අපි නොදන්න ශ‍්‍රියානි යනු ලේඛිකාවකි, ගායිකාවකි, චිත‍්‍ර ශිල්පිනියකි. ඇය ගායිකාවක ලෙස ගී ගැයුවේ කවදාද, චිත‍්‍ර ශිල්පිනියක ලෙස චිත‍්‍ර ඇන්දේ කොහේද කියා නොවිමසා අපි නොදන්නා ශ‍්‍රියානි ගැන කිසිවක් දැනගන්නට නුපුළුවන. එබැවින් මම පළමුවෙන්ම ඇය ගායිකාවක වූ අතීතය ගැන විමසුවෙමි.
මගේ ගෙවල් තිබුණේ මීතොටමුල්ලේ. මගේ අම්මයි තාත්තයි මමයි විතරයි අපේ පවුලෙ හිටියෙ. ඉතින් මම අම්මගෙයි තාත්තගෙයි අසීමිත ආදරය මැද්දේ හුරතලේට හැදුනෙ වැඩුනේ.
තනි මගෙ යාලූවො වුණේ පොත්. අම්මට තිබුණා ලොකු පොත් පෙට්ටි කීපයක්ම. මම මේ පොත් පෙට්ටිවලට බැහැල, තිබුණු පොත් ඔක්කොම අරගෙන කියවනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවන්ගෙ දේශානුරාගී කවි එහෙම හම්බවුණාම මම ඒවා කඩපාටම් වෙනතුරු කියවනවා. කියවනවා කියන්නෙ හයියෙන් තාලෙට කියවන්නේ. හරියටම කිව්වොත් කවි ගායනා කරනවා. ඒ විතරක් නෙමෙයි රේඩියෝවල යන ළමා ගීත එහෙමත් මට කට පාඩම්. ගෙදර ඉන්න වෙලාවට මම මේ සිංදුත් ලස්සනට ගායනා කරනවා.
දවසක් දා යූ.ඒ.ඇස්. පෙරේරා කියන කවියා අපේ ගෙදර ළඟින් යනකොට මගේ ගීත ගායනාවන් ඇහිල තියෙනවා. ඒ කාලෙ යූ.ඒ.ඇස්. පෙරේරා ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහන මෙහෙයවපු නිවේදකයා. සිරි අයියගෙ ළමා පිටිය කියලයි මේ වැඩසටහනට කිව්වෙත්... යූ.ඒ.ඇස්. පෙරේරාට තමයි සිරි අයියා කියලා කියන්නෙත්.
ඉතින් මගේ ගීත ගායනා ඇහුනට පස්සෙ සිරි අයියා අපේ ගෙදර ඇවිත් අම්මගෙන් අහල ළමා පිටිය වැඩසටහනට මාව දෙන්න බැරිද කියලා. අම්මා කියලා, ඔය ඉන්නෙ අරන් යන්න කියලා.
ඔන්න ඉතින් ඊට පස්සෙ මගෙ ගීත ගායනා ළමා පිටියෙන් ඇහෙන්න ගත්තා. මේ ගායිකාව ශ‍්‍රියානි වීරකෝන් කියලා සිරි අයියගෙ හඬින් නිවේදනය වෙනකොට මට හරි ආසයි. මං ඉතින් පුළුවන්තරම් හොඳට මේ ළමා ගීත ගායනා කළා.
මතකද ඒ කාලෙ ශ‍්‍රියානි වීරකෝන් කියපු සිංදු එහෙම.
මම ශ‍්‍රියානි අමරසේනගේ මුහුණ බලමි.
අපොයි නෑ. දැන් මතක නෑ. ඔය අවුරුදු කීයකට නම් කලින් අතීතයක්ද?
ශ‍්‍රියානි අමරසේනගේ සිනාව ලෙංගතුයි.
අපි නොදන්නා ශ‍්‍රියානි, චිත‍්‍ර ශිල්පිනියක ද වූවාය.
ඔය චිත‍්‍ර ඇන්දෙ කොයිකාලෙ ද ඉතිං?
මම අතීතයේ තවත් සුන්දර මතකයක් අවුස්සමි.
ඒ නම් ඉස්කෝලේ යන කාලෙ
ඇගේ අර ලෙංගතු සිනාවෙන් නැවත වතාවක් දෙතොල් වැසී ගියේය.
මම ගියේ මියුසියස් විද්‍යාලෙට. ඔය කාලෙ පංතියේදී චිත‍්‍ර විෂයට තමයි මම චිත‍්‍ර ඇන්දෙ. ඉතින් මගෙ චිත‍්‍ර ගුරුතුමිය මම අඳින චිත‍්‍ර හරියටවත් අගය කරනවා. මං ඇඳපු චිත‍්‍රය පන්තිය ඉස්සරහින් තියලා ළමයින්ට පෙන්නලා ඒ චිත‍්‍රයෙ අංගසම්පූර්ණ බව විස්තර කරනවා.
ගායනයට හා චිත‍්‍ර ශිල්පයට සමත්කම් දැක්වූවත් ශ‍්‍රියානි ඒ හැකියාවන් දෙකම ප‍්‍රගුණ කළේ නැත. එනිසාදෝ අද අපට ඇගේ මුවින් ගීයක් ඇසෙන්නේවත් ඇගේ අතින් ඇඳෙන චිත‍්‍ර දකින්නවත් නැත.
එසේ නම් අපි නොදන්නා ශ‍්‍රියානි ලෙස අපට හඳුනාගත හැක්කේ ලේඛිකාවක පමණි. ඇය අදටත් ලිවීමෙන් සමුගෙන නොමැති නිසාය. එබැවින් අපි ශ‍්‍රියානි අමරසේන නම් ලේඛිකාව සොයා ඇගේ ආත්මයට එබී බලමු.
මම මුලිනුත් කිව්වනෙ අපේ අම්මගෙ පොත් පෙට්ටිය ගැන. ඕකෙ ඒ කාලෙ පළවුනු හැම පොතක්ම වගේ තිබුණා. විශේෂයෙන්ම ඩබ්ලියු.ඒ. සිල්වාගේ හැම පොතක්ම. විජයබා කොල්ලය, ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැුජින, දෛවයෝගය, ලේන්සුව වගේ පොත්. මම පුංචි ළමයෙක් වුනත් මේ පොත් කියෙව්වා. රස වින්දා.
මේ පොත් කියවනකොට මම අමුතුම ලෝකෙකට ගියා. ඒ ලෝකෙ හරිම සුන්දරයි.
මේ ලෝකෙ කොයි තරම් සුන්දරද කියලා හිතෙන්න ගත්තෙ එතකොට. ඒ එක්කම හිතේ එක එක විදියෙ හීන ඉපදෙන්න පටන් ගත්තා.
අපේ ගෙදරට ඒ කාලෙ පළවුණු පත්තර සඟරා එහෙමත් මිලදී ගත්තා. අම්මා තාත්තා දෙන්නම හොඳ පාඨකයො. ඉතින් මම අර කිව්ව පොත් වගේම මේ පත්තර සඟරාත් බලනවා. මේවයෙ පළවෙන කෙටිකතා කියවන්න මම පුදුම විදිහට ආසා කළා.
ඊළඟ පියවර වුනේ මටත්, මේ වගේ ලේඛිකාවක් වෙන්න ඇත්නම් කියන සිතිවිල්ල හිතට පැමිණීමයි. ඒ නිසා මම ලියන්න පටන් ගත්තා. කියවීමෙන් මගේ හිතේ පිරිල තිබුණු අලූත් අලූත් සිතිවිලි මම ලියන්න පටන් ගත්තා කෙටි කතා විදිහට. ඉතින් ඔය කෙටිකතා මම ඒ කාලෙ තිබුණු විවිධ පත්තරවලට තැපැල් කරල යැව්වා. ඊට පස්සෙ මම හුඟක් ආසාවෙන් බලන් ඉන්නවා මේ කෙටිකතා පත්තරේ පළවෙනකම්.
ඒත් කවදාවත් මගෙ නම ශ‍්‍රියානි වීරකෝන් කියලා පත්තරේක කොතැනකවත් දැක්කෙ නැහැ. ඒත් මම පසුතැවුණෙ නැහැ. මම දිගටම ලිව්වා. ඔහොම ගිහින් ගිහින් එක්තරා දවසක ශ්‍රී සඟරාවෙ මහදිග කතාවෙ ශ‍්‍රියානි වීරකෝන් කියන නම පළවෙලා තිබුණා.
ඒත් මට අදහගන්න අමාරු වුණා මේ මම ලියපු කතාවමද කියලා. වැරදිලා මගෙ නමින් වෙන කතාවක් පළවෙලාද කියලත් හිතුණා. නැහැ දෙයියනේ, වැරදිලා නෙමේ, ඒ මම ලියපු කතාවම තමා..... මම දුවලා ගිහින් අම්මගෙ අතේ ශ්‍රී සඟරාව තිබ්බා. නිකම්ම නෙමෙයි මම ලියපු කතාවත් පෙරලලාම. අම්මා මගෙ නම කියවලා ඒ ගමන්ම මාව බදාගෙන ඉඹලා මට ආශිර්වාද කළා. අම්මාට තාත්තාට විතරක් නෙමෙයි අහල පහළ ගෙවල්වල අයටයි, පංතියෙ යාලූවන්ටයි ටීචර්ලටයි හැමෝටම මගෙ මේ කතාව පෙන්නුවා. හැමෝම මට සුබ පැතුවා.
ඔය අතරෙ මම විවාහ වුණා. මම විවාහ වුණේ ආතර් යූ. අමරසේන කියන මාධ්‍යවේදියා සමග. ඒ කාලෙ ආතර් විසිතුර පත්තරේ කර්තෘ. මේ විවාහය නිසා මගේ ලිවීමේ හැකියාව දියුණු වුණා. මට පත්තරවලට ලිවීමේ අවස්ථාවත් වැඩිවුණා.
ඊට පස්සෙ මම විසිතුර පත්තරේට චිත‍්‍ර කතාවක් ලිව්වා. ඒ කතාවෙ චිත‍්‍ර ඇන්දේ සුසිල් පේ‍්‍රමරත්න.
එතකොට සරසවිය පත්තරේට පින්තූර කතාවක් ලිව්වා ඔබ පමණයි මගේ පැතුම කියලා. ඊට පස්සෙ දිනමිණ පත්තරේට නවකතාවක් ලිව්වා ‘‘මැගී’’ කියලා.
ඔය අතරතුරේ මම ලියපු නවකතා පොතකුත් පිටවුණා. දෙමටගොඩ පැත්තෙ ප‍්‍රකාශන ආයතනයකින් පළකෙරුණු මේ නවකතාවෙ නම ‘‘මා හද තුරුලට’’. මේක සුන්දර පේ‍්‍රම කතාවක්. හැටේ දශකයේ ලංකාවෙ සමාජයෙ පැවතුණ අහිංසක සුන්දර පේ‍්‍රමය තමයි මේ කතාවෙන් කියවුණේ. ඒ කාලෙ මේ නවකතාවට ලොකු ඉල්ලූමක් තිබුණා. ලොකු ජනප‍්‍රියත්වයකුත් ලැබුණා.
මේ කතා පොත මට පළ කර ගැනීම කිසිම ප‍්‍රශ්නයක් වුණේ නෑ. මොකද ඒ වෙනකොට මම ලේඛිකාවක් විදියට නමක් හදාගෙන තිබුණු නිසා. ඒ වගේම නරිබෑනා වේදිකා නාට්‍යයේ රඟපෑම නිසාත් මම ජනප‍්‍රිය චරිතයක්ව සිටියා.
ඊට පස්සෙ නවකතා පොත් ලියන්න මට ආසා හිතුණා. පත්තරවලට කොයිතරම් ලිව්වත් පොතක් අතට ගත්තාම අර පත්තර පිටුව අතට ගන්නවට වැඩියෙ ලොකු සතුටක් දැනෙන්නෙ. අනික පොත කාලාන්තරයක් තියෙනවා, පත්තර වගේ නෙමේ. අද බලලා හෙට විසි කරන්නෙ නැහැනෙ. ඉතින් මම ඊට පස්සෙ තවත් පොත් ලිව්වා.
නිරෝෂා, කඳුකරයේ දෝංකාරය, සත්සරා කියන නවකතා තමයි ඊට පස්සෙ මම ලිව්වෙ. ඒ වගේම සරසවිය පත්තරේ පළවුණු ඔබ පමණයි මගේ පැතුම කියන නවකතාවත් පැතුම කියන නමින් පස්සෙ කාලෙදි පළවුණා. මගෙ අන්තිම නවකතාව සත්සරා පළවුණේ 2010දී.
එදා මෙදා තුර වසර හයක් ගෙවී ගොසිනි. අප නොදන්නා ශ‍්‍රියානි අමරසේන ලේඛිකාව ඊට පසු නවකතා පොත් නොලිව්වේ ඇයි යන්න ගැටලූවකි. වසර හයක් යනු දිගු කාලපරිච්ෙඡ්දයක් වන බැවිනි.
මම තිර පිටපත් ලියන්න පටන් ගත්තා. රිදී තැල්ල චිත‍්‍රපටය වගේම ටෙලිනාට්‍ය රාශියකම පිටපත් ලියන්න මට අවස්ථාව ලැබුණා. මේ ටෙලිනාට්‍ය අපේ නිෂ්පාදන. ඉතින් මේ පිටපත් ලිවීම් මා තුළ සිටි නවකතාකාරිය තරමක් හංගාගත්තා.
හැබැයි මම මොහොතකටවත් ලිවීමෙන් නම් දුරස් වුණේ නැහැ. පෑන බිම තිබ්බෙ නැහැ. අදටත් විවේකයක් ලැබෙන හැම මොහොතකම මම මොනවා හරිම ලියනවා. නොලියා ඉඳීම තරම් අමාරු වැඩක් මට තවත් නැහැ.
එතකොට ඔබ යළිත් නවකතාවකට මුල පුරන්නෙ නැද්ද?
මම ශ‍්‍රියානිගෙන් අසමි.
ඇයි නැත්තෙ? මම ආයෙමත් ලියනව. ලියන්න හුඟාක් දේවල් මගෙ ළඟ ගොඩගැහිලා තියෙනවා.
එසේ නම්, ශ‍්‍රියානි අමරසේන නමින් ඊළඟ නවකතාව පළවෙන තුරු අපි බලා හිඳිමු.
ශාන්ත කුමාර විතාන
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මම පෑන අතට ගන්නවා