IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වේල්ස් නව විදුහල්පතිට එරෙහි අදත් උද්ඝෝෂණ

මොරටු විදුහලට පත් කළ නව විදුහල්පති ජේ ඩබ්ලිව් එස් සිරිවර්ධන මහතා ප්‍රතික්ෂේප කරමින් හය වැනි දිනටත් මවුපියෝ පිරිසක් විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ඔවුන් ඉල්ලනුයේ විදුහල දියුණු කළ බව කියන හිටපු විදුහල්පති සම්පත් වේරගොඩ මහතාය.

නව විදුහල්පතිට එරෙහිව පුවරු ඔසවාගෙන මේ උද්ඝෝෂණ පැවැත්වේ.

තමාට පාසලට පැමිණ වැඩ බාර ගැනීම සදහා ආරක්ෂාව ලබා දෙන්නැයි නව විදුහල්පති මොරටුව පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

නගරාධිපති සමන්ලාල් ප්‍රණාන්දු මහතා මේ උද්ඝෝෂණයට නායකත්වය දෙයි.

විදුහල්පති පැමිණියහොත් ආරක්ෂාව සලසන බව පොලිසිය කියයි.

පොලිසියෙන් පනහක හැටක පමණ පිරිස් එහි කැදවණු ලැබ සිටිති.

පාසලේ අර්බුධය හටගත් දා සිටම පාසල ඉදිරිපිට ඉදිකළ තාවකාලික මඩුවක මවුපියෝ සීයක් දෙසීයක් නොකඩවා රැදී සිටිති.

තමා මෙම උද්ඝෝෂණයට සහභාගී වනුයේ නගරාධිපති ලෙස නොව දෙමාපියන්ගේ කෙනකු ලෙස බව පුරපති කියයි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

 

   
   
   
   
   
   
   

 

(ඡායාරූපය රේඛා තරංගනී)



අදහස් (0)

වේල්ස් නව විදුහල්පතිට එරෙහි අදත් උද්ඝෝෂණ

චමින්ද Friday, 26 July 2013 06:38 PM

දෙමාපින්ගේ ක්‍රියාව අගය කොට සලකනවා (නි)

:       0       0

බන්දුල Friday, 26 July 2013 06:57 PM

ගාල්ලේ විද්‍යාලෝකයට වුණු දේම වේල්සයටත් වෙන ලකුණු පහල වෙලා. විද්‍යාලෝකය දැන් විනාශයි. පාසලේ විනය අන්තිමයි. පාසලේ පරිපාලනය අන්තයටම කඩා වැටිලා. (නි)

:       0       0

අමිල Friday, 26 July 2013 12:19 PM

මෙහෙම වෙනකොට තිරිමාන්නගේ මානසික මට්ටම වැටෙනවා. (නි)

:       0       0

රුවන් Friday, 26 July 2013 12:41 PM

මව්පියෝ ඔච්චර දුක් විදගෙන වැස්සේත් ඉන්නේ සාධාරනය වෙනුවෙන්. ඇයි පරීක්ෂණ නැත්තේ?? චෝදනා නැත්තේ? චෝදනා විභාග කරන්නැත්තේ??? මේක අභාග්‍යක්... (ස)

:       0       0

උදය Friday, 26 July 2013 12:46 PM

අලුත් විදුහල්පතිටත් ඉඩ දීලා බලමු. (ස)

:       0       0

ලක්ෂිත පීරිස් Saturday, 27 July 2013 09:31 AM

සම්පත් සර් ආවට පස්සේ ලොකු වෙනසක් පාසලේ තියනවා. (ලිපිය ලියල තියන විදිහ සරලයි. මේ විදිහට හැම ලිපියක්ම ලියන්න. සරලයි පහසුයි.).(නදී)

:       0       0

සුසන්ත සිල්වා Saturday, 27 July 2013 09:29 AM

ගොඩක් අය කරුණු හරි හැටියට දන්නේ නැතිව කතා කරනවා. අපි දැක්ක පාසලේ දියුණුව සමපත් මහත්ම නිසා. පාසලේ ආදී සිසුවකු හැටියට මම කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට. කරුණාකරලා ප්‍රශ්නය හොද හැටි බලල කතා කරන්න කියල මම අනික් අයගෙන් ඉල්ලා සිටිනවා. අපි කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට. (ස)

:       0       0

ජානක Friday, 26 July 2013 12:47 PM

දෙමව්පියන්ට ඕනා විදිහට නෙමෙයි පාසැල පාලනය කරන්න ඕනේ. අළුත් විදුහල්පතිට අකමැති දෙමවිපියන්ට කියන්න තියෙන්නේ වෙන විදුහලකට එයාලගේ දරුවන්ව දාගන්න කියලා. මේකට නායකත්වය දීපු අයට කලින් හිටපු විදුහල් පතිතුමාගෙන් යම් යම් වාසි තියෙන්න ඇති.(නදී)

:       0       0

සමන්ත Saturday, 27 July 2013 09:32 AM

මගේ පාසලට නිගරු කරන්න එපා (දී)

:       0       0

සුසන්ත සිල්වා Saturday, 27 July 2013 09:32 AM

ගොඩක් අය කරුණු හරි හැටියට දන්නේ නැතිව කතා කරනවා. අපි දැක්ක පාසලේ දියුණුව සමපත් මහත්මා නිසා. පාසලේ ආදී සිසුවකු හැටියට මම කැමති නැහැ. අපේ පාසැල අගාදයකට වැටෙනවට. කරුණාකරලා ප්‍රශ්නය හොද හැටි බලලා කතා කරන්න කියලා මම අනික් අයගෙන් ඉල්ලා සිටිනවා. අපි කැමති නැහැ අපේ පාසැල අගාදයකට වැටෙනවට.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 July 2013 01:23 PM

ඔය දෙමව්පියන්ගේ දරුවන්ව පාසලෙන් අස්කර ගන්න කියන්න. මේවට යට වෙලා නරක ආදර්ශ දෙන්න එපා. දෙමව්පියන්ට, ආදී සිසුන්ට ඕන විදියට පාසල් පාලනය කරන්න දෙනවා නම් අමත්‍යන්සයක් අවශ්‍ය නැහැනේ. පාසල් වල ආදීශිෂ්‍ය සංගම් තැනේ නොතැබූ එකේ ආනිසංස තමයි මේ. ඉගෙන ගත්තු පාසලේ දියුණුවට දෙයක් කරන එකයි, තමන් නිසා පාසැල පවතිනවා කියල හිතන එකයි දෙකක්. මේ ආදී ශිෂ්‍ය සංගම් හිතාගෙන ඉන්නේ පාසලේ අයිතිකාරයෝ එයලා කියලා.(නදී)

:       0       0

අමරේ Friday, 26 July 2013 01:27 PM

ජානක ඔය හරි. ඔතන ඉන්න ගොඩාක් අය පරණ එක්කෙනාගේ එහෙයියෝ තමයි. ඔය ඉන්නේ ඕ.බී එකේ කට්ටියයි , එයාලගේ නෝනලයි තමයි. එයාලගේ අදායම අඩු වෙනවට එයාලා කමැති නැහැනේ.(නදී)

:       0       0

අමරේ Friday, 26 July 2013 01:30 PM

මේ මොරටුවේ මුල් පුරවැසියායි. දෙමාපියන්ටයි දරුවන්ටයි දෙන ආදර්ශය මේකද? (නි)

:       0       0

රානා Friday, 26 July 2013 01:33 PM

මේ දේශ පාලුවෝ නිසා කිසි දෙයක් කරන්න බැහැ. ඔය නගරාධිපතිම පත් කරන්නකෝ ව්දුහල් පති ලෙස.(නදී)

:       0       0

සිරිවර්දන Saturday, 27 July 2013 10:51 AM

සියලුම අදහස් නිරීක්ෂණය කලෙමි. නමුත් කණගාටුවට කරුණ නම් මෙතන අදහස් ප්‍රකාශ කොට ඇති බොහෝ දෙන මේ පිළිබඳව තම අදහස් පලකොට ඇත්තේ මේ පිළිඹදව හා මේහි ඉදිරි අනාගතය පිළිබඳව සිතා නොවේ, හුදෙක් අදහසක් පල කීරීමට පමණි. වේල්ස් කුමාර විදුහල යනු ඉතා ප්‍රෞඩ අබිමනයක් ඇති විදුහලකි. මේ පාසලේ ඇදවැටීමක් අප මීට අවරුදු දෙකකට කලින් දැක්කෙමු. නමුත් සම්පත් වේරගොඩ මහතා යනු මෙම පාසැල නව යුගයකට ගෙන යාමට අඩිතාලම ලත් දර්ශනයකි. එය ඔප්පු කිරීමට හැකි සාදකයකි. අවසාන වශයෙන් ගාල්ලේ විදුහල් ඇති තත්වයට අප පාසැල පත් නොවෙන බව තරයේ කියමි. (දී)

:       0       0

අමරේ Friday, 26 July 2013 01:50 PM

දෙක තුන , වසර වලට ඉන්ටවිව් ආවම ඉස්සෙලම ඇහුව එක අද වගේ මතකයි. දැන් පිකටින් කරනවා (නි)

:       0       0

ජනක Friday, 26 July 2013 01:55 PM

අදිසිෂ්‍ය සංගම් නිසා තමයි පාසල්වල ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Friday, 26 July 2013 01:56 PM

හිටපු විදුහල්පතිගේ රස්සාව නැති කළෙත් ඔය ගොල්ලෝ තමයි. බොහොම අමාරුවෙන් රස්සාව නම් හදා ගත්තා .. දැන් වත් ඒ මිනිහට පාඩුවේ ඉන්න දෙන්න. නැත්නම් ඒ දරු පවුලට කන්න දෙන්නේ මේ ඉන්න කට්ටියද ??? (ත)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 27 July 2013 12:03 PM

මේක පුදුම වැඩක්නේ. එතකොට ලංකාවේ එක විදුහල්පති කෙනෙක්වත් නැහැ මේ ඉස්කෝලෙට සුදුසු මෙයා ඇරෙන්න.. විහිලු කතා කියන්න එපා මහත්තුරුනේ.. මෙය වැරදි නැත්නම් එක ඔප්පු උනාට පස්සේ පසෙලට ගන්න එක වෙනම කතාවක්.. තාම එහෙම නොවී මේ කියන විදියට මෙයාවම ගන්න දගලන්නේ මෙයාගේ හොදකටම නම් වෙන්න බැහැ.. (ස)

:       0       0

රුවන් Friday, 26 July 2013 03:35 PM

මේ පළාතට තියෙන හොඳම පාසැල මේක. මේ ගැටලුවට ලේසිම විසදුම විදුහල්පති නැවත ලබා දීම.එක හොදට වැඩ කරන විදුහල්පතිවරු දිරිමත් කිරීමක්. මේ විදුහල්පති ඕන තැනක හොදින් වැඩ කරාවි. (ස)

:       0       0

තිලක් Friday, 26 July 2013 03:40 PM

බන්දුල පෙරේරා ව නම් ආදිසිෂ්‍ය සංගම් වලින් වැද්ද ගන්නේ නැතිව ඇති. නැතිනම් වැස්සකටවත් පාසලකට ගොඩ වුන මනුස්සයෙකුත් නොවෙන්න පුළුවන්.නැතිනම් මේ වගේ අදහස් දමාවිද.මොරටුව කියන්නේ කොන්දක් තියෙන මිනිසුන් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ මිනිස්සුන්ට අසාදාරණේ පෙන්වන්න බැහැ. (ස)

:       0       0

වර්තමාන සිසු කසුන් Friday, 26 July 2013 04:47 PM

වර්තමනයේ සම්පත් සර් තමයි අපේ පාසල දියුනු කලේ.එලියේ ඉන්න අය කොහොමද ඒවා දන්නේ ? සර් තමයි අපිට පාසලට ආදරය කරන්න පුරුදු කලේ. සම්පත් සර්ට විතරයි අපේ පාසල හදන්න පුලුවන්. සෑම ළමයෙක්ම බලන් ඉන්නේ සම්පත් සර් ආයි එනකම්. (ස)

:       0       0

ලක්ෂාන්ත Friday, 26 July 2013 05:12 PM

මම නම් කියන්නේ එයාව එක පාසලකටවත් ගන්න එපා කියලයි (නි)

:       0       0

උදය Friday, 26 July 2013 10:54 AM

මේ ගැටළුව නිමාවන්නේ කවදාද?(නි)

:       0       0

නීල් රණා Friday, 26 July 2013 10:52 AM

ලංකාවේ පාසල් පරිපාලනය පිලිබඳ පවතින නීතියට එරෙහිවී තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් අනුව නීතිය සියතට ගන්නට හදමින් පාසල් පරිපාලනය අවුල් ජාලාවක් බවට පත්කරන සියලු දෙමාපියන්ගේ දරුවන් පාසලෙන් ඉවත් කිරීමටත්, ඔවුන් ප්‍රදේශයේ පවතින වෙනත් රජයේ පාසල් කීපයකට ශිෂ්‍ය හුවමාරු පදනම යටතේ අනුයුක්ත කිරීමටත් වහා කටයුතු කල යුතුයි. (නි)

:       0       0

හේමන්ත Friday, 26 July 2013 11:21 AM

මේ විදුහල අධ්‍යාපන අමාත්‍යාන්ශයෙන් ඉවත්කර දෙමාපියන්ට සහ විදුහල් පතිටම බාරදෙන්න. පඩි ගෙවන්න පාසැල නඩත්තු කරන්න සියල්ලම කරාවී. රජයේ පරිපාලනයක් අනවශ්‍ය බව තමයි මේ කියන්නේ. (ස)

:       0       0

කුමාර Friday, 26 July 2013 11:34 AM

මොකක්ද මේකට දෙන විසදුම? (ස)

:       0       0

ෂෙහාන් Friday, 26 July 2013 11:54 AM

ඔය කියන විදුහල්පතිට පුලුවන්ද හැමදාමත් ඕක කරන්න. අනික දක්ෂ විදුහල්පතිකෙනෙක් නම් තවත් පාසල් මේවගේ දියුනු කරන්න එයාගේ සේවය අවශ්‍ය වෙනවා. හොඳයි ඔය කියන විදුහල්පතිට හදිස්සියේ මොනවාහරි වුනොත්... මේ පාසැල වහනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 470 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 217 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1604 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 416 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2484 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37140 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site