IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැලිවේරියේ සිසුවාගේ මරණයෙන් දේශපාලන වාසි එපා

‘මේ අභාවයට පත් වුණු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා.  ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. ලොකුම ලොකු නිග‍්‍රහයක්.  නැතිවුණු දරුවාගේ කරපිටින් දේශපාලන ලකුනු දමා ගන්න, මනාප වැඩි කරගන්න ඡුන්ද ලබා ගන්න, සුපුරුදු පරිදි මේ රටේ කුජීත වු දේශපාලනයක් අනුගමනය කරන්න එපා  කියන එක මම ඔය හැම දේශපාලඤයින්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

වැලිවේරිය අවට ගම්වල ජනතාව පීමට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී  ඇති වූ ගැටුමෙන් වොඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ දේහයට  එක්සත් ජාතික් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස  අවසන් ගෞරව දැක්වීම සදහා එම නිවසට ගිය අවස්ථාවේ ඔහු එසේ පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මහතා ගම්පහ රෝහලටද ගොස් තුවාල ලැබූ පාසැල් දරුවන් ඇතුළු තරුණයන්ගේ සුවදුක්ද සොයා  බැලුවේය. ඉන් අනතුරැව සජිත් ප්‍රේමදාස මහතා වැලිවේරිය දේවස්ථානයට  ගොස් ලක්සිරි නෝනිස් පියතුමන් හමු වූ අතර ඉන්පසු ගල්ඔළුව විහාරස්ථානයට ගොස්   මාරාන්තික උපවාසය කළ තෙරි පැහැ සිරිධම්ම හිමියන් ද හමුවූවේය.

අකිල දිනේෂ්   සහෝදරයාගේ වියෝවය පිළිබඳව අපි දැඩි ලෙස කම්පා වෙනවා. පළමුවෙන්ම  වියෝවයට පත් වුනු ඒ තරුණයාගේ පවුලේ සියළු දෙනාටම  මගේත් පේ‍්‍රමදාස පවුලේත්,  ඒ වගේම එක්සත් ජාතික පක්ෂයෙත්, ලංකාවාසී ජනතාවගේත් බලවත් කනගාටුව සාතිසය  සංවේගය මේ අවස්ථාවේ මම පුදකරනවා. මම  හිතන්නේ අද වෙනකොට තවත් කුරිරු මිලේච්ඡ  ඝාතනයක් අපේ රටේ සිදුවූ අවස්ථාවක් මේක.  

රටට ආදරය කරන අප සියළු දෙනා වග බලා ගන්නට  ඕන කාරනයක් තමයි මේ වගේ ඝාතන වලින් මොනම පුද්ගලයෙක්වත් මොනම පක්ෂයක්වත් දේශපාලන වාසි ලබා නොගැනීම. 

මේක දේහපාලන පක්ෂයක් නෙමෙයි මේක මිනී මැරුම් ප‍්‍රශ්ණයක්, . ඝාතන ප‍්‍රශ්ණයක්. විශේෂයෙන්ම අප  හිතන්නට  ඕනා මේ  අහිංසක දරුවා ජීවිතක්ෂයට පත් වුනේ ඝාතනයට ලක්වුනේ ඇයි කියන එක. 

මේ ප‍්‍රදේශයේ ජනතාවටත්  රටේ ජීවත් වන  ඕනෑම පුද්ගලයෙකුගේ  ඕනෑ එපාකම් වගේම පිරිසිදු පානීය ජලය ලබා ගැනීම, පිරිසිදු  ජලය ස්නානය කිරීම සඳහා  ජලය ලබාගැනීමට කරපු අරගලයක  ප්‍රථිඵලයක්  හැටියට තමයි මේ මිනිස් ඝාතනය සිද්ධ වුනේ. අපි අහන්නට  ඕනේ ශ‍්‍රී ලංකාවේ ජනතාවට පිරිසිදු ජලය පානය කිරිමේ අයිතිවාසිකමක් නැද්ද කියන එක.

 පිරිසිදු ජලය පානය කිරීමේ අයිතිය තියෙන්නේ ජනතාවගේ කරපිටින් බලය ලබා ගන්නා දේශපාලඥයින්ට පමනද. පවිත‍්‍ර ජලය අපිරිසිදු කරන ස්ථානයකට ගිහිල්ලා අරගලයක් කිරීම මේ රටේ ජනතාවට අහිමි වූ අයිතියක්.

 අද  අපි අහන්නට  ඕනේ එදා වසර 4 කට පෙර මේ රටේ කොටි ත‍්‍රස්තවාදය ඉවරකලාම ටී-56 දේශපාලනයට නැවතීමේ ලකුන තිබ්බා නම් ඇයි අද  කොටි ත‍්‍රස්ථවාදයක් නැතිව අද ටී56 දේශපාලනය රජ වෙන දවසක් වී තිබෙන්නේ කියන එක. 

මේ වගේ ප‍්‍රශ්න රැසක් තියෙනවා ලංකාවාසී ජනතාව අහන්නට  ඕන, දැනගන්නට  ඕන. ඒවට රටේ දේශපාලඥයින් පිළිතුරු සපයන්න  ඕනා. 
පක්ෂ, ජාති, ආගම් කුල මල පන්ති භේදයකින් තොරව මේ සිදුවුනු වරද අපි නිවරද කරන්නට  ඕනා.
 විශේෂයෙන්ම වර්තමාන රජය මේ සිදුවුන සිදුවීමට සම්පුර්ණ වගකීම දරන්න  ඕනා. 

අපිරිසිදු ජලය ලබා දෙනවයි කියන එක ජනතාව පුන පුනා කියද්දිත් ගම්පහ දිස්ත‍්‍රික්කයේ  රාජ්‍ය පාක්ෂික මහජන  නියෝජිතයින් නිහඩව සිටියේ ඇයි කියන එක මහත් කුතුහලයක්. 

පිරිසිදු පානීය ජලය ලබා දීම රටේ ජනතාව ජීවත් කරවීමේ කාර්‍යභාරයේ ප‍්‍රධාන අංගයක්. පිරිසිදු ජලය පානය කිරීමෙන් තමයි ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සුරැකෙන්නේ.

මේ මූලික මානුසීය අයිතිවාසිකම අහිමු වුනු මොහොතකදී ජනතාව බලාපොරොත්තු වෙන්නේ  බෝම්බ, උන්ඩ වෙඩි පහරවල් නෙමෙයි ජනතාව බලාපොරොත්තු  වෙන්නේ පිරිසිදු ජල මුළාශ‍්‍රයකින් පවිත‍්‍ර වූ ජලයයි.

 
මෙන්න මේ කරුණ රටේ පාලකයින්  අවබෝද කර නොගැනීම බරපතල අවසනාවන්ත කරුණක්.  මේ කරුණු කාරනා ගැන කියද්දිත් පුන පුනාම මම නැවතත් කියන්නේ කරුණාකරලා මේ අභාවයට පත් වුනු තරුණයාගේ දේහය තුළින් කවුරුත් දේශපාලන වාසි ලබා ගන්නට කටයුතු කරන්නට එපා.  ඒක මේ දරුවට කරන ලොකුම ලොකු අපහාසයක්. ලොකුම ලොකු නිග‍්‍රහයක්.

 නැතිවුනු දරුවාගේ කරපිටින් දේශපාලන ලකුනු දමා ගන්න, මනාප වැඩි කරගන්න ඡුන්ද ලබා ගන්න, සුපුරුදු පරිදි මේ රටේ කුජීත වු දේශපාලනයක් අනුගමනය කරන්න එපයි කියන එක මම ඔය හැම දේශපාලඤයින්ගෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි.

එය එසේ ප‍්‍රකාශ කරන අතරම ජනතාවගේ කතිරයෙන්, ජනතාවගේ කරපිටින්, ජනතාවගේ ඡුන්ද බලයෙන් පත්වෙන මහජන නියෝජිතයින් ජනතාව රැක බලාගන්නට  ඕනා නැවතත් රටේ මේ වගේ තත්වයක් උද්ගත වීම වැලැක්වීමට පැහැදිලි ක‍්‍රියා මාර්ගයක් අපි දියත් කරන්න  ඕනා.

 පාරවල් කොන්ක‍්‍රීටි කරන යුගයක, ගුවන් පාලම් ඉදිවෙන යුගයක ජාත්‍යන්තර වරායවල්, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වල් ඉදිවෙන යුගයක මේ ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීමට දේශපාලඥයින් කටයුතු කළ යුතුයි.  



අදහස් (0)

වැලිවේරියේ සිසුවාගේ මරණයෙන් දේශපාලන වාසි එපා

චන්දා Sunday, 04 August 2013 02:57 PM

අර ඊතල තුනක් වටේට ඇදලා තියෙන ප්‍රතිචක්‍රිය ලෝගෝ එක මතක් වෙනවා මෙවැනි කතා ඇහෙනකොට. ප්‍රතිකාර ගන්නා සැමට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

චන්දා Sunday, 04 August 2013 03:00 PM

කටුනායක, හලාවත, වැලිවේරිය....ඊළගට කොහෙද? (නි)

:       0       0

නිහාල් Sunday, 04 August 2013 10:23 AM

අපිට මතකයි මහත්තයෝ 89-90 ව කාලය . (දී)

:       0       0

ප්‍රියංකර Sunday, 04 August 2013 10:26 AM

දේශපාලනයෙන් තොර ප්‍රශ්න කොහේද තියෙන්නේ? (නි)

:       0       0

සරත් Sunday, 04 August 2013 03:04 PM

අතීතයේ කරුණු කාරනා මොනවා වූණත් සජිත්ලා වගේ දේශපාලකයෝ සාමාන්‍ය මිනිස්සු සමග හිටියා. අපේ හම්බන්තොටට කරපු වැඩ අපට අමතක කරන්න බැහැ.පක්ෂය මොකක් වුණත් සජිත් කියන්නේ හොඳ මනුස්සයෙක්. කිසි දෙයක් නොදන්නා අහිංසක දරුවෙක් මේ විදියට අකාලයේ මැරුනේ ඉහළ දේශපාලුවන්ගේ වැරදි නිසා (නි)

:       0       0

අනුර Sunday, 04 August 2013 10:29 AM

දවසේ හොඳම ප්‍රවෘත්තිය... (නි)

:       0       0

අසේල Sunday, 04 August 2013 07:06 PM

අනේ අනිත් හාමුදුරුවන්ටත් බෙදන්න කිව්වලු.දේශපාලන වාසි එපානම් ඔය ටික වෙන්න කලින් ඔය කට්ටිය ඔතනට යන්න තිබුනනේ.ඔය කියපු කතාවම හොඳ වාසියක් තමයි. (දී)

:       0       0

චන්දා Sunday, 04 August 2013 07:09 PM

අවසන් පොටෝ එකේ පවසන්නේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමයි. බොහොම කලාතුරකින් ඇසට ලක්වෙන දර්ශනයක්. තව බොහෝ දේවල් පියවරෙන් පියවර පිළිවෙලට ක්‍රියාත්මකයි. (දී)

:       0       0

සමන් Sunday, 04 August 2013 07:14 PM

ඒ කතාවනම් ඇත්ත (දී)

:       0       0

චන්දා Sunday, 04 August 2013 07:17 PM

අවසන් පොටෝ එකෙන් යම් දෙයක් කියවනවා ,කුමක් විය හැකිද ? (දී)

:       0       0

ඉන්දික මනෝජ් Sunday, 04 August 2013 10:52 AM

කටුනායක, හලාවත, වෙලිවෙරිය....ඊලගට කොහෙද? දේශපාලකයන්ගේ කීමට මේවා කරන්නේ නෙත්තන් කලින් සිද්දි වලට මොකද උනේ? ප්‍රබාකරන් මරුනෙත් සෙබලක්ගේ නොසලිකිමත් කමකින්ද? යුද්දේ දිනපුවම ලකුණු දාගත්ත වගේ මේවටත් වග කියන්න ඕනේ. (දී)

:       0       0

සමිත Sunday, 04 August 2013 03:34 PM

ලබාගත් ජයග්‍රහණද මේ තියෙන්නේ... (නි)

:       0       0

බමුණු Sunday, 04 August 2013 07:43 PM

කට්ටියක් සාමකාමීව විසිර යද්දී තව කට්ටියක් හමුදාවට ගල් දහන හැටි අපි ටීවී එකේ දුටුවා එහෙම කලේ ඇයිද? කවුද?ගැමියෝද? කියලා හරි උත්තර දෙනවා නම් හොඳයි. (නි)

:       0       0

බමුණු Sunday, 04 August 2013 07:48 PM

"රනිල් විසිස්ට නායකයෙක්" වෙන කවුරුවත් නැතිනම්. (දී)

:       0       0

අසෝක Sunday, 04 August 2013 11:09 AM

මෙයත් අදහෙටම යනවා වගේ ??????

:       0       0

ඩැනියල් Sunday, 04 August 2013 04:02 PM

මේවා ජාතික අපරාද. කවදා හරි දවසක මේ අපරාද වලට හවුල් සියළු දෙනාට වන්දි ගෙවන්න සිද්ද වේවි. (නදී)

:       0       0

තිස්ස Sunday, 04 August 2013 11:21 AM

ඔබ තුමාගේ පැමිණීම වැලිවේරිය ජනතාව අගේ කරනවා. මෙවැනි අවස්ථවක ජනතාව අසරණයි. මේ අසරණ මිනිසුන්ට පිහිට වෙන්න (දී)

:       0       0

ද සිල්වා Sunday, 04 August 2013 04:27 PM

මේ මිනීමැරුම් දෙක ගැන සහ මාධ්‍යවේදීන්ට පහර දීම ගැන කරුණාකර සජිත් මහත්තයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න. ඔබෙතුමගේ නායකයා ගැන නම් රටේ බහුතරයක් කිසිම විශ්වාසයක් තබන්නේ නැත. නමුත් ඔබ තුමාට මේ දේ කරන්න පුළුවන්. පුළුවන් නම් මේ අසරණ දරු පවුලට ආණ්ඩුවෙන් සැලකිය යුතු වන්දියක් ලබාදෙන්න කටයුතු කරන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 04 August 2013 11:33 AM

නිහාල් 89- 90 උනේ රටම ගිනි තියපු එක, බස් කොචචර ගිනි තිබ්බද. මේ මිනිස්ස එල්ලුවේ වතුර.. මෝඩ කතා කියන්න එපා.

:       0       0

පිටිගල Sunday, 04 August 2013 04:41 PM

අවම බලය මෙහෙම නම් උපරීම බලය යෙදෙව්වොත් ඉන්දියාවත් අල්ල ගන්න පුළුවන් වෙයි අපේ හමුදාවට.මයේ හිතේ.(දී)

:       0       0

ජොනතන් Sunday, 04 August 2013 04:44 PM

ඉන්දික මනෝජ් හරි, හමුදාව යවන්නේ පොලිසියට බැරි බයානක තත්ත්ව වලදී පොලිසියේ සහයට. ඒ යන්නෙත් ඉහල අන පරිදි. තත්වය පාලනය කරන්න නැතුව ජනතාවට ජීව උන්ද වලින් වෙඩි තියන්න නෙවි. (දී)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 04:44 PM

ඉතින් ඔය කරන්නේ ඒකම නෙවෙය්ද? පොඩ්ඩක් "කැපිපෙන්න " වෙන්න නෙවෙය්ද ඔය හදන්නේ?

:       0       0

ලාල් සුරන්ජිත් Sunday, 04 August 2013 12:05 PM

ඔබතුමාගේ සාධාරන ප්‍රකාශය ඉතාම අගය කරමි. ලාංකික පුරවැසියෙක් හැටියට ඔබතුමාට හැකිනම් මේ ජනතාවගේ පානිය ජලය ප්‍රශ්නය විසඳලා දෙන්න යම් ක්‍රියා මාර්ගයක් ගන්න (නි)

:       0       0

ලාල් Sunday, 04 August 2013 12:08 PM

ඒ කතාවනම් ඇත්ත නමුත් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

:       0       0

දාන Sunday, 04 August 2013 12:22 PM

මට පෙන්නේ එපා කියා කියා එයාම වාසි ගන්න තමා ඔක්කොටම කලින් ගිහින් තියෙන්නේ

:       0       0

දියෝ Sunday, 04 August 2013 08:47 PM

මේ එන ඔක්කොමලගේ වැඩ කටින් විතරයි. අඩුගානේ වතුර බෝතලයක්වත් ගෙනත් දුන්නද? (නි)

:       0       0

ටානියා Sunday, 04 August 2013 05:06 PM

මේ මිනීමරුවන්ට දඩුවම් දෙන්න (දී)

:       0       0

සරත් ආතාවුද Sunday, 04 August 2013 12:30 PM

මෙ වෙලවේ මහජනයාත් එක්ක ඉන්න එය දේසපාලන වාසියක් නෙමේ

:       0       0

එඩ්වඩ් ඩොමිණිකෝන් Sunday, 04 August 2013 09:06 PM

මේවට විරුද්ධව ඔයාවත් නැගී සිටින්න.බල්ලන්ට බුරන්න අරින්න. කඳු කඩා වැටෙන්නේ නැහැනේ...... (නි)

:       0       0

මෙන්නා Sunday, 04 August 2013 01:07 PM

සජිත් පුතාටත් මාරුවක් ගන්න අවශ්‍ය වෙලාද මන්දා (නි)

:       0       0

චන්දි Sunday, 04 August 2013 01:11 PM

සජිත් මහත්තයෝ., බළලා පැන්න නේද මල්ලෙන් එලියට...?(නදී)

:       0       0

නිරෝෂන් Sunday, 04 August 2013 01:25 PM

මේ අපිට ශක්තිමත් විපක්ෂයක් නොමැතිකමේ ප්‍රතිවිපාකයි (නි)

:       0       0

සීලිය Sunday, 04 August 2013 01:39 PM

ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කළ කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (නි)

:       0       0

විශ්ව Sunday, 04 August 2013 05:50 PM

සජිත් මහත්තය ලකුණු දාගත්ත, රනිල් මහත්තය කරපු කතාව දැක්කනම් අපිට තවම ලංකාව ගැන බලාපොරොත්තුවක් තිය ගන්න පුළුවන් වෙනවා, රනිල් විසිස්ට නායකයෙක්(දී)

:       0       0

කැනඩා දිසා Sunday, 04 August 2013 09:00 AM

විශීෂ්ටයි. ඔබ මහජන පවුරක් වන්න (නි)

:       0       0

මාර්ස් Sunday, 04 August 2013 09:07 AM

මම නම් දකින්නේ තමන්ගේ නායකයාට මඩ ගහන එක වැරදි දෙයක් විදියට. දෙන්නා අතර ඇති මතභේද ජනතාවට පෙන්නන එක මෝඩ වැඩක් (නි)

:       0       0

මලාවි Sunday, 04 August 2013 06:06 PM

මෙමෙ ප්‍රශ්නයට වග කිව යුත්තෝ ගෙදර යැවිය යුතුයි (දී)

:       0       0

වසා Sunday, 04 August 2013 09:19 AM

ඔබ කියන දෙය හරි. එහෙත් ඔබතුමාගේත්, ඔබ පක්ෂයේත් ඉදිරිපත් වීම මදි බවයි පෙනෙන්නේ. සාදාරණයට,මිනීමරුවන්ට විරුද්ධව කටුතු කිරීම වග කිවයුතු විපක්ෂයක වගකීමක්. එය පැහැර හරින්න එපා. ඔබතුමාට කළ හැකි දේ බොහොමයි (නි)

:       0       0

ඉතාලි ඉන්දික Sunday, 04 August 2013 02:35 PM

බළලා මල්ලෙන් එලියට පැන්න නේද මහත්තයෝ? (නි)

:       0       0

නිමල් Sunday, 04 August 2013 02:40 PM

කාගේ කාගේත් පම්පෝරි නවත්වා දැන්වත් මේ මිනිසුන්ට පිරිසිදු ජලය නොමිලයේ ලබාගත හැකි ක්‍රමයක් සලස්වන්න. දෙව් ලොවක් මැවීමට පෙර නැති බැරි අයට ජිවත් වීමට සැළැස්විය යුතුයි. (නි)

:       0       0

චරිත Sunday, 04 August 2013 09:49 AM

ඔබ හරි වෙඩි තියන්නේ දේශපාලකයෝ නෙවියි . කිසිම නායකයෙකු කියන එකක් නැහැ සිසුවෙකුට වෙඩිතියන්න කියල වෙඩි තියපු කෙනාගේ නොසැලකිල්ල හේතුවී තිබෙන්නේ මේවගේ දේවලදී සැමදාම විරුද්ද පක්ෂය දේසපාලන වාසී ලබාගන්න එකයි කලේ . මේ ක්‍රමයට විරුද්දව ඔබම කතාකළ එක හොඳයී

:       0       0

රනිල් Sunday, 04 August 2013 09:50 AM

හම්බන්තොට මරන ගෙවල්වලට යන්නේ නැතිව ගම්පහ මරණ ගෙවල් වලට යන්නේ ලකුනු දා ගන්න නෙවෙයිද ?

:       0       0

බන්දුල Sunday, 04 August 2013 09:51 AM

දේසපාලන වාසි ගන්න එපා කියන කතාව ඇතුලේ පිරිලා තියෙන්නේ දේසපාලන අවාසි වෙන්න එති..

:       0       0

ඩොනල්ඩ් Sunday, 04 August 2013 09:58 AM

කවුද මේවාට වග කියන්නේ

:       0       0

කරීර් Sunday, 04 August 2013 10:01 AM

අපිත් බබාලා නෙමෙයි සජිත් මහත්තයෝ. හොදේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 97 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 133 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1823 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2693 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2036 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 530 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site