පල්ලම් කූඩැල්ලෝ කාල වැටිච්ච ඒවා වෙනද බැරිද? මේ මිනිස්සු හදන කතා? (ස)

:       0       0

ප්‍රදීප්. Friday, 02 August 2013 08:46 PM

අපේ මාමා ගැටුම් විසදන්න ලේසි ක්‍රමයක් හොයාගෙන (ස)

:       0       0

බණ්ඩාර Sunday, 04 August 2013 03:11 PM

ජිනීවා වලට තව වාසිසහගත තුරුම්පුවක් (නි)

:       0       0

රසිඳු සිල්වා Friday, 02 August 2013 08:53 PM

අනේ රනිල් එතකොට පල්ලියද මේක පටන් ගත්තේ .දැක්කේ නැද්ද හාමුදුරුවෝ නමක් උපවාසය කරනවා .හැමදේකටම ආගම ජාතිය ගාවගන්න එපා .වතුර ප්‍රශ්නය හැම මිනිසාටම පොදුයි නේද . (ස)

:       0       0

බන්දුල Saturday, 03 August 2013 06:32 PM

තමන්ගේ ප්‍රශ්න විසදාගන්න අනුන් අපහසුවට පත් කරන එක ආත්මාර්ථකමී ක්‍රියාවක්. මතක හිටින පාඩමක් උගන්නලා මේ රැල්ල නතර කරපු හමුදාවට රටේ අනෙකුත් සාමකාමී ජනතාවගේ උපහාරය! (නි)

:       0       0

රොහාන් Saturday, 03 August 2013 09:58 AM

රනිල්, මෙතන මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා (නි)

:       0       0

වෝටර් මීගවනායක. Friday, 02 August 2013 09:00 PM

අපේ රණවිරුවන්ට සුභ පැතුම් අවම බලය යොදලා, වැලිවේරිය සාමාන්‍ය තත්ත්වයට පත්කරලා මේ බටහිර කුමන්ත්‍රණය පරාජයකලාට (ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 04 August 2013 10:48 AM

මෙහෙමත් රටක්

:       0       0

ඉන්දික-නාපෝලි. Friday, 02 August 2013 09:03 PM

රනිල් වගේ හැමෝම සිතුවොත් ආගම් සහජීවනයට මොනාද වෙන්නේ . (ස)

:       0       0

චානි Saturday, 03 August 2013 10:21 AM

මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

කොලින් Saturday, 03 August 2013 10:23 AM

ජාතියේ මුර දේවතාවන්ට අපි කරපු පින්කම් කොපමණද? (නි)

:       0       0

කවි Saturday, 03 August 2013 10:29 AM

වැඩේ වරද්දාගෙන දැන් ගොඩක් කල් (අ)

:       0       0

රැප් Sunday, 04 August 2013 10:55 AM

" ඉස්සරහට උද්ගෝෂණ කලොත්, වෙන්නෙත් ඔය දෙයමයි' එකයි ආණ්ඩුවේ පණිවිඩය.හමුදාව ස්ව කෙමත්තෙන් මේවට එන්නේ නැත.

:       0       0

සුනි Saturday, 03 August 2013 10:35 AM

රතුපස්වල ආම්ලිකතාවය හමුදාවේ ප්‍රබල භාෂ්ම මගින් උදාසීන වූ වගයි! (අ)

:       0       0

ලංකා Saturday, 03 August 2013 07:52 PM

කනගාටුයි

:       0       0

රජින්ද Saturday, 03 August 2013 10:48 AM

කවුරු ඔතනට ගියත් මොන දේ කළත් ඒ බිදුණු හිත් සුවපත් කරන්න දැන් බැහැ. පාරකට තාර ටිකක් දාගන්න, පාළමක් හදාගන්න වගේ ඉල්ලීම් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් උදේ ඉදන් රෑ වෙනකම් පාවිච්චි කරන වතුර ටිකට විසදුමක් හොයලා දෙන්න බැරි වුණා. (නි)

:       0       0

අර්ජුන Saturday, 03 August 2013 07:54 PM

රටේ විනාසේ තමඊ, තව ටිකකලයි මිනිස්සු මරාගෙන මැරෙන්න පාරට බහිනවා සිවිල් යුද්දේ

:       0       0

ගමගේ Saturday, 03 August 2013 10:48 AM

හැකි ඉක්මනින් පෙළ ගැසී මේවා නවතා දමමු. අනතුර අත ළගයි. (නි)

:       0       0

කුමාර Saturday, 03 August 2013 08:07 PM

බොලිවියාවේ කොචබම්බා නගරයේත් ඇතිවූ මේ වගේම අරගලයකදී අවුරුදු 17 ක පාසල් සිසුවෙක් හමුදා වෙඩි තැබීමෙන් මියගියා (නි)

:       0       0

ශාෆික් Saturday, 03 August 2013 10:53 AM

අදහස් දක්වන රනිල්ලා වගේ මිනිස්සු තමා ප්‍රශ්න වැඩි කරන්නේ (නි)

:       0       0

රෝමා Saturday, 03 August 2013 10:54 AM

අර අහවල්ලු නම් හරිම දක්ෂයි අවුස්සලා ඈත ඉදාගන බලාගෙන ඉන්න. ඒකනේ කිසිම ප්‍රශ්නයකට එලියට එන්නේ නැත්තේ . (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 03 August 2013 08:18 PM

ඕනෑ නම් මට බනින්න. හැබැයි හමුදාව කියන්නේ හමුදාවට. එල්.ටී.ටී .යි. එකට තිබ්බ තුවක්කුවෙන් තමයි පාසල් සිසුවාට තැබුවෙත්. කාටත් එකයි. (නි)

:       0       0

නෙතුමි Saturday, 03 August 2013 08:24 PM

රනිල් වගේ අයගේ අදහස් හරිම ප්‍රාථමිකයි (නි)

:       0       0

නිමල් Friday, 02 August 2013 09:55 PM

ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ විරෝධය දක්වා විශ්‍රාම වැටුපත් අහිමි කරගත් මා අද එදා කළ මෝඩකම් ගැන කණගාටු වෙනවා. (නි)

:       0       0

තිලක් Saturday, 03 August 2013 10:59 AM

තමුන්ගේ දරුවෙක්ට ඔහොම වුණා නම්......? නපුරු මිනිස්සු (නි)

:       0       0

රුසී Sunday, 04 August 2013 04:11 PM

ජනාපති තුමනි ඔබට මෙය නෙපෙනේද?  ජනතාවනි අවදි වෙයව්! හෙට ඔබේ දරුවාට මේ දේ විය හැකියි.(නදී)

:       0       0

සරත් Saturday, 03 August 2013 11:08 AM

නීතිය දැඩිලෙස අර්බුදයකට ලක්වූ කාලයක්. (නි)

:       0       0

රවී Sunday, 04 August 2013 11:23 AM

ජනතාව මේවා බලා ඉන්නවා පස්සේ සලකයි චන්දයක් ආවහම

:       0       0

සුමිත් Tuesday, 06 August 2013 12:52 PM

"ඇමරිකාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .අපේ හමුදා වෙඩි තියන්නේ නෑ."

:       0       0

ගයාන් Tuesday, 06 August 2013 07:23 PM

හමුදාව සාමාන්‍ය ජනතාවත් සමඟ ‍පුද්ගලික තරහ නැහැ.බැරිම වෙලාවක පහර දෙන්න ඇති. මටත් එහෙම අනන්ත හිතිලා තියෙනවා! (නි)

:       0       0

රොනී Saturday, 03 August 2013 11:15 AM

අපේ අහිංසක මිනිස්සු මාරුව (අ)

:       0       0

අමිල Friday, 02 August 2013 10:26 PM

හාරූන් අන්සාර්, ඔබ ඉතා පහත් සතුටක් ලබන බවක් පෙනෙනවා. (නි)

:       0       0

තිසර Saturday, 03 August 2013 11:15 AM

තව වසර කිහිපයකින් ඔය රණවිරුවන්වත් නිතිය හමුවට ගෙන්න පුළුවන්. රූකාන්ත, චන්ද්‍රලේක නඩුව වගේ. (අ)

:       0       0

සම්පත් Saturday, 03 August 2013 09:38 PM

තවත් සාඩම්බර වැඩක්. පිරිසිදු වතුර වෙනුවට මිනිස්සුන්ට බොන්න දුන්නේ රුධිරය. (නි)

:       0       0

ලලිත් Friday, 02 August 2013 10:30 PM

ජනතාවට ඕනෑම අසාධාරනයක් විඳ දරා ගැනීම පමණක් සිදුවනු ඇත. පුදුමය නම් සියලුම පක්ෂ වලට ගැති මිනිසුන්ට බලපාන ප්‍රශ්නයක් වුවත්, කිසිදු ලැජ්ජාවක් නොමැතිව සාදාරණීකරණය කිරීමට ඇතැමුන්ට අදහස් පහළ වීමයි. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 03 August 2013 11:19 AM

වෙනත් රට වල මෙහෙම වුණාම රටේ බලයේ ඉන්න නායකයෝ ගිහින් මොකද කියල සොයල බලනවා. අපේ රටේ එහෙම ගිහින් බලන පුරුද්දක් නැද්ද දන්නේ නැහැ. (අ)

:       0       0

ක්‍රිස් Friday, 02 August 2013 10:43 PM

ආගමික ස්ථාන මේවට අදාල කරගන්න එපා .... (නි)

:       0       0

ලක්මාල් Friday, 02 August 2013 10:47 PM

මෙච්චර දෙයක් වෙලා තිබියදී කොහොමද මෙහෙම කියන්නේ? (නි)

:       0       0

බන්ටු Friday, 02 August 2013 10:53 PM

අර අහවල් නම ගෑවෙන්නෙ කොතනද, එතන විනාශයක් (නි)

:       0       0

ඉෂාන් Saturday, 03 August 2013 11:49 AM

රනිල් වගේ බුද්ධිමත් මහත්තුරුන්ට තියන ප්‍රශ්නය පල්ලිය මිසක් මිනිස්සු දහස් ගානකට වතුර නැතිකමවත් ඒ අහිංසකයින්ගේ ජීවිත ගැනවත් නෙමෙයි. එතකොට ඔතන චීවරය දරාගෙන හිටියෙත් පල්ලියේ උදවියද දන්නේ නැහැ නේද රනිල් මහත්තයෝ? (නි)

:       0       0

වීර Friday, 02 August 2013 11:06 PM

හාරුන් අන්සාර් ,බොරු නොකියා ඉන්න.අපි දන්නවා ඕගොල්ලෝ තිබ්බ බෝධි පූජා ගැන.ඔබම කලින් පිටුවක අපිට ගස් ගල් පිළිම වදින ගල් යුගයේ උදවිය කියලනේ දාලා තිබුනේ.දැන් ඔබට කියන්න තියෙන්නේ මොනවද?සංවාදයට විවෘතයි. (නි)

:       0       0

චන්දි Saturday, 03 August 2013 11:54 AM

ලුම්බිණි.., මේ රටවල් වල ඔය වගේ දේවල් වෙන්නේ නැහැ විශේෂ දෙයකට ප්‍රදාන පාරක් වැහුවත් ඉවර උන ගමන් වාහන වලට යන්න ඉක්මනින් පාර අරිනවා අනෙක තමයි,හමුදාව හදිසියකදී වෙඩි තියන්නේ උඩට ඉතින් අපේ රටේ මිනිස්සු නිකන් ජිවිත නැති කරගන්නේ කියල හිතෙනවා (අ)

:       0       0

විජයබා Saturday, 03 August 2013 12:01 PM

අවුරුදු පහෙන් පහට සුද්ද දුන්න මැතිවරණ ක්‍රමේ තිබුනා නම් මෙච්චර අපරාධ සිද්ද වෙන්නේ නෑ.(අ)

:       0       0

තබුක් සිල්වා Sunday, 04 August 2013 12:34 AM

රටේ ජනතාවගේ ඉවසිමෙහි සීමාව වැඩි ඈතක නොවෙයි (නි)

:       0       0

කුමාර Friday, 02 August 2013 11:38 PM

මින් මතුවත් පොඩිදේටත් පාරවල් වසා කරන උද්ගෝෂණ නතර වේවා! (නි)

:       0       0

ක්යාන්සාස Sunday, 04 August 2013 12:20 PM

මේ ඔක්කොටම කලින් අර විපක්ෂයේ ඉන්න රනිල්ව යවන්න ඕනේ

:       0       0

පුෂ්පා Friday, 02 August 2013 11:57 PM

අපි බෝධි පුජා තියල හමුදාවේ අපේ කොල්ලන්ට ජිවිත ආරක්ෂාව පැතුවා. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? (නි)

:       0       0

මිගිද Sunday, 04 August 2013 01:09 AM

නිතර ලියන චන්ද්‍රවතියි, බන්දුල පෙරේරායි දැන් මොකොද කියන්නේ.සද්දයක් නැහැ.එක් කෙනෙක් කිව්වා දේශපාලනේ සම්බන්ධයි කියලා.ඒ මිනිස්සු ඉල්ලුවේ වතුර ,රත්තරන්වත් රජකමවත් ඉල්ලුවේ නැහැ නේ. වතුර ඇසිඩ් වුනේ දේශපාලනේ කරලා නොවේ. (නි)

:       0       0

සුගත් Saturday, 03 August 2013 12:35 PM

රටක නීතිය පාලනයට පොලිසිය ඉන්නවා. මෙම සිද්ධිය හරහා රටක සාමාන්‍ය නීතියේ හිමිකම මිනිසුන්ට අහිමි වුණා (නි)

:       0       0

සමීර වීරක්කොඩි Sunday, 04 August 2013 01:34 AM

මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරු විරුද්ධ පක්ෂයේ අයෙක් වූවානම් මේවනවිට එම ඉස්ථානයේ දකින්නට ලැබෙන්නේ ගිනි ඇවිලී ගොස් සේෂවූ අළු දුවිලි හා නටබුන් පමණි .එපමණක් නොව එම කර්මාන්ත ශාලා ප්රිස්ශයේ පිහිටි කාර්යාලය තුල අසැබිය සී ඩී. හා ඒ ආශ්‍රිත උපකරණද සොයා ගත් බවත් නීති විරෝදී හා සමාජ විරෝධී ක්‍රියා එහි සිදුව ඇතිබව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවත් ජන මදධ්‍ය තුලින් දන ගැනීමට ලැබෙනු ඇත . තවද ජලයට හා පරිසරයට සිදුවූ විනාසය වෙනුවෙන් කර්මාන්ත සලා හිමියන් විසින් විසාල වන්දියක් ගෙවීමට සිදුවෙන අතර නීතියෙන් දඩුවන් ලැබීමටද සිදුවෙනවා ඇත . (දී)

:       0       0

සනත් Saturday, 03 August 2013 12:57 PM

වැලිවේරිය දෙවරක් ලෙයින් පෙගී අහිංසක රුදිරය ගලා ගියේය. ඊට වගකිවයුතු අය තවමත් සුරසැප විදිති. එහෙත් කර්මය පටිසන් දීම කිසිවකුටත් වැළකිය නොහැක. මෙහි සත්‍ය නොදැන අදහස් දමන කිසිවකුටත් මෙවන් දුකක් නොවේවා. මෙම මානුෂීය ප්‍රශ්නය මරණයන් දක්වා යන තෙක් ඇස නොඇරුණු පාලකයන්ගේ මෙන්ම නමට පමණක් ඇති විපක්ෂයේද ඇස ඇරී ලංකාවේ කිසිවකුටත් මෙවන් ඉදිරියීදී මෙවන් විපතක් නොවේවා..

:       0       0

රණතුංග Saturday, 03 August 2013 12:22 AM

දැන් තමයි වැඩ පටන් ගත්තේ.මේ පාරත් ගහමු කතිරය (නි)

:       0       0

රණතුංග Saturday, 03 August 2013 12:25 AM

රවුම් තොප්පි දන අය පාරට අවහම ඔය මහත්තුරු හංගනවා නේද?

:       0       0

තුෂාර Saturday, 03 August 2013 01:14 PM

නැවත මෙවන් දේ නොවේවා

:       0       0

ජීවන් Saturday, 03 August 2013 01:24 PM

මමනම් අයෙමත් චන්දෙ දෙන්නේ නැහැ කාටවත්

:       0       0

වැලිවේරිය Saturday, 03 August 2013 01:33 PM

ඔය වතුර ප්‍රශ්නය කලින්ම විසදුවානම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ

:       0       0

සිංහ Sunday, 04 August 2013 05:48 AM

ආශ්චර්යයට, සංවේදීකමට උඩ පැන පැන ඡන්දය දුන් අයට දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

පෙරේරා Saturday, 03 August 2013 01:42 PM

මේ ප්‍රශ්නය විසදන්න තිබ්බේ මේ විදිහට නොවෙයි

:       0       0

අල්සානු Sunday, 04 August 2013 01:09 PM

මේ ජාල ප්‍රශ්නයට කතෝලික දේවස්ථානය මැදහත් උනේ නැහැ. ගරුතර ස්වාමින් වහන්සේලා පමණක් සහබාගි වී ඇති බව පේනවා ප්‍රකෝප ලෙස අදහස් දක්වනවා දුටුවා අපි බෞද්ධ කම දෙශපාලනයට ගාව ගන්න නැතිව සිටිනවානම් හොඳයි. මෙම පිරිසගේ ඉල්ලීම ඉතා සාධාරන උනත් ආණ්ඩු පාක්ෂිකයන් කියන්නේ වෙනත් අදහසක් දේශපාලනයෙන් අන්ද වී ඇති ( තම වාසිය සඳහා ) සිංහල ජනයා ඉන් මුදවා ගැනීමට ස්වාමින් වහන්සේලාට නොහැකිය එම නිසා උන් පංචසීලයේ පිහිටුවීමටත් පාලක පක්ෂය ධාර්මික කිරීමටත් හැකිය. (අ)

:       0       0

අල්සාන් Sunday, 04 August 2013 01:12 PM

මෙයට අදාල සමහර පුද්ගලයන්ට දේශපාල දේසපාලන දැනුම නැත. හමුදා දැනුම පමණක් ඇත.(නදී)

:       0       0

රනිල් Sunday, 04 August 2013 07:27 AM

නෙතුමි වගේ අනවබෝධයෙන් වැඩ කරනහා රාජකාරි කරන අය ලංකාවේ ඉන්න නිසා තමා මේ වගේ වැඩ දිගින් දිගටම සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

සුමිත් Saturday, 03 August 2013 03:16 AM

ජය වේවා! (නි)

:       0       0

චින්තක Saturday, 03 August 2013 02:01 PM

එදා මාවිල් ආරු අමුන මුදා ගෙන ජනතාවට ජලය ලබා දෙන්න වගේම යුද්ධය අවසන් කරන්නත් හැකියි වුනා

:       0       0

සාලිය Saturday, 03 August 2013 02:11 PM

බැනලත් බැහැ නොබනත් බැහැ

:       0       0

අශාන් Saturday, 03 August 2013 04:09 AM

රනිල් ,උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම හිටියේ හාමුදුරුවෝ. අසරණ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වීම ආගමික නායකයන්ගේ වගකීමක්. කරුණාකරලා මෝඩ අදහස් දාන්න එපා. (නි)

:       0       0

ශාන්ත Saturday, 03 August 2013 04:59 AM

අමිල ,ඔයාට මොනවා හිතුණත් අපිට කමක නැහැ. අපිටත් අරාබියට වුණ දේ නොවෙනවා නම් හොඳයි. රාජේශ් බලාපොරොත්තු වෙන ආශ්චර්ය සිදුවුණොත් ඔබට තමිල්නාඩුව තිබෙනවා, අපිට ති‍ෙඉන්නේ ලංකාව විතරයි. මව් රටට විරුද්ධ වෙන ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දිය යුතුයි. වෝල්ටර්ට මම සුබ පතනවා. (නි)

:       0       0

නිශාන් Saturday, 03 August 2013 06:01 AM

ඡන්දෙ කාලයට ඉහින් කනින් බේරෙන මානව හිතවාදය මේ වෙලාවල් වලදී මතක නැද්ද? (නි)

:       0       0

ප්‍රේම් Saturday, 03 August 2013 03:09 PM

අසරණ මිනිස්සුන්ට වතුර වෙනුවට වෙඩි තිය ගත්තේ මිනිස්සුමයි කියයි දැන්,

:       0       0

රන්දිමා . Thursday, 08 August 2013 08:36 PM

බොහොම හොදයි (දී)

:       0       0

සමන් Saturday, 03 August 2013 06:36 AM

සාධාරණය ඉල්ලා කරන ඉල්ලීම් වලට අන්තිමට වෙන්නේ මෙයද? (නි)

:       0       0

රනිල් Friday, 02 August 2013 05:55 PM

පල්ලි තමයි මේවා අවුස්සන්නේ (ස)

:       0       0

කඩවත හේමසාර හිමි Saturday, 03 August 2013 06:46 AM

මට නම් මතක් වෙන්නේ මේ පින්තුර දැක්කම පසුගිය කාලේ තිබුන උතුරේ යුදපිටිය. ගම්පහ වැලිවේරියට මෙහෙම වෙයි කියලා කවුද හිතුවේ. අනේ පව් අසරණ ජනයා (නි)

:       0       0

ශාන්ත ranawaka Sunday, 04 August 2013 05:59 PM

ඔය නිසිබලදරිය කියාගත්තු කෙනා අපි ලියන ඒ වා කපා නො කොට ඒ වා සකස් කලට කම නැ මොකද සමහර වචන ඒ බාසාවෙන් ලිවිය යුතයි (දී)

:       0       0

රනිල් ප්‍රියංක Saturday, 03 August 2013 04:07 PM

ලංකා ඉතිහාසේ අහිංසකම ඉලීමක් කරපු මිනිස්සුන්ට තමයි මේ ලෙස පහර දුන්නේ.මේවගේ ප්‍රශ්න ජනතාව විසින් කියන්න ඕනනැහැ මේවා දේශපාලකයෝ කලයුතු දේවල් .නමුත් එහෙම දෙසපලකයෝ අද නැහැනේ අපට පෙනන දේ තමයි මෙච්චර සාදාරන ප්‍රශ්නයකදී රටේ සාමාන්‍ය ජනයට සලකන්නේ මෙහෙම නම් මේ රට අද අරන් යන්නේ කොහාටද කියල අපි හෙමෝම හිතන්න ඕන.පොලිසියත් මෙතැනදී වැරද්දක් කල .මෙහෙම සිවිල් ජනතාව පාරට බෙස්සම එක පාලනය කරගන්න බේරුවා හමුදාව කැදවපු එක පොලිසියේ උස්සස් නිලදාරීන් ලේජ්ජවෙන්න ඕන. ඒවගේම හමුදාවේ අයත් හිතන්න ඕන අපි මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ට සලකන්න ඕනද කියල. අමතක කරන්න එපා රූකාන්ත ගුණතිලක සිද්දිය,තිරුකුනමලේ පාසල් ළමුන් පස්දෙනාගේ ඝාතන සිද්දිය නීතියෙන් නිසි පිළිතුරු ලේබෙවී.රට සහ තමන්ගේ රාජකාරි සිමාව ගෙන , රටේ තත්වය ගැ න නොසිතා කටයුතු කිරීම අදට ගෙලපුනත් අනාගතයේදී ඔබට දුක්වන්නට දවසක් එලබෙනු ඇත.

:       0       0

සනත් Friday, 02 August 2013 06:19 PM

අනේ අපේ රටේ අනිත් අයත් ඇත්ත තේරුම් ගන්නකොට තව ජීවිත් කීයක් නම් බිලි දෙන්න වෙයිද? (නි)

:       0       0

ක්‍රිෂ් Saturday, 03 August 2013 04:19 PM

වතුර ඉල්ලලා පාරට බැහැල ඔහොමනම් ආණ්ඩුව පෙරලන්න පාරට බැස්සොත්...සුබ අනාගතයක් ...

:       0       0

අනිල් Saturday, 03 August 2013 07:42 AM

පවු අහිංසක මිනිස්සු! (නි)

:       0       0

කුමාරසිරි Sunday, 04 August 2013 09:26 AM

අවුරුදු 30 ගණනක් ගිනි ගත් දේශය තවත් ගිනි තියන්න එපා .සමහරක් දේශපාලකයින්ට මේක හොද සිදුවීමක් තම පැවත්මට. (දී)

:       0       0

ටොමී Friday, 02 August 2013 06:50 PM

මෙච්චර දෙයක් වෙලා මිනිස් ජීවිතත් හානි වෙලා කොහොමද එහෙම කියන්නේ? (නි)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනෙග් Saturday, 03 August 2013 04:50 PM

වතුර ඉල්ලුවම වෙඩි නම් කන්න ඉල්ලුවම ?

:       0       0

සුරේෂ් Friday, 02 August 2013 06:57 PM

අන්තිමට 2013 අගෝස්තු 01 දින කළු අකුරෙන් ලියවෙන දිනයක් වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලාංකා Saturday, 03 August 2013 08:23 AM

මෝඩයෙක් වුණාට මෝඩ කතා කියන්න එපා රනිල්. මේ වගේ අය ඉන්නකන් මේ රට හදන්න බැහැ. (නි)

:       0       0

දිලීපජයරුවන් Saturday, 03 August 2013 08:25 AM

මිනිස්සුන්ගේ ඡන්දෙන් ඇවිල්ලා මේ දේවල් අනුමත කරන්න පුළුවන්ද? (නි)

:       0       0

ඉෂාර Saturday, 03 August 2013 08:27 AM

වැලිවේරිය මුදවාගත් රණ විරුවනි, අපේ උත්තමාචාරය ඔබටයි. (නි)

:       0       0

දියෝ Saturday, 03 August 2013 05:13 PM

මා දන්නා පරිදි හමුදාවට(රෙඩ් ඇලට් ) ආයුද පාවිචි කල නොහැක ,පොලිසියට ආයුද පාවිචි කල හැක්කේ තමන්ගේ ආරක්ෂාව සදහා පමණි ,(දුවන පුත්ගලයෙකුට වෙඩි තිබිය හැක්කේදණහිසෙන් පහලට පමණි,වාහනයකින් පලා යන්නේනම් වාහනයේ රෝද වලට පමණක් වෙඩි තැ බියාහැ ක ) එ හෙත් අද මේවා කියාත්මක නොවන නිසා මේවගේ දේවල් තව ඉදිරියේදී ඇති වෙන්න ඉඩ තියෙනෙවා

:       0       0

චන්දා Saturday, 03 August 2013 08:34 AM

වැලිවේරිය පොලිසියට නුදුරෙන් උද්ගෝෂණය ආරම්භ වූ බව පුවත් වලින් පැවසෙනවා. කාලයකට පොල් තොරණක් යටින් අපිත් යනවා ඔය පැත්තේ, මේ සිදුවීම් මාලාවේ යටි පෙළ ක්‍රියාකාරිත්වය සොයා බලා තේරුම් ගත යුතු කාරණා මතුකරන හෝඩුවාවන් කිහිපයක් ඇතැම් අදහස්, කියුම් කෙරුම් හා පුවත් තුලිනුත් උපුටා දක්වන්න පුළුවන්. වතුර ප්‍රශ්නය මෙතෙක් ගැලු විදියට සැකයට තුඩු දෙන කාරණා බොහොමයි. (නි)

:       0       0

පෙරුමාල් Saturday, 03 August 2013 08:35 AM

මේ විදියටද රණවිරුවෝ මෙහෙයුම් කරන්නේ? (නි)

:       0       0

අනුර ජේ Friday, 02 August 2013 07:20 PM

නව හමුදාපතිට සුබපැතුම් හමුදා වට අවම බලය උගන්වන්න.(අ)

:       0       0

හසන්ත Sunday, 04 August 2013 10:01 AM

ආශ්චර්යය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 69 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 119 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1773 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2653 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2016 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 522 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site