(ජේ.කේ.එල්. චාමින්ද සහ ප්‍රේමතිලකද සිල්වා)
බන්ධනාගාර ගතව සිටින, සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වු 'වෙලේ සුදා' සමග සමීප සම්බන්ධතා පැවැත්වු සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලිසිය පවසයි.
සැකකරු සමග සිටි අනික් සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කොහුවල නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ත්‍රිරෝද රථ රියදුරකු වන අතර 'පහලින් කනත්ත චුටි' යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන අයකු බවද පොලිසිය පවසයි. 47හැවිරිදි වියේ පසුවන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල්37,500ක මුදලක්, ජංගම දුරකතන 4ක්, බැංකු ගිණුමට අදාල පාස්පොතක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුගේ බැංකු ගිණුම පිළිබද පරීක්ෂාවේ 2019 වර්ෂයේ සිටි 2020 ජනවාරි මාසය දක්වා රුපියල් ලක්ෂ 20කට වඩා වැඩිමුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇති බව අනාවරණය වු බවද පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දි ඔහු වෙලේ සුදා යනඅයගේ බිරිදගේ වැඩිමහල් සහෝදරිය සමග මීට පෙර විවාහ වී ඇති අතර දරුවන්ද සිටින බව පොලිසිය පවසයි. පසුව සැකකරු විසින් එම විවාහයෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇත. එමෙන්ම දැනට බන්ධනාගාරතව සිටින වෙලේ සුදා යන අයට බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙම සැකකරු කටයුතු කරඇති බව පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු විසින් අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරණ බවට පොලිසියට තොරතුරු ලැබි ඇති බවද පරනක්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා අධිකරණ නියෝගයක් මගින් ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවද පොලිසිය පවසයි.
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’වෙලේ සුදා’ගේ සමීපතමයකු ඇතුළු තිදෙනෙකු දැලේ