කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනයෙන් පාර්ලිමෙන්තුවට අද (06) විශේෂ ආරාධිත අමුත්තෙක් පැමිණ සිටියේය.ඒ 1982 වසරේ විවෘත වූ ශ්‍රීජයවර්ධනපුර පාර්ලිමෙන්තු සංකීර්ණයේ අභිමානවත් ලෝහ කැටයම් සමූහයේ නිර්මාතෘවූ කලාශූරී,කලාකීර්ති, විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාය.අද ඔහු 79 වැනි වියෙහි පසුවේ.
ඔහු කතානායකවරයා සමග ගොස් තම දෑතින් නිමකළ පාර්ලිමෙන්තුවේ මහා රිදී දොර වසර 33 කට පසුව ස්පර්ශ කර බැලුවේ අත්වාරුවක සහයෙන් පියගැට කිහිපයක් තරණය කර ගොස්ය.දශක 3 කට පෙර ජවසම්පන්න ශිල්පියෙක් ලෙස තමා කළ නිර්මානය ඒ මහතා තම දරු මුණුබුරන්ට පෙන්වූයේ අභිමානයෙනි.
අඩි 12 ක් දිග සහ අඩි 12 ක් පළලින් යුතු මෙම ඓතිහාසික රිදී දොර පැරණි සෙල් ලිපියක ආකෘතියෙන් යුතුව නිම කිරීමට එදා වික්‍රමසුරේන්ද්‍ර මහතා කටයුතු කළේ ලොව කීර්තිමත් ගෘහ නිර්මාන ශිල්පියෙක් වූ ජෙෆ්රි බාවාගේ ඉල්ලීමකට අනුවය.
කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානයේ නිමවා ඇති ශ්‍රීලංකාවේ කාසි වල ඉතිහාසය විදහා දැක්වෙන ලෝහමය කාසි සංරචනයෙන් යුත් මූර්තිය ඔහුගේ තවත් නිමැවුමකි.අතීතයේ සිට වර්තමානය දක්වා භාවිතා වූ සියලුම කාසි වර්ග වල ආකෘති ඊට එක්කර ඇත.
එමෙන්ම කොමර්ෂල් බැංකු මූලස්ථානයේ ස්ථාපිත අඩි 25 ක් දිගැති මූර්ති ඵලකය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපනය කර ඇති ටොන් 2 ½ ක් බරැති ලෝකඩ සිංහ මූර්තිය,උපරිමාධිකරණයේ ඇති අඩි 16 ක් පමණ උසැති අෂ්ටමංගල සංකේත සහිත රිදී කොඩි සමූහය,පාප් වහන්සේගේ ශ්‍රීලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් මාළිගාවත්ත ශුද්ධවු මරියතුමියගේ දේවස්ථානයේ නිමකරන ලස ජේසු සමිඳාණන් නිරූපිත අඩි 17 ක් උසැති ලෝහ මූර්තිය,බස්නාහිර පළාත් සභා සෙංකෝල යුගළය ආදියද ඔහුගේ නිමැවුම්ය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විශ්වකර්මයා අත්වාරුවෙන් මැතිසබයේ
ලාල් අරන්දරගේ Sunday, 08 November 2015 01:20 PM
ජාතික වස්තුවක්. (ර)