ශාරණ්‍යා රසෝදි ජයකොඩි වන ඇය විශාරද චරිතා ප්‍රියදර්ශනී සහ එඩ්වඩ් ජයකොඩිගේ දියණියයි. දෙමාපියන් සංගීත ක්ෂේත්‍රයේ මහ බල කණු වුවල මේ දියණිය නම්, කලා ක්ෂේත්‍රයට වැඩිය මනාප නැති පාටයි. ඇයගේ ප්‍රියතාවන් ගැන සහ අම්මා තාත්තා ගැන හිතන්නේ කොහොමද? පුංචි ශාරණ්‍යා ඒ ගැන අපට කියාවි. ශාරණ්‍යා මොනවගේ අරමුණක්ද තියෙන්නේ? ලොකු අරමුණු දරාගෙන ඉගෙන ගන්නෙ නැහැ. ජීවිතේ එන විදියට මුහුණ දෙනවා. විශේෂ අංශයක් මුල් කරගෙන නොවෙයිද ඉගෙන ගන්නෙ? විලාසිතා නිර්මාණ ශිල්පිනියක වීම තමයි බලාපොරොත්තුව ඇයි ඒ අංශයට කැමති? මගේ කැමත්ත තියෙන්නේ විලාසිතාවල අලුත් දේ සොයා යාමටයි. අම්මා මොකද කියන්නෙ? අම්මා නම් කැමති මම ඩොක්ටර් කෙනෙක් වෙනවට. තාත්තා මොකද කියන්නේ? තාත්තා කිසිදේකට අපට බල කරන්නෙ නැහැ. අපි කැමති දේ යහපත්ව කරන්න කියලා තමයි කියන්නේ. වැඩිපුර බැඳීමක් තියෙන්නේ අම්මා එක්කද? තාත්තා එක්කද? අම්මා එක්ක. අම්මා තාත්තා නිසා සමාජයෙන් ඔබට ලැබෙන දේ දැනෙන්නෙ කොහොමද? ලොකු තැනක් ලැබෙන්නෙ. එය දැනෙන විදිය? ගොඩක් සතුටුයි. ඒත් වෙලාවකට වදයක් වගෙයි. හැමදාම කවුරුහරි එකම දේ අහනකොට එපා වෙනවා. අම්මා වෙතින් දකින හොඳම ගුණාංගය? අම්මගෙ සෑම දෙයක්ම හොඳ ගුණාංග. ඒ ගැන පැහැදිලි කළොත්? අම්මා ඕනෑම කෙනෙකුට උදව් කරනවා. බැරි වුණත් උදව්වක් කරන්න උත්සාහයක් හරි ගන්නවා. තාත්තා? තාත්තා කාගෙවත් හිත් රිදවන්නෙ නැහැ. හැමෝටම එක වගේ මනුස්සකම දක්වන කෙනෙක්. තාත්තා හරිම මානුෂීයයි. මිත්‍රශීලීයි. ඔයා කවුරු වගේ කියලද අනෙක් අය කියන්නෙ? අම්මගෙ අච්චුවම කියලා. අම්මා ළඟදි අරන් දුන්න තෑග්ග? බතික් බෑග් එකක්. ගෙදර අය කොහොමද ඔයාට කතා කරන්නෙ? අම්මා දෝනි කියනවාග තාත්තා දුව කියනවා. අයියා නංගී කියලා කතා කරනවා. අයියා සහ ඔබ අතර බැඳීම කොහොමද? තරහ ගියාම මට ගහනවා. ඒත් අයියා හරිම හොඳයි. අයියා මොන වගේ අංශයක නිරත වේවිද? ඕඩියෝ ඉංජිනියරින් අංශයේ ඉංජිනේරුවකු වීමට තමයි එයා කැමති. කාටද ඔය දෙන්නගෙන් වැඩිපුර ගීත ගයන්න පුළුවන්? අයියට. අයියා මොනවගේ ගීතද ගයන්නේ? ඉංග්‍රීසි ගීතවලට එයා හරි දක්ෂයි. ඔබ අම්මගෙ කැමතිම ගීතය? අපි පුංචි - පැංචි ගීතයට. තාත්තා ගැයූ ගීතවලින්? මාරම්බරී තාත්තා ඔයා වෙනුවෙන් වැඩිපුරම දුක්වුණු දවස? මම හිතන්නෙ හැමදාම දුක් විඳිනවා. මට කොහේ හරි යන්න ඕනෑ කිව්වොත්, කොහේ හිටියත් ඇවිත් මාව ඇරලවනවා. ඒ වෙලාවට තාත්තා ගැන දුකක් හිතෙනවා. ඔයාගේ ප්‍රියතම ගායකයා? කවුරුත් නැහැ. රඟපෑමට ආස නැද්ද? සෝමරත්න අංකල්ගේ "සිරි රජ සිරි" චිත්‍රපටයේ රඟපෑවාග ඊට පස්සේ නාලන් අංකල්ගේ ටෙලි නාට්‍යයක රඟපානවා. දිගටම රඟපාන්න ලැබුණොත්? කැමති නැහැ. ඔයාගෙ කැමතිම දේවල්? චොක්ලට් කන්න හරි ආසයි. ඒ වගේම සාප්පු සවාරි යන්නත් හරි ආසයි. කැමතිම ගීතය? නීලා ආන්ටි ගායන මාස්ටර් සර් ගීතයට. ඔයාගේ නරකම දේ කියලා හිතන්නේ? කෑම කන්න හරිම කෑදරයි. වැඩිපුරම චොක්ලට් වලට. ජීවිතේ අරමුණ? උපරිම සතුටකුත් නැතිවල දුකකුත් නැතිවල මධ්‍යස්ථව ගුණ ගරුක ජීවිතයක් ගත කිරීම.
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස
පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විලාසිතාවල අලුත් දේ සොයන 'ශාරණ්‍යා ජයකොඩි'
ෂරන් Thursday, 03 May 2012 03:48 PM
ඔබ ලස්සනයි. ඔබත් ඔබේ දෙවුපියන් මෙන් වීමට උත්සාහ කරන්න
සරත් කරු Friday, 13 April 2012 10:26 PM
සෞන්දර්යයෙන් පිරිපුන් තරුවක් වී දිදුලන්න.
මිනෝලි Monday, 07 May 2012 07:26 PM
අම්මගේ තාත්තගේ හොද නම හැමදාමත් රැදී තියෙනවා. දෝනි, ඔබටත් එසේම වීමට පතනවා
පර්සි ශ්‍රියානන්ද Tuesday, 08 May 2012 07:54 PM
ශා මරු.. නියමයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:19 PM
ඉක්මනින් ජනප්‍රියවීමට නොසිතා මේ යන ගමන දිගටම සෙමින් ඉවසීමෙන් යන්න. එහෙම ගියොත් ඔයාට දිගු දුරක් යාමට හැකිවේවි. දැනට ඔයා විස්තර කරලා තිබෙන දේ අනුව ඔයා ගොඩක් නිහතමානි හොඳ දරුවෙක් බව වැටහෙනවා. ඒ වගේ උතුම් ගතිගුණ ඇති දරුවන්ට හැමදාම හොඳදේ උරුමයි. ඔයාගේ අනාගත ජීවිතය වාසනාවන්ත එකක් වෙන්න කියලා මම සුබ පතනවා. ඔයා ලස්සන වගේම ගුණවත් දරුවෙක්. තෙරුවන් සරණයි !!!