IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


විවාහ වුණාට අපි තාමත් පෙම්වතුන්

 BUP(SH)_DL_PR_04 pkjklhk

ජීවිතය වෙලාවකට හරි පුදුමයක් කියලා වගේම පුදුමයක්ම නොවේ කියලත් හිතෙන්න පුළුවනි. ඒ කොයි හැටි හෝ වේවා ජීවිතයේ අහම්බයකින් සිදුවන දේත් තියෙනවා. ‘‘දුලීකා - සුජීවගෙ’’ හමුවත් ඒ වගේද? නැතිනම් පතාගෙන ආ විදියට වෙච්ච දෙයක්ද? ඒත් නැත්නම් කලාන්තරයක් තිස්සේ පැවත එන පේ‍්‍රමයක්ද? ලෝකයට පෙනෙන්න ලොකුවට උත්සවයක් ගත්තෙ නැති වුණත්. මේ දෙන්නා අතර විවාහය පසුගියදා ලියා පදිංචි කෙරුණා. දුලීකා විවාහ වන්නෙ කා එක්කද කියන වගවත්, සුජීව විවාහ වෙන්න කා එක්කද කියන වගවත් මේ ලියාපදිංචිය සිදුවන තෙක්, මාධ්‍යයට ප‍්‍රකාශ කෙරුණේ නැහැ. කොහොම වුණත් දැන් දුලීකා මාරපන සහ සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ අතර විවාහය ලියාපදිංචි වී හමාරයි. ඒ වුණත් ඇයි මේ දෙන්නා උත්සවයක් නොගත්තෙ? මේ සියල්ල ගැන සුජීව ප‍්‍රියාල් යද්දෙහිගේ හෙවත් දුලීකාගෙ ආදරණීය සැමියා සඳැල්ලට කීවේ මේ විදියටයි.

 

 


star සුජීව, දුලීකා ඔබට කතා කරන්නේ?
සුජීව අය්යා කියලා.


star දුලීකා ගැන ඔබට ඇති අතීත මතකය මොන වගේද?
මම වේදිකාවට ආවේ 94දී විතර, ධර්මසිරි බණ්ඩාරනායක ශූරීන්ගේ යක්‍ෂාගමනය නාට්‍යයෙන්. පසුව 2001දී විතර දුලීකා ගැන දැන ගත්තා. ඒ බන්ධුල ජයවර්ධනයන්ගෙ ස්වර්ණමාලී නාට්‍යයෙන්. එදා ඇය ගයමින්, රඟමින්, නර්තනයෙන් වේදිකාවට අපූරු ආලෝකයක් ගෙනා ශිල්පිනියක වග දැන සිටියා. ඉතින් ඒ දක්ෂතාවලට මම ගොඩාක් ගරු කළා. ඊට පස්සේ අපි දෙන්නට එකට රඟපාන්න ලැබුණෙ මීට අවුරුදු දෙකකට විතර පෙරදීයි.

5
star එතකොට ආදරයක් ඇති වුණේ?
ඒ හැඟීම මට ආවේ ඇයගෙ දඩබ්බරකම නිසයි. ඒ කියන්නෙ සමහර දේවල් නාහෙට - නාහන තැන් තිබුණා. අසාධාරණකම්වලදී අයුක්තියේදී ඇය කට පියාගෙන හිටියෙ නැහැ. වහාම පෙනී සිටියා. ඇයගෙ දඩබ්බරකම කියලා මම කිව්වෙ ඒකටයි. මාත් එහෙමයි. අසාධාරණය. අයුක්තිය හමුවේ මාත් දඩබ්බරයෙක්. මේ පවතින සමහර දේ ගැන අපිට තියෙන්නෙ විරෝධයක්. ඒ කියන්නෙ කලාවේ වෘත්තීය මට්ටම ආදී සියල්ල සහ ඒවාට ලැබෙන වටිනාකම් ආදී සියල්ල ගැන. දුලීකා ඒ වගේ දේ වෙනුවෙන් පෙනී සිටින චරිතයක්. කලාව ගැන, සමාජය ගැන  දුලීකා සහ මම හිතන දේ බොහෝ දුරට සමානයි. ඒ වගේම අපේ පුද්ගලිකත්වයට බැරවෙන දේ කරගන්නවාට වඩා, අපි දෙන්නගෙම අරමුණ වුණේ, හොඳ නාට්‍යයක් කිරීම. හොඳ නිර්මාණයක් කිරීම වගේ දේවල්, මේ සියල්ල නිසා මේ ගැලපීම වෙන්න ඇති.


star ඒක කොහොමද ආදරයකට පෙරළුණේ?
කවද්ද, කොහොමද, මොන විදියටද කියලා කියන්න බැහැ. සමහර විට ගැහැණු - පිරිමි කැමැත්ත ලිංගික විරුද්ධකම් මත වෙන්න පුළුවන්. නැතිනම් හැඟීම් නිසා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය අර මම මුලින් කිව්ව සමාජයට හිතකර දඩබ්බරකම් නිසා වෙන්න පුළුවනි.


star ඒ දඩබ්බරකම විවාහ වෙන්න  ඕනෑ කියන තැනට ආවේ?
දුලීකා වගේම සමාජයේ බහුතරයකගේ සම්මතය වන්නෙ වයස අවුරුදු 20දී හෝ 25දී විවාහ වීමටයි. කොහොම වුණත් ඒ වයස නොවුවත්, මේ සිවිල් සමාජය ඇතුලෙ අපට කළ යුතු දේ තියෙනවා. ඉතින් ඒ සිවිල් සමාජයේ තිබිය යුතු දේ නිසා ලිඛිතව සහතිකයක් ගත්තා. හැබැයි දැනටත් අපි සම්ප‍්‍රදායානුකූලව හිතන්නෙ නැහැ. ඒ නිසා විවාහය ප‍්‍රකට කරන්න  ඕනෑ. කියන දේවල් අපට තිබුණෙ නැහැ. අපි තවමත් පෙර සේම හොඳ මිත‍්‍රයින්, එකිනෙකාට ගරු කරන කලාකරුවන්, පෙම්වතුන්. මෙය පුද්ගලික දෙයක් කියායි හිතන්නෙ.


star මේ විවාහ ලියාපදිංචියට සහභාගී වුණේ?
දෙපාර්ශවයේ දෙමාපියන්.


star යාළුවෝ පාටි ඉල්ලනවා නේද?
ඔව්, ඒක ස්වභාවයනෙ. ඒකත් අපි අපට හිතෙන විදියට කරන්න සැලසුම් කළා. ඒ කියන්නෙ ‘‘ලෝරන්ස්ගෙ මනමාලී’’ නාට්‍යයේ දර්ශනවාර 50 සම්පූර්ණ වන දිනට අපි එය කරනවා. ඇත්තටම මඟුලක් අරගෙන ලොකු වියදමක් කරනවාට වඩා, මේ වගේ නාට්‍යයක් කරලා සමාජයේ මිනිස්සු පිනවීම ඵලදායී දෙයක් බව අපි දෙන්නගෙම හැඟීමයි.

අද මේ ලෝරන්ස්ගෙ මනමාලී හරහා හොඳ පේ‍්‍රක්‍ෂකාගාරයක් හැදිලා තියෙන්නෙ. මංගල උත්සවයක් නොගෙන ඒ පේ‍්‍රක්‍ෂකා ගාරය පිනවීම ඇත්තටම අපට සතුටක්. මේ නාට්‍යයේ ඉදිරි දර්ශන  27- කඩවත සහ 30- මාතර යන නරගවලදී පැවැත්වෙනවා. ලබන අවුරුද්දෙත් මාර්තු දක්වා දර්ශන පෙළ ගැසිලා. ඉතින් අපට ඒ ගැන හරි සතුටුයි.


starබිරිඳ කියන චරිතය ඇතුළේ දුලීකා මොන වගේද?
දුලීකා සම්ප‍්‍රදායික බිරිඳක් නෙවෙයි. එහෙම බිරිදක් මට  ඕනෑ වුණෙත් නැහැ. ඇය රංගනයෙන් බොහෝ දේ කළ හැකි අපූරු ප‍්‍රතිභාවක් ඇති අපූරු ශිල්පිනියක්. ඉතින් ඒ වගේ කෙනෙකුගෙන්, සාමාන්‍ය ස්වාමි පුරුෂයකු අපේක්‍ෂා කරන දේ බලාපොරොත්තුවීම ඇයට කරන බලවත් අසාධාරණයක්. හැබැයි, ඇය බොහොම පේ‍්‍රමනීය, ආදරණීය, ආදරය ඉදිරියේ හැඟුම්බර වන, බොළඳ වන ආදරවන්තියක්. මට ඒ ඇති. රංගන ශිල්පිනියක් සේම ඇය ඉතා හොඳ ගැහැණියක්. ඒ ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා.


sadun-gamage



අදහස් (0)

විවාහ වුණාට අපි තාමත් පෙම්වතුන්

චමින්ද Wednesday, 26 November 2014 08:25 AM

මේ දුලිකගේ මහත්තය ද? (ස)

:       0       0

පුබුදු Wednesday, 26 November 2014 03:03 PM

මමත් සුබපතනවා. (අ)

:       0       0

රමණී Wednesday, 26 November 2014 08:42 AM

මම දුලිකගේ රංගනයට වගේම අයගේ චාම් කමටත්....දෙන්නටම සුබ පතනවා. (ස)

:       0       0

සේනක Tuesday, 09 December 2014 05:49 AM

ඔබ දෙපලට සුභ මංගලම්. (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 29 November 2014 02:58 PM

සුබ මංගලම්. (ස)

:       0       0

පිටිගල Monday, 01 December 2014 07:03 AM

තුසිත පිටිගලගෙන් සුභ පැතුම් (නදී)

:       0       0

චින්තක Wednesday, 26 November 2014 09:37 AM

අද සිටින දක්ෂතම නිළිය ඔබ තමා. ඔබට සුබ පතමි.! (ර)

:       0       0

විකි Tuesday, 02 December 2014 03:56 AM

ඇත්තටම මම ගොඩාක් ප්‍රිය කරන චරිතයක් දුලිකා. හදවතින්ම සුභ පතනවා වසානාවන්ත යුග දිවියකට (නදී)

:       0       0

දොන් Wednesday, 26 November 2014 10:07 AM

දෙදෙනාටම උණුසුම් සුභ පැතුම්!!! (දී)

:       0       0

මනෝරි Friday, 05 December 2014 09:48 AM

අපි බැලුවා ඔබ දෙපළගේ අළුත් නිර්මාණය - ලෝරන්ස්ගේ මනමාලි...ඇත්තටම හරිම ලස්සන නාට්‍යක්...ඔබ දෙපළට සුභ පැතුම් ....(දිල්)

:       0       0

සෙනරත් Thursday, 27 November 2014 07:38 AM

දුලීකගේ රගපෑමට මමත් හරිම කැමතියි. දුලිකා කොහොමද එක එක චරිත වල විදියට ඇගපත හදාගන්නේ. මටනම් මේක කොහොම කරනවද කියල හිතාගන්නවත් බෑ. අත්තම්ම චරිතේදී නියම අත්තම්මා. ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා. (නදී)

:       0       0

අචි Wednesday, 26 November 2014 10:32 AM

මම ආසම නිළියක් . රංගන හැකියාව ගැන කතා කරලා නිම කරන්න බැ. ඔයාල දෙන්නට සුබම සුබ අනාගතයක් පතනවා. (දිල්)

:       0       0

ධම්ම Wednesday, 26 November 2014 10:35 AM

සම්ප‍්‍රදායික බිරිඳක් නොවුනාට සම්ප්‍රදායික මවක් වන බව නම් මට විස්වාසයි. ඒක තමයි ගැහැණුකම. ඔබ දෙපලට සුබ පැතුම්!.(හේ)

:       0       0

දිලිප් Tuesday, 02 December 2014 04:21 AM

මලී , අත්තම්මා , පුංචි වලව්ව මේ සෑම නාට්‍යක් තුලින්ම දුලිකා ඉහල රංගන හැකියාවක් පෙන්නුම් කළා. ඔබ දෙපලටම වාසනාවන්ත අනාගතයක්.(නදී)

:       0       0

කුමාරි - නොර්වේ Sunday, 07 December 2014 01:14 AM

දුලීකා, මම ඔයාට සුබපතනවා.! ඔයා ගොඩාක් නිහතමානී නිළික්. ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා ඉතින් ඔයාලා දෙන්නාට සුබ මංගලම්. බුදු සරණයි. (ර)

:       0       0

දසුනි Thursday, 27 November 2014 05:34 PM

"පුංචි වලව්ව" ටෙලි නාට්‍යය කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ සුභ පැතුම්! ඔබ දෙපලටම. (නදී)

:       0       0

චමින්ද Friday, 28 November 2014 06:29 PM

අත්තම්මා. (ස)

:       0       0

සකලසිරි Sunday, 30 November 2014 11:58 AM

මගේ දුලීක අක්කේ. ඔයාට සුබම සුබ අනාගතයක්. මම ඔයාගේ හැම චරිතෙකටම ගොඩාක් ආසයි. මම ඔයාට ගොඩක් ගරු කරනවා. (ස)

:       0       0

ක්‍රිෂාන්ති Friday, 05 December 2014 08:22 PM

ඔබ දෙදෙනාට ජය ශ්‍රී මංගලම්! (නි)

:       0       0

කුමාරි Thursday, 27 November 2014 06:40 PM

දෙදෙනාටම වාසනාවන්ත අනාගතයකට තුනුරුවන්ගේ ආශිර්වාදය පතනවා. (ස)

:       0       0

ප්‍රියානි Friday, 28 November 2014 07:24 PM

ඔබ දෙපලට හදපිරි උණුසුම් සුභ පැතුම් (ම)

:       0       0

අලුත්ගේ Wednesday, 26 November 2014 08:21 PM

ඔබ දෙපළට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

dileepa Friday, 28 November 2014 08:37 PM

දුලීකා දක්ෂ නිලියක්, හැබයි ඇග මහත ටිකක් අඩුකරගත්තනම් ගොඩක් හොදයි.ලස්සන මහත්තයෙක් ලැබුනට සන්තොසයි.-දෙන්නටම සුබපැතුම්. (ස)

:       0       0

සිතුම් Wednesday, 26 November 2014 10:57 PM

දුලීකා දක්ෂයි. තමන්ගේ වටිනාකම රැකගන ජීවත්වන නිලියක්. ලස්සන සැමියෙකුත් ලැබුනට පස්සේ දැන් දුලීකා සම්පුර්ණයි. මං දුලීකට හරි කැමතියි. (නදී)

:       0       0

සමන්මල් Thursday, 27 November 2014 08:36 AM

සුබ මංගලම් ! (අ)

:       0       0

ශාලික සෙව්වන්දි Tuesday, 02 December 2014 10:42 AM

සුබ පතනවා! ජය ශ්‍රී මංගලම්. (ර)

:       0       0

ලෝචන අසංක Thursday, 04 December 2014 05:45 AM

සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම ! (නදී)

:       0       0

තරු Saturday, 13 December 2014 10:34 AM

ඔබ දෙපලට සුබ පැතුම්.අ (අ)

:       0       0

ශිරන්ති Thursday, 27 November 2014 02:22 AM

ඔය දෙන්නා පරිනත පෙම්වතුන් .සුබ මංගලම් ! (ස)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Tuesday, 02 December 2014 10:46 PM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ජීවා Thursday, 27 November 2014 09:41 AM

දුලිකා තමයි ලංකාවට ඉන්න අංක 1 දක්ෂම නිළිය. මට නම් ඇය මාලනී ෆොන්සේකාට වඩා දක්ෂයි. නමුත් ඇයට නිසි ඇගයීමක් කුහක කලා උළෙලවල් වලින් ලැබුනේ නෑ (බ)

:       0       0

ලංකා Monday, 08 December 2014 04:54 AM

ඇත්තටම ඔයාලා දෙන්නා වාසනාවන්තයි. බලන්න ඔයාලා දෙන්නට ලැබිලා තියෙන සුභ පැතුම් දිහා. මිනිස්සුන්ගේ හදවතේ ඉන්න කලාකරුවොන්ට මිනිස්සු හැමදාම ආදරෙයි. දරු මල්ලොත් හදාගෙන ආදරය සතුට පිරුණ ජීවිතයක් ඔයාලා දෙන්නට හැමදාම ගත කරන්න ලැබේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. (අ)

:       0       0

රකිත් Wednesday, 03 December 2014 02:07 AM

සඳ අමාවකයි, හිම කැටයම්, මලී අපිට කවදාවත් අමතක කළ නොහැකි රංගනයන්. සුබ පැතුම්! (නි)

:       0       0

අනුරි Saturday, 29 November 2014 12:48 PM

මම ගොඩක් ආදරය කරන ගරු කරන චර්තයක් දුලීකා ඔබ දෙපොලට වාසනාවන්ත යුග දිවියෙකට සුබ පතනවා !!!(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 758 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 564 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 809 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 598 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 510 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 323 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site