( සිතුම් චතුරංග)
වවුනියාව ,පම්පමඩුව දෙමළ ප්‍රාදේශිය සභා ඉඩමෙහි ළිඳක්තුල තිබී ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 2298 ක් සොයාගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක් සංවර්ධනය නොකළ ප්‍රාදේශිය සභා ඉඩමේ ඉදිකිරීම් සිදුකොට එහි තිබූ පැරණි ළිඳ සුද්ධ පවිත්‍ර කිරීමේදී සේවකයින් පිරිසකට ජීව උණ්ඩ කිහිපයක් හමුව ඇති බව පොලිසිය පැවසීය.
ඒ අනුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත පූවරසන්කුලම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ළිඳ පරීක්ෂා කිරීමේදී උණ්ඩ තොගය හමුවී ඇති බව සඳහන් කළේය.
සොයාගත් ජීව උණ්ඩ පසුගිය යුද සමයේ එම ස්ථානයේ යුද හමුදා කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම කඳවුරේ භාවිතා කළ ගිනිඅවි උණ්ඩ එලෙස ළිඳතුල තිබෙන්නට ඇති බවට සැකපලකරන බවත් පොලීසිය කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වව්නියාවේ ළිඳකින් ටී 56 උණ්ඩ තොගයක් මතුවෙයි
Ruwan De Silva Thursday, 06 June 2024 06:18 PM
ඡන්දය ලං වුණාම ඔහොම දේවල් එළියට එනවා, තව ටික දවසකින් බේරේ වැව දෙබෑ කරන් නාගයෙක් සතුවෙයි...!
නඳුන් Friday, 07 June 2024 05:36 PM
ආ ඡන්දයක් ළංවෙනකොට ඕවා සාමාන්‍ය දේවල්... හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මිනිස්සු ඕවාට අහුවෙන්නේ නෑ...