IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගය භංගවෙයි

රවී කරුණානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (9) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 51ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 145ක් ලැබුණි. ඒ අනුව විශ්වාසභංගයට එරෙහිව තුනෙන් දෙකකට වඩා ඡන්ද ලැබී තිබිණි. ඡන්දය දීමට නොපැමිණි ගණන 28කි.

එතෙර සංචාරයක යෙදී සිටින හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නොසිටීම කැපී පෙනිණි.



අදහස් (0)

විශ්වාසභංගය භංගවෙයි

උද්දික Friday, 10 June 2016 03:38 AM

අප්පුහාමි, මහින්ද ආවා නේද විවාදෙට? (නි)

:       0       0

සුසන්ත Friday, 10 June 2016 04:48 AM

ජනතා මුදල් වලින් සුරසැප වදින්න තුනෙන් දෙකක දිනුමක් මහජනයා හැමදාම පරදි (අ)

:       0       0

බණ්ඩා Thursday, 09 June 2016 01:17 PM

තව අවුරුදු 20 ක් යනතුරු මේ ආණ්ඩුව වට්ටනවා බොරු (බ)

:       0       0

සුජීව Thursday, 09 June 2016 01:34 PM

ඔය එ්කාබද්ධ විපක්ෂයට, දැන්වත් තේරුනානම්, මහින්ද හිටපු, ජනාධිපති තුමාගේ, තරම මින් ඉදිරියට, ඔය වගේ වැඩ නොකර ඉදිවී (බ)

:       0       0

සුජීව Thursday, 09 June 2016 01:41 PM

මහින්ද මේ රැල මෙහෙයවන හැටි අද ශ්‍රී ලංකා බුද්ධිමත් ජනතාවට, තේරුම් ගත යුතුව ඇත, (බ)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 01:46 PM

අතිසුඛෝපභෝගී කාර් දීල තමන් සලකන බවත්, අනිත් අයටත් ඉදිරියට හොඳහැටි සලකන බවත් පෙන්නුම් කළාට පස්සේ මොන මෝඩයද මේකට පක්ෂව ඡන්දෙ දෙන්නේ, විශේෂයෙන්ම ඡන්දෙකටත් තව බොහොම කල් තියන එකේ. (බ)

:       0       0

පරාක්‍රම Thursday, 09 June 2016 01:55 PM

දැන් ශක්තිය උරගාලා බැලුවා නේ? කොහොමද අනුපාතෙ ? අපරාදේ පාර්ලිමේන්තුවේ කාලයයි වියදමයි. (ර)

:       0       0

ගමඇති Thursday, 09 June 2016 02:05 PM

මහජනයාට මේවයින් කිසිම ප්‍රයෝජනයක් නැත. (ර)

:       0       0

සහන් Thursday, 09 June 2016 02:15 PM

අපිනම් ඕක හිතුවා වෙයි කියලා. (ර)

:       0       0

ෂෙහාන් Thursday, 09 June 2016 02:15 PM

මෙයාලා ඡන්ද 51 ක් තියාගෙනද මේ කෑගහන්නේ. (ර)

:       0       0

ජගත් ලියනගේ Thursday, 09 June 2016 02:15 PM

හැමෝගෙම කයිවාරුව විතරයි බලාගෙන ගියාම තියෙන්නේ. (ර)

:       0       0

ඉෂාන් Thursday, 09 June 2016 02:23 PM

දෙගොල්ලම එකයි, අසරණ ජනතාව හැමදාමත් දුක්විදිනවා. (ර)

:       0       0

නිම්මි Thursday, 09 June 2016 02:28 PM

අනේ හොඳයි. මේ රටේ මිනිස්සුන්ට ඕනේ උනේ වෙනසක්නේ. (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 09 June 2016 02:43 PM

ලොකුම ආදාත් ලිස්සලා ගිහින් වයිමා එහෙම නිකන් සවුත්තු වෙනවා සීමාවක් නෑ (බ)

:       0       0

ගයාන් ශානක Thursday, 09 June 2016 02:55 PM

මිනිස්සු ඉස්සරහ ඔබලා හොඳටම පරාදයි මහත්තයෝ. රටම අවුලක්. (බ)

:       0       0

ජාලිය Thursday, 09 June 2016 02:55 PM

කවුද කියන්නේ අපේ මන්ත්‍රී තුමාලා කළගුණ සලකන්නේ නෑ කියල. මේ අපුරුවට කෝටි 117 කළගුණ සලකල තියෙන්නේ. (බ)

:       0       0

රත්නායක Thursday, 09 June 2016 02:57 PM

ඔබ තුමා මේක දිනුවේ ජනාධිපති තුමාට පිංසිදුවන්නට .දැන්වත් හරියට බඳු අඩුකරගන්න . ජනතාවට සෙත සැලැසෙන ඇය වැය ඉදිරිපත් කරන්න .නැතිනම් ලබන සැරේ කෙළින්ම ගෙදර (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 09 June 2016 03:10 PM

මහජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එකතු වුන නඩේත් මහජනතාවට පිටුපෑව එහෙනම්.... (බ)

:       0       0

කසුන් Thursday, 09 June 2016 03:23 PM

දැන් අපි හැමෝම තේරුම් ගන්න ඕනේ දේ තමයි ජේ. වී. පියත් ආණ්ඩුවට කඩේ යන එකේ ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් කර ජනතා අයිතීන් දිනාගන්න පෙළගැසෙන්න !! (බ)

:       0       0

දිමුතු Thursday, 09 June 2016 03:48 PM

ඡන්දෙකට ගියානම් ඊට හපන් ..... දැන් කාට කාටත් තම තමන් ගේ බලය පෙනේ ..නොපෙනේ (බ)

:       0       0

අල්විස් පැරිස් Thursday, 09 June 2016 03:49 PM

සද්දෙට තිබුනට වැඩකෝ ..ඔහොම තමයි ..(බ)

:       0       0

අශෝක Thursday, 09 June 2016 03:51 PM

සුසන්ත,ඔයා කියන ඔය ක්‍රමය තමා මුළු පාලන කාලය තුලම අසික්කිත විදියට භාවිතා කළේ කව්ද? ඔයා නිකන් බබා වගේ. (බ)

:       0       0

රවී Thursday, 09 June 2016 03:51 PM

කාර් පෙන්නලා වැඩේ දුන්නා කොහොමද (බ)

:       0       0

රත්නසිරි Thursday, 09 June 2016 03:58 PM

බලයට පෙරේත වාහන වලට කෑදර එෆ්සීඅයිඩියට බය හොරු රැල මේකට විපක්ෂව ඡන්දය දෙන එක පුදුමයක් නෙවෙයි (බ)

:       0       0

රජිත් Thursday, 09 June 2016 05:07 PM

මහින්ද මහත්තයාත් නිකන් පොළේගහපු නයා වගේ තමා දැන් ඉන්නේ (නි)

:       0       0

චින්තක Thursday, 09 June 2016 05:35 PM

ඒ කියන්නේ රටේ මේ අහස උසට තිබෙන එදිනෙදා බඩු මිල, බෙහෙත් වලට, සැත්කම් වලට පවා 4% වැඩිපුර ගහපු වැට් එක, පංචවිධ බලවේගෙන් කාර් පොදියක් ගන්න බලාහිටපු පුංචි මිනිහගේ හීන සුණුවිසුනු වෙන්න ගහපු අධික වාහන බද්ද, මහා බැංකු වංචාව ඇතුළු තව කප්පරක් වංචා වලට අත් දෙකම උස්සලා අනුමත කරන බහුතරයක් තවම රටේ ඉන්නවා. කමක් නැහැ ප්‍රජාතන්තවාදය නමින් පටිය පිට කොන්දටම තදකරගෙන අන්තිමට රටත් නොරටුන්ටම යනතුරු අපි බලා ඉඳිමු (නි)

:       0       0

සමන් Thursday, 09 June 2016 05:52 PM

අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව අවුරුදු විස්සක් බලයේ ඉන්නවා. නැත්නම් මම මගේ කණ කපනවා. බණ්ඩා හරියටම හරි. (නි)

:       0       0

ලලීන් Thursday, 09 June 2016 06:22 PM

කෝටි 117ක කාර් ගේන වෙලාවේ, කොහොමද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්නේ? (නි)

:       0       0

තරුෂි Thursday, 09 June 2016 08:09 PM

විශ්වාසභංගේ විතරක් භංගවෙලා නෙමෙයි, රටත් භංගවෙලා කියලා වෙලාවකට හිතෙනවා. (නි)

:       0       0

චමිලා Thursday, 09 June 2016 08:39 PM

ජනතාව ගැන නොහිතන, උගත්කමක් නැති මිනිසුන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවක ඡන්දයක් දිනන එක මහා ලොකු දෙයක් නෙමෙයි (නි)

:       0       0

රණවීර Thursday, 09 June 2016 08:59 PM

අරයත් කළේ එහෙමයි. මෙයාලත් කරන්නේ මෙහෙමයි. අපිට හුළං (නි)

:       0       0

අල්විස් Thursday, 09 June 2016 09:03 PM

දැන් කට්ටිය මිටපස්සේවත් සද්දේ වහලා දෙන දේ කාලා වෙන දේ බලා ඉන්නයි තියෙන්නේ (නි)

:       0       0

ඉසුරි Thursday, 09 June 2016 09:07 PM

උඩ පැන්න විදියට අපි හිතුවා අද පෙරළයි කියලා. බලනකොට පුස්සක්නේ (නි)

:       0       0

දිමුතු Thursday, 09 June 2016 09:10 PM

මහින්ද රාජපක්ෂ මහත්තයෝ, අනේ දැන්වත් ඇපේ බේරගෙන ගෙදර ඉන්න. (නි)

:       0       0

අයිරාංගනී Thursday, 09 June 2016 09:31 PM

කොහොමත් පාර්ලිමේන්තුවේ තියෙන ඔය වගේ ඡන්ද වලින් ඔයගොල්ලෝ දිනනවා. මොකද ඔතන වැඩි හරියක් ඉන්නේ මනුෂ්‍යයින්ට ආදරය කරන පිරිසක් නොවෙයි (නි)

:       0       0

කමල් Thursday, 09 June 2016 09:43 PM

කසුන්, ජවිපෙ තමයි දැන් විපක්ෂය. කෝ අර හිටපු ලොක්කා? (නි)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 10:12 PM

වැඩි ඡන්ද කොච්චර ගානකින් දිනුවත් එ්ක මහජන මතය නෙමෙයි. ඔය ඡන්ද ඔක්කොම දීලා තියෙන්නේ මන්ත්‍රීවරු. බාගයක්ම රවී මොකක්ද කළේ කියලාවත් දන්නේ නැහැ. (නි)

:       0       0

ශානක Thursday, 09 June 2016 10:44 PM

ඒ කියන්නේ තව අවුරුදු 20ක් විතර යනතුරු අපිට හුළංද? (නි)

:       0       0

විපුල Friday, 10 June 2016 09:26 AM

ඇත්ත තමයි අපේ මෝඩ කම උපයෝගී කරගෙන ආර්ථිකය විනාශයි කිය කියා අපි ලෝකෙට ණයවෙලා බව පෙන්වල ලෝකයේ තියෙන මිල අධික වාහන ගේනවා . අපි හුල්ල හුල්ල බදු ගෙවනවා. (අ)

:       0       0

ජෙරමි Thursday, 09 June 2016 11:54 PM

දැන් ඉතින් මොනවාහරි ටිකක් කියලා හිත හදාගන්න. වෙන මොනවා කරන්නද. (නි)

:       0       0

සිරිමල් Thursday, 09 June 2016 11:56 PM

අපේ රටේ මිනිසුන්ට කොන්ද පණ නැහැ. කිසි සමගියකුත් නැහැ. දෙපැත්ත බෙදිලා කුළල් කා ගන්නවා. නැත්නම් ඉතින් මෙහෙම දුප්පත් අසරණ මිනිසුන්ගේ සල්ලි වලින් ප්‍රකෝටි ගණන් වටිනා වාහන ගන්න, කෝටි ගණන් වටිනා වාහන පර්මිට් ගන්න, පිටරට සවාරි ගහන්න මොන රටේ මිනිස්සුද ඉඩදෙන්නේ? අපේ මෝඩ මිනිස්සු ඕනෑදේකට ඔලුව පාත් කරගෙන ඉන්නවා. වෙන මොනවා හරි කතාවක් කියපු ගමන් සේරම අමතකයි. (නි)

:       0       0

සුමුදු Friday, 10 June 2016 12:42 AM

මම දෙන්නේ ජේවීපී එකට. ඒක නිසා මට සතුටුයි. මම මේ අය රටට කරන විනාශයට හවුල් නැහැ (නි)

:       0       0

ජගත් ලියනගේ Friday, 10 June 2016 01:02 AM

සමහරු නම් ඉතින් අවුස්සලා තියල හෙමින්ම මාරුවුණා. අපිට දැන් ගොඩක් දේවල් හිතෙනවා (නි)

:       0       0

දුමින්ද Friday, 10 June 2016 01:20 AM

ඔය කියන ඒකාබද්ධ විපක්ෂය මහා බලගතු නම්, බය වෙන්න තරම් වරදක් කරලා නැත්නම් මොකද ඕකේ මහින්ද මහත්තයා, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ අත්සන් නොකළේ? (නි)

:       0       0

අමිල Friday, 10 June 2016 01:46 AM

භංගවුණේ ලංකාවේ පොදුමහත් ජනතාව. (නි)

:       0       0

අප්පුහාමි Friday, 10 June 2016 02:12 AM

මහින්ද දන්නවා ඇති පරදිනවා කියලා. එ්කනේ ඡන්දෙ දාන්න අාවේ නැත්තේ. පව් අනිත් කට්ටිය. (නි)

:       0       0

අප්පුහාමි Friday, 10 June 2016 02:15 AM

අමිල කියන එක හරි නම් මහින්ද මහත්තයාත් එ්කට උදව් කරලා තියෙනවා ඡන්දෙ දාන්න එන්නේ නැතුව. (නි)

:       0       0

මොහාන් Friday, 10 June 2016 02:34 AM

සිරිමල් හරි. මාධ්‍ය හරි මේ ගැන කතාකරලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ. නැත්නම් මිනිස්සු නිදි. හොරු දැන් නීත්‍යානුකූලව සුඛෝපභෝගී වාහන අරගෙන ජනතා මුදල් හොරා කනවා. (නි)

:       0       0

ප්‍රියාන් Friday, 10 June 2016 02:49 AM

මෙච්චර රටට විනයක් වෙලා තියෙන මේ ආණ්ඩුවට කඩේ යන පිරිසක් ඉන්න එක තමා දුක. ඉදිරියට කට්ටියටම තේරෙයි. අපිට බදු ගහලා එයාලා කාර් ගන්නවා. (නි)

:       0       0

ආරියසේන Friday, 10 June 2016 02:56 AM

කවුරු මොනව කිව්වත් විශ්ව ශක්තියට හා බුදු දහමට බොරු කරන්න බැහැ. රටේ අහිංසක මිනිසුන්ගේ ලේ උරාබොන නූල් සූත්තරකාරයන්ට කවදාහරි වන්දි ගෙවන්න වෙනවා. මේ රටේ මිනිස්සු මීට වඩා බුද්ධිමත් වියයුතුයි. (නි)

:       0       0

සනුකි Friday, 10 June 2016 03:00 AM

මත් මේ යහපාලනය වෙනුවෙන් හඩ නඟපු කෙනෙක්. අපි යහපාලනයට කඩේ ගියේ නැහැ. වෙන විකල්පයක් තිබුනේ නැහැ මහින්දගේ කාලේ සිද්ධවූ විනාශය නවතන්න. තිබුන එකම විකල්පය මේ යහපාලනය විතරයි. ඇයි මේ රටේ මිනිසුන්ට බැරි දෙපැත්තට බෙදිලා කඩේ යන්නේ නැතුව හැමෝම අත්වැල් බැදගෙන මේ විනාශයට විරුද්ධව එකා වගේ හඩ නඟන්න. ඒකට අපිට පක්ෂ පාට වැදගත් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 June 2016 03:07 AM

මම රවිට සම්පුර්ණ විරුද්ධයි. එ්ත් රාජපක්ෂලා කරන සියලුම කුමන්ත්‍රණ/විරෝධයන් භංගම වේවා! රාජපක්ෂලත් ලංකාවේ දේශපාලන භූමියෙන් අතුගෑවිලාම යේවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 June 2016 03:10 AM

ප්‍රියාන්, රටටම/ජනතාවටම කොඩිවිනයක් වෙලා තිබුන ආණ්ඩුව ගෙදර යැව්වා. ඒ ලංකාවේ සිද්ධවුණ විජයග්‍රහණයක්. (නි)

:       0       0

සුමුදු Friday, 10 June 2016 03:13 AM

මහින්ද මහත්තයා ඡන්දෙ දාන්න එන්නේ නැත්තේ අැයි? තේරෙනවද? (නි)

:       0       0

ලක්මාල් Friday, 10 June 2016 03:19 AM

ඕකෙන් කියවුණේ රටේ බහුතරයේ කැමැත්ත නෙමෙයි කියන එක රවිට තේරෙන්නේ නැහැ. දැන් ඉතින් තව ඉස්සරහට තව අමාරු කාලයක් උදාවෙයි. මොකද දැන් රවී තව ආඩම්බර වෙනවා (නි)

:       0       0

තිළිණ Friday, 10 June 2016 03:20 AM

සමන්, බණ්ඩා වගේ රටට මොන විනාශයක් වුණත් පක්ෂ කරේ තියාගෙන යන අය ඉන්නතුරු මේ රට හදන එක බොරු. මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ. ඒත් සමහරුන්ට තියෙන ප්‍රශ්නය මහින්ද මහත්තය ගැන. (නි)

:       0       0

ඉසුරු Friday, 10 June 2016 03:23 AM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

සේන Friday, 10 June 2016 03:26 AM

වැඩි සැප විඳීමේ තණ්හාවෙන්, සිංහලයා ආණ්ඩු මාරුකරලා දැන් අසාධ්‍යව කෙඳිරි ගානවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 57 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 37 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 195 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 445 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1002 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1200 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site