ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ සම්මේලන කුසලාන විවෘත ස්කොෂ් තරගාවලියේ (2012) විවෘත පිරිමි ශූරතාව රවිඳු ලක්සිරි ද, කාන්තා ශූරතාව නිරාෂා ගුරුගේ ද දිනා ගැනීමට සමත්වුහ. තරගාවලිය පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ. ඞී.එස්.සේනානායක විදුහලේ නැඟී එන ක‍්‍රීඩක රවිඳු, ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටි ගිහාන් සුවාරිස් (11/8, 7/11, 11/7, 12/10, 11/9) පරදවා විවෘත ශූරතාව දිනාගත්තේ තියුණු තරගයකින් පසුවය. 16 හැවිරිදි රවිඳු, තරගාවලියේ 19 න් පහළ ඉසව්වේ (බාලක) ශූරතාව ද දිනා ගත්තේය. විවෘත කාන්තා ශූරතාව දිනාගත් නිරාෂා ගුරුගේ හිටපු ජාතික ශූරියකි. ෂමිල් වාකීල් සහ කසුනි ගුණවර්ධන කනිෂ්ඨ ඉසව්වලදී ශූරතා දෙක බැගින් දිනා ගැනීමට සමත්වුහ. අවසන් තරග ප‍්‍රතිඵල: ● විවෘත පිරිමි ඉසව්ව රවිඳු ලක්සිරි විසින් ගිහාන් සුවාරිස් පරාජය කරන ලදී. ● විවෘත කාන්තා ඉසව්ව නිරාෂා ගුරුගේ විසින් මිහිලියා මෙත්සරණී පරාජය කරන ලදී. ● අතරමැදි පිරිමි ඉසව්ව ලාල් වික‍්‍රමසිංහ විසින් සී.එච්.තලගල පරාජය කරන ලදී. ● වයස 45 ට වැඩි (පිරිමි) ආර්.එස්.දීන් විසින් එම්.අස්මි පරාජය කරන ලදී. ● වයස 50 ට වැඩි (පිරිමි) එම්.අස්මි විසින් අජිත් අබේසේකර පරාජය කරන ලදී. කනිෂ්ඨ ඉසව් ● 9 න් පහළ (බාලක) නවිදු ලක්මන් විසින් ජී.උදයන් පරාජය කරන ලදී. ● 9 න් පහළ (බාලිකා) යෙහානි කුරුප්පු විසින් ශමින්දි ප‍්‍රගීෂා පරාජය කරන ලදී. ●11 න් පහළ (බාලක) මෙත්මල් වුඞ් විසින් රවීන් නානායක්කාර පරාජය කරන ලදී. ● 11 න් පහළ (බාලිකා) සමීරා ඞීන් විසින් දෙව්මිණී ගාල්ලගේ පරාජය කරන ලදී. ● 13 න් පහළ (බාලක) දුවින්ක පෙරේරා විසින් හිෂාන් බාලසුරිය පරාජය කරන ලදී. ● 13 න් පහළ (බාලිකා) කසුනි ගුණවර්ධන විසින් සමීරා ඞීන් පරාජය කරන ලදී. ● 15 න් පහළ (බාලක) ෂමිල් වාකීල් විසින් සෙනිඳු ඉදිවර පරාජය කරන ලදී. ● 15 න් පහළ (බාලිකා) කසුනි ගුණවර්ධන නිතරග ජයක් ● 17 න් පහළ (බාලක) ෂමිල් වාකීල් විසින් සෙනිඳු ඉදිවර පරාජය කරන ලදී. ● 17 න් පහළ (බාලිකා) නඳුනි ගුණවර්ධන විසින් රවීනා සුමතිපාල පරාජය කරන ලදී. ● 19 න් පහළ (බාලක) රවිඳු ලක්සිරි විසින් දසිත් සේනානායක පරාජය කරන ලදී. ● 19 න් පහළ (බාලිකා) මිහිලියා මෙත්සරණී විසින් ගයාරා ජයසුරිය පරාජය කරන ලදී. ඡායාරූප: ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වු ආසියානු ස්කොෂ් සම්මේලනයේ ලේකම් කේ. ශිවනේෂන් මහතා අතින් ජයග‍්‍රාහී රවිඳු ලක්සිරි සහ නිරාෂා ගුරුගේ සම්මාන ලබාගත් අයුරු.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
විවෘත ස්කොෂ් තරගාවලියේදී රවිඳු - නිරාෂා ශූරතා දිනති