(ඩී.ජී.සුගතපාල)
බන්ධනාගාරගතව සිටින අපරාධකරුවකු වන ‘වෙලේ සුදා’ නමැත්තාගේ මස්සිනා වන තැනැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවා සිටියදී, ලබන 21 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(14) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගර ගත කරනු ලැබුවේ අඟුලුගහ ජාගොඩගේ වසන්ත පුෂ්ප කුමාර නැමැති සැකකරුවෙකි.
හෙරොයින් මිලි ග්‍රෑම් 1330ක් මුදල්, රුපියල් 37,500ක්, ජංගම දුරකතන 4ක් සහ බැංකු ගිණුම් පොතක් ද සමග ඉකුත් (09)වැනිදා රාත්‍රියේ ඉමදුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග මත පොලිසිය රඳවා තබාගෙන විමර්ශන පැවැත්වීය.
පොලිසිය ඊයේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියාසිටියේ සැකකරු, වෙලේසුදා නමැත්තා වේවායි ප්‍රාර්ථනා කරමින් ගවයින් 20දෙනෙකු නිදහස් කර ඇති අතර කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ රෝගින්ට ද මුදල් පරිත්‍යාග කර ඇති බවය.
පසුගිය වසර තුළ සැකකරුගේ බැංකු ගිණුමෙන් රුපියල් විසි ලක්ෂයකට අධික මුදලක් සංසරණය වී ඇති බවද දුරකතන වාර්තා අනුව ‘වෙලේ සුදා’ සහ ඔහුගේ බිරිඳ සමග සම්බන්ධකම් පවත්වා ඇති බව අනාවරණය වී ඇති බවද පොලිසිය වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සැකකරුගේ බිරිඳගේ ජංගම දුරකතනය සහ ජාතික හැඳුනුම්පත මුදා හරින ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව, සැකකරුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉමදුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතාගේ උපදෙස් පරිදි සැරයන් කරුණාදාස(6115), කොස්තාපල් චාමර(89466) යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරු වෙනුවෙන් නීතීඥ සෙව්වන්දි රණවිර මෙනෙවිය පෙනී සිටියාය.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘වෙලේ සුදා’ගේ මස්සිනා රිමාන්ඩ්