IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


විවාහයෙන් පස්සේ සාරංගත් එක්ක ගෙවන ජීවිතය කොහොමද?

20160112-relationship-04

20160112-relationship-01-new

 

0101විවාහයෙන් පස්සේ සාරංගත් එක්ක ගෙවන ජීවිතය කොහොමද?
හරිම නැවුම් බවක් තියෙනවා. දවසින් දවස ඒ නැවුම් බව වැඩිවෙනවා. හොඳින් සතුටින් කාලය ගෙවෙනවා.


010120160112-relationship-03විවාහයට පෙර සාරංගත් එක්ක තිබුණු සබඳතාව සහ අද දවස අතර වෙනස කොහොමද දැනෙන්නෙ?
බොහොම ශක්තිමත් බැඳීමක් තිබුණේ. හදවතේ තිබුණ ඒ බැඳීම නිසාම වෙන්න ඇති අපේ සම්බන්ධය විවාහය දක්වාම ගියේ. විවාහයෙන් අර්ථ ගැන්වෙන ආකාරයට විශ්වාසය, වාසනාව මේ හැමදෙයක්ම අපි අතරේ තියෙනවා. 


0101ඔබට සාරංගගෙන් මොනවගේ සහයක්ද ලැබෙන්නෙ?
අපි දෙන්නම රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධයි. රංගන ක්‍ෂේත්‍රයේදී සාරංගට අත්දැකීම් ගොන්නක් තියෙනවා. ඔහු වැඩි කාලයක් යොදවන්නෙ ඒ වෙනුවෙන්. ඒ නිසා අපි ඒ දැනුම බෙදා හදා ගන්නවා. ඔහු බොහොම අව්‍යාජ ලෙස මට ඒ දේවල් කියලා දෙනවා. අපි අතරේ හොඳ කතාබහක් තියෙන නිසා එය අපේ වැඩවලට හරිම පහසුවක්.


0101සාරංගගේ අම්මා ගැන මොනවද කියන්න තියෙන්නෙ?
ඇත්තටම මම හරි වාසනාවන්තයි. එයාව දැකපු පළමු මොහොතෙම නිරායාසයෙන්ම අම්මා කියලා කතා කළා. සාරංගගේ අම්මා මාව දකින්නෙ එයාගේම දුවෙක් විදිහට. ඉතිං මම විවාහවෙලා පිටගෙදරකට ආවා කියන හැඟීම මට නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අම්මත් රංගන ක්‍ෂේත්‍රයේ අත්දැකීම් තියෙන කෙනෙක්. ඒ නිසා ඒ දැනුමත් මට වැදගත්වෙලා තියෙනවා. අපි දෙන්නා අතරේ හොඳ සම්බන්ධතාවක් තියෙන්නෙ.


0101සාරංග කිව්වෙ නම් අම්මයි, ඔයයි තරගෙට එයාට සලකනවා කියලා?
(සිනාසෙයි). ඒ කියන්නෙ එයාට කිසිම අඩුවක් නෑ කියන එකනෙ. අම්මා කෙනෙක් කොහොමත් බලන්නෙ තමන්ගෙ දරැවන්ව සතුටින් තියන්න. ඉතිං මාත් හැමවිටම උත්සාහ දරනවා උපරිමයෙන් සාරංගට අවශ්‍ය දේවල් ලබාදෙන්න. ඒ නිසා තමයි අපි තුන්දෙනා ගොඩක් සතුටින් ගෙදර ඉන්නෙ.


0101නළුවා කියන සාරංග සහ සැමියා කියන සාරංගගෙ වෙනස කොහොමද ඔයා දකින්නෙ?
ඔව්, මම සාරංගව අඳුන ගත්තේ රංගන ශිල්පියෙක් විදිහට. නමුත් මම ළංවෙන්නේ සාරංග කියන පුද්ගලයට. විවාහයට පෙර වුණත් අපි අතරේ හොඳ විශ්වාසයක් තිබුණා. අදත් එහෙමයි. සමහර අය වගේ නීති දාන්න, කකුලෙන් අදින්න එන්නෙ නෑ. මට ඒ අවශ්‍ය නිදහස දීලා තියෙනවා. අවශ්‍ය තැනදි එයා මුල්තැන ගන්නවා වගේම අවශ්‍ය විටදි මටත් මුල් තැන දෙනවා. මව්පියො එක්ක වුණත් සම්බන්ධතාව පවත්වන ආකාරය හරිම සමබරයි. ඉතිං සාරංග ස්වාමිපුරැෂයෙක් විදිහට යහපත් පවුල් ජීවිතයක් ගෙනියනවා.

රංගන ශිල්පියෙක් විදිහටත් ඔහුගේ පැහැදිලි වෙනසක්, දියුණුවක් තියෙනවා. දර්ශන තලයකදි වුණත් අදාළ චරිතයට පණ පොවන්න කලින් ඔහු වෙන සුදානම හරි වැදගත්. කාලයක් තිබුණා සාරංග කියන්නෙ පෙම්වතාගේ චරිතයට ගැළපෙන කෙනෙක් කියලා. නමුත් ඔහුම පෙන්නලා තියෙනවා ඔහුගේ රංගන පරාසය පිළිබඳව. මේ වෙන කොට විවිධ චරිත මගින් ප්‍රේක්‍ෂකයෝ අතරට සාරංග ඇවිත් තියෙනවා. එයා හැමවිටම උත්සහ දරනවා තමන්ගේ උපරිමය නිර්මාණයට දෙන්න.

 

0101සාරංග විවේකය ගත කරන්න කැමති කොහොමද?
වැඩියෙන්ම කැමති ගෙදර ඉන්න. මොකද මේ රස්සාව කරන කෙනෙක් දන්නවා මොන තරම් කාර්ය බහුලද කියලා. ඒ නිසා විවේකය ගත කරන්න වඩාත්ම කැමති තැන ගෙදර. ගෙදර හිටියා වුණත් Film බලනවා. වේදිකා නාට්‍යයක් බලන්න යනවා. සින්දු අහනවා. අම්මා එක්ක කාලය ගත කරනවා. ඔය වගේ දේවල් තමයි කරන්නෙ.


0101ඔහුගෙන් ඔබගේ අධ්‍යාපන කටයුතුවලට ලැබෙන සහය කොහොමද?
ඒක හරි වැදගත්. ඇත්තටම අපි අතරේ සම්බන්ධතාවයක් තිබුණ කාලේ තමයි මට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවෙන්න වුණේ. එතනදිත් මට යන්න එපා කිව්වේ හරි, කකුලෙන් ඇද්දෙ හරි නෑ. එයා කිව්වෙ යන්න, ගිහින් ඒ වැඩ කරගන්න කියලා. මම ගැන විශ්වාසයකින් කටයුතු කළේ. ඉතිං ඒක හරිම වැදගත්.


0101පවුලට අලුත් සාමාජිකයෙක් ගේන්න අහදසක් නැද්ද?
අදහසක් තියෙනවා. නමුත් සම්පූර්ණ කරගතයුතු කාරණා කිහිපයක් තියෙනවා. කරන්නන් වාලේ වැඩ කරලා හරියන්නෙ නෑනේ. ඒ නිසා අපි හැමදෙයක්ම කරන්නෙ සැලසුමකට අනුව.

 

 

20160112-relationship-02-new

010120160112-relationship-05කොහොමද උමාලිත් එක්ක ගෙවන විවාහ ජීවිතය?
ම්...ම්...ම්... හොඳයි. වරදක් නැහැ. බොහොම සුන්දර නැවුම් අත්දැකීමක්. අපි විවාහ වුණේ 2014 මාර්තු 14 වැනිදා. වසර දෙකකට ආසන්න වෙමින් තියෙනවා. අපේ විවාහ ජීවිතය බොහොම සුහදව, සුන්දරව කාලය ගෙවෙනවා.

 

0101විවාහයට පෙර කාලයත් එක්ක බලද්දි අද වෙනස දැනෙන්නේ කොහොමද?
වසර 7ක පමණ ඇසුරකින් පස්සෙ තමා අපි විවාහ වුණේ. ඒ කාලේ උමාලි වැඩිපුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවෙලා හිටියේ. ඉතිං ඒ දවස්වල දුරකථනයෙන් සහ අන්තර්ජාලය මඟින් තමයි අපේ සන්නිවේදන කටයුතු සිදුවුණේ. ඇය වරින්වර ලංකාවට ආවා. ඒ කාලෙත් ගොඩක් හොඳින් ගෙවුණා. දැන් එක වහලක් යට ඉන්නෙ. ඒ අත්දැකීම පෙරට වඩා වෙනස්. නමුත් ගැටලුවක් නැහැ. හොඳින් ජීවිතේ ගෙවනවා.


0101උමාලි ටිකක් සැරයි නේද?
(සිනාසෙයි) නැහැ. එහෙම දෙයක් නැහැ. හැබැයි එයා බොහොම ප්‍රතිපත්තිගරැක කෙනෙක්. මූනිච්චාවට හිනාවෙන, කතා කරන කෙනෙක් නෙවෙයි. ඕනම දෙයක් කෙළින් කතා කරන්න පුළුවන්. සමහර වෙලාවට මමත් ඒ ගැන කියලා තියෙනවා. එයාව ළඟින් ඇසුරැ නොකරන කෙනෙක් ඇතැම් විට කියන්න පුළුවන් උමාලි කතා කරන්නෙ නෑ. හිනාවෙන්නෙ නෑ කියලා. නමුත් එයාව දන්න අය දන්නවා උමාලි කොහොම කෙනෙක්ද කියලා. සමහර වෙලාවට උමාලිට වඩා මට තරහ යන වෙලාවල් තියෙනවා. ඒත් ඒ හැමදෙයක්ම නිරවුල් කරගන්න අපිට පුළුවන්. 


0101ඔයාගේ අම්මා සහ උමාලි අතර තියෙන සම්බන්ධතාව ඔයා කොහොමද දකින්නෙ?
ඇත්තටම ඒ අතින් මම බොහොම වාසනාවන්තයි. මොකද උමාලියි අම්මයි අතරේ බොහොම හොඳ ශක්තිමත් බැඳීමක් තියෙන්නෙ. එයා කවදාවත් මගේ අම්මට ඇන්ටි කියලා හරි නැන්දෙ කියලා හරි කතා කළේ නෑ. පළමු මොහොතේ ඉඳලම අම්මා කියලා තමයි කතා කළේ. ඒ වගේම ඒ දෙන්නටම ඕනම ප්‍රශ්නයක් විවෘතව කතා කරන්න පුළුවන්. ඒක හරිම වැදගත්. සම්ප්‍රදායික නැන්දම්මා, ලේලි ගැටුම් අපේ ගෙදර නැහැ. බොහොම සතුටින් තමයි අපි ඉන්නෙ. අම්මයි, උමාලියි දෙන්නම මට තරගෙට සලකනවා. අපි ගොඩක් හොඳින් ගෙදර ඉන්නෙ.


0101උමාලිගේ විලාසිතා ගැන ඔයා මොකද හිතන්නෙ?
එයාට ගැළපෙන දේවල් තමයි එයා කරන්නෙ. මමත් සහය වෙනවා. ඇය පොළවෙ පයගහලා ඉන්න කෙනෙක්. ඒ නිසා දන්නවා තැනට අවශ්‍ය විදිහට කොහොමද අඳින්නෙ, පළඳින්නෙ කියන එකත්. කොහොමත් උමාලිට අනන්‍ය රටාවක් තියෙනවා. එයා ලංකාවේ වගේම විදෙස්ගත වෙලත් හිටපු කෙනෙක්. ඒ නිසා ඒ වෙනස්කම් ගැන අවබෝධයක් තියෙනවා. හැබැයි ඉතිං මෙහෙ සමහර දේවල් එක්ක නම් එයාට කේන්ති එනවා. ඒ දේවල්වල අසාධාරණයකුත් නැහැ. මොකද උමාලිට සමාජ වෙනස්කම් හොඳට තේරෙනවා. ඒ දේවල් එක්ක තමයි එයා ප්‍රතිපත්තිගරැක ජීවිතයක් ගත කරන්නෙ. කෑම බීම ගැන කතා කළත් එයා වෙජිටේරියන්.


0101ඇය උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක්. තවදුරටත් ඇගෙන් රටට වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නෙ නැද්ද?
ඒක හරි. ඇත්තටම අපි ඒ ගැන කතා කරමින් ඉන්නෙ. ඉදිරි අධ්‍යාපන කටයුතු කොහොමද කෙරෙන්නෙ කියලා අපි සැලසුම් කරමින් ඉන්නෙ. ඉදිරියේදී ඒ ගැන අපි තීරණයක් ගන්නවා. කලා කටයුතු ගැන වුණත් අපි කතා කරනවා. අදහස් බෙදා හදා ගන්නවා.


0101උමාලි විවේකය ගත කරන්න කැමති කොහොමද?
ඇත්තටම විවේකයක් තියෙන වෙලාවට අපි හැම විටම උත්සාහ කරන්නෙ ගෙදර ඉන්න. අපි දෙන්නම කාර්යබහුල නිසා ගෙදර ඉන්න තියෙන වෙලාව ගොඩක් අඩුයි. ඒ නිසා ගෙදර ඉන්න තමා වැඩියෙන් කැමති. ඒ වගේම කොළඹින් පිට යන්න කැමතියි. අපේ කාර්ය බහුලත්වයත් එක්ක ටිකක් එළියට ගිහින් හුදෙකලා වෙන්න උත්සාහ කරනවා. ගෙදර ඉන්නවා නම් චිත්‍රපටයක් බලනවා. සින්දු අහනවා. වේදිකා නාට්‍යයත් බලනවා. විවේක කාලයත් බොහොම සතුටින්, විනෝදයෙන් ගත කරනවා.


0101උමාලි කියන ගායිකාව මොන වගේද?
ඔව් ඇයට ගායන හැකියාව තියෙනවා. කේමදාස මාස්ටර් ගාව කාලයක් සංගීතය ඉගෙනගෙන තියෙනවා. ගායනයට අදාළව ඉදිරි වැඩකටයුතුත් ඇය කරමින් ඉන්නවා.


0101ඔබ උමාලිව තේරැම් අරන් ඉන්නෙ මොන විදිහටද?
උමාලි ප්‍රතිපත්තිගරැක කෙනෙක්. එයා කරන කියන දේවල් ගැන එයාට හොඳ අවබෝධයක් තියෙනවා. විවෘතව ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. ඉතිං ඇයත් එක්ක ගෙවන ජීවිතය බොහොම නැවුම්. කරන දේ හරියටම එයා කරනවා.

 


 - ආශිකා - / සේයාරෑ | සුමුදු 



අදහස් (0)

විවාහයෙන් පස්සේ සාරංගත් එක්ක ගෙවන ජීවිතය කොහොමද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 825 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5144 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1407 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28236 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site