IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැව්රුකන්නලත් අලියෙක් කුලප්පු වේ

දික්වැල්ලේ වැව්රුකන්නල රජමහ වෙහෙර පෙරහරට රැගෙන ආ අලියෙක් කුලප්පු වී ගොව්වා පසුපස දිව්වේය.

ගොව්වා අල්ලාගත නොහැකි වු විට අලියා ඔහු  ගැවසුණු පදෙසේ තිබු කාරයකට පහර දුන්නේය.

ගහකොළ කඩා දැම්මේය,යතුරුපැදි කිහිපයක් ද පෙරළා දැමුවේය.ගෙයක් අස්සේ සැඟවුණු ගොව්වා බේරුණේය.

මිනිත්තු හතලිස්පහක් පුරා ත්‍රාසය  හා භීතිය පැතිර වු මෙම අලියා ගස් බැඳ දැමීමට ගොව්වෝ පිරිසක් සමත් වුහ.

 

 

 



අදහස් (0)

වැව්රුකන්නලත් අලියෙක් කුලප්පු වේ

සුරේෂ් Friday, 16 May 2014 10:02 PM

අර පොලිස් නිලධාරින් දුවන්න බලාගෙන ඉන්නේ මොක ද අලියෙක් කුලප්පු වෙලා ද ? (ස)

:       0       0

ජෝශප් Friday, 16 May 2014 10:03 PM

අනේ රනිල් මහත්තයෝ ඔයාටවත් මේ අලි කලබල නතර කරන්න බැරිද ? (ස)

:       0       0

චන්දන Friday, 16 May 2014 10:53 PM

පන්නිපිටියේ පන්සලක ඉන්නවා නාබර ඇත් පැටව් තුන් දෙනෙක්, හැම මොහොතේම උන් දම්වැල් ගලවාගෙන යන්න හදනවා. ඉතින් එතනම එහා පැත්තේ හාමුදුරුවෝ බණ කියනවා. සත්ත්ව හිංසාව ගැන කතා කරනවා. (ස)

:       0       0

සරත් බණ්ඩාර Saturday, 17 May 2014 12:55 AM

අලි කුලප්පු වෙන්නේ දැන් වැව්රුකන්නල ඇත් ගොව්වා බීල ද හිටියේ. (ස)

:       0       0

ජේමිස් Saturday, 17 May 2014 05:56 PM

පහන් කොළුවෝ දවල්ද ඕක වුනේ? (නදී)

:       0       0

හිල්මි Saturday, 17 May 2014 02:13 AM

අලියා මහා පර්වතයක් වගේ හිටියට හරි අහිංසක සතෙක්. මෙතන මිනිසුන් වැරදියි කියන එකයි මගේ නම් අදහස. (ස)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 17 May 2014 02:45 AM

බුදු දහම සහ අලි ඇතුන් කියන්නේ බුදුන්ගේ කාලේ ඉඳල එන හොඳ බැඳීමක් , පෙරහරේ යන අලි ඇතුන්ට පිරිත් කියල පිරිත් වතුර ඉහල තමා ගමන් කරවන්නෙ. එහෙම කරන්නේ සතුන්ට දක්වන ආදරය කරුණාව නිසා , අලි ඇතුන් උනත් පෙර හැරේ ගමන් කරන්නේ බොහොම ආඩම්බරේට. සමහර අලි ඇතුන් බොහොම ප්‍රීතියෙන් බෙර පදයට නට නට එන නිසා කාටවත් කියන්න බැහැ මේක අලි ඇතුන්ට කරදරයක් කියල. හැබැයි සමහර ගොවුවෝ බීල මේ සතුන්ට හිරිහැර කරලා එයාලම අවුස්සා ගන්නවා , සමහර සුදු මිනිසුන් අලින්ව බලාගන්නේ අතේ කෝටු කෑල්ලක්වත් නැතුව. කවදාවත් එ් සතුන් තමන්ව බලාගන්න මනුස්සයට හිරි හැර කරන්නේ නැහැ . අපේ ගොවුවන්ටත් දැන් කාලේ ඇවිත් හෙණ්ඩුව පැත්කට දාල කාරුණික විදියට මේ සතුන්ට සලකන්න. එතකොට මෙහෙම ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. (ස)

:       0       0

කලා Saturday, 17 May 2014 03:06 AM

ආණ්ඩුව කරන පිස්සු වැඩ වලට දැන් අලිත් පිස්සු නටනවා. (ස)

:       0       0

සමන් පෙරේරා සෞදි Saturday, 17 May 2014 06:34 PM

අලි ඇතුන් නිකන් කුලප්පු වෙන්නේ නැහැ, හුඟක් දුරට එය වෙන්නේ ඇත් ගොව්වගේ වරදින්.(නදී)

:       0       0

සෑම් Saturday, 17 May 2014 03:22 AM

අවිහිංසාව පදනම වූ බුද්ධ ධර්මයේ නාමයෙන් මේ සතුන්ට කරන හිංසාවන් පල දෙන්න පටන් අරන්. අපේ සංස්කෘතියේ හැමදාම අලි හිටියා කියා සතුන්ට වදහිංසා කිරීම නවත්වන්න කාලය ඇවිත්. (ස)

:       0       0

නවීන් Saturday, 17 May 2014 03:27 AM

සාමාන්‍යයෙන් අපේ රටේ නිතරම කුලප්පු වෙන කොට්ඨාශ දෙකක් ඉන්නවා. එකක් අලි. අනෙක දේශපාලකයෝ.! (ස)

:       0       0

චම්පිකා Saturday, 17 May 2014 03:34 AM

ඉඳලා හිටලා කුලප්පු වෙන අලි විතරයි පෙරහරේ යන්න හරි බේරිලා ඉන්නේ. යන්තම් හරි හීලෑ බවක් පෙන්නුවොත් හෙටම ගිහිල්ල ලඟදි ඉඳලා වලව්වේ හාමුලා වෙන්න දඟලන බලවතෙකුගේ ගෙදරට ගාල් වෙන්න වෙන බව අලිත් දන්නවා. (ස)

:       0       0

මෙවන් Saturday, 17 May 2014 03:41 AM

ජෝශෆ් මහතා දන්නේ නැද්ද කුලප්පු වුන අලි සම්බන්ධයෙන් රනිල් ට දැන් කරන්න දෙයක් දෙයක් නැහැ කියලා. ඔක්කොම දැන් අල්ලපු ගෙදෙරට ගිහිල්ලා.‍ (ස)

:       0       0

සෝමසිරි Saturday, 17 May 2014 06:22 AM

දන්නේ නැති නිසයි අහන්නේ.අලින්ව වහල්කමට ගෙන විසිතුරු වැඩවලට යොදාගන්න කියලා තියෙන්නේ කොහේද? ‍(නි)

:       0       0

සලීම් Saturday, 17 May 2014 07:14 AM

දැන් ඉන්නා අලි ටික හෙණ්ඩුවෙන් පාලනය කරන්නට අමාරු නිසා නරකද අතට කෙවිටක් දුන්නොත් ‍(නි)

:       0       0

චමිල Saturday, 17 May 2014 08:45 AM

“ඇතෙක් කුලප්පු වුණේ හැදිලාද වලිප්පු-ඇත්ගොව්වා මනප්පු හොඳ හැටි බීලා කසිප්පු“ ඇන්ටන් ජොන් මහත්මයාගේ සිංදුව මතක් වුණා ‍(නි)

:       0       0

සමන්ති Saturday, 17 May 2014 09:34 AM

පිටබැද්දර ජයා, ඔය අලි ඇතුන් මහා ප්‍රීති ප්‍රමෝදයෙන් පෙරහැරේ යනව නං ඇයි උන්ගෙ කකුල් දෙකටම දම්වැල් දාල පෙරහැරේ ගෙනියන්නෙ. වැරදි කරනවට වඩා නරකයි වැරදි සාධාරණය කරන එක. (ස)

:       0       0

චන්දන Saturday, 17 May 2014 09:48 AM

පිටබැද්දර ජයා මහත්මයා, ඔය කියන බැඳීම අනුව අලි ඇතුන් විලංගු දාලා පෙරහැරේ ගෙනියන්න කියලා කියලා තිබෙනවද? වෙසක් සතියෙවත් බොරු කතන්දර නොකියා ඉන්න ‍(නි)

:       0       0

කපිල Saturday, 17 May 2014 10:44 AM

පහන් ඔයාගේ වාහනේ මොන පාටද? (අ)

:       0       0

මිලින්ද Friday, 16 May 2014 06:31 PM

යාන වාහන නැති කාලවල සතුන්ගෙන් වැඩ ගත්තත් මේ කාලයේ සතුන් බැඳගෙන වැඩගන්න එක මම අනුමත කරන්නෙ නැහැ. මේ දම්වැල් දාගෙන අල්ලාගෙන ඉන්න අලි ඇතුන් මුලු ජීවිත කාලයම ශාරීරිකව වගේම මානසිකව අපමණ පීඩා විඳිනවා. (නි)

:       0       0

පහන්දී Friday, 16 May 2014 06:37 PM

බලාගෙන ගියාම අම්බලන්ගොඩ කුලප්පු වූ අලියා හොඳයි වගේ. මං දැක්කා කවුද කියලත් තිබුනා '' ඒ පැත්තේ අය කොහොමත් කුලප්පු වෙනවා" කියලා. ඒ කියපු කෙනා දැන් මොකද කියන්නේ? (නි)

:       0       0

ශානි Friday, 16 May 2014 06:39 PM

කොහොමද වැඩේ? පේනවා නේද අලියගේ තරම? (නි)

:       0       0

උදයකාන්ත-ඇෆ්ගනිස්තානය Friday, 16 May 2014 06:41 PM

අලි එක්ක සෙල්ලම් නැහැ ළමයෝ. කුලප්පු වෙන වෙලාව කියන්න බැහැ.මේ දිනවල අලි දඟලනවා වැඩියි.අලි පැටවු හොරකම් ආරංචි වෙලාද? (නි)

:       0       0

කුසුම් Friday, 16 May 2014 06:52 PM

වන සතුන්ට පාඩුවේ ඉන්න නොදෙන මිනිස්සු හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති. ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් කාලේ, කුලප්පු වෙලා ඉන්න මිනිස්සුන්ව දකිද්දී අලියත් කුලප්පු වෙන්න ඇති.(නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 16 May 2014 07:00 PM

ඕකනේ පහන්දී, කොකාට වාරයක් ආවා නම්,තිත්තයාටත් වාරයක් එනවා කියලා කියන්නේ. මේ අලියා කළ අපරාධයත් එක්ක අම්බලන්ගොඩ අලියා කළ අපරාධයක් නැහැනේ.(නි)

:       0       0

පිටිගල Friday, 16 May 2014 07:25 PM

දැන්,දැන්, අලි කුලප්පු වෙනවා වැඩියිනේ. මොකද දන්නේ නැහැ.(දිල්)

:       0       0

පිටිගල Friday, 16 May 2014 07:29 PM

හැබැයි මත්පැන් බිවු ඇත්ගොව්වෝ කෙරෙහි නම් අලි ඇතුන් සිතේ තරහක් ඇති වෙනවා කියලා දවසක් අපේ ආතා මා එක්ක කිව්වා.මට තවමත් මතකයි. (නි)

:       0       0

අමිල Friday, 16 May 2014 08:06 PM

ආගම්වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ (ස)

:       0       0

මහින්ද ඉතාලි Friday, 16 May 2014 08:08 PM

මෙවැනි අවස්තාවල විශේෂයෙන් පෙරහැරවල්වල වනජීවී නිලධාරීන්ගේ සේවය අනිවාර්ය කල යුතුයි. එහෙම කලොත් විශාල අනතුරකින් ජීවිත හා දේපල හානි අවම කරගත හැකි වෙනවා , (ස)

:       0       0

වසන්ත Saturday, 17 May 2014 01:34 PM

මුළු රටේම අලි ඇතුන් ආරක්ෂා කරගන්න ක්‍රමයකට යන්න.(නදී)

:       0       0

දම්මි Friday, 16 May 2014 08:53 PM

ආගම් වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ. (ස)

:       0       0

පහන් Friday, 16 May 2014 08:53 PM

මගේ වාහනේ පස්සේ අලියෙක් පන්නගෙන ආව, මම කරපු දේ වමට සිග්නල් දාල කෙලින්ම ගියා.අලියා වමට හැරුනා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3825 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2793 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3571 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3263 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 732 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1412 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36125 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24136 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site