(යොහාන් භාසුර)
රජයේ විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතකට අධික සංඛ්‍යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්‍රාම වැටුප සකස් කිරීම ප්‍රමාද වීමෙන් අපහසුතාවට පත්ව සිටින බව විශ්‍රාම වැටුප් හිමියෝ පවසති.
ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලබා වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එය සකස් කිරීම දිගින් දිගටම ප්‍රමාද කරන බවත් 2016 වසරෙන් පසුව විශ්‍රාම ලැබූවන්ට දෙන්නේ යැයි ප්‍රකාශ කළ විශේෂ දීමනාව මේ දක්වා නොලැබුණු බවත් විශ්‍රාමිකයෝ කියති.
මෙම වසරේ පෙබරවාරි මස විශ්‍රාම වැටුප් දීමනාව අද (8) නිකුත් කළ ද එම විශේෂ දීමනාව මේ දක්වා ඇතුළත් කර නොමැති බව ද විශ්‍රාම වැටුප් හිමියෝ සඳහන් කරති.
විශ්‍රාමිකයන්ගේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට කොමසාරිස් ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දුරකථනයෙන් සම්බන්ද කරගැනීමට උත්සාහ කළ ද ඒ මහතා රැස්වීමක සිටින්නේ යැයි කාර්යාලයේ සේවකයෙක් පැවසූ අතර ඒ මහතාගේ ජංගම දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්‍රාම වැටුප් හිමියන් ලක්‍ෂ හතක් අමාරුවේ
පියසේන Thursday, 08 February 2024 05:36 PM
අනේ එයාට කියලා වැඩක් නැහැ. මම බලාගෙන ඉන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් තිලකරත්න මැතිතුමා වැනි මානුෂික හැඟීමක් තියෙන කෙනෙක් අධ්‍යක්ෂ ජෙනරාල් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි කුරේ කියලා ඉස්සර යහපත් අධ්‍යක්ෂවරුන් හිටියා...
ලසා Thursday, 08 February 2024 09:57 PM
ඔය ජනරාල් නේද රජයේ නිවාඩු වැඩියි කියපු මනුස්සයා?
ප්‍රසාජිත් Friday, 09 February 2024 04:21 PM
ඕක හොර ගුහාවක්. විශ්‍රාම ගත්තාම මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නේ නැති කාලකන්නි ඉන්නේ...!
Athapaththu rallage jagath athapaththu Friday, 09 February 2024 05:21 PM
කවුරුත් අපි දිහා බලන්නේ නැහැ... අපෙන් වැඩ ගන්නකල් වෙරි ගුඩ් කියනවා විතරයි දැන් අපිට ඒකත් නැහැ. ණය දෙනකොට කියනවා ඔයාගේ වැටුපෙන් මෙච්චර මුදලක් පමණයි කපන්න පුළුවන් කියලා. දැන් කොහොමද පොලී වැඩි වුණා කියලා මුලු විශ්‍රාම වැටුපම කපනවා. හැමදේම ඔවුන්ගේ වාසියට තමයි...!
N.m.r.k.wasantha Friday, 09 February 2024 09:46 PM
මම ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙනවා කිව්ව රුපියල් 10000 තාම නෑ.. මේ අයට යුද්ධය කරන කන් විතරයි අපිව මතක් වුණේ... ඒවට ප්‍රතිචාර ඊළඟ මැතිවරණයේදී හම්බවේවි...!