(දයාසීලි ලියනගේ)
විශ්වවිද්‍යාල තුනක ආචාර්යවරු 101දෙනෙකු වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදේශ ගතවී යළි පැමිණි නැති බව අනාවරණය වී ඇත.
මෙම ආචාර්යවරු ගිවිසුම් කඩකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 29කට ආසන්න මුදලක් රජයට ගෙවිය යුතු බව ගණන් බලා ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් හා ආචාර්ය උපාධි සඳහා 2011 වර්ෂයේ සිට ආචාර්යවරු 22දෙනෙක් විදේශගත වී තිබූ අතර, නියමිත කාලයේදී නැවත සේවයට වාර්තා කර නොතිබුණු බව විගණන වාර්තාවලින් අනාවරණය වී ඇත.
එම ආචාර්යවරු එළඹ තිබුණු බැඳුම්කර ගිවිසුම් කඩකිරීම නිසා 2019 දෙසැම්බර් 31 වන දින වනවිට රුපියල් මිලියන 97.26ක් අයවිය යුතුව තිබුණු බවද සඳහන් වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු 42දෙනෙකු පශ්චාත් උපාධි ලබාගැනීමට විදේශගතවී නැවත සේවයට පැමිණීම නිසා ගිවිසුම් කඩවීම මත 2020 ජූනි 30 දිනට රුපියල් මිලියන 113.71ක් අයවිය යුතුව ඇති බවද විගණන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ ආචාර්යවරුන් 37දෙනෙකු ගිවිසුම් හා බැඳුම්කර කඩකර තිබීම හේතුවෙන් 2019 දෙසැම්බර් 31 වනි දින වනවිට ඔවුන්ගෙන් රුපියල් මිලියන 76.86ක් අයවිය යුතු බවද වාර්තා විය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශ්වවිද්‍යාල ආචාර්යවරු 101ක් රජයට කෝටි 29ක පොලු තියලා
විපරමා Friday, 29 January 2021 11:30 AM
දේශපාලකයෝ මුලු මහත් ජනතාවටම, පොලු තියලා තියෙන්නේ, ඕවා මොනවද? නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා කරපු හරිය මදිද?
ලුම්බිණි Friday, 29 January 2021 11:41 AM
රජයට පොලු නොතියපු කෙනෙක් අද හොයාගන්න අමාරුයි. දේශපාලකයන්, නිලධාරීන්, ලොකු බිස්නස්කාරයන් මෙකී නොකී හැමදෙනාම රජයට පොලු තියලා තිබෙන්නේ. පුදුමේ කියන්නේ මේවා අයකර ගන්න කිසිකෙනෙක් මොකුත් නොකරන එක...
Rama Friday, 29 January 2021 03:47 PM
මොවුන් නම් කොට, ලැජ්ජා කල යුතුයි....
තිලක් Friday, 29 January 2021 04:54 PM
උගත් සක්විතිලා, රාජ්‍ය අංශයේ අයට විදෙස් රටක පුහුණුව, අද්‍යාපනය කියන්නේ තවත් ගාණක් හම්බවෙන වැඩක් විතරයි. ඔය අයට දුන් අවස්ථාවලින් වැඩ කෙරුවා නම් මේ රට සුරපුරයක්..
kapila Friday, 29 January 2021 09:51 PM
මේ උදවිය බොහොමයක් විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා අවදියේ අනිකුත් සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධි ගැනීමට විරුද්ධ වන අය. මොවුන් දැන් කරන්නේ මහජන බදු මුදලින් නොමිලේ ඉගෙනගෙන රටට සේවයක් නොකොට රටින් පැනයාමයි.
අනෝමි Saturday, 30 January 2021 05:35 AM
ආචාර්යවරුන් විදේශගත වන්නේ ඇප බැඳුම්කර 02ක් හෝ 03ක් අත්සන් කර ලබාදුන් පසුවයි. මුදල් අය කරගත නොහැකියි යන්න ඒ නිසා කිව නොහැකියි. රජයට අයවිය මුදල් අයකර ගැනීමට බලධාරීන් ඉහත ක්‍රම භාවිතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයකි.