( චන්ද්‍රසේන ගමගේ)
විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට හෝ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් කවුරු හෝ ගෙන එනවා නම් ඊට තම පක්ෂය සහයෝගය නොදෙන බවත් එම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කාරණා විශ්වාස භංගයක් ගෙන ඒමට තරමේ බරපතල කාරණා නොවන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද(14) රන්නේ දී පැවසීය.
රන්න ‘කට්ටකඩුව‘ මහවැලි ගොවි සංවිධානය විසින් ඉදි කරනු ලැබූ නව ප්‍රජා ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය .
‘‘වැරදි කරල තියෙනවානම් මහජන දේපල මං කොල්ල කාලා තියෙනවානම් පුද්ගලයා කවුරු වුණත් පක්ෂය කුමක් වුණත් අපි ඊට සහයෝගය දෙනවා පමණක් නොව ඔවුන් තනතුරු වලින් ඉවත් කරන්නනත් කටයුතු කරනවා. මීට පෙර මේ රටේ නොතිබු දෙයක් දැන් රට තුළ ස්ථාපනය වෙමින් යනවා. නිදහසෙන් පසු චෝදනා වලට ලක්වූ ඇමැතිවරයෙක් අපේ රජය යටතේ ඉල්ලා අස් වුණා. ඒ තිලක් මාරපන ඇමැතිවරයා. මේ ළගදි රවි කරුණානායක ඇමැතිවරයාත් ඉල්ලා අස් වුණා.දේශපාලකයන් මොන දේ කිවුවවත් රටේ ජනතාව දන්නවා. ඇත්ත මොකක්ද කියලා ජනතාවගේ මතයට ගරු කරමින් දේශපාලකයන් තනතුරු වලින් ඉල්ලා අස් වීම හොද දෙයක් වශයෙනුයි මම දකින්නේ‘‘
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘විශ්වාසභංගවලට අපේ සහායක් නෑ‘ - අමරවීර
kalpa Monday, 14 August 2017 11:41 AM
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊළඟ ජනාදිපතිතුමා පත්වෙයිද
sudantha Monday, 14 August 2017 12:04 PM
තිලක් මාරපන නම් ඔය ආයිත් ආවේ නඩුවත් ඉවර නැතුව. රවීත් තව තුන් මාසෙකින් විතර එයි. ටිකක් ඉන්නකෝ..
lalith Monday, 14 August 2017 12:27 PM
ඉල්ලා අස් වුණාට හොරකම් කරපු සල්ලි වලට මොකද වෙන්නේ? එව්වත් සාක්කුවේ දාගෙන "කේස් ක්ලෝස්" කියල මරුවෙන්නද යන්නේ?
Nihal Monday, 14 August 2017 12:39 PM
තිලක් මාරපන අස්වෙලා ගිහින් දැන් ගෙදරට වෙලා ඇති නේද? රවීත් අස්වෙලා ගිහින් ගෙදරම ඇති නේද?
ashan Monday, 14 August 2017 01:08 PM
මෙයාල ඔක්කොම හොරු රකින බොරුකාරයෝ. මෙයාලට පසුගිය රජයේ හොරු රකින්න වුවමනාවක් තියෙනවා. අපරාදේ අපි යහපාලනයක් ගැන මහන්සි වුනේ...
dias Monday, 14 August 2017 01:13 PM
දූෂකයින්ට අලුත් පරණ හොරුන්ට දඬුවම් නැත්ද ?
sunil Monday, 14 August 2017 01:17 PM
පැන්නා, පැන්නා බළලා මල්ලෙන් එළියට පැන්නා!!
පිටිගල මිලානෝ Monday, 14 August 2017 02:16 PM
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අධිකරණ ඇමති කරමු. එතකොට හොරුන්ට ඇඳුම්වල මලමුත්‍ර පහවෙයි.
Amith Monday, 14 August 2017 04:32 PM
2010 ජනතාව එයට දුන්නු දේ අමතකද ?
amaa Monday, 14 August 2017 02:34 PM
පිටිගල මිලානෝ, වඳුරට දැලි පිහිය ලැබුනොත් මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
thamindu dulvan Monday, 14 August 2017 03:06 PM
රටේ පිළිගත් වරායක් විජාතිකයන්ට දෙන එක - මැතිවරණ කල්දාන එක ඇමති කෙනෙකුට සුළු දෙයක් වුණාට ජනතාවට නම් ඒක බරපතල ගැටළු ..... හොරාට කලින් ඇමතිතුමා වට පැනලා වගේ .....
බණ්ඩාර -කැකිරාව Monday, 14 August 2017 03:44 PM
යහපාලනයට ජනතාව දුන්නු විශ්වාසය භංගවෙලා දැන් ගොඩක් කල්... මැතිවරණයක් තිබුණොත් බලාගන්න පුළුවන් වේවි අපේ විශ්වාසය ...!!!
kasun Monday, 14 August 2017 05:28 PM
අනේ ඇයි අපි මහජනතාව හැටියට මේ අයට මේක කන්නදීල බලන් ඉන්නේ ? දැන් ඉතින් අපිත් අර අන්දරේ සීනි කෑව සේ " උබේ කටෙත් පස් මගේ කටෙත් පස් කියල" රටම හතර අතට කන එකයි ඇත්තේ !!
අසෝක ජයතිලක මිලානෝ Monday, 14 August 2017 06:14 PM
ඇයි මේ සමහරු පිටිගල අයියා කියපු දේවල්වලට කලබල වෙලා? හොරාට කලින් කෙසෙල්කැන වැට පැනලා වගේ.
dias Tuesday, 15 August 2017 02:18 AM
ගරු ජනාදිපති තුමනි අගමැතිතුමනි අනෙකුත් පළාත් සභාහත් කලින් විසුරුවා හැර දෙසැම්බර් වෙද්දී පළාත් සභා සහ මහනගර සඳහා මැතිවරණය තබන්න.
රවින්ද්‍ර Tuesday, 15 August 2017 04:01 AM
ඉතින් මහජන දේපල මං කොල්ල කාලා තියෙනවානම් විතරක් නම් ඇයි ඩිලාන්ව තියාගෙන ඉන්නේ.. අනේ තමුසෙලාගේ දේශපාලනය අයිසේ..? හොරා තමුන්ගෙනම් උෟව ආරක්ෂා කරනවා.. එහෙම බැලුවහම යූඇන්පිය හොඳයිනේ..
dias Tuesday, 15 August 2017 08:27 AM
කලාප ඔබ හරි ඊළඟ ජනාදිපති හම්බන්තොටින් තමා. අපි බලමු.