IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වැලිවේරියේ වැරැදි කරුවන්ට දඬුවම් කරනවා

ගම්පහ රතුපස්වල කම්හලකින් ළිං ජලයට  ඇසිඩ් එකතු වෙතියි , පසුගිය අගෝස්තු 01 වැනිදා වැලිවේරියේදී මහජනයා හා  යුද හමුදාව අතර ඇතිවු ගැටුමේදී  වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක් අරඹා ඇති බවත් නීතීය ඉක්මවා ගිය අයට එරෙහිව ක්‍රියා කරන බවත්  විදේශ ඇමැති  මහාචාර්ය ජී එල් පිරීස් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්  නවනීදන් පිල්ලේට අද(29) පැවසීය.

වෛරය හා ද්වේෂය පතුරුවන්නට එරෙහිව ක්‍රියා කිරිමට නීතී පනවන බව ඇමැති පැවසුයේ ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් පල්ලියේ සිද්ධිය ගැන පවසමිනි.

සියලුම ආගම්වල සාමාජිකයින් එක්වී එය විසඳාගත් නමුත් යටි කූට්ටු හා ලාබ අපේක්ෂා ඇත්තවුන් එය  දෙගුණ තෙගුණ කළ බව ද ඇමැති කීවේය.

ශ්‍රී ලංකාවට එරෙහිව බොහෝ අස්ථාන චෝදනා නඟතියි කී ඇමැති  යුද සමයේ උතුරේ ජනයා සා ගින්නෙන් තැබියැයි කියන කතාව එවැන්නකියි කීවේය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බොහෝ රටවල් පුර්ව නිගමනවල සිටින බව කී ඇමැති එයින් කලකිරීමක් ඇති වන බවත් සඳහන් කළේය.

ත්‍රස්ත්‍රවාදය වැලැක්විමේ පනත 30 වසරක් තිස්සේ ශ්‍රි ලංකාවේ පැවති බවත් සංශෝධිත පනත පාවිච්චි කරනුයේ ආරක්ෂක පියවරක් වශයෙන් බවත්   එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් ඇමැති  කීවේය.

පෙලීසිය  අධිකරණ අමාතශ්‍යංයට නොපරවා නීතීය හා සාමය පිළිබඳ අමාත්‍යංශට පවරාගැනීම පිළිබඳව කොමසාරිස්වරිය විසින් කනස්සල්ල පළ කැර තිබිණි.

ඇගේ ස්ථාවරය මුලික වශයෙන් පිළිගත නොහැකියැයි අමාත්‍ය  මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේය.

2002  සිට2004 දක්වා කාලය හැරුණු ව්ට පොලීසිය දිගටම ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති බව  පැවසු ඇමැති  උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව නව අමාත්‍යංශ පිහිටවු බවද ඇයට පෙන්වා දුන්නේය.

 දෙමළ ජාතික සංවිධානය ගැන සඳහන් කළ ඇමැති පැවසුයේ  ඔවුන් එතෙර සිට ක්‍රියාකාරීවන බවයි.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳිම සඳහා වන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සහභාගීවීමද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළැයිද ඇමැති සඳහන් කළේය.

යුද්ධයෙන් පසු අධි ආරක්ෂිත කලාපය ඉවත් කැර හමුදා කඳවුරුවලට සීමා කළ  ජාතික ආරක්ෂාව සැලැකිල්ලට ගනිමින් හමුදා හඳුනාගත් රජයේ ඉඩම්වල ස්ථානගත කිරීමේ හැකියාව සොයා බලන බවද ඔහු සඳහන් කළේය.

 

 

 

 



අදහස් (0)

වැලිවේරියේ වැරැදි කරුවන්ට දඬුවම් කරනවා

ප්‍රියංග Friday, 30 August 2013 01:38 AM

මමත් හමුදාවේ තමා. මෙවැනි දේවල් අනුමත කරන්නෙත් නැහැ. වැරදි කරපු අයව බේරන්නෙත් නැහැ (නි)

:       0       0

තමිදු Friday, 30 August 2013 11:16 AM

රතු පස්වල මිනිමරුවන්ව අල්ලන්න (දී)

:       0       0

සෑම් Friday, 30 August 2013 11:35 AM

බුදුන්ටත් දේවදත්තයා හිටිය එකේ වචන නාස්ති කරලා වැඩක් නෑ. 1971 මනම්පේරි ඝාතනයෙන් පසුව මේ වගේ හමුදා, පොලිස් වෙඩි තැබීමකින් වරදකරු වූ කෙනෙක් දන්නවනම් කව්රුහරි කියනවද. ඒ වගේම මෙවැනි සිද්දි වලට පත්කරපු කොමිසන් වල වාර්තා වලටත් මොකද උනේ? (දී)

:       0       0

සමන් ප්‍රියන්ත Friday, 30 August 2013 11:39 AM

මට අනුවනම් බන්දුල පෙරේරා යනු දක්ෂයෙකි. ඔහු සැමගේම අවධානය වෙනතකට යැවීමට සමත්ය. පවතින රජයට නොරැවටී ඉන්නටනම් මුලින් අඩුම තරමේ බන්දුල වැන්නවුන්ටවත් නොරැවටී සිටිය යුතු ය. (දී)

:       0       0

මාධවී Thursday, 29 August 2013 06:46 PM

බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

:       0       0

ගිහාන් Friday, 30 August 2013 11:46 AM

වැරදි කරුවන්ට උපරිම දඩුවම් ලබා දෙන්න (දී)

:       0       0

මනෝජ් Thursday, 29 August 2013 06:49 PM

වැරදි කරපු අය රටින් පිට කරලත් අවසන් (අ)

:       0       0

දසුනි Thursday, 29 August 2013 06:50 PM

මෙයාගේ පැමිණීම එච්චර වැදගත් නැහැ කියලනේ කිව්වේ.මෙච්චර යටහත් පහත් විදිහට උත්තර දෙන්නේ ඇයි? (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 August 2013 06:56 PM

හමුදාව එදා ගත් ක්‍රියාමාර්ගය රටේ බහුතරය අනුමත කරනවා.වැරදි තැනක ඉදලා වැරදි දෙයකට අනුබල දුන්නා හෝ වැරදි දේ ඍජුවම කළා නම් වැරදි ප්‍රතිපල ලැබෙනවා. මේ මරණ තුනට හේතුව ඒක.මේ මරණ වලට හමුදාව වගකිව යුතු නැති බවයි මේ රටේ බහුතරයේ මතය... (නි)

:       0       0

තෙශාන් Friday, 30 August 2013 12:06 PM

බන්දුල කියන්නේ පොලවේ පය ගහල ඉන්න කෙනෙක් නෙවෙයි , එහෙම නැත්නම් මේ අදහස් දානකොට බන්දුල ඉඳගෙන ඉන්නේ තමන්ගේ මොලේ උඩ . ඒ නිසා කවරුත් තරහ ගන්න එපා. (දී)

:       0       0

පහන් Friday, 30 August 2013 04:23 AM

අනේ බන්දුල, ඔයා පාසලකට නම් වැස්සකටවත් ගියේ නැහැ නේද... (නි)

:       0       0

දසුනි Thursday, 29 August 2013 07:14 PM

බහුතර කියන්නේ,කී දෙනෙක්ද? මැරුණේ අහිංසකයෝ. එයාලගේ ගෙවල් පැත්තේ එහෙම ගිහින් ඔය කතාව කියන්න එපා.මටත් ඒ වගේ මල්ලි කෙනෙක් ඉන්නවා.ඒකයි මෙහෙම ලියන්නේ.කාටවත් රිද්දන්න නෙමෙයි. (නි)

:       0       0

මාලින්ග Friday, 30 August 2013 12:25 PM

අයියෝ වැලිවේරිය

:       0       0

මනෝජ් Thursday, 29 August 2013 07:17 PM

බන්දුල පෙරේරා , ඔබ අවදි වෙන්නේ වෙනත් දිශාවකින් නේද ? (නි)

:       0       0

ජයම්පති Thursday, 29 August 2013 07:17 PM

බන්දුල, රටේ බහුතරයගේ මතය ඒක කියලා ඔයා හරියටම කියන්නේ කොහොමද? මේක ගැන තවමත් විමර්ශනයක් සිද්ධ වෙනවා. (නි)

:       0       0

දිසානායක Thursday, 29 August 2013 07:19 PM

මේක නම් සිහිනයක්ද?නැත්නම්මායාවක්ද?එහෙමත් නැත්නම් අපට විහිළු කරනවද? මොකද "ඇමෙරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ". නේ (නි)

:       0       0

දිල් Thursday, 29 August 2013 07:25 PM

වැරදිකාරයෝ කවුද දැන්? (නි)

:       0       0

රාධ Thursday, 29 August 2013 07:30 PM

බන්දුල පෙරේරා,රටේ බහුතරය නම් දන්නවා එදා වැලිවේරියේ මොකද වුනේ කියලා.කොහොම වුනත් අපිට ඔබේ දෙමාපියන් මේ වෙලාවේ මතක් වෙනවා. (නි)

:       0       0

චුට්ටා Friday, 30 August 2013 06:49 AM

වෙඩි තියපු හමුදාවේ අය නෙමෙයි වැරදි. වෙඩි තියන්න කියපු අයයි (නි)

:       0       0

චමල් Friday, 30 August 2013 06:50 AM

බන්දුල පෙරේරා මහතා අපේ රටට ආධුනිකයෙක් ද? නැත්නම් ඔහුගේ නිවහන අංගොඩ මානසික රෝහල වියයුතුයි (නි)

:       0       0

සිල්වා Thursday, 29 August 2013 07:34 PM

පිල්ලෙ නෝනත් ඉන්න එකේ පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න (නි)

:       0       0

ලියෝද් Friday, 30 August 2013 12:46 PM

බන්දුල හැමදාමත් උම්බෑ කියපු එක විතරයි කළේ (නි)

:       0       0

නන්ද Friday, 30 August 2013 07:06 AM

මට නම් හිතෙන්නේ ඔය බන්දුල ඉන්නේ ලංකාවේ නොවේ. (නි)

:       0       0

අප්පුහාමි Friday, 30 August 2013 06:53 PM

බන්දුලට හැමෝම බනිනවා (නි).

:       0       0

රත්නමාලි. Thursday, 29 August 2013 07:42 PM

තමන් කළ වැරැද්ද තමා විසින් පිළිගන්නා අය දුර්ලභය.තමන් කළ වැරැද්දට තම ගෙල සිද ගනීවි කියා සිතන්නත් අමරුය.නමුත් සත්‍ය සදාකල් වසන් කිරීමට ද අපහසුය.වැරදි කරුවන්ට මරණ මංචකයේ දී හෝ වැරදි වලට දඬුවම් ලැබිය යුතුය. (නි)

:       0       0

විජේපාල. Thursday, 29 August 2013 08:10 PM

බන්දුලගේ හැසිරීම අස්වාභාවිකයි. (නි)

:       0       0

මාමා Thursday, 29 August 2013 08:19 PM

බන්දුල, ඔහොම යන්න පුතා. සුභ අනාගතයක්!

:       0       0

ජයම්පති Friday, 30 August 2013 01:12 PM

බන්දුල කියලා නම දාලා තිබුන කෙනා අද මොනවද දන්නේ නැහැ කියන්න යන්නේ (නි)

:       0       0

අප්පුහාමි Friday, 30 August 2013 01:14 PM

බන්දුලට මේ හැමෝම බනිනවා (නි)

:       0       0

ගයන් Thursday, 29 August 2013 08:21 PM

බන්දුල පෙරේරාත් සාමාන්‍ය පෙළ 6 පාස් කෙනෙක් වගෙයි මට පෙනෙන්නේ. ඔබට රට බහුතරය කියන්නේ මොකක්ද කියාවත් බුද්ධියක් නැහැ. (නි)

:       0       0

දෙනෙත් Thursday, 29 August 2013 08:26 PM

බන්දුල මහත්තයෝ, රටේ බහුතරය ගැන කියන්න සමීක්ෂණයක් කළාද? රටේ බහුතරය නෙමෙයි, ඕනෑ නම් බලන්න ලංකාදීපේ කියවන බහුතරයත් මේ ක්‍රියාවට විරුද්ධයි (නි)

:       0       0

කෙන්ත් Thursday, 29 August 2013 08:26 PM

බන්දුල, ඔයාගේ දෙමවුපියන් පවු (නි)

:       0       0

සෑම් Thursday, 29 August 2013 08:27 PM

බන්දුල, ඡන්දේ ඉල්ලන්න ඔයා. අනිවාර්යෙන්ම ඔයා වගේ අය තමයි පාලනයට සුදුසු. (නි)

:       0       0

දිලාන් Friday, 30 August 2013 01:23 PM

බන්දුලගේ මොලේ පරික්ෂා කරානම් හොදි වගේ. (අ)

:       0       0

දිලාන් Friday, 30 August 2013 01:23 PM

බන්දුලගේ මොලේ පරික්ෂාකරානම් හොදි වගේ. (අ)

:       0       0

සඳරුවන් Thursday, 29 August 2013 08:42 PM

මම හිතුවේ දෙවියෝ දඬුවම් කරනකම් බලාගෙන ඉන්නවා කියලා (නි)

:       0       0

කටා මාමා Friday, 30 August 2013 01:35 PM

බන්දුල පෙරේරාට විරුද්ධව අදහස් දාලා තියෙන වැකි කියාපාන්නේ ඒ අයගෙම නිහිනකම මිස අන් කවරක්ද..? (නි)

:       0       0

ජයසේන Thursday, 29 August 2013 08:50 PM

බන්දුල අපේ ලේ කෝප කරවන්න එපා (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 30 August 2013 08:47 AM

රටේ බහුතරයේ මතය කියන්නේ මේ කොමෙන්ට්ස් දාන පුද්ගලික රෝස බස් එකක් පුරවන්නවත් මදි. මිනී කාක්කන්ගේ මතය නෙමෙයි මැරුණු කිසිවෙක් අහිංසකයෝ කියල මම පිළිගන්නේ නැහැ..හරියට ඡන්දෙ පැරදුන දේශපාලකයෝ කියන හොර ඡන්ද කතාව වගේ තමයි මේ අහිංසක කතාවත්. වැඩේ වැර දුනාම ඔක්කොම අහිංසකයෝ.ඔය 16/17 වයස් පහු කරලා තමයි අපි මේ වයසට ඇවිත් ඉන්නේ. හමුදාව දඩු කදේ ගහනවා නම් මේ සිදුවීමට මග පාදපු , මිනිස්සු මෙහෙයවල පාරවල් අවහිර කරපු සාමාන්‍ය ජන ජීවිතයට බාදා කරපු අයව මුලින් දඩු කදේ ගහන්න ඕනා. උන් ඒ දේ නොකලානම් හමුදාව එතනට එන්නේ නැහැනේ.(නදී)

:       0       0

චාමි Thursday, 29 August 2013 09:07 PM

බන්දුල ඔය තනිවෙලා කියල තේරෙන්නේ නැද්ද ? (අ)

:       0       0

සෙනිත් Thursday, 29 August 2013 09:07 PM

ඇමති කියන්නේ එකක් බන්දුල කියන්නේ තව එකක්

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 29 August 2013 09:42 PM

බන්දුල පෙරේරා අගක් මුකක් නැති කෙනෙක් වගේ ,ඇත්ත වහන්න එපා,පිල්ලේ ට ආණ්ඩුව තියන බය පේනවා නේද (අ)

:       0       0

තාරා Friday, 30 August 2013 02:32 PM

මුල්ම දඩුවම දිය යුත්තේ මිනිසුන් රැවටු අයටයි (නි)

:       0       0

චාමික Friday, 30 August 2013 09:32 AM

දඩුවම් කරන්න වැරදි කරුවෝ වෙන්න එපාය. වැරදි කරුවෝ වෙන්න කව්ද අද වෙනකොටත් එක සැක කරුවෙක්වත් අත්අඩංගුවට අරගෙන නැතුව ? මේවා පිල්ලෙටම කියන්න. වෛරය හා ද්වේෂය පතුරුවන්නට ඩිෆෙන්ඩර් වලින් ආරක්ෂාව දෙන්නේ අපිද ? ත්‍රස්ත්‍රවාදය වැලැක්විමේ පනත 30 වසරක් තිස්සේ ශ්‍රි ලංකාවේ පැවති බවත් සංශෝධිත පනත පාවිච්චි කරනුයේ ආරක්ෂක පියවරක් වශයෙන් බවත් එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් කිව්වට, වතුර ඉල්ලිවත් වෙඩි තියන්නේ මොන පනත යටතේද ?(දී)

:       0       0

නිමල් Thursday, 29 August 2013 10:10 PM

ඇත්තම ඇත්ත (නි)

:       0       0

චාමික Friday, 30 August 2013 09:32 AM

දඩුවම් කරන්න වැරදි කරුවෝ වෙන්න එපාය. වැරදි කරුවෝ වෙන්න කව්ද අද වෙනකොටත් එක සැක කරුවෙක්වත් අත්අඩංගුවට අරගෙන නැතුව ? මේවා පිල්ලෙටම කියන්න. වෛරය හා ද්වේෂය පතුරුවන්නට ඩිෆෙන්ඩර් වලින් ආරක්ෂාව දෙන්නේ අපිද ? ත්‍රස්ත්‍රවාදය වැලැක්විමේ පනත 30 වසරක් තිස්සේ ශ්‍රි ලංකාවේ පැවති බවත් සංශෝධිත පනත පාවිච්චි කරනුයේ ආරක්ෂක පියවරක් වශයෙන් බවත් එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් කිව්වට, වතුර ඉල්ලිවත් වෙඩි තියන්නේ මොන පනත යටතේද ?(දී)

:       0       0

අරුණ Thursday, 29 August 2013 10:17 PM

හිතුමතේ බදු වැඩිකරන එක ගැන පිල්ලේ මැඩම්ට මොකුත් කරන්න බැරිද? (නි).

:       0       0

ප්‍රනාන්දු Thursday, 29 August 2013 10:38 PM

බන්දුලලා වගේ සම හරක් ඉන්නවා, කකුල් හතරක් නොතිබුනාට උම්බෑ කියාගත්තු ගමන් (නි)

:       0       0

නිකුම් Friday, 30 August 2013 10:01 AM

මේ වෙඩි තියපු මිනිස්සුන්ට දඩුවම් ලැබේවි ස්වභාව ධර්මයෙන් (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 29 August 2013 10:53 PM

හමුදාව දඩුකදේ ගහනවා නම් මේ උද්ගෝෂණය මෙහෙයවපු අය, පාරවල් හරස් කරන්න මිනිස්සු පොලඹවපු අය මුලින්ම දඩු කදේ ගහන්න ඕනෑ. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 29 August 2013 10:53 PM

පළමුවෙන්ම බන්දුල පෙරේරා යන පුද්ගලයාගේ සටහන මගේ හදවත රිදවීමට හේතු වූ බව ප්‍රකාශ කරමි. දයාබර ලංකාදීප පාටකය, මනුස්ස ආත්මයක් ලබා මෙලොව ඉපදුන අපට බන්දුල පෙරේරා සිතන සේ සිතීමට හැකිද (නි)

:       0       0

රෝහණ Thursday, 29 August 2013 11:17 PM

බන්දුල දාන දේවල් වලට ළග හිටියා නම් දන්නා කෙනෙක් නම් දන්නවා කරන වැඩේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 30 August 2013 10:15 AM

බන්දුල වගේ කෙනෙක් මම මගේ ජීවිතීටම දැකල නැහැ.මොන නැකතක ඉපදුන කෙනෙක්ද මන්දා (දී)

:       0       0

අජන්ත Friday, 30 August 2013 10:16 AM

හොද වැඩක් ඇත්තමයි සාධාරණයක් වෙයි කියලා බල බල උන්නේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 30 August 2013 10:18 AM

හැමෝම අහනවා මට දරුවන් නැද්ද කියලා.මට දරුවන් නැත.රටට හෙන ගැහුවත් මට කම් නැත.රට විකුනම් කෑවත් මට කම් නැත.දීසපාලුවන්ට කඩේ ගිහින් කීයක් හරි හොයා ගෙන එදා වේල කාලා ජීවත් වෙනවා. (ස)

:       0       0

තිලක් - ඩුබායි Friday, 30 August 2013 10:20 AM

ඇත්තටම බන්දුල පෙරේරා කියලා මානසික ලෙඩාව පිස්සන් කොටුවට අරන් යන්න කෙනෙක් ඇත්තෙම නැද්ද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 30 August 2013 03:33 PM

බන්දුල පෙරේරා වගේ අය අඳුනා ගන්න බුද්ධ දේශනාවේ හොඳ උපමා කතාවක් තියෙනවා. පුද්ද්ගලයෙක් වසලයෙක් වෙන්නේ උපතින්වත් , කුලයෙන්වත් නොව තමන්ගේ ක්‍රියාකාරකම් අනුව කියලා (නි)

:       0       0

මිනිපෙ Friday, 30 August 2013 10:23 AM

පිල්ලේ නෝනාට හරි ජොලි ඇති.මොකද ඔය ඇත්ති, ඇමෙරිකාව, එංගලන්තේ වගේ රටවලට ගියා නම් ඔය ගරු සරු සැලකිලි ලැබෙන්නේ නැ. (ස)

:       0       0

ඩෑම් Thursday, 29 August 2013 11:43 PM

බන්දුල පෙරේරාට කකුල් කීයද? (නි)

:       0       0

කුමාර Friday, 30 August 2013 10:30 AM

බන්දුල පෙරේරට දඩුවම් කරන බවට ඇමතිතුමා පිල්ලෙට දැනටමත් පොරොන්දු වෙලා. (ස)

:       0       0

සීල Friday, 30 August 2013 12:11 AM

බන්දුල පෙරේරාගේ බහුතරය කියන්නේ කොහොම අයද දන්නෙ නැහැ (නි)

:       0       0

ජගත් Thursday, 29 August 2013 05:55 PM

ලංකාවේදී, වැරදි කළහම, වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ බොහොම කලාතුරකින්නේ. (නි)

:       0       0

රවිනාත් Friday, 30 August 2013 12:22 AM

බන්දුල, ඔබතුමාගේ මෑණියන් පව්! (නි)

:       0       0

රංග Thursday, 29 August 2013 06:08 PM

අපිට ජයවේවා! (නි)

:       0       0

සෑම් Thursday, 29 August 2013 06:12 PM

කාටද දැන් දඬුවම් කරන්නේ? (නි)

:       0       0

කටා මාමා Friday, 30 August 2013 04:18 PM

බන්දුල පෙරේරාට බනින උදවිය පෙන්නන්නේ තම නිරුවතම මිස අන් කවරක්ද..? (නි)

:       0       0

සෙනෙවි Sunday, 01 September 2013 09:39 PM

මං නම් හිතන්නෙ බන්දුල පෙරෙරා කියන්නෙ ප්‍රේක්ෂකයන්ට පොඩි විනෝදයක් දෙන්න ආපු චරිතයක් (නි)

:       0       0

සහනි Friday, 30 August 2013 11:07 AM

බන්දුල හරිම ජනප්‍රියයි නේ. පේනවා නේද මේ වගේ අය තමයි ජනප්‍රිය වෙලා ඔය ලොකු පුටු වලට යන්නේ . බන්දුල පව්ව්ව්ව්ව් (ස)

:       0       0

සෑම් Friday, 30 August 2013 01:26 AM

බන්දුල පෙරේරා කියල අදහස් දාලා තියෙන්නේ කවුද? ඔහුගේ පවුලේ කෙනෙකුට වෙඩි වැදුනා නම් තමයි එයාගේ මොලේට දැනෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 186 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 363 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2482 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2087 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1547 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8459 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34525 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site