IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


විශ්ව විද්‍යාලයට වැඩිපුර සිසුන් 5609ක්

මෙවර විශ්වවිද්‍යාලවලට වැඩිපුර සිසුන් 5609කු ඇතුළු කර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය. 2011 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් ගැටළුව සම්බන්ධයෙන් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දුන්නේය. පෙරවසරවල විශ්වවිද්‍යාලයට ඇතුලත් කර ගත්තේ සිසුන් 21500 කි. මෙවර සිසුන් 27100ට ආසන්න  ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමට නියමිතයි. තෙවැනි වරටත්  පෙනී සිටි සිසුන්ට සිවු වැනි අවස්ථාව ද දෙන්නැයි නිර්දේශ කරන බවත් ඒ සඳහා ඇමැති මණ්ඩලය තීරණයක් ගත්යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය. ඉසඩ් ස්කෝර් නඩුවේ තීන්දුව ඇසීමට උසාවි භූමියේ ඉදිරිපිට රැස්ව සිටි සිසුහු සහ දෙමව්පියෝ සතුට පළකළහ...



අදහස් (0)

විශ්ව විද්‍යාලයට වැඩිපුර සිසුන් 5609ක්

සංජිව Wednesday, 12 September 2012 03:30 PM

ඉගෙන ගන්න එකා කොහොන්ම කලත් ඉගෙන ගන්නවා (දී)

:       0       0

සිසිර Wednesday, 12 September 2012 03:42 PM

ඒත් ගියාට වැඩක් නෑ නේ ? උගන්වන්නේ කවුද ? (ස)

:       0       0

ජගත් Thursday, 13 September 2012 02:10 AM

ශාලා වල ඉඩ තියෙනවාද

:       0       0

චමිලා Wednesday, 12 September 2012 03:51 PM

ඔය තියෙන්නේ තීන්දු . ඉතින් 5 හේ ශිෂ්‍යත්වේටත් සාධාරණයක් ඉෂ්ඨ කරන්න.. (ස)

:       0       0

චානක Wednesday, 12 September 2012 04:00 PM

මමනම් කියන්නේ ඒ වැඩේ හරි

:       0       0

මනෝහරන් Wednesday, 12 September 2012 04:04 PM

සිසිර උපාධි ගත්තට රස්සා දෙන්නේ කවුද ? (ස)

:       0       0

මහින්ද Thursday, 13 September 2012 05:30 AM

කඩයිම් ළකුණු නිකුත් වෙලා අඩු ඉසෙඩ් අගයේ අය වෛද්‍ය පීඨයටත්, වැඩි ඉසෙඩ් අගයේ අය විද්‍යා පීඨයටත් යද්දී තේරෙයි මේකේ රගේ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 12 September 2012 04:04 PM

රටේ ඉගෙනීමේ ප්‍රමාණය වැඩිවන විට ගත් ඉතා හොද තීරනයක් (ස)

:       0       0

තරංග Thursday, 13 September 2012 01:38 PM

මනෝහරන්, ඔයා හිතන්නේ කැම්පස් එකේ නිකන් ඉගැන්නුවට වියදම් වෙන්නේ නැහැ කියලද? ලංකාවේ කාර්මික සංවර්දන අධිකාරියක් තියෙනවා. ඒකේ තියෙනවා ගොඩක් පාඨමාලා. අවශ්‍යතාවය තියනවා නම් ඕනෑ තරම් අවස්ථා තියෙනවා, අමතර ආදායමක් හොයාගන්න දෙයක් කරන්න. එන්.අයි.බී.එම්. වගේ එකක මුල් අවුරුදු 2 අද ගත්තොත් ඊළග අවුරුදු 2 තුළ ඉගෙනගන්න ගමන්ම රැකියාවක් කරන්න පුළුවන් . (නි)

:       0       0

ශාමා Wednesday, 12 September 2012 04:10 PM

වැඩිපුර සිසුන් ගන්න අවශ්‍ය පහසුකම් විශ්ව විද්‍යාල වලට සපයන්න කියලා උසස් අධ්‍යාපන ඇමතිට ඔය ගමන්ම නියෝග කළා නම් තමයි වඩාත් හොඳ (ස)

:       0       0

ප්‍රදීප් Thursday, 13 September 2012 06:17 AM

බටහිර අධ්‍යාපනය ඔස්සේ දියුණුවෙන්නේ මොලේ හැදීමක් පමණයි.. (නු)

:       0       0

අජන්ත Thursday, 13 September 2012 01:59 PM

ඒ වැඩේ මෝඩ වැඩක්

:       0       0

තරංග Wednesday, 12 September 2012 04:16 PM

තේරුමක් නැහැ. යන්න එපා කැම්පස් 3 වෙනි 4 වෙනි පාරට කරලා. අවුට් වෙනකොට ජොබ් වලට යන්න ඕනෑ වයස පැනලා. දුක විදලා ඉගෙන ගෙන ජොබ් එකක් හොයාගන්නත් එක එකා ට වදින්න වෙනවා. ස්පෙෂල් ඩිග්රියක් තිබුණත් ජොබ් එකක් හොයා ගන්න තවත් කට්ටක් කන්න වෙනවා. ඒක නිසා එක එකාගේ කටු වලට අහුවෙන්නේ නැතුව උසස් පෙළින් පස්සේ කරන්න ප්‍රයිවට් උපාධියක්. හදාගන්න වෘත්තීමය සුදුසුකම් ටිකක්. 23 වෙනකොට කසාදෙකුත් බැදලා 26 වෙනකොට ගේකුත් හදලා මනුස්සයෙක් වෙන්න පුළුවන් . (නි)

:       0       0

අනුෂා Thursday, 13 September 2012 02:00 PM

සුභපැතුම් ඔන්නහොද වැඩක්

:       0       0

සංජීව Wednesday, 12 September 2012 04:38 PM

සෑම වසරකම විශ්වවිද්‍යාල වලින් අවසන් වසර සඳහා පෙනීසිටින සිසුන්ගෙන් තුනෙන් එකක් අසමත්. මෙවර වැඩිපුර ගන්න අයගෙන් හත‍රෙන් තුනක් අසමත් වෙන එක නවත්වන්න බැහැ. උපාධි නැතිව වේලෙන්න වෙන්නෙ. ඒ පැත්තත් නැහැ. මේ පැත්තත් නැහැ. මොකද විශ්ව විද්‍යාල වල විෂය නිර්දේශ වෙනස් වන්නේ නැහැ. ඒ ගැන හිතලා තනි තනිව තීරණයක් ගන්න. අපරාදෙ කාලය නාස්ති කරගන්නෙ නැතිව. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 12 September 2012 04:46 PM

විශ්ව විද්‍යාල වලට මෙපමණ වැඩිපුර ළමයි දාන්න ඉඩ තියෙනවා නම් මෙච්චර කලක් මොකද අඩුවෙන් ගත්තේ? මේ ප්‍රමාණයට ගන්න ළමයින්ට පහසුකම් කොහොමද වැඩි කරන්නේ? පඩි වැඩි කරන්න සල්ලි නැතුව ඉන්න එකේ දැන් මොකද්ද කරන්නේ කියල බලමුකෝ. (නි)

:       0       0

කෙවින් Wednesday, 12 September 2012 05:03 PM

කවුරු මොනවා කිවුවත් ජීවිත ගණනාවක ඉරණම විසදෙන හොද තීරණයක්. (නි)

:       0       0

සජී Wednesday, 12 September 2012 05:04 PM

දැන් සතුටුයි නේද ළමයිනේ? (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 05:02 PM

නඩු දමපු සිසුන්ගේ පිහිටෙන් 5000ක් ගොඩ. (නි)

:       0       0

සුදත් Wednesday, 12 September 2012 05:14 PM

නේවාසික ප්‍රශ්න එන්නේ නැද්ද

:       0       0

ඇරිස් Wednesday, 12 September 2012 05:29 PM

දැන් ළමයිනේ, මහැදුරන්ට විරුද්ධව පෙළපාළියක් ගියොත් නේද හොද? (නි)

:       0       0

රොහාන් Wednesday, 12 September 2012 05:41 PM

අධිකරණය යනු ස්වාධීන ආයතනයකි. (නි)

:       0       0

කෞෂි Thursday, 13 September 2012 09:17 AM

අනේ මන්දා? කලා විෂයන් කළ අයටත් ඔය විදියටම සාධාරණයක් වේවිද? (නි)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 07:40 PM

අනේ මන්දා වැඩිපුර ගියාට කමක් නෑ. නංගිලා මල්ලිලා කචල් වැඩි කර නොගෙන යන කාරණේ හරියට කර ගන්නවනම්. (ස)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 07:34 PM

වැඩිපුර ගියාට කමක් නැහැ. නංගිලා, මල්ලිලා කචල් වැඩිකර නොගෙන යන කාර්යය හරියට කළොත් හොදයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 12 September 2012 06:01 PM

අහං ඉසෙඩ් ස්කෝර් සරණං ගච්ඡාමී. (නි)

:       0       0

අරෝෂා Thursday, 13 September 2012 10:32 AM

ආදරණීය නංගියේ මල්ලියේ ඔබලා යන්තම් දිනුවා... අයෙත් මෙවැනි අවාසනාවන්ත ඉරනමක් අත් නොවේවා කියා පතනවා.. රටේ අනාගතය අපි..!!(නු)

:       0       0

රෝහන Wednesday, 12 September 2012 06:25 PM

ප්‍රයොගිකද මම අහන්නේ

:       0       0

චින්තක Wednesday, 12 September 2012 06:30 PM

කැම්පස් වලට ගන්න ප්‍රමාණය වැඩි කරපු එකනම් හොඳයි. දැන් ලංකාවේ හැමදෙයක්ම තීරණය කරන්න වෙන්නේ උසාවියෙන්. (නි)

:       0       0

අබය Wednesday, 12 September 2012 06:38 PM

හරියට හරි තරංග. මම උසස් පෙළ එක පාරයි කළේ. වැඩේ හරි ගියේ නැහැ. ඔබ කිවුවා වගේ වෘත්තීය සුදුසුකමක් ලබා ගත්තා. 1990 දි ජොබ් එකක් සෙට් වුණා. 1995 වෙනකොට මම විවාහ වෙලා ගෙයකුත් හදල ඉවරයි. මම එක්ක උසස් පෙළ කරපු කට්ටිය කැම්පස් අවුට් වුණේ 1995. පස්සෙ මම පිටරට අවුරුදු 2ක් ජොබ් කරලා දැන් මෙහේ ලක්ෂයක් පඩි ගන්න ජොබ් එකක් කරනවා. මමත් කැම්පස් ගියා නම් මටත් ඕකමයි වෙන්නෙ. (නි)

:       0       0

ඇසළ Wednesday, 12 September 2012 07:08 PM

දැන් ජේ.වී.පී. එක මේකටත් හොට දායිද දන්නේ නැහැ. (නි)

:       0       0

මනෝහරන් Wednesday, 12 September 2012 07:52 PM

තරංග, මට දැන් 22යි. උසස් පෙළ සමත්. මට කියන්නකෝ ප්‍රයිවට් උපාධියක් කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

නාමල් Wednesday, 12 September 2012 08:10 PM

ඇරිස් කියන විදියට මහැදුරන්ට විරුද්ධව නෙවෙයි පෙළපාලි යන්න ඕනෑ,රජයට විරුද්ධවයි. කැම්පස් ආවම තේරෙයි හැමදේම, ඉන්න හෝල් එකක්, කන්න කැන්ටිමක් නැති වෙනකොට. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 12 September 2012 03:20 PM

මෙතරම් වැදගත් තීරණ ගන්න පුළුවන් රටේ අර මරන්න යන සත්තු ටික බේරන්න තීන්දුවක් ගන්න තියෙන අමාරුවක්... ඇත්තටම නීතිය හරි අමාරු විෂයයක්නේ. (ස)

:       0       0

පාලිත Wednesday, 12 September 2012 10:24 PM

දැන් සතුටුයි සජී. ඒත් අපිට කවදද කඩයිම් ළකුණු දෙන්නේ? (නි)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 12 September 2012 03:29 PM

රජයේ ඉසෙඩ් අකුරෙන් පන්දාස් ගණනක් ගොඩ. මේ ඉසෙඩ් නාඩගමට ස්තූතියි. (නි)

:       0       0

අනුර Wednesday, 12 September 2012 10:33 PM

නිවැරදි තීරණයක් අරන් තිබීම ගැන සතුටුයි. විභාග දෙපාර්තමේන්තුවේ සහ උසස් අධ්‍යාපන කොමිසමේ නිලධාරීන්ටත්, ඇමති දෙදෙනාටත්, විශේෂයෙන්ම 'විද්වත්' කොමිටියටත් දඩුවමක් දෙන්න ඔබතුමියට නොහැකිද? ඔබ නම් නියම මවක්. අපි ඔබ දෙපා නමදිමු. දිගාසිරි පතමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 27 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 49 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2267 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1819 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 382 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 635 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site