IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විශ්වාසභංග විවාදයට පැය 12 ක්

(සුජිත් හේවාජුලිගේ)

 අගමැති රනිල් වික්‍රමසිංහ  මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට  පැය 12 ක  කාලයක්  වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ  විපක්ෂ නායකයින්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට   දිනක විවාදයක්  වෙනුවෙන් මෑත ඉතිහාසයේ  මෙතරම් දීර්ඝ කාලයක්  වෙන් කරන පළමු  අවස්ථාව මෙය වෙයි.

විවාදය ලබන 4 වැනිදා පෙරවරු 9.30 ට  ආරම්භ වී  රාත්‍රී 9.30  දක්වා පැවැත්වීමට නියමිතය. 

මේ පිළිබඳව කළ විමසුමකදී  අදහස් දැක්වු  කතානායක කරූ ජයසුරිය මහතා  විවාදයට කාලය අවශ්‍ය නම්  ලබා  දීමට සුදානම් බව පැවසීය.
 
විවාදයේදී සියළු දේශපාලන  පක්ෂවලට සාධාරණ කාලයක්  වෙන් කරන බවද කී කතානායකවරයා  ඉලෙක්ට්‍රොනික  ක්‍රමය නැතිව පැරණි ක්‍රමයට  විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණයක් ගෙන ඇතැයි ද සඳහන් කළේය.



අදහස් (32)

විශ්වාසභංග විවාදයට පැය 12 ක්

සිරිමල් Friday, 30 March 2018 08:58 AM

එක්සත් ජාතික පෙරමුණේ සියලුම සාමාජිකයින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට කර ඇති තීරණය මත විශ්වාසභංගය පරාජය වන ලකුණු පෙනෙන්නට ඇත. 4 වෙනිදාට පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව තහනම් කලාපයක් කරනවා නම් වඩා උචිතවෙන අන්දමට එම විවාදය අතරතුර සභා ගර්භය තුළ සුපුරුදු අන්දමේ "කුණු හරුප, විරෝධතා, කෑ ගැසීම්, බෙරිහන්දීම්, ඕසෙ දැමීම් පමණක් නොව ගුටි කෙළි සංදර්ශන පවා ඇතිවීමට හොඳටම ඉඩ ඇත. මේ අතර 29 වෙනිදා රාත්‍රියේ අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ජනපතිට සහ අගමැතිට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා ඇතිබව වාර්තා වෙයි. එහිදී ජනපතිවරයා සහ අගමැතිවරයා පැය 4කට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී විශ්වාසභංගයේදී ජනාධිපති වරයාගේ පාර්ශ්වය ගන්නා පියවර ගැනද අනිවාර්යයෙන්ම කතා බස් කෙරෙන්නට ඇත. අවසානයේ ඇමති බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න විසින් අගමැතිවරයාගේ ප්‍රියතම පානයක් වන කළු කෝපි ද පිළිගන්වා ඇති අතර, රාත්‍රී 11.30ට පමණ නායකයින් දෙදෙනාම "සියලුම එදිරිවාදිකම් අවසන් වූ බවක්" පෙන්වන විලාසයෙන් සිනාමුසු මුහුණින් යුතුව නික්ම ගොස් තිබේ. "සිනාවෙන් හෝ කතාවෙන් හෝ මිනිහෙක් මනින්නට බැරිබව" නම් අපි අසා ඇත්තෙමු.

:       4006       249

RaveendraFriday, 30 March 2018 09:42 AM

පෙර කෑ ආප්පත් හොඳහැටි මතකයිනේ... බිව්වත් කළු කෝපි අප දෙදෙනා හඳපානේ... හංගා ගත් ගමන "පිහි" ඇත අප දෙදෙනාගේ... ඉස්සර වුණු කෙනා දිනනවනේ අභියෝගේ...

:       108       211

sirimalFriday, 30 March 2018 10:50 AM

විශ්වාස භංගයේ ඒකායන පරමාර්ථය ආණ්ඩුව පෙරලා මහින්ද නැවත බලයට පත්කර ගැනීම මිස වෙන එකක් නෙවේ. එසේ කරන්නේ ආණ්ඩුව හොඳ නැති නිසාවත්, රටට වැඩක් කර නැති නිසාවත්, රටට සේවයක් කිරීම උදෙසාවත් නොව තමන් බලයේ සිටිය කාල වකවානුවේ තිබූ අසීමිත බලය අවභාවිතා කරමින් සිදුකල අනේක විධ දූෂණ, මිනීමැරුම් සහ මහජන දේපල කොල්ල කෑම් වලට ලැබිය යුතු සාධාරණ දඬුවම් වලින් ගැලවීම පිණිස බව මොලය කලඳක් වත් තියෙන ඕනෑම කෙනෙකුට තේරිය යුතු දෙයක්. තේරුණත් නොතේරුනා වගේ වැඩ කරන්නේ මොලය නැතිකමට නොව මහින්ද සහ ඔහුගේ ගෝල බාලයන්ගේ උප්පර වැට්ටි වලට හෝ ඔහු ඉතා සූර ලෙසට මවාපාන තේජෝ බල පරාක්‍රමයට රැවටීම නිසා විය යුතුයි.

:       4057       4033

DeepalSaturday, 31 March 2018 09:55 AM

"සිරිමල්" ඔයාගේ නම වගේම ඔයත් තාම හිරිමල් මොලයක් තියෙන නොමේරු බවක් පෙන්නනවා. දුක තමා... එ්ත් මොනවා කරන්නද නේද? හිත හදා ගන්න බලන්න.

:       0       0

Bamunuarachchi Friday, 30 March 2018 09:14 AM

කව්රු මොනවා කිව්වත් ජනතාව මෙයා කෙරෙහි කිසිම විශ්වාසයක් නැත. මේ වනතුරු රටට කරපු දෙයක් නැත. නමුත් පාර්ලිමේන්තු ගැත්තන්ට නම් බොහෝදේ කර ඇත. එමනිසා රනිල් අගමැතිකමින් විසිවී යාම ජනතාවගේ එකම පැතුමයි. මෙයා රටට කල එක හොඳ දෙයක් කාටද කියන්න පුළුවන්...

:       3081       4431

RaveendraFriday, 30 March 2018 09:57 AM

ජනතාවගේ පැතුම් අහස උසට තිබුණත් ඒවා ලඟාකර ගැනීම සිහිනයක් වුවත් දියවන්නා ඔයේ අම්බරුවන්ගේ පැතුම් 100%ක් ම දැනටමත් ලඟාකර ගෙන ඇත...

:       0       200

අශාන්Friday, 30 March 2018 11:56 AM

බමුණුආරච්චිට, නිදහස් වෙළඳකලාප බිහිකිරීම, තරුණසේවා සභාව බිහිකිරීම, ගුරු විද්‍යාල පිහිටුවීම, චන්ද්‍රිකා දුන් ඝෘණ ආර්ථිකය ගොඩදැමීම, කොටි සංවිධානය භේදකොට ඔවුන්ගේ පරාජයට මගහැදීම, තව බොහොම දේ ඇත. මෙහි ඉඩ නැත.

:       1666       1494

sahanSaturday, 31 March 2018 07:02 AM

නිදහස් වෙළඳ කලාප යනු ඇතුලත්මුදලි සහ උපාලි විජේවර්ධන වැන්නවුන්ගේ සිතිවිලිය.

:       0       120

BamunuarachchiTuesday, 03 April 2018 12:49 AM

හලෝ ඔබ ඔය කියන පාලම හැදිලි දේසපාලඥයින් ගේ වැඩ. අපි මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍යනායකයකුගෙන් රට විය යුතුදේ එය සිදුවී තිබෙනවාද?

:       0       0

ගලබොඩ අත්තේ චමින්ද Friday, 30 March 2018 09:27 AM

ජනාධිපති රනිල්ට සහය පල කරනවා කියල උදේ දාල තිබුණු දේ දැන් ටික වෙලාවක ඉඳලා නෑ. අැයි ඒ? ජනාධිපතිගේ තීරණය වෙනස් වෙලාද?

:       681       338

සතයපාල Friday, 30 March 2018 01:12 PM

දවල් හීන දකින්න එපා. මේ විශ්වාස බංගය ගේන්නේ දිනන්න නොවේ පරදින්න බලාගෙන. අගමැතිට විරුද්ධව එ.ජා.ප.යේ ඡන්ද ගණන නිශ්චිත නැත. නමුත් අගමැතිට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද හයකුයි, දෙමළ ජාතික සංධානයේ ඡන්ද පහළවකුයි නිශ්චිතව ඇති නිසා සහ ජ.වි.පෙ. මෙන්ම මහින්දද ඡන්දය පාවිච්චි නොකරනු ඇත. සමහරවිට මුස්ලිම් කොන්ග්‍රසය අගමැතිට විපක්ෂ වුනොත් දෙකට කැඩිමේ ප්‍රවණතාවයක් ඇතිවන නිසා අගමැතිට පක්ෂව ඡන්ද හෝ ඡන්දය වර්ජනය කිරිමට ඉඩ ඇත. මේ විශ්වාස බංගය ඉතා සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එනම් වැඩි ඡන්ද එකකින් හෝ දෙකකින් ජයගනු ඇත. එය තමයි දෙපැත්තෙම අපෙක්ෂාව වනු ඇත්තේ. එනම් ආණ්ඩුවට තවදුරටත් ආණ්ඩු බලය පවත්වා ගෙන යාමත් විපක්ෂය තම බලය රටතුළ තහවුරු කර ගැනීම මගින් ඊළඟ මහ මැතිවරණයදී බලය ලබා ගැනීමට සූදානම් යන පණිවිඩය රටට දිමටය.

:       31       8

sas Friday, 30 March 2018 02:20 PM

මහින්දට වඩා රනිල් හොඳයි.

:       1324       1191

RNG Saturday, 31 March 2018 12:20 PM

ඇයි සුළුතරය රකින නිසාද..?

:       0       50

Sameera Friday, 30 March 2018 02:51 PM

රනිල් හොද නායකත්වයක් තිබෙන නායකයෙක්. නමුත් ඔහුගේ සංකල්ප යාවත්කාලින විය යුතු කාලය පැමිණ ඇත. උදාහරණයක් ලෙස "තරුණ සේවා සභාව" මෙහි තවමත් ක්‍රියාත්මක වන්නේ පරණ ක්‍රමයකී. ලංකාව අධ්‍යාපනය සහ වෘත්තීමය අතින් තවමත් ඉන්නේ 90 යුගයේ.. ස්වාධින ආයතන පිහිටුවට වැඩක් නැහැ ක්‍රියා පිළිවෙල වෙනස් නොවී.

:       526       123

ranavi Friday, 30 March 2018 02:56 PM

අගමැතිතුමනි නිර්භයව මුහුණ දෙන්න. මිනිස්සු මොන අවලාද අපහාස කලත් ඔබත් ලංකා පුත්‍රයෙක්. ලංකාවේ වැඩිම ප්‍රභූ පවුල් පසුබිමක් තිබෙන රනිල් විශ්වාස භංගයෙන් අනිවාර්යෙන්ම ජයග්‍රණය කරනු දැකීම අපේ පැතුමයි.

:       874       727

DasunFriday, 30 March 2018 07:07 PM

දැන් මේ පවුල් ගස් සහ ලොකු අතු එපා කියල නේද යහ පාලනය ආවේ. ඒ මදිවට දැන් ආපහු ප්‍රභූ පන්තියේ කකුල් ලෙවකන්නද අපිට කියන්නේ.?

:       0       0

BamunuarachchiTuesday, 03 April 2018 01:11 AM

ඔව් ඔව් නිර්බයව මුහුණ දෙන්න දේශපාලනයත් බොක්ෂින් ක්‍රීඩාවක් නම් ඔය මුහුණ මෙලහකටත් ගැලවිලා වැදුන පාරවල් ටිකට

:       0       0

vidya Friday, 30 March 2018 04:35 PM

අපරාදේ ලයිට් සහ වතුර වියදම්.

:       3       60

td Friday, 30 March 2018 07:26 PM

අගමැතිවරයා මුල්කරගෙන රජයට විරුද්දව ගෙනෙන විශ්වාසභංගය ගෙනෙන්නේ කව්ද කියා මුළුරටම දනිති.

:       0       0

සමන්ත Friday, 30 March 2018 07:27 PM

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක මුලික අංගයක් වන විශ්වාශ භංග යෝජනාවක් ගෙන එම රටට හොඳ දෙයක් මිස නරකක් නෙමේ. යු.ඇන් .පී යට ආශීර්වාදයක්. ඒ ඇයි කියලා පස්සේ තේරෙයි. ජනාධිපති ගැන නම් සතයක් වත් විශ්වාශයක් නෑ . ඒත් දිනුවත්, පැරදුනත් දිනන්නේ යු. ඇන්. පී එක බව හිතට ගත්තොත් හොඳයි. බලාගෙන ඉන්න. මේක යක්ෂයාගේ හෝරාව.

:       0       0

td Friday, 30 March 2018 08:02 PM

මම සිතන ආකාරයට ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මුලික අරමුණ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ තරුණ මන්ත්‍රීවරුන්ට අවබෝධ වී නොමැතිබව පෙනේ. කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව නිසා විශේෂයෙන්ම (ශ්‍රී ලංකා සහ එක්සත් ජාතික පක්ෂ ) රටට ජත්ත්න්තර වශයෙන් විශාල පිළිගැනීමක් තිබේ, ආර්ථිකය සක්තිමත් කිරීම මෙයින් සිදුවූ ප්‍රදාන කාරණාය. නමුත් මේ ජාතික ආණ්ඩුව කරගෙන යාමේදී විශාල වශයෙන් ප්‍රශ්ණ තිබුනත් මෙතෙක් කල් එය කරගෙන යාම අගමැති තුමා කටයුතු කල ආකාරය ඉතා වටිනේය.

:       0       0

td Friday, 30 March 2018 08:19 PM

මේ සඳහා නිදහස් පක්ෂයේ සහයෝගය ගත යුතුමය. එසේ නොවන හොත් අනාගතයේදී නව ව්‍යවස්තාව රට බෙදන හෝ කොටි ව්‍යවස්තාවක් බවට අන්තවාදී පක්ෂ විසින් විවේචනය කරනු ඇත. විස්වාස බංග යෝජනාවට කිසියම් නිදහස් පක්ෂයේ සහයෝගය නොලැබෙන්නේ නම් තනි එක්සත් ජාතික පක්ස රජයක් පිහිටු වීමට කටයුතු කල යුතුය. එවිට පක්ෂයට සහ පාක්ෂිකයට 100% අලුත් ප්‍රබෝධයක් ගෙන එනවා නොඅනුමානය.

:       0       0

td Friday, 30 March 2018 08:52 PM

උගත්කම, බුද්දීමත්කම සහ ඉවසීම ඔහුට තිබේද යන්න සහ සජිත්ගේ අතීත ක්‍රියාකලාපය අනාගත පක්ෂ නායකයා වීමට සහ මුළු රටේ නායකයා වීමට තිබේද යන්න යන්න ඉතා ගැබුරින් සිතා බැලිය යුතු කරුණකි. රටක අනාගතය භාර දිය යුත්තේ, විසේසයෙන්ම 21 වන සත වර්ෂයේ, මේ නුතන ලෝකයේ උගත් බුද්දිමත් කෙනෙකුටය. උගත්කම පසෙකලා ජනප්‍රිය වූ පමණින් පුද්ගලයකු පක්ෂයක හෝ රටක නායකයෙක් වීම සහ නුගත් නායකයන් ගන්න තීරණ ජනතාවට සහ රටේ අනාගතයට බොහෝසේ බලපානු ලැබේ.

:       0       0

banda Friday, 30 March 2018 08:59 PM

මහා බැංකුව ගැන හිතනකොට මේක මොන කජ්ජක්ද ?

:       0       0

Tissa Saturday, 31 March 2018 03:09 AM

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කල යුත්තේ මුළු පර්ලිමෙන්තුවටම විරුද්ධවයි. හේතුව මේ ඔක්කොම රට සහ ජනතාවගේ සම්පත් මංකොල්ල කන විනාශකාරී හොරු පිරිසක්. මේ මැට්ටන් නඩත්තු කරන්න මහජන මුදල් කොපමණ යනවද?

:       0       38

Waco Saturday, 31 March 2018 04:16 AM

මේ ඔක්කොම බොරු. මහජනයාගේ අවදානය වෙන අතකට හරවන්න කරන කපටි වැඩ. විශ්වාස භංගය පරදිනවා.

:       0       0

THILINA Saturday, 31 March 2018 05:08 AM

මේ ඉහත මත ඉදිරිපත් කරපු අය දැකලා තියෙන්නේ කාසියේ එක පැත්තක් විතරයිනේ. කෝ අනිත් පැත්ත? මම වැඩිය කැමතියි මේකේ අනිත් පැත්ත දකින්න. ඒ දකින්නේ ඉතිහාසය තුළින්. මට පේන ප්‍රවණතාවය තමයි මේ යෝජනාව 4 දාට සාකච්ඡා කරන්න පටන් ගත්තු ගමන් මහවැලියේ වතුර ගලනවා වගේ ආණ්ඩු පක්ෂයෙන් අලි වදිනවා. ඒ කියන්නේ වලි අදිනවා. ඊට පස්සේ අනිත් පැත්තත් අන්තර් ජාල වේගයෙන් ප්‍රහාර එල්ල කරාවි. අවසාන ප්‍රතිඵලය දින නියමයක් නොමැතිව බංගය කල් යන තැනට කරුණු කාරණා යෙදේවි කියන උපකල්පනයයි.

:       0       20

රජින්ද Saturday, 31 March 2018 05:17 AM

මේ කුජීත ලාංකීය දේශපාලන ක්‍රමය තුල මහත්වරුන් ගැන බලාපොරොත්තුවක් නොමැති නිසා අර හොරාට වඩා මේ හොරා හොඳයි කියන්නට හෝ නරකය කියන්නට තරම් ලාංකික ඡන්ද දායකයින් අවාසනාවන්ත වී ඇත. මේ රට තවදුරටත් අපට වසන්නට සුදුසු රටක් නොවුවත් බුද්ධ දර්ශනය ජීවමානව අත් විදීමට වෙනත් රටක් නොමැති නිසා මෙහිම ඉපදී මෙහිම නැසෙන්නෙමු.

:       1       36

ajithkaru Saturday, 31 March 2018 06:19 AM

1977 දී බියගමින් රනිල් මහතා දේශපාලනයට පිවිසියේය. බියගම, කටුනායක, කොග්ගල, සීතාවක නිදහස් වෙළඳ කලාප බිහිකළේ මෙතුමායි. බියගම නගරයක් බවට හැරවුයේ රනිල් මහතාය. කඩුවෙල පාලම තනවා කොළඹ - ගම්පහ යාකලේ මෙතුමායි. තරුණ සේවා සභාව, අධ්‍යාපන විද්‍යා පීඨ ඇතිකළේ මෙතුමායි. හිටපු ජනාධිපතිතුමාගේ සමයේ අපෙන් අහිමිවූ විදේශ මාළු වෙළඳපල, ජී එස් පී ප්ලස් නැවත ලබා ගත්තේ මොහුයි. වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීමට තම පක්ෂයෙන් ඉඩ හසර ලබාදුන්නේ මෙතුමායි. ඒකාධිපතිවාදී රජයක් පෙරලා දැමුවේ මෙතුමායි. වත්මන් ජනාධිපතිතුමාට විදේශ රාජ්‍යයන් සමග සබඳකම් ඇතිකර ගැනීමට පසුබිම සකසා දෙන්නේ මෙතුමායි. පිනට ඇමතිකම් ලබාදීමට එකඟවී යහපාලන රජයක් අතිකිරීමට් එකඟ වුයේ මෙතුමායි. කන්න දීපු අත හපාකන දඩ බල්ලන් වැනි එම ඇමතිවරුන්ගේ කෙනහිලිකම් ඉවසා සිටින්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ආදී සියල්ල විවර කර දුන්නෙත් රනිල් වික්‍රමසිංහ නම් උතුම් පුද්ගලයාය.

:       1104       887

erdiSaturday, 31 March 2018 02:40 PM

අජිත් කරූ... මෙතන අදහස් පළකරපු අයත් ඔය ටික හොඳින්ම දැනගෙනත් රනිල් විරෝධී අපහාස සහ ලයික් වලින් නරක ප්‍රතිචාර දක්වන්නේ වහල්ලුන්ට වෙනත් විකල්පයක් නැති නිසයි.

:       0       1

BamunuarachchiMonday, 02 April 2018 01:57 AM

හලෝ රනිල්ගේ පැත්තට අදින ඔබලත් වහල්ලු නොවෙයිද? යුද්දය කාලයේ එයාගේ ක්‍රීය කලාපය හොයලා බලන්නකෝ එවයි දැනගන්න වටින්නේ පාලම් හදපුවා නොවෙයි. 2005 මහින්ද නොඑන්න රට කොහෙද?

:       0       0

BamunuarachchiTuesday, 03 April 2018 01:06 AM

ජනාධිපතිකමට තනිවම තරඟ නොකළේ ඇයි කියන්න. එතකොට ඔබේ කටින්ම කියවේවි මෙයාගේ තිබෙන ජනප්‍රියතාවය. මෙය ඔය වෙනවිට 30 වතාවක් ඡන්ද පැරදිලා සිටියේ. බලයේ ඉඳගෙනත් ප්‍රාදේශීය ඡන්දය දිනා ගන්න බැරිඋනා තව මොනවද කථා. 2020 දී දුවන්නම දෙවි ජනතාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 12 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 195 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 65 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 923 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2911 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5547 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site