වෙඩි වැදි මාසයකට වැඩි කලක් අම්පාර හිමිදුරාව වැවේ සිටි අලියා වැව් ඉවුර කරා ළඟා වීම නිසා ප්‍රදේශයේ ධීවරයන් හා ගම් වැසියන් අලියා ගොඩට ගෙන ඒමට කටයුතු කළහ. වනජිවී දෙපාර්තමේන්තුවේ අලි පාලන අංශයේ නිලධාරින් ද එහි ගොස් අලි වෙඩි දමා අලියාව ගොඩ ගෙන ඒමේ මෙහෙයුමක් ඇරඹු බව වනජිවි දෙපාර්තුමේන්තුවේ නැගනහිර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි නිහාල් පුෂ්ප කුමාර මහතා පවසයි.
ජලයේ බැස සිටින අලියාගේ තුවාල සුව කර බේරා ගැනිම සඳහා අවශ්‍ය පහසුකම් හා මුදල් ප්‍රතිපාදන ලබා දෙන ලෙස සංචාරක හා ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා දැන්වීය. අලියාට ප්‍රතිකාර කිරිම සඳහා වනජිවි දෙපාර්තමේන්තු ඌව පළාත් භාර පශු වෛද්‍ය නිලධාරි ඩබ්.ධර්මකිර්ති මහතා හට උපදෙස් දුන්නේය. මේ වන විට අලියාට ප්‍රතිකාර කිරිම සඳහා වෛද්‍යවරයා පිටත්ව ගොස් ඇති බවත් වනජිවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඡි.රත්නායක මහතා කියයි.
පශු වෛද්‍ය නිලධාරි ඩබ්.ධර්මකිර්ති මහතා පැවැසුයේ අලියාට ප්‍රතිජිවක ඖෂධ ලබා දුන් බවයි. තවමත් පිටේ ඇති තුවාල සුව නොවී ඇති බැවින් එකම පිළියම වන්නේ ජලයේ සිටිය දිම අවශ්‍ය ප්‍රතිඡිවක ඖෂධ ලබාදිම කළ හැකි හොඳම දේ බවයි.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැවේ අලියා ගොඩ එන හැඩයි
ලලිත් Tuesday, 07 July 2015 12:19 PM
පින්තුර බලද්දී මටනම් පෙනෙන්නේ අලි දෙන්නෙක් ඉන්නවා වගෙයි. (ර)
රුපාවති Tuesday, 07 July 2015 05:45 AM
අලියට ඉක්මණට බෙහෙත් කරන්න පින් සිද්ධ වෙයි..මහත්තයෝ ..? (ම)
ලුම්බිණි Tuesday, 07 July 2015 05:52 AM
ඉතාම හොඳ දෙයක්. (ර)
ඉසුරන්දි Tuesday, 07 July 2015 06:08 AM
මේ සතා මාසයක්ම වතුරේ ඉන්නකන් මේවට වගකිවයුතු පිරිස් මොකද කලේ මෙච්චර දවසක්. පුදුමයි මේ සතා නොමැරී ඉන්න එකත්. (ර)
සුමිත් Tuesday, 07 July 2015 06:26 AM
මිනිසුනේ අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න එපා, වනේ හිමිකාරයෝ එයාලා. (ර)
සුනෙත් Tuesday, 07 July 2015 06:44 AM
බොහොම ස්තුතිය ලංකාදිපයට මෙය පල කිරිමෙන් පසු අලියාට ප්‍රතිකාර කිරිම ඉක්මන් වුණා (ම)
සමදරා ආරියදාස Tuesday, 07 July 2015 06:48 AM
සුමිත්, කොහෙද වනයක් ඉතුරු වෙලා තියෙන්නේ කියන්න?(ම)
සඳරුවන් Tuesday, 07 July 2015 07:49 AM
පවු,! සත්තුන්ට හිරිහෙර කරන්න එපා. (ර)
සුනිල් Tuesday, 07 July 2015 07:57 AM
මාසයක් මේ සතා වතුරේ හිටියට මේ අයට දඩුවම් කරන්න ඕනේ රාජකාරිය පැහැර හැරියට. (ර)
වැකෝ Tuesday, 07 July 2015 08:46 AM
ඇහැරුනේ දැන්ද? (ර)
පිටබැද්දර ජයා Tuesday, 07 July 2015 09:18 AM
අලියා ගොඩ ! සුබ පෙර නිමිත්තක් .(ම)
පිටබැද්දර ජයා Tuesday, 07 July 2015 09:18 AM
අලියා ගොඩ ! සුබ පෙර නිමිත්තක් .(ම)
චමිල් රූපසිංහ Tuesday, 07 July 2015 09:47 AM
දලදා සමිදු ගෙන යන අලි පරපුරේ. එක අලියෙක් ඈත හිමිදුරාවේ. ගොඩ ගන්නට ජගතෙක් නෑත වනජීවියේ. මියදෙන්නට හරිමුද අලියා හිමිදුරාවේ. (ර)