IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් ජනපතිට අභියෝගයක්

‘යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනාධිපතිට කියා දෙන්න මම කැමතියි. ලබන ජනවාරි පළමු වැනි දා මා සමඟ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එතුමාට අභියෝග කරනවා. එන්න මා සමඟ විවාදෙට. මම කොළ කෑල්ලක්වත් අතේ නැතිව ඊට එන්නම්. ‘ යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද බලපිටියේ දී කීවේය.

 



අදහස් (0)

විවාදයකට එන්නැයි මෛත්‍රීගෙන් ජනපතිට අභියෝගයක්

බන්දුල ද සිල්වා Wednesday, 17 December 2014 06:00 PM

එදා රෑ ආප්ප කාල යද්දී ඒ වගේ එකක් කරලා උසස් විදියට යන්න තිබුනනේ හොරෙන්ම ගියේ. (නදී)

:       0       0

ලක්බිම Thursday, 18 December 2014 05:16 AM

මම නම් හිතන්නේ මේක ඉල්ලන් කෑමක් වගේ වෙයි කියලයි (නි)

:       0       0

රණසිංහගේ Wednesday, 17 December 2014 06:01 PM

මංජු ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෙම කෙනෙකුට තරඟ කරන්න පුළුවන්. අනික තවත් අවුරුදු දෙකක්ම ජනාදිපති දුර කාල තියෙද්දී මේ ජනපතිවරණයක් තියන්නේ. පුද්ගලයා කෙබදුද කියන එක වැදගත් නැ විවාදය අනිවාර්යෙන්ම බාර ගන්න ඕනා. වේදිකාවල කෛවාරු ගහැව්වට වැඩක් නැ අනිවාර්යෙන්ම මහජනතාවට අදහස් දැන ගැනීමට තිබෙන අනගි අවස්ථාවක්. (නදී)

:       0       0

තුෂාර Thursday, 18 December 2014 05:24 AM

මේ වගේ අයට වටිනා ඡන්දය පාවිච්චි කරද්දී දෙපාරක් හිතන්න කියලා මම ඉල්ලනවා. දන්නවද වෙන රටවල මිනිස්සු ලංකාවේ සංවර්ධනය මොනතරම් අගය කරනවද කියලා.කළගුණ සළකන්න. ඔබට ජය වේවා. සුබ අනාගතයක්! (නි)

:       0       0

නදීක Wednesday, 17 December 2014 06:07 PM

ඇත්තම කියන්න සිරිසේන මහත්තයෝ ඔය කිව්වට කකුල් වෙව්ලනවා නේද. (නදී)

:       0       0

විතානගේ විජේරත්න Wednesday, 17 December 2014 06:07 PM

දනගහලා වඳියිද ? (නදී)

:       0       0

සුපුන් Thursday, 18 December 2014 05:31 AM

දැන් ඉතින් මොන විවාදද අනේ? (නි)

:       0       0

රාජු Thursday, 18 December 2014 05:37 AM

මධුක, ගුත්තිල මුසිල සමකාලීනයෝ නොවන්නේ කෙසේද? ඔවුන් දෙදෙනා එක වේදිකාවේ වීණා වාදනය කළේ සමකාලීනයෝ නිසා නොවෙයිද? අවසානයේදී සිදුවුණේ කුමක්ද? (නි)

:       0       0

අසිත් Wednesday, 17 December 2014 06:17 PM

අපි වෙනත් රටවල ජනපති අපේක්ෂක විවාද දැකලා තියනවා යු ටියුබ් එකෙන්. ඒ වගේ නම් කමක් නෑ. (නදී)

:       0       0

සේන Thursday, 18 December 2014 05:38 AM

ජනාධිපතිතුමා වසර 2 කට කලින් ඡන්දය තියන්න තීරණය කළේ අපරාදේ කියලා මට හිතෙනවා (නි)

:       0       0

සෙන්ජී Thursday, 18 December 2014 05:39 AM

මෛත්‍රී මහතා මේ ගමන නම් වැඩේ වරද්දාගනීවි කියලා මටත් හිතෙනවා (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 17 December 2014 06:19 PM

ඇමරිකාව වගේ රටක ප්‍රසිද්ද මාධ්‍යකින් විවාදයක් තියන්න ඕනේ රටේ ජනතාවට දැනගන්න. එතකොට ලග තිබෙන ෆයිල් ටිකත් නම් ගම එක්කම ගන්න පුළුවන් හොරා කලා තිබෙන්නේ කව්ද කියා (නදී)

:       0       0

රෙජී Wednesday, 17 December 2014 06:29 PM

ජයලත්, මිලානෝ පාලිත, එතකොට කුඩු මාෆියාව, එතනෝල් මාෆියාව පේන්නේ නැද්ද ඔබ දෙපලට (නදී)

:       0       0

නිශාන් Thursday, 18 December 2014 05:41 AM

අන්න නියමයි. තැන තැන මඩ ගහන්නේ නැතුව මුහුණටම අහන්න පුළුවන්නේ. එන්නකෝ විවාදෙට. (නි)

:       0       0

සුනිල් Thursday, 18 December 2014 05:44 AM

මෛත්‍රී මහතා දිනවමු! (නි)

:       0       0

අමන්දා Wednesday, 17 December 2014 07:28 PM

කට්ටියට බයවෙලා වගේ.බලන්නකෝ 8 වෙනිදායින් පස්සේ.... (නි)

:       0       0

පල්ලේවෙල Thursday, 18 December 2014 05:57 AM

මෛත්‍රීට ටික කලකට පස්සේ මේ කියපු දේත් අමතක වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

නුවන් Wednesday, 17 December 2014 07:39 PM

කොහොම වුණත් මෛත්‍රී පාලනයකට රට යටත්විය යුතුමයි. එහෙම නොවුණොත් දෙවි පිහිටයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

අසංක Wednesday, 17 December 2014 07:56 PM

පාලිත මහින්ද මහත්තයො, ඊට පළමු ලංකාවට එන්න. මිනිස්සු ජීවත්වෙන විදිය බලන්න.රට ඉන්න ඔබතුමාලා අවුරුද්දකට පාරක් අැවිල්ලා මාසයක් විතර අනිත් අයට සෝබනේ පෙන්නලා ගියාට අපියි ලංකාවේ ජීවත්වෙන්නේ (නි)

:       0       0

ලාල් ඩයස් Wednesday, 17 December 2014 08:00 PM

මහින්ද මහත්තය ෂුවර් එකටම විවාදයට එනවා. එතුමා දේශපාලනයෙන් බොහෝ තෙම්පරාදු වුණ නායකයෙක් කියලා කවුරු දන්නෙ නැතිවුණත් අපි දන්නවා. (නි)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 18 December 2014 06:00 AM

රජය කිසිදා සජීවී විවාදයක් ලබාදුන්නා කියා මට නම් මතක නැහැ (නි)

:       0       0

උයන්ගොඩ Wednesday, 17 December 2014 08:04 PM

බටහිර යුරෝපයේ සහ ඇමරිකාවේ විරුද්ධ පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා එකම වේදිකාවක මුළු රටටම දැකිය වන සේ නිදහස් මාධ්‍ය වලින්, රූපවාහිනී නාලිකා වලින් දෙදෙනාම අසන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. ඔවුන්ගේ අනාගත සැළසුම් කියනවා. අපේ ලංකාවේ එසේ සිදුවන්නේ නැහැ (නි)

:       0       0

රංග Wednesday, 17 December 2014 08:51 PM

සමහරු කතා කරන්නේ මේ රටේ දැන් දස රාජ ධර්මයෙන් වැඩ සිද්ධවෙනවා වගේනේ (නි)

:       0       0

චරිත් Wednesday, 17 December 2014 08:57 PM

සන්වානි , අධි නීතිඥකම ගැන තවම දන්නේ නැහැ වගේ. කොයි කාලේද ඉපදුනේ? (නි)

:       0       0

රත්න Wednesday, 17 December 2014 09:07 PM

වාදයට ආවොත් කුමක් සිදුවේද? (නි)

:       0       0

පද්මිණි Thursday, 18 December 2014 06:23 AM

ගුත්තිල මුසිල කතාවට මේක සමාන කරන්න එපා. මේ දෙන්නා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනා විතරයි. බොහෝ රටවල කෙරෙනවා අවසාන සති දෙකේ මෙවැනි විවාදයන්. ජනතාව ඇහුම්කන් දෙනවා. මුහුණට මුහුණ විවාදය ඉතාමත් කාලෝචිතයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 06:25 AM

යහපාලනය ගැන තේරෙන්නෙ නැහැ කියලා කියන උදවිය පාසලක් අසළින්වත් නොගිය අය වගෙයි (නි)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 10:11 PM

මේක නිර්භීතකමක්ද? මේ වගේ කෙනෙක් එක්ක වාදයකට ජනාධිපතිතුමා එන එකක් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

එරංග Thursday, 18 December 2014 06:33 AM

දේශපාලනයේදී කළගුණ සැළකීම වැදගත් නැහැ යාළුවනේ! (නි)

:       0       0

චමත් Thursday, 18 December 2014 06:36 AM

එතුමාට ඕවාට වෙලාවක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් Thursday, 18 December 2014 06:56 AM

මේ වගේ විවාදයක් බලන්නත් ආසයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 December 2014 11:19 PM

අතිගරු ජනාධිපතිතුමන්ට ජයවේවා!! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 17 December 2014 11:23 PM

ජනාධිපතිතුමා මෙයට ඉදිරිපත් වී තමන් ඇතිකරන්න යන ඉදිරි අනාගතය ගැන රටට පැහැදිලි කිරීම හොඳයි නේද? (නි)

:       0       0

තිස්ස Wednesday, 17 December 2014 11:27 PM

සමහර අය මොළය උඩද වාඩිවෙලා ඉන්නේ කියලා හිතුනා. පළමුව බලන්න වීඩියෝ එකේ කියන්නේ මොකක්ද කියලා. තීරණාත්මක මැතිවරණයක් මේක. (නි)

:       0       0

තිලාන් Wednesday, 17 December 2014 11:38 PM

ජයලත්, තමන්ගේ පැත්තේ ඇහේ පරාළ තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ හොයන්න යන්න එපා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 07:15 AM

ගුත්තිල මුසිල කතාව දන්නා අය දන්නවා ගුත්තිලට උදවුකළේ කවුද කියලා (නි)

:       0       0

ගාමිණී Thursday, 18 December 2014 07:16 AM

මේක හරියට ඊයේ පෙරෙයිද මාර්ගඵල ලබලා ප්‍රාතිහාර්ය පාන්න හදනවා වගේ කියලයි මට නම් හිතෙන්නේ. බුදුහාමුදුරුවොත් සීමාවන් පැනෙව්වා අත්‍යවශ්‍ය නොවෙන විට ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. බලමු අට වෙනිදාට කාටද පුළුවන් කියලා ප්‍රාතිහාර්ය පාන්න. (නි)

:       0       0

ලියනගේ Thursday, 18 December 2014 12:03 AM

අපේ ජනාධිපතිතුමා වගේ සිංහයෙක් එක්ක අනෙක් අයට මොන විවාදද? (නි)

:       0       0

සමන් Thursday, 18 December 2014 12:05 AM

ජයවේවා මෛත්‍රී! (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Thursday, 18 December 2014 12:30 AM

විවාදයට ආරාධනා කළ හැටි හොඳයි. ඒත් කොල කෑල්ලක්වත් නැතුව විවාද කරන්නෙ කොහොමද? මොනවාහරි ඔප්පු කරන්න කිව්වොත් හිතට එන ඒවා කියලා හරියන්නේ නැහැනෙ. ඔය විවාදෙ කවදාවත් වෙන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

අමන්දා Thursday, 18 December 2014 12:34 AM

පාලිත මහින්ද මිලානෝ, ඔයා මොනවා කරන්නද ඉතාලියේ ඉඳලා? ලංකාවේ පාලනය ඔච්චර හොඳ නම් එන්නකෝ සුන්දර ලංකාවට.මිනිස්සු රවටන්න එපා (නි)

:       0       0

තක්ෂිලා Thursday, 18 December 2014 12:37 AM

හැබැයි අර ෆයිල් ටිකත් අරගෙන එයි හො‍ඳේ (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 18 December 2014 07:31 AM

අපි ඔබ ගැන ගොඩක් කළකිරුනා මහත්තයෝ (නි)

:       0       0

අප්පුහාමි Thursday, 18 December 2014 07:31 AM

ඔහුගේ තරම හොඳට පෙනෙනවා (නි)

:       0       0

උමා Thursday, 18 December 2014 03:10 PM

සිරිසේන මහත්මයා කියන කතාවෙත් ඇත්තක් තියනවා. රටේ මිනිස්සුත් මෙතුමාට අවස්ථාවක් දීලා බලන්න ඕනෑ කියන දේවල් කරනවද කියලා.කොච්චර ඡන්දය පරාද වුණත් කවදාවත් විපක්ෂය ජනතාවට දොස් කියලා නැහැ. පොඩ්ඩක් හිතන්න (නි)

:       0       0

උමා Thursday, 18 December 2014 03:10 PM

හිතන්න මිනිසුනේ! (නි)

:       0       0

බුද්ධික Thursday, 18 December 2014 07:32 AM

නිමල්ගේ ඉහත අදහසට ඌන පුරණයක් කරමි. මැතිවරණය සහ ඉන් ජයගෙන මොනම හෝ පාලන ඒකකයකට යාම දක්වා වූ ක්‍රමවේදය මන්ත්‍රීකම නමැති රැකියාවකට යාමය. සාමාන්‍ය රැකියාවකදී ආයතන සංග්‍රහ අණපනත් යටතේ වයස සහ අවම සුදුසුකම් යනුවෙන් කොටසක් ඇත. ඒ අනුව රැකියා වලට සුදුස්සෙකු පත්කර ගැනීම සිදුකෙරේ. නමුත් රටක පාලනය සඳහා උසස්ම තනතුරක් වන මන්ත්‍රීවරුන් සඳහා කිසිම සුදුසුකමක් බලන්නේ නැත. එය සාධාරණ නැත. උගතුන් පිරිහී යාම නිසා පාර්ලිමේන්තුව පිරිහෙන්නේය. එහෙයින් අත උස්සන්නට පමණක් පාර්ලිමේන්තු ගිහින් උගතුන් පරදවා හරිහම්බ කරන දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුය. අඩුම තරමේ තරඟ වදින සියල්ලන්ටම තිබිය යුතු අවම අධ්‍යාපනික සුදුසුකම අපොස (උ.පෙළ) වත් සමත්වීම අනිවාර්ය කළ යුතුය. (නි)

:       0       0

සරත් Thursday, 18 December 2014 01:03 AM

සජීවගේ කතාවට මාත් එකඟයි. ජනාධිපතිතුමා හැමාදාම ජනාධිපති වුණත් අපි කැමතියි. (නි)

:       0       0

සුරනිමල Thursday, 18 December 2014 01:04 AM

මෙතන අදහස් දැක්වීම් කියවනවිට බොහෝ දේ හිතෙනවා (නි)

:       0       0

නීරෝ Thursday, 18 December 2014 07:40 AM

අපේ ජනාධිපතිතුමා වගේ සිංහයෙක් එක්ක මොන විවාදද? (නි)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 03:26 PM

මෙයාලා වීණා වාදනය කරන්න හදනවා. දත් ගලවන්න උත්සාහ කිරීහ කෙසේවෙතත් ඒ ගමන්ම තත් ගළවාගන්නයි හදන්නේ. (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 18 December 2014 01:08 AM

නියම අවස්ථාවක්.මේ වගේ විවාද ඇමෙරිකාව වගේ රටවලත් තියෙනවා.ජනාධිපතිතුමා මේකට එනවා නම් හොඳයි. ජනතාවට දෙන්නාගෙන්ම ප්‍රශ්න අහලා විසඳාගන්න පුළුවන්. (නි)

:       0       0

මොහාන් Thursday, 18 December 2014 01:10 AM

මම නම් හිතන්නේ අභියෝගය බාරගන්නවා (නි)

:       0       0

මේනක විජේසුරිය Thursday, 18 December 2014 07:47 AM

මම නම් කියන්නේ කීයටවත් එන්නේ නැහැ (නි)

:       0       0

සමන් Thursday, 18 December 2014 03:41 PM

මොලේ තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා රජය පරාද වෙන බව. 51% ගන්න බැහැ. දිනන්න නම් හොර කරන්නම වෙනවා (නදී)

:       0       0

උමේෂ් Thursday, 18 December 2014 07:58 AM

මේක කොහොමද ගුත්තිල මුසිල කතාවට සම කරන්නේ ? එහෙනම් ඉතින් තව තව අයත් ඔය කතාවම කියාවි එයලගේ ගෝලයෝ සම්බන්ධයෙන්. (නි)

:       0       0

චමින්ද කුමාර Thursday, 18 December 2014 01:45 AM

මම නම් කියන්නේ එතුමා එන්නේ නැහැ (නි)

:       0       0

විජේපාල Thursday, 18 December 2014 01:45 AM

යහපත් ප්‍රවේශයක්. කරුණු සහිත විවාදයක් බලාපො‍රොත්තු වෙමු (නි)

:       0       0

ස්වර්ණා Thursday, 18 December 2014 08:07 AM

මඩ ගහගන්නවට වඩා වීවෘත විවාදයක් කරණ එක හොඳයි (නදී)

:       0       0

රෝයි Thursday, 18 December 2014 02:02 AM

විදෙස් රටවල සිට අදහස් දමන අයට අද ලංකාව ගොඩක් හොඳයි. ඔවුන්ට වසරකට වරක් නිවාඩුවකට එන්න තැනක් තියෙනවා. වාහන කුලියට ගන්න පුළුවන්. යන්න අධිවේගී මාර්ග තියෙනවා. ලංකාවේ ඉන්න බහුතරයකට එදාවේල කන්න නැහැ. එමනිසා විදෙස් වල ඉන්න අය අදහස් දමනවිට ලංකාවේ ඉන්න බහුතරයක් වන දුප්පතුන් ගැනද හිතා බලන්න. තමන්ට තියෙන ආර්ථික මට්ටම ලංකාවේ ජීවත්වන සැමට තිබුනොත් හොඳයි කියලා හිතන්න පුරුදුවෙන්න. (නි)

:       0       0

ධම්මිකා Thursday, 18 December 2014 08:10 AM

විවාදයක් හොඳයි යහ පාලනයට කලින් රටේ ආරක්ෂාව ගැන කතාකරන්න (නදී)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:04 AM

යශෝධා, අපි හරි පරිපාලනය ඉගෙනගත්තේ සුද්දන්ගෙන්. ඒක අමතක කරන්න එපා. දැනටත් පරිපාලනය හොඳ නැහැ කියන්නේ කොයිකාලේ පරිපාලනයට සංසන්දනය කරලද? මෙදාසැරේ ජනාධිපති වුණොත් යහපාලනය ඇතිකරනවා කියන්නේ යහපාලනයක් නැති නිසා නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 18 December 2014 08:10 AM

රට හදන කෙනෙකුට ඉඩ දෙමුද ? (නදී)

:       0       0

සුජිත් Thursday, 18 December 2014 02:06 AM

ඔය ආරාධනාව හෝ අභියෝගය එකට ආප්ප කනකොටම කරන්න තිබුනනේ. එතකොට ඔය එඩිතරකම තිබුනේ නැද්ද ? ජනධිපතිවරණය ප්‍රකාශ කළේ නැත්නම් මෙතුමා තවමත් ආණ්ඩුවේ. (නි)

:       0       0

ටානියා Thursday, 18 December 2014 02:09 AM

මට නම් හිතෙන්නේ දැන් තත්ත්වය බොහොම තීරණාත්මකයි (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:11 AM

ලියනගේ, අන්තර්ජාලයට ගිහාම ගොඩක් දේ බලාගන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:14 AM

ජයලත්, තව කට්ටිය ඉන්නවා. ඇයි ඒ ගැන කතා නොකරන්නේ? (නි)

:       0       0

රත්න Wednesday, 17 December 2014 02:09 PM

බයයි නේද ? (නදී)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:17 AM

බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික සංවිධානයේ කතාකළෙත් කොල කෑල්ලක්වත් අතේ නැතුව. කථිකයෙකුට කරුණු තිබෙනවා නම් කතකරන්න කොල කෑලි උවමනා නැත. (නි)

:       0       0

වීරසිංහ Thursday, 18 December 2014 02:18 AM

එහෙම කියන කියන පිළියට එතුමා එන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:20 AM

ඔය බාහිර දේවල් වලට අපේ අදහස් වෙනස් කොරන්න බැහැ නේද? (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 17 December 2014 02:21 PM

එහෙම විවාදයක් දකින් ආසයි (අ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:25 AM

මෛත්‍රී නම් නියම නායකයෙක්. ඒ වගේම වැරදි දේ වැරදි විදියට දකින කෙනෙක්. (නි)

:       0       0

රන්ජිත් ගල්ගමුව Wednesday, 17 December 2014 02:24 PM

ජිවිතේට එන්නේ නැහැ (නදී)

:       0       0

කීර්ති Thursday, 18 December 2014 02:31 AM

මහත්තයා, බලාගෙන හො‍ඳේ. කට හින්දලු මාළුවා නහින්නෙත් (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 18 December 2014 02:36 AM

ඔය යහපාලනය ඉල්ලන්නේ කොහොම අයද කියලා අපි දන්නවා (නි)

:       0       0

ආනන්ද ජයරත්න Wednesday, 17 December 2014 02:34 PM

අර අත්සන් කරපු ගිවිසුම් ටික මතක ඇතුව අරන් එන්න (නදී)

:       0       0

හරීන්ද්‍ර Thursday, 18 December 2014 02:40 AM

ඉතාම හොඳ වැඩක්. අභියෝගය බාරගනී කියා සිතනවා (නි)

:       0       0

ජානක Thursday, 18 December 2014 02:47 AM

මේ ජනාධිපති වෙන්න හදන කෙනෙක්ද කියලා පුදුමත් හිතෙනවා. තමන්ව උපරිමය දක්වා ඉහළට යන්නට උදවු කළ, ගුරුවරයෙක් මෙන් මඟපෙන්වූ තම පක්ෂ නායකතුමාට අභියෝග කරන්නට තරම් තත්වයට පත් වූ කෙනෙකු රටක නායකයෙකු ලෙසට පිළිගන්නට මහජනයා සුදානම් නැහැ. (නි)

:       0       0

යශෝධා Wednesday, 17 December 2014 02:46 PM

අනේ මෛත්‍රී ඔයාට යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියල දුන්නේ රාජ්‍ය නොවන සංවිධානද අැමරිකාවද? (නදී)

:       0       0

මහේසි Wednesday, 17 December 2014 02:48 PM

මොනව කතා කරනවද පොදු අපේක්ෂක තුමෝ මොලේ තියෙන ඕන කෙනෙකුට පුලුවන් ජනාධිපති තුමා අහගෙන ඉන්නවා නම් ආණ්ඩුවේ වැරදි අගමුල කියල දෙන්න. (නදී)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 02:48 PM

ඉස්සෙල්ලා ගිවිසුම් දැන් විවාද, අනේ මන්දා. ඔය හැම දේටම ජනතාව අට වෙනිදට බුද්දිමත් පිළිතුරක් දේවි මෙයාලට. (නදී)

:       0       0

සිසිර Friday, 19 December 2014 10:13 AM

ඔබතුමාට තියෙන්නේ යන්න (නි)

:       0       0

නිරෝෂන් Wednesday, 17 December 2014 02:49 PM

ඇත්ත නරියා කවුද සිංහයා කවුද කියල තේරුම් යයි විවාදෙට එනවා නම්. (නදී)

:       0       0

දිලාන් නිසර්මා Wednesday, 17 December 2014 02:50 PM

ගුත්තිල මුසිල කතාව වගේ. අවසානය හිතාගන්න බැහැ (නදී)

:       0       0

විජේවර්න Thursday, 18 December 2014 02:57 AM

එතුමා එයි කියලා හිතනවද? (නි)

:       0       0

විතාන Thursday, 18 December 2014 02:57 AM

මේ අපේ සිරිසේන මහත්තයාද මහින්ද මහත්තයාට විවාදයකට කතාකරන්නේ? (නි)

:       0       0

සුජීව Wednesday, 17 December 2014 02:54 PM

නිර්භිත කම අගයනවා වගේම එවැනි නිර්භිතකමක් ජනධිපතිතුමටත් ඇති බව දන්නා නිසා එය බාර ගනු ඇති. දෙන්නටම අපේ සුබ පැතුම්.(හේ)

:       0       0

සත්‍යපාල Wednesday, 17 December 2014 02:57 PM

ගරු ජනාධිපති තුමනි අපි ඔබ සමගයි කරුණාකර අභියෝගය බාරගන්න.(හේ)

:       0       0

ගයන් Wednesday, 17 December 2014 02:59 PM

විවාදයකින් ඔබ දෙපලගේ හැකියාව කිසි දිනක මනින්න බැහැ.(නදී)

:       0       0

රන්ජිත් Wednesday, 17 December 2014 03:03 PM

බන්ඩෝ, මහත්තයෝ ඔබතුමා හරියටම ' පර්සි ' ගැන කිවුවා.ටීවී එකෙන් කෑගැහුවාට මිනිහා විවාදෙට පස්සගහනවා. (අ)

:       0       0

රන්ජිත් Thursday, 18 December 2014 03:21 AM

මෙය දේශපාලනය ජාත්‍යන්තර තලයට ගෙනයෑමක්ද වියහැකියි. ජනපතිතුමනි, බය නැතුව මේක පිළිගන්න (නි)

:       0       0

සමන්ජය Thursday, 18 December 2014 03:33 AM

කියක් ඔට්ටුද අභියෝගය බාරගන්නේ නැහැ.(හේ)

:       0       0

මංජු Wednesday, 17 December 2014 03:13 PM

ගරු ජනපතිතුමනේ අපිත් ඔබ සමග ඉන්නවා. එක නිසා නොබියව අභියෝගය බාර ගන්න. ජනවාරි 9 වෙනිදට නැවතත් ඔබ අපේ ජනපති. අපි කාලගුණ හොඳට දන්නවා. සිංහලයට හැමදේම ටික දවසයි මතක. ජය වේවා. සුබ අනාගතයක්.(හේ)

:       0       0

ඒඩ්‍රීයන් ද මැල් Thursday, 18 December 2014 03:37 AM

ඔවු විතාන ,අනාගත ජනාධිපතිතුමා තමයි විවාදයකට කතා කරන්නේ.(හේ)

:       0       0

සදීප Thursday, 18 December 2014 03:38 AM

ඉතා හොඳ දෙයක් එහෙම විවාදයක් ඇති වෙනවා නම් . (හේ)

:       0       0

කාරියවසම් Wednesday, 17 December 2014 03:21 PM

බලමු අභියෝගේ බාර ගනීද කියලා. මෛත්‍රී ඔබතුමා නම් නියම නායකයෙක්. ඔබට ජය නියතයි.(හේ)

:       0       0

ධනංජය Thursday, 18 December 2014 03:40 AM

එන්නේ නැහැ කියලයි මම හිතන්නේ.(හේ)

:       0       0

ලාල් Wednesday, 17 December 2014 03:24 PM

ෂා.නියමයි මෛත්‍රී මැතිතුමා.බලන්ගියාම නියම වීරයා මෛත්‍රී මැතිතුමානේ.බලමු මෛත්‍රී මැතිතුමාගේ අභියෝගය මහින්ද මහතා පිළිගනිවිද කියලා.(හේ)

:       0       0

හේරත් Wednesday, 17 December 2014 03:24 PM

අභියෝගය බාරගන්නේ නෑ..(හේ)

:       0       0

ජයමාල් Thursday, 18 December 2014 03:44 AM

ගරු හිටපු ඇමතිතුමනි, යහපාලනය ගැන කතාකරන්නෙ කාගේ යහපාලනය සමඟ සංසන්දනය කරලද? (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 18 December 2014 03:44 AM

ඔය හැමෝගෙම දේවල් බලන්න පුළුවන්නේ විවාදයක් තිබ්බා නම්. මේක හොඳ අභියෝගයක්. (නි)

:       0       0

සෝමේ Thursday, 18 December 2014 10:22 AM

මම නම් කියන්නේ එන්නේ නැහැ යහපාලනයක් තියෙනවා කියලා ඔප්පු කරන්න බැරි නිසා. (නදී)

:       0       0

සිතාර Wednesday, 17 December 2014 03:34 PM

මම නම් හිතන්නේ නැ ජනදීපති අභියෝගය බාර ගනීවී කියා.මෛතිපාල මැතිතුමාට ජය වේවා.(හේ)

:       0       0

ලංකා තිලක් Thursday, 18 December 2014 03:46 AM

ලියනගේගේ කකුල්දෙක ගැහෙන්න ගත්තා වගේ මේ පුවත දුටු විට. (නි)

:       0       0

ගජනායක Thursday, 18 December 2014 03:50 AM

මම නම් කියන්නේ සාධාදාරන ඡන්දයක් තිබ්බොත් මෛත්‍රී මහත්තයා දිනන එක වළක්වන්න බැහැ. ඒක ස්ථිරයි. (නි)

:       0       0

නුවන් Wednesday, 17 December 2014 03:45 PM

ඔට්ට්ටුයි එතුමා කවදාවත් විවාදයකට එන්නේ නැහැ, ඇවිල්ලා මොනවා කියන්නද, මේ ඉතිහාසේම අපි දැකල නැහැ එතුමා එහෙම ඇවිල්ල තියෙනවා, (හේ)

:       0       0

අජන්ත Thursday, 18 December 2014 03:50 AM

ජනපතිතුමනි, ඔබතුමා යන්න එපා. (නි)

:       0       0

ශිරන්ති Wednesday, 17 December 2014 03:47 PM

බොළඳ වැඩක් .(හේ)

:       0       0

අප්පුහාමි Thursday, 18 December 2014 03:53 AM

අභියෝගය බාරගන්නේ නැතිවුණොත් නම් ඔන්න අපිටත් හිතන්න වෙනවා (නි)

:       0       0

අමන්දා Wednesday, 17 December 2014 03:49 PM

හරි නේද වැඩේ .තව අවුරුදු දෙකක් යසට ඉන්න තිබුනා එක දැන් ඉතින් හීනයක්.(හේ)

:       0       0

ජගත් Wednesday, 17 December 2014 03:49 PM

පුළුවන්නම් අභියෝගය භාර ගන්න අපි බලාගෙන ඉන්නවා.(හේ)

:       0       0

රාජු Wednesday, 17 December 2014 03:52 PM

සුභ සහ යස ඒ වගේම ගුත්තිල සහ මුසිල වැනි කතා අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තා. ඒ එදා එවැන්නෝ සිටි නිසා පමණක් නොවෙයි. අනාගතයේදී එවැන්නෝ හමුවන බව තේරුම් ගන්නටයි. මේ එවන් අවස්ථාවක්. හරි ලැජ්ජයි මහත්තයෝ.(හේ)

:       0       0

සමරේ - ගාල්ල Thursday, 18 December 2014 03:56 AM

ශිරන්ති දුකට බොලඳ කතා කියනවා. (නි)

:       0       0

ධනන්ජය Thursday, 18 December 2014 03:58 AM

ජානක දුකටද ඔහොම කියන්නේ? (නි)

:       0       0

ගුණසේකර Wednesday, 17 December 2014 03:57 PM

කවුරු දිනුවත් පැරදුනත් මේ වගේ වැඩ දියුණු දේශපලනයේ ලක්ෂණයක්.(හේ)

:       0       0

දුලානි ගමගේ Thursday, 18 December 2014 10:32 AM

මොකක්ද අනේ මේවා. චන්ද්‍රිකා නෝනා අමාරුවෙන් හොයාගත්තු පොදු අපේක්ෂකයා තමන් විසින් රට වෙනුවෙන් කරන්නේ මොකද්ද කියල ලියපු පිටපත අතට ලැබෙනතුරු වේදිකාවල අපට කියන්නේ ගැලරිය පිනවන කතා. උදාහරණ නොදී මේ ටික පමණක් කියන්නම්. බුද්ධිමතුන් මේ ගැන නිහඬව විමසිල්ලෙන් ඉන්නවා. (නදී)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Thursday, 18 December 2014 10:32 AM

බොහෝ දෙනෙක් තමන්ගේ නොදැනුවත්කම පැහැදිලි ව පෙන්වීම තමයි සිදුවී තිබෙන්නේ. යමෙක් විවාදය යනු මොකක්ද කියලවත් දන්නේ නෑ. ග්‍රාම නිලධාරි සහ නීතිඥ දෙදෙනාගේ කාර්යභාරය නොදන්නා අයත් නොදන්නා අධිනීතිඥ කමක් පටලවාගෙන තිබුනා . හුණු පෝරණුවේ දැවෙන සියලුදේ ඉවතට ගන්නේ අළුහුණු කියා මිස හුණු ,දර අළු,කියා නොවේ. (නදී)

:       0       0

චමිල Wednesday, 17 December 2014 04:02 PM

ජනපතිතුමනි , එන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. අභියෝගය බාර ගන්න. නැත් නම් සොරි තමා. (අ)

:       0       0

කිඹුලාපිටියේ Wednesday, 17 December 2014 04:02 PM

ලොව දියුණු රටවල, විශේෂයෙන් මැතිවරණ කාලවලදී, මෙවැනි වාද, විවාද සංවාද පවත්වනවා. එවන් විවාදයක් දෙකක් පවත්වනවා නම් ඇත්ත වශයෙන් ම ඉතාමත් හොඳයි. (අ)

:       0       0

සෙත්මි Wednesday, 17 December 2014 04:11 PM

මම නම් හිතුවේ ඔබ තුමා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ඉගෙන ගත්තේ ජනාදිපති තුමාගෙන් කියලා හිටන්.හෝඩියේ පන්තියේ කතා කියන ඔබ තුමා නායකත්වයට සුදුසු නැහැ . (අ)

:       0       0

ජයමාල් Thursday, 18 December 2014 04:05 AM

ජනාධිපති කෙනෙක් එන්න අවශ්‍යද තමා යටතේ හිටි ඇමති කෙනෙක් සමඟ වාදයකට? දැන් නාවොත් කියයි බයට ආවේ නැහැ කියලා. (නි)

:       0       0

සන්වානි Wednesday, 17 December 2014 04:14 PM

පරණ ග්‍රාම සේවක මහත්තයෙකු හා අධිනීතීඥයෙකු අතර විවාදයක් දකින්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්. (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 18 December 2014 04:09 AM

ජනපතිතුමනි, විවාදයට එන්න. මීට පෙර දෙවතාවක්ම ඔබතුමාට මෙවැනි ආරාධනා ආවා, පසුගිය මැතිවරණ වලදී. නමුත් ඔබතුමා පැමිණියේ නැහැ. බලමු මෙවර එනවද කියලා (නි)

:       0       0

දුලානි Thursday, 18 December 2014 04:10 AM

ජනාධිපතිතුමා මෙම කතාවට කන්නොදෙන බව දන්නා නිසයි මෙහෙම අභියෝග කරන්නේ. නමුත් එතුමා නිකමට හෝ එකඟ වුවහොත් අනිවාර්යයෙන්ම සිරිසේන මහත්තයා කියනදේත් මම දන්නවා (නි)

:       0       0

සජීව Wednesday, 17 December 2014 04:27 PM

කටින්ද කියන්නේ ලජ්ජා නැතිකම....අාප්ප කාපුවිදිහ මතක් කර ගන්න පුළුවන්...ජනාදිපති තුමනි ඔබට ජය..(අ)

:       0       0

නිමල් Thursday, 18 December 2014 04:16 AM

ලංකාවේ මුල්වරට පක්‍ෂයක් කඩාගෙන කෙනෙක් එළියට ගියාට පස්සේ කී දෙනෙක් එක එක පැතිවලට පැන්නද? නමුත් මෙහිදී වැදගත් වන්නේ ප්‍රතිපත්ති මූලිකව ඒ දෙය කරනවා නම් තමයි. වඩා වැදගත් ප්‍රතිපත්ති මූලිකව විවාදයකට එළඹෙන එකයි. නැතුව මඩ ගසාගැනීමක් බුද්ධිමත් ජනතාවකට වැදගත් වන්නේ නැහැ. කෙසේවුවද ලංකාවේ දේශපාලන සදාචාරය තවමත් බුද්ධිමත් නොවේ. එය තවමත් වල්වැදුනු මඩ ගොහොරුවකි. එය පිරිසිදු කළහැක්කේ බුද්ධිමත් මහජනතාවගේ නිවැරදි තීරණයන්ට පමණි. පළමුව දේශපාලනයට පිවිසෙන සෑම කෙනෙකුටම අ.පො.ස. (සා. පෙළ) සමත්වීම අනිවාර්යය කළයුතුය. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 17 December 2014 04:28 PM

පිටරටවල කරන්නේ මේ ක්‍රමය තමයි. (අ)

:       0       0

දිලිප් Thursday, 18 December 2014 04:18 AM

කොල නැතුවම ආවත් ලෙහෙසි වෙන එකක් නැහැ. හැබැයි අතරමඟ විවාදය නවත්වන්නත් බැරි නැහැ.සැමට දැන්වත් දෙනෙත් පෑදේවා!!!!! (නි)

:       0       0

හින්නිමහත්තයා Wednesday, 17 December 2014 04:30 PM

මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා මෙයාගේ තත්වයට වැටෙයි කියලා. (අ)

:       0       0

සවණි Thursday, 18 December 2014 04:22 AM

අනේ මොකක්ද ඔය යහපාලනය කියන්නේ? අපිට නම් ඕවා තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

ජයලත් Wednesday, 17 December 2014 04:33 PM

මෙෙතිුපාල මහත්තයො ඊට ඉස්සෙල්ල ජනතාවට කියන්න තමන්ගෙ සහෝදරයන් හාල් මාපියාව..ගල්..වැලි.මාපියාව කැලෑ මාපියාව..රජරට විනාස කරන ඵකට උත්තර බදින්න වෙයි...(අ)

:       0       0

නන්දන Thursday, 18 December 2014 04:27 AM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ලලින්ද්‍ර Thursday, 18 December 2014 04:29 AM

සෙත්මි, විතාන, ජානක, බමුණු ආරච්චි, වීරසිංහ, සුජිත් ,මොහාන්, උමන්දා, සිරිපාල, පුලුවන් නම් එවන්න. මොනවද ඔට්ටු එන්නේ නැහැ. (නි)

:       0       0

මිහින් Thursday, 18 December 2014 04:30 AM

මෛත්‍රිපාල සිරිසේන මහතා කියපු සමහර දේවල් වලට පසුව කිවුවේ " එහෙම දෙයක් කිවුවේ නැහැ" කියලයි. ඒ නිසා මේ කතාවටත් අවසානයේ කියන්නේ ඒකම වෙයිද දන්නෙ නැහැ‍. (නි)

:       0       0

උමන්ද සිරිපාල Wednesday, 17 December 2014 04:40 PM

එතුමා එනවා ,ඔබතුමා විශ්වාස නැහැ (අ)

:       0       0

කරුණාරත්න Thursday, 18 December 2014 04:34 AM

මොනවා සාකච්ඡා කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

පාලිත මහින්ද මිලානෝ නගරයේ සිට​ Wednesday, 17 December 2014 04:43 PM

ජයලත් මහත්මයා කිව්වා වගේ මෙෙතිුපාල මහත්තයො ඊට ඉස්සෙල්ලා ජනතාවට කියන්න තමන්ගෙ සහෝදරයන් හාල් මාපියාව..ගල්..වැලි.මාපියාව කැලෑ මාපියාව..රජරට විනාස කරන ඵකට උත්තර බදින්න කියන්න​..... ගරැ ජනාධිපති තුමනි අප ඔබ සමගයි. (අ)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 04:36 AM

යහපාලනය කතාකළ හෙළ උරුමයේ තුන්දෙනෙකුට වුණ දේ මතක්වුණා (නි)

:       0       0

අසංග Thursday, 18 December 2014 04:38 AM

අපේ ජනාධිපතිතුමා එක්ක කාටවත් හැරෙන්නවත් බැහැ. (නි)

:       0       0

සමන්ත Wednesday, 17 December 2014 04:52 PM

මේ පාරත් වැරදුනොත් හැමෝටම කන්න වෙන්නේ බත් නෙමේ පස්. (නදී)

:       0       0

කෝසල Thursday, 18 December 2014 04:43 AM

බලමු අභියෝගය බාරගනීද කියලා. මෛත්‍රී, ඔබතුමා නම් නියම නායකයෙක්. ඔබට ජය නියතයි. (නි)

:       0       0

මධුක Thursday, 18 December 2014 04:50 AM

මේ උඩ අදහස් දාලා තිබෙන සමහර අය වෙතයි. ගුත්තිල මුසිල කතාව මෙතනට අදාළ නැහැ. මහින්දත් මෛත්‍රීත් සමකාලීනයෝ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 17 December 2014 05:07 PM

සමන්ත.ඔබගේ අදහස හරියට හරි. (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 17 December 2014 05:07 PM

දැනට රටට කරලා තිබෙන සංවර්ධනය හොඳටම ප්‍රමාණවත්. (නි)

:       0       0

ඇසිලින් Wednesday, 17 December 2014 05:08 PM

කාගෙන්ද දැන් මේ විවාදයට මෛත්‍රී මහත්තයා උපදෙස් ගන්නේ? (නි)

:       0       0

සෝබනා Wednesday, 17 December 2014 05:10 PM

එන්නේ නැහැ.ඒක ඉර හඳ වගේ විශ්වාසයි. (නි)

:       0       0

ගයාන් Wednesday, 17 December 2014 05:11 PM

මොනවා කියන්නද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

කීර්ති Thursday, 18 December 2014 05:03 AM

ජනාධිපතිතුමා එන එකක් නැහැ (නි)

:       0       0

ජයනි Thursday, 18 December 2014 05:04 AM

ජනපතිතුමනි, අභියෝගය බාරගන්න (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 17 December 2014 05:38 PM

ලංකාවේ බහුතරයකට ආසන්න පිරිසක් මෝඩයි. දේශපාලකයන්ට කෙලෙහි ගුණ සලකන්න ඡන්දෙ දෙන මෝඩයෝ. අමුතුවෙන් සලකන්න දෙයක් නෑ අවුරුදු දෙක තුනකින් පරම්පරා දෙක තුනකට හම්බු කරනවා. අපි කරන්න ඕන මතු පරපුර ගැන හිතල ඡන්දය පාවිච්චි කරන එක. ඒ නැතුව මේ අයගේ බොරුවලට අහුවෙලා තවත් රට විනාශයකට ඇද දාන එක නොවේ. (නදී)

:       0       0

චන්ද්‍රදාස Thursday, 18 December 2014 05:06 AM

අපි 9 වෙනිදටම බලමු (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 17 December 2014 05:43 PM

එයි කියලා තමයි බය ඇවිල්ලා මොනවා කියන්නද? (නදී)

:       0       0

නිම්මී Wednesday, 17 December 2014 05:45 PM

මොනවද මේ කතා (නදී)

:       0       0

කපිල Saturday, 20 December 2014 09:28 AM

දැන්නම් වෙනසක් ඕන.(හේ)

:       0       0

රොෂීන් චාරුත Wednesday, 17 December 2014 05:47 PM

මෙතන සමහරු දාලා තියන එවා දැක්කම හිනා යනවා. විවාදයකට අභියෝග කිරි හෝඩියේ වැඩක්ලු. එහෙනම් ඉතින් දේශපාලන වැඩසටහන් නවත්තනන් වෙනවා. අනික මේවා සංවර්ධිත රටවල නිතර සිද්ද වෙන දේවල්. ඔබාමත් මේ වගේ වාදවලට හිටියානේ. ඇමරිකාවේ විවාදය තිබ්බේ විශ්ව විද්‍යාලයක. ඔවුන් දරන මත විවාදයකදී ජනතාවට හොදින් ග්‍රහණය කරගන්න පුලුවන්. වේදිකා දෙකකට වෙලා වලං බිදිනවාට වඩා ඒක හොදයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 426 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 523 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 710 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1005 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site