(එච්. චන්දන)
පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එච්. එම් රශ්මි ( ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් ) මහතාට පුද්ගලයකු පහර දීමට විරෝධය පා නිහඩ උද්ඝෝෂණයක් අද(08) උදෑසන පුත්තලම නගර සභා කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ.බායිස් මහාතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහ සේවකයෝ මෙම විරෝධතාවයට එක්වී සිටියහ.
'අපේ සේවකයින්ටත් හැම දාම මේ පුද්ගලයා කරදර කරනවා තර්ජනය කරනවා , මගේ වසමේ නගර සභා සීමාවේ ඇති නෙඩුම්කුලම වැවේ පිටවාන කඩන්ට කියලා පුද්ගලයෙක් ඉල්ලීමක් කලා, එයාගේ ගෙදරට යන පාර යටවෙලා කියලා. මම ඒ විස්තරය අහලා යන්න ගියා. පිටු පසින් ඇවිල්ලා මිනිහා මට කනට ගැහුවා. මේ පුද්ගලයා දින දෙකක් හැංගිලා ඉදලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියනවා . හැබැයි අපිට අපේ සේවකයින්ට ගැටළුවක් නැතිව සේවය කරන්න අවස්ථාව ඔනේ. එක එක්කෙනාට හිතු මතේට සංවර්ධන වැඩ කරන්න බෑ' යි පහර කෑ පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එච්. එම් රශ්මි මහතා පැවසීය.
පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ.බායිස් මහතා මෙසේ කීය.'මේ පුද්ගලයා උසාවිය ඉදිරිපත් කරලා නිසි දඩුවම් දෙන්න ඕනේ. අපේ මන්ත්‍රීන්ට , නිලධාරීන්ට , සේවකයින්ට නිවැරදිව වැඩ කරන්න අවස්ථාව ඕනේ. අපි වැරැද්දක් කරනවා නම් එය ලිඛිතව හෝ දුරකථන මාර්ගයෙන් පැමිණිලි කරන්න පුළුවන්. කාටවත් පහර දෙන්න ගහන්න අයිතියක් නෑ. අපි සියළු දෙනාම එකට එතු වෙලා මේ කරන්නේ මෙයට සාධාරණයක් ඉටු කරණ ලෙසයි'
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැවේ පිටවාන කඩන්නයි නාගරික මන්ත්‍රීගේ කනට ගහලා
beau Tuesday, 08 December 2020 07:24 AM
කාගෙ පින්තූරයද උඩ තියෙන්නේ.... මහ රැවුලක් වවාගෙන ඉන්න විදිහට මට පේන්නේ ත්‍රස්තයෙක් වගේ....
KasunWednesday, 09 December 2020 04:20 AM
අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝත් රැවුල වවාගෙන තමයි හිටියේ. අපේ හිටපු අගමැති කෙනෙක් වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාව මැරුවේ සිවුරු දාගත්තු කෙනෙක්.. ඒ නිසා ඔයාට අපේ ස්වාමීන් වහන්සේලා එහෙම ත්‍රස්තවාදියෙක් වගේ පේන්න බැරි නැහැ. ඕක මානසික ලෙඩක්. රැවුලක් දැක්කාම බයවෙන. දොස්තර කෙනෙක් හම්බවෙන්න.