වෙලේ සුදා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී අනීත්‍යානුකූල ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බව පෙන්වීමට එම මුදල් යොදාගෙන සිදුකළ ගනුදෙනු සම්බන්ධයෙන් මේ වන විට සිරගත කර සිටින පුද්ගලයින් 8 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කර සිටි පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය තවත් පුද්ගලයින් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන්කර ගැනීමට අධිකරණයේ අවසර ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු තවමත් අවසානව නොමැති බවත් ඉක්මනින්ම එම කටයුතු අවසාන කිරීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ නිලධරයෝ පැවසූහ.
කරුණු විමසූ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පරීක්ෂණ කටයුතු අවසාන කිරීමට මෙම මස 16 වැනිදා දක්වා කල් දුන්නේය.
සුරාජ් අහමඩ්,සාලිය කුමාර,නිසංසලා සඳ කුමාරි,සුගත් කුමාර,නදීශා නිල්මිණී සහ එස්.ශානක ෆොන්සේකා යන අය වෙලේ සුදා මත්කුඩු ජාවාරමේ යෙදී උපයාගත් අනීත්‍යානුකූල මුදල් වලින් නොයෙක් ගනුදෙනු වල යෙදී ඇතැයි චෝදනා ලැබ සිටිති.
මුදල් ගනුදෙනු වල යෙදී ඇති තවත් පුද්ගලයින් 184 දෙනෙකුගේ දුරකථන අංක මේ වන විට හඳුනාගෙන ඇති බවත් එයින් 45 ක්ම වෙලේ සුදා හා අයථා මුදල් ගනුදෙනු වල යෙදී ඇති බවට සැකකෙරෙන සිරගෙදර නිලධරයින්ගේ බවත් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය කියයි.
සාලිය කුමාර නම් සැකකරු වෙලේ සුදා මත්කුඩු ජාවාරමේ යෙදී උපයාගත් ලක්ෂ 240 ක මුදලකින් විවිධ ගනුදෙනු සිදුකර ඇති බව පවසන අපරාධ පරීක්ෂණ කොට්ඨාශය ඔහුගේ බිරිඳ වන නදීශා නිල්මිණී තවත් රුපියල් ලක්ෂ 160 මුදලක් ඇයගේ බැංකු ගිණුමේ තැන්පත් කර එම මුදල් අනීත්‍යානුකූල ලෙස උපයාගත් මුදල් නොවන බව පෙන්වීමට කටයුතු කර ඇතැයිද කියයි.
හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්
මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්
2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙලේ සුදා ගැන හිරේ 8 දෙනෙකුගෙන් කටඋත්තර ගනී
පියල් Friday, 02 October 2015 01:18 PM
කොහොම මුදල් ඉපැයූවත් ඒවා නරක ක්‍රමයකින් උපයලා නම් නිසි විදියට ප්‍රතිඵල ලැබේවි (නි)
රාජේශ් Saturday, 03 October 2015 05:05 AM
මේ ප්‍රශ්නය ඉක්මණින් නිරාකරණය වේවා! (නි)