IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විශාඛා, නාලන්ද, දේවි, මහාමායා සාපෙළට කොඩි දමති

2015 වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

කොළඹ ප්‍රදේශයේ පාසල්වලට අද ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගැනීමට සමත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සත්සරණි හෙට්ටිආරච්චිය. දෙවැනි තැන කොළඹ නාලන්ද විදුහලේ සමල් පුන්සර ද තෙවැනි ස්ථාන කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.එම්.රත්නායක හා මහනුවර මහා මායා බාලිකා විදුහලේ ඉන්දීවරී රත්නායක  ද හිමිකරගෙන ඇත.

දිවයිනෙන්ම පළවැනි ස්ථානය දිනාගත් හිඹුටාන, ගල්වානේ පදිංචි සසඳි සත්සරණි හෙට්ටිආරච්චි සිසුවිය මූලික අධ්‍යාපනය ලබාඇත්තේ කොළඹ සංඝමිත්තා බාලිකාවෙනි. ඇය ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර අපරදිග සංගීත අංශයෙන් දක්ෂතා දක්වන්නියකි. සංගීත ක්ෂේත්‍රයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් ද හිමිකරගෙන සිටින සත්සරණිගේ අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඉංජිනේරු වෘත්තීයට පිවිසීමයි.

ලංකාවේ දස වැනියා දක්වා අනෙක් සාපෙළ සමතුන් පිළිවෙළින් මෙසේය.

සිව්වැනි ස්ථානය - රනිඳු හේරත් - නාලන්ද විද්‍යාලය, කොළඹ.

පස්වැනි ස්ථානය - අමාජිත් වල්පිට - ආනන්ද විද්‍යාලය, කොළඹ.

හයවැනි ස්ථානය - හිරුෂ නෙත්සර - ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.

හත්වැනි ස්ථානය - තරුෂි අංජලිකා - ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර.

හත්වැනි ස්ථානය - ඩී.ජයකොඩි - මාරිස්ටෙලා විද්‍යාලය, මීගමුව.

අටවැනි ස්ථානය - චතුරංග විජේසිංහ - ආනන්ද විද්‍යාලය, කොළඹ.

අටවැනි ස්ථානය - යසස් වෙල්ලප්පුලි - රාහුල විද්‍යාලය, මාතර

webVishaka_2016320

ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න

dd9943da170b7885de905b1a954a3374f1aeacc2cf534e8736c22f5a68c6217f

cbaf0610346fa98e9e3458a89b94f5bc0558f68ccbd26e7dbcba5e474d61176c

ඡායාරූප - ලහිරු හර්ෂණ

20-03-2016--------------------------ol--------------------------1

ඡායාරූපය - චමිල් රූපසිංහ

OL_nalanda_2016320-2OL_nalanda_2016320OL_nalanda_2016320-3

ඡායාරූප - ලහිරු හර්ෂණ

OL_nalanda_2016320-4

ඡායාරූපය - චමිල් රූපසිංහ

වීඩියෝ - ලහිරු හර්ෂණ, චමිල් රූපසිංහ



අදහස් (0)

විශාඛා, නාලන්ද, දේවි, මහාමායා සාපෙළට කොඩි දමති

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 20 March 2016 12:13 AM

විශිෂ්ටයින්ට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Tuesday, 22 March 2016 05:26 AM

සිංහල බෞද්ධ පදනමක් තියන පාසල් වලින් මෙවන් දක්ෂයන් බිහිවීම ලොකු සතුටක්. බිග් මැච් එකට බාලිකා විද්‍යාල වලට පනින කළු සුද්දන්ගේ ඉස්කෝලවලට තමන්ගේ ළමයි නොයවා ඉන්න දෙමවුපියන් වග බලා ගන්න ඕනේ. (ම)

:       0       0

ජානකි අට්ටලේ Sunday, 20 March 2016 09:46 AM

සුපිරි ඉස්කෝල වලට ගිහින් 1,2,3 වෙන එක අරුමයක් ද? ඒවාය විශේෂ පහසුකම්, විශේෂ ඉගෙන්වීම්. අනිත් ඉස්කෝල වල හරියට උගන්වන්නේ නැහැ. දරුවෝ නහිනවා මහා රාත්‍රී වෙනකම් පන්ති යනවා. දෙමවු පියන් නහිනවා. සල්ලි වියදම් කරනවා. මේකද සාදාරනය.? ඊට පස්සේ කියනවා මේ සුපිරි ඉස්කෝල වල අය 1,2,3 අවා කියලා. මේවා හරි නැහැ. පවු දරුවෝ! (ර)

:       0       0

අශාන් Sunday, 20 March 2016 09:52 AM

සියලු දෙනාට සුබ පතමි. (ර)

:       0       0

ටෙනිසන් Sunday, 20 March 2016 09:20 PM

හරිම සතුටුයි දරුවනේ. ඔබ රටට සම්පතක් (නි)

:       0       0

ඉෂා Monday, 21 March 2016 02:31 PM

මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

නිම්මි Monday, 21 March 2016 02:46 PM

අපේ රටට ආදරේ කරමින් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! (ර)

:       0       0

ප්‍රියාන් Sunday, 20 March 2016 02:55 AM

සමත් අසමත් සියලු දෙනාටම මගේ සුභ පැතුම්! අසමත් අය තව උත්සාහ කරන්න.. (නි)

:       0       0

සමන් Sunday, 20 March 2016 10:59 PM

අතිරේක පන්ති ගුරුවරුන්ටත් සුබ පැතුම්! අපේ පුතත් හොඳට පාස්වෙලා. එ්ත් සිංහල වලටත් පන්ති ගියා. සිංහලවත් උගන්වන්න බැරි ගුරුවරු ඉන්නේ දැන් පාසල් වල (නි)

:       0       0

රවිදු ලක්රුවන් Sunday, 20 March 2016 03:16 AM

සා.පෙළ සමත් සියලුම දෙනාට මාගේ සුබ පැතුම්! (නි)

:       0       0

අමරරත්න Sunday, 20 March 2016 10:25 AM

වාසනාවන්ත දිරිය දරුවනි, ඔබ සැමට සුබ පතමි! උසස් පෙළදීත් මෙවැනි හපන්කම් පෙන්වීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි!

:       0       0

තුෂාර Sunday, 20 March 2016 10:28 AM

රාජකීය විද්‍යාලය එහෙම කෝ? බිෂොප් විදුහල ගිහිල්ලාද? (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 21 March 2016 02:12 AM

සමත් සියලු දෙනාට මගේ සුබපැතුම්! නමුත් මෙම පාසල් වලට යන්නේ ලංකාවේ ඉහළන්ම පහේ ශිෂ්‍යත්වයෙන් පාස්වෙන ළමයි. මෙය පාසලට වැඩිය ළමයාගේ දක්ෂතාවයයි (නි)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 20 March 2016 11:20 AM

මගේ පුතා සියලුම විෂයන් සමත්. ගොඩක් සතුටු දවසක්. (නි)

:       0       0

සරත් Monday, 21 March 2016 09:46 AM

දරුවන් ඔබ සැමට දිගු ගමනක් යන්න ත්රිවිධ රත්නයේ පිහිටයි. (ර)

:       0       0

කුමාර Sunday, 20 March 2016 04:59 AM

බොහොම හොඳයි. සුබ පැතුම්.! (ර)

:       0       0

රකිදු වික්‍රමරත්න Sunday, 20 March 2016 11:24 AM

නාලන්දේ අයියලාට අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අමල් Sunday, 20 March 2016 05:06 AM

දියණියනි ඔබලාට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

රුවන් Sunday, 20 March 2016 05:15 AM

විශ්වවිද්යාලවලින් දේශපාලන නවත් වන්න ඕනෙමයි දරුවන්ගේ අනාගතය පිකටින් වලට විකුනන එකට විරුද්දව යමක් නොකලොත් දරුවන්ගේ අනාගතය අදුරේ දෙමාපියන්වත් මේකට මෑදිවෙන්න ඔනේ. (ර)

:       0       0

තිසර Monday, 21 March 2016 02:58 AM

ඔබ සැමට අධ්‍යාපනයෙන් ඉහළටම යාමට අවශ්‍ය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සන්තුෂ් Sunday, 20 March 2016 05:21 AM

මේ ද සා.පෙල ප්‍රතිපල කලින් එම ගෙන් මගේ බලවත් කනගාටුව සහ සුබ අලුත් අව්රුද්දක් වේවා. (ර)

:       0       0

යු. එස්. මංජුල Sunday, 20 March 2016 11:39 AM

විභාගය අසමත් කියන්නේ, අදක්‍ෂයෙක් කියන එක නෙමෙයි. ලබන සැරේ උත්සාහ කරන්න. ඒ වගේම වාසනාවන්ත දූ දරුවනි, ලෝකයට වැඩදායක මිනිසුන් වශයෙන් ඉදීරියට එන්න. ඔබ සැමට බුදු සරණයි. (නි)

:       0       0

ධර්මසිරි Sunday, 20 March 2016 11:44 AM

අපේ සුබ පැතුම් ඔයාලට (බ)

:       0       0

තාමින්ද Sunday, 20 March 2016 05:53 AM

මගේ සුබ පැතුම්.! (ර)

:       0       0

රන්ජිත් Sunday, 20 March 2016 06:06 AM

සමත් අයටත් අසමත් අයටත් සුබපැතුම් අසමත් අය තමන් දක්ෂ දේවල් වලින් නැගී සිටින්න. (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 21 March 2016 03:18 AM

ඔබ සැම හොඳට ඉගෙනගෙන, රටට වැඩදායක, ගුණගරුක යහපත් පුරවැසියන් හැටියට සේවයක් කරන්න. ඔබ සැමට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

සරත් Sunday, 20 March 2016 06:16 AM

දුවේ සුබ ගමන් තෙරුවන් සරණින් ඉදිරි ගමන සාර්ථක වේවා.! (ර)

:       0       0

හේමන්ත Sunday, 20 March 2016 06:27 AM

උදය හරියටම හරි. (ර)

:       0       0

සමන් Sunday, 20 March 2016 06:42 AM

දැන්නම් අහින්සක හිනාවක් තියෙන්නෙ, හැබැයි තව අවුරුදු දෙකකින් අන්තරේට රැවටිලා, පාර දිගේ රස්තියදු වෙන්නෙත් මේ අයම තම‍යි.(හේ)

:       0       0

කමල් විමලවීර Monday, 21 March 2016 03:58 AM

දරුවනි ඔබට සුභ පැතුම්. සා /පෙළ වගේ නොවේ උ/පෙළ හොදින් අධ්‍යයනය කරන්න (බ)

:       0       0

චාමර Sunday, 20 March 2016 07:07 AM

මම සුබ පතමි ඔබලාගේ අනාගතය සාර්ථක වේවා කියා. (ර)

:       0       0

ඕපාත Sunday, 20 March 2016 01:31 PM

වාසනාවන්ත දිරිය දරුවනි, ඔබ සැමට සුබපතමි. උසස් පෙළදීත් මෙවැනි හපන්කම් පෙන්වීමට ඔබට ශක්තිය ලැබේවායි පතමි! (නි)

:       0       0

පුබුදු ප්‍රසන්න Monday, 21 March 2016 04:43 AM

හොඳින් ඉගෙන ගන්න. රටට සේවය කරන්න දරුවනේ. රට හැර යන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ. (බ)

:       0       0

සිල්වා Sunday, 20 March 2016 07:43 AM

දරුවන්ට හොද අද්යාපනයක් ලබා දෙන එක දෙමුපියන්ගේ වගකීමක්. ඒ දේ මුල ඉදල පළමු පන්තියේ ඉදල කරන්න ඕනි දෙයක් හොදින් පොහොර දැම්ම ගසක හොද පලදාවක් තියනවා සේම කැලේට හැදුනු ගස් නිසි පලදාවක් නැත. එසේ හෙයින් සියල්ලන්ගේම වගකීම් නිසි අයුරින් ඉටු කොට දරුවන්ගෙන් හොද ප්‍රතිපල අසනු මැනවි ! (ර)

:       0       0

රොෂාන් Sunday, 20 March 2016 07:50 AM

අපෙන් සුබ පැතුම්.! (ර)

:       0       0

අසංකා Monday, 21 March 2016 11:50 AM

දුවේ පුතේ රටේ අනාගතය ඔබයි. ඔබට ජය. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 21 March 2016 11:50 AM

රටේ අනාගතය බාරගන්න ඉන්න දුවේ, පුතේ, ඔබලා වාසනාවන්තයි.මේ එක කඩඉමක් පමණයි. ඊලග වාසනාව ලගාකරගන්නා නිහතමානිව උත්සහ වන්ත වෙන්න. පලමු සුබපැතුම්. අපේ ගමේ පුතෙක් කිසිම අමතර පන්තියකට නොයා සි8 එස්1 අරගන. දහසක් අගහිගකම් මැද්දේ ගමේ පාසලට ගියේ දුප්පත් කම නිසයි. පන්තිවලට යන්න සල්ලි නැහැ. පාසලේ උගන්වන දේ පමණයි.ඉංග්‍රීසි වලට එස් 1.අමතර පන්ති ගියානම් ලොකු පාසලකට ඔහුටත් යන්න සුදුසුකමක් වෙයි. (ර)

:       0       0

දුමින්ද රන්කොත්ගෙදර Sunday, 20 March 2016 02:41 PM

උණුසුම් සුභ පැතුම්! ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලෝකේ කිසිම රටකට දෙවෙනි නැහැ. (නි)

:       0       0

කුකුලේගම ගුණරතන හිමි Sunday, 20 March 2016 02:55 PM

තෙරුවන් සරණින් ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! (නි)

:       0       0

තිළිණ Sunday, 20 March 2016 08:15 AM

දියණියනි ඔබලාට මාගේ සුබපැතුම්. (ර)

:       0       0

සුජිත් Sunday, 20 March 2016 03:19 PM

ලක්මවට කිරුළු පැළැන්ඳූ දිනෙත් ජයකොඩි පුතේ, ඔබ රටට මහත් අභිමානයකි. සැමට සුබ පැතුම්! (නි)

:       0       0

සලීත් Sunday, 20 March 2016 08:32 AM

සමත් අසමත් සියලු දෙනාටම මගේ සුභ පැතුම්! අසමත් අය තව උත්සාහ කරන්න.. ඔබ සියලු දෙනාටම අල්ලාහ්ගේ පිහිටයි.! (ර)

:       0       0

ප්‍රියාන් Monday, 21 March 2016 06:34 AM

සුබ පැතුම්!. මේ කාරණාවට අදාළ නැතත්,හොයලා බලන්න මේ අයගෙන් වැඩි දෙනෙක් පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා එම විදුහල් වලට ඇතුලත් වුණ අය. ගමේ ඉස්කෝල වල ඉන්න අය ජාතික පාසල් වලට අරගෙන ජනප්‍රිය කරනවා (ම)

:       0       0

ඉෂාක් රහීම් Monday, 21 March 2016 06:39 AM

!!...උත්සාහවන්ත දුදරුවනි, ඔබ සැමට මාගේ උණුසුම් සුබ පැතුම්...!! (ම)

:       0       0

උදය Saturday, 19 March 2016 04:32 PM

ඹ්නෑම ළමයෙක් තමන්ගේ විභාග ප්‍රතිඵල ඉක්මනින් බලාගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ඒත් www.doenets.lk වලට කීපදෙනෙක් එකවර ආවොත් කවදාවත් වැඩකරන්නෙ නැහැ. කරුණාකර මෙවැනි ප්‍රධන ඒවායේවත් වේගය වැඩි කරන්න සිතා බලන්න. (නි)

:       0       0

බණ්ඩාර කුවේට් Sunday, 20 March 2016 08:55 AM

ආදරණීය දරුවනි ඔබලාට සුභපැතුම් ! (ර)

:       0       0

නන්ද Saturday, 19 March 2016 05:36 PM

මෑත කාලයේ හොඳම විභාග ප්‍රතිඵල වැඩිපුර ලබාගෙන තිබුනේ කොළඹින් පිට දුදරුවන්. මෙවර කොළඹ දරු-දැරියන් හපන්කම් පෙන්වා තිබෙනවා. කොහොම වුණත් මේ සියලු දෙනාම අපේ දැයේ සම්පත්. මේ සියලු දෙනාට ආසිරි පතමු. (නි)

:       0       0

සිසිර Sunday, 20 March 2016 09:00 AM

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අසමතුලිතයි (බ)

:       0       0

විදුර Sunday, 20 March 2016 09:01 AM

විභාගය අසමත් කියන්නේ, අදක්‍ෂයෙක් කියන එක නෙමෙයි. කැපවීමේ ප්‍රතිපල තමයි පාස් වීම. නමුත් පස්වුන නොවුන,හැමකෙනෙක්ම බුද්ධිමතුන්. පාස් නොවූ සැමට ඔවුන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබාගත හැක. (බ)

:       0       0

ආරච්චිගේ Sunday, 20 March 2016 05:46 PM

ස්තුතියි ලස්සන දුවලාට හා ස්මාර්ට් පුතාලට! ලංකා‍වේ අනාගතයට ඕනෑ ඔයාලා වගේ අති දක්ෂයෝ. හොඳට ඉගෙනගත් ඕනෑම කෙනෙක් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නේ. දෙස් විදෙස් බලපෑම් වලට කොහෙත්ම නැවෙන්නේ නැහැ. "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා" (නි)

:       0       0

දර්ශනී ඔස්ලෝ Saturday, 19 March 2016 07:35 PM

උත්සාහවන්ත දුදරුවනි, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

අබය Monday, 21 March 2016 07:36 AM

අනේ අපේ මහින්ද මහත්තයා හිටියා නම් !!!!! (නි)

:       0       0

පැකීර් Sunday, 20 March 2016 09:15 AM

වාසනාවන්ත දූ දරුවනි ලෝකයට වැඩ දායක මිනුසුන් වෙන්න. සල්ලි පස්සේ හඹා නොගොස් ලෝකයට අවංක යම් මෙහෙවරක් කිරීමට උත්සහගන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1731 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1087 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1638 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1133 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site