IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වවුචර ක්‍රමය හොඳයිලු

පාසල් සිසුන්ට නිල ඇදුම් සඳහා රෙදි ලබාදීම වෙනුවට ඒ වෙනුවෙන් වවුචර ලබාදීම නිසා මින් පෙර නිල ඇදුම් ලබාදීමේදී පැවති ඒකාධිකාරය නැවතී ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරිකයින්ටත් වාසි සැලසෙනවා සේම දරුවන්ට ඉතා හොඳ රෙදි ලබාගැනීමේ අවස්ථාවක් උදා වී ඇතැයි එක්සත් අධ්‍යාපන සේවක සංගමය පවසයි.

වවුචර් ලබාදීම ඉතා විනිවිදභාවයකින් යුතුව සිදු වූ බවත්, මාස 10ක් පමණ කෙටි කාලයක් තුළ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ නිසා අඩු පාඩු සිදුවීම ස්වභාවික බවත් ලබන වසරේ දී එම සියලූ ගැටළු මගහරවා ගත හැකි බවත් එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රියන්ත පත්බේරිය මහතා පැවසීය.

පසුගිය රජය සමයේ පාසල් නිල ඇදුම් බෙදාදීමේ දී විවිධ ගැටළු පැවති බව කී පත්බේරිය මහතා ඒවා ගැන කතා නොකළ අය දැන් කෑගසන්නේ මෙම වැඩපිළිවෙල නිසා අනිසි ලෙස ආදායම් ඉපයූවන්ගේ අවශ්‍යතාවයටදැයි සැක මතුවන බව ද කීවේය.

DSC_0320



අදහස් (0)

වවුචර ක්‍රමය හොඳයිලු

සුරන් Friday, 11 December 2015 04:40 AM

මේක ඉතා අසාර්ථක ක්‍රමයක් , පාසල් දරුවන්ට නිල ඇදුම් දීමේ අරමුණ විය යුත්තේ ප්‍රාදේශීය වෙළදුන්ගේ වෙළදාම් වැඩිකිරීම නොවේ. ගුණාත්මක නිල ඇදුම් දරුවන්ට නියම මිලට ලබාදීම. රජය නිල ඇදුම් තොග වශයෙන් ටෙන්ඩර පටිපාටියට මිලදී ගන්නවානම් රටට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිවෙනවා. (ම)

:       0       0

ප්‍රසන්න Thursday, 10 December 2015 05:48 PM

වවුචර වල දුක තේරෙන්නේ දෙමව්පියන්ට. ගුරුවරුන්ගේ ඉගැන්වීමට තිාබන වේලාවෙන් මේකට වෙලාව වැයකළාම ළමයින්ට තමයි බර. දුෂණයක් තිබුනා නම් එය හරිගස්සන එක තමයි දක්ෂකම (නි)

:       0       0

විජේපාල Thursday, 10 December 2015 05:59 PM

සමහරවිට මෙය ඉතා සාර්ථක වෙන්නත් පුලුවන් (නි)

:       0       0

සිසිර Friday, 11 December 2015 05:02 AM

අනේ ඉතින් මගේ කට .................... (ම)

:       0       0

ධම්මික Friday, 11 December 2015 05:52 AM

මේක අසාර්ථක ක්‍රමයක්. මෙය පාසැල් නිල ඇඳුම නැති කිරීමේ පළමු පියවර. අඩු මිලට ඉතා ගුණාත්මක ඉහළ මට්ටමේ රෙදි ගන්න පුළුවන් කොහෙද කියන්න අකිල මහත්තයෝ...(ම)

:       0       0

සමරජිව Friday, 11 December 2015 05:52 AM

ඔක්කෝටම වඩා ප්‍රශ්නෙ විදුහල්පතිගේ අත රිදෙනවලු වවුචර අත්සන් කරලා. ඒක ගැන කතා කරන්න කවුරුත් නෑනේ. රජයෙන් ක්‍රමවත්ව දරුවන් අතට දුන්න රෙදි කෑල්ලත් කඩේටම වික්ක එහෙනම් (ම)

:       0       0

දසනායක Thursday, 10 December 2015 07:00 PM

ලබන අවුරුද්දේ නිල ඇඳුම් දීම නැතිවෙයිද කියලයි සැක (නි)

:       0       0

මංජුල Saturday, 12 December 2015 12:16 PM

මේ ක්‍රමය හොඳයි කියලා මම හිතන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Thursday, 10 December 2015 09:46 PM

හොඳ නම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

නාමල් Thursday, 10 December 2015 10:55 PM

අපේ අය කොහොමත් පෙරළුණු පිට හොඳයි කියන්න දක්ෂයිනේ (නි)

:       0       0

ඉඳුනිල් Friday, 11 December 2015 07:52 AM

බලාගෙන යනකොට කාට කාටත් මොන මොනවහරි ලැබිලා තියෙනවා පිට රට ඉඳලා දුක් විදලා සල්ලි ඔක්කොම ලංකාවට එවන අපිට බින්දුව. අපි ගැන එක වචනයක්වත් ඕකේ තියෙනවද. දැන් ගෙවල් ගන්න වාහන ගන්න රජයේ සේවකයන්ටත් ණය දෙන්න යනවලු. නමුත් මාසේ ගානේ ඩොලේර් ලංකාවට එවන අපිට කිසිම සහනයක් නෑ. කෝ මහා ලොකු රට ගිය ඇත්තෝ සංවිධාන (බ)

:       0       0

හිමාල් Friday, 11 December 2015 07:58 AM

ගුණාත්මක බව එක එක පුද්ගලයාට අනුව වෙනස්.රජයෙන් දෙද්දි සමහරුන්ට රෙදි මදි.සමහරුන්ට වැඩියි. එකම රෙද්ද කෙනෙකුට හොඳයි,කෙනෙකුට නරකයි.ඒත් මෙතනදි තමන්ටම රෙද්ද ‍තෝරලා ගන්න පුළුවන්. (බ)

:       0       0

ප්‍රසන්න Friday, 11 December 2015 08:09 AM

ඔය මාධ්‍ය හමුව කැඳවන්න කවුද කිවුවේ (බ)

:       0       0

කුමාර Friday, 11 December 2015 12:40 AM

මොන ක්‍රමයේ වුණත් ඉතින් පටන්ගැන්මේදී අඩුපාඩු තිබෙනවා තමයි (නි)

:       0       0

ප්‍රසාද් Friday, 11 December 2015 01:08 AM

එයාලට හොඳ නැත්නම් කාටද හොඳ? (නි)

:       0       0

පාලිත Friday, 11 December 2015 02:34 AM

මම නම් දකින්නේ මේකෙ හොඳක් තමයි. මොකද අමාතයාංශයෙන් වෙන්කළ මුදල කෙළින්ම දරුවාගේ අතට පත්විම(වවුචර් පින්ට් කරන්න ගිය ගාන හැර) හොඳයි. එහෙත් ප්‍රවාහනයට, රෙදි ඇසිරීම ආදීදේටත් වියදම් වුණාම දරුවන්ට ලැබෙන මුදලලේ වටිනාකම අඩුවුණා. දැන් එහෙම නැහැ. අඩුපාඩු හදාගෙන මෙක දිගටම ගෙනියමු. (නි)

:       0       0

සෑම් Friday, 11 December 2015 02:54 AM

සමහර පාසල් වල උසස් පෙළ ළමයින්ට රුපියල් 400 යේ වවුචර ලැබිලා තියෙන්නේ. මේ මුදලට රෙදි කොපමණ ප්‍රමාණයක් ගන්න පුලුවන්ද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් අප දැනුවත් කරන්න (නි)

:       0       0

චමින්ද Friday, 11 December 2015 03:10 AM

සෑම්, ඒ බොරු. උසස්පෙළ ළමයින්ට වවුචර දෙකක් ලැබෙනවා. 400 දෙන්නේ පොඩි පන්තිවල ළමයින්ට (නි)

:       0       0

සමරදිවාකර Friday, 11 December 2015 03:28 AM

මමත් හිතන්නේ ‍මේ ක්‍රමය සාර්ථක වෙයි (නි)

:       0       0

මුණසිංහ Friday, 11 December 2015 12:01 PM

ඇත්තටම මේ ක්‍රමය ගොඩක් පහසුයි.(හේ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 10 December 2015 03:18 PM

ඔව් ඔව් වවුචර ක්‍රමය හොඳයි. නැත්නම් සල්ලි දුන්නොත් දෙමාපියන් ඕවා වියදම් කරගන්නවා. එහෙත් වවුචර කලින් දෙන්න ඕනෑ. දරුවන්ට ඇඳුම් ගන්න, ඒවා මහන්න එහෙම කල් ඕනෑ (නි)

:       0       0

ස්ටර්ලින් Thursday, 10 December 2015 03:47 PM

අධ්‍යාපනේ කට්ටියට කීයක් හරි හොයා ගන්න තිබුණු එකත් නැති කළා .දැන් ඉතින් සපත්තු කඩයක්වත් දාන්න වෙනවා .අපේ උගන්වන බුද්ධිමතුන්ට සිල් රෙද්දක්වත් ලබාදෙන්න (බ)

:       0       0

චන්දන Thursday, 10 December 2015 04:32 PM

මේ ක්‍රමය පහසුයි අපිට (නි)

:       0       0

කල්ප Thursday, 10 December 2015 04:38 PM

අපිට කණ්ණාඩියේ පාට තේරුම් ගන්න පුළුවන් (නි)

:       0       0

තිලංක Thursday, 10 December 2015 04:42 PM

වවුචරයේ ඇති ගණනට රෙදි මිලදීගන්න අපහසුයි කියලයි ගොඩක් අය කියන්නේ (නි)

:       0       0

ඇල්බට් Thursday, 10 December 2015 04:53 PM

ඔව් ඔව්. කැමති කට්ටියකුත් ඉන්න ඕනෑනෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 619 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4135 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2555 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1320 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1436 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27700 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site