IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ගමන් වියදම් හොස්ටල්   ප්‍රශ්න ආදී ආර්ථික ප්‍රශ්න නිසා බොහෝ සිසු සිසුවියන්  විශ්ව විද්‍යාලවලට නෑවිත් ගෙවල් වල ම සිටින තත්ත්වයක් ඇති වී තිබෙන බව කී අමරසූරිය මෙනවිය රටට නායකත්වය දෙන්න ඉන්න පරපුරක් මෙවැනි තත්ත්වයකට පත් වීම කනගාටුදායක බවද පැවසීය.

මෙවැනි තත්ත්වයන් වල  ප්‍රතිඵල භුක්ති විදින්නට  සිදු වන්නේ වසර කිහිපයක් ගිය පසුව බව පැවසූ හරිනි අමරසූරිය මෙනවිය මන්දපෝෂණ ප්‍රශ්නයට මුහුණ දීමේදී තෝරාගත් පිරිසකට පමණක් නොව මීට වඩා සැලසුම් සහගත ලෙස රජය ඊට මැදිහත් විය යුතුව තිබෙන බවද කීවාය.



අදහස් (22)

විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා

යෝගා Thursday, 05 January 2023 03:04 PM

එහෙම කාලා ඉතුරු කරගන්න සල්ලි වලින් මොකද කරන්නේ කියලත් හොයන්න

:       9       22

Sanath kandyThursday, 05 January 2023 04:20 PM

එහෙම කන්නේ ඉතුරු කරන්න නෙවෙයි. නැති කමට​

:       10       13

ajithThursday, 05 January 2023 05:58 PM

විශ්ව විද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව මැතිවරණ සමයේදී පමණක් කතා කරන්නේ ඇයි?

:       0       0

ganegoda Thursday, 05 January 2023 03:29 PM

අන්න ඒක නම් හුඟාක් හොඳයි .අහන්නත් සතුටුයි .මෙහෙම හරි ඔය "නවකවදය " පාලනය වීම ගැන අපි ඉතා සතුටු වෙමු

:       4       12

vernon Thursday, 05 January 2023 03:50 PM

එතකොට කැට හොල්ලලා එකතු කරන සල්ලි වලට මොකද වෙන්නේ?

:       11       23

මාවිල්මඩ වජිර හිමිThursday, 05 January 2023 04:23 PM

වැස්සකටවත් විශ්වවිද්‍යාලයක පස් පාගන්න පින නැති උන පලියට ඒ ළමයින්ට ගරහන්න එපා.

:       16       10

Dr. FernandoThursday, 05 January 2023 04:40 PM

විශ්වවිද්‍යාල දරුවන්ට අවලාද කියන බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට නොහැකි වූ බැවින් ඔවුන් දෙස කුහක ඇසකින් බලන අය බව කිව යුතුය​. ඔවුන් අරගල කරන්නේ නිදහස් අධ්‍යාපන වරම් පුළුල් කර සියළුම දරුවන්ට උසස් අධ්‍යාපනයක් හිමිකර දීමට බව අවබෝධ කර ගන්න​

:       13       9

pinsiriThursday, 05 January 2023 05:19 PM

ලොකු හාමුදුරුවොත් එක්ක සංසර්ගයේ යෙදෙන වෙලාවේ ලැබුන බුද්ධියෙන්ද මේ වැටහීම ලබාගත්තේ ?

:       0       0

Ruhunu Thursday, 05 January 2023 03:52 PM

එයාලා බතුත් කනවද?

:       9       19

මාවිල්මඩ වජිර හිමිThursday, 05 January 2023 04:22 PM

වැස්සකටවත් විශ්ව විද්‍යාලයක පස් පාගන්න පින නැති උන පලියට ඒ ළමයින්ට ගරහන්න එපා

:       20       13

kamalThursday, 05 January 2023 05:46 PM

හැබැයි වැඩිය කැමති බොන දේවල් වලට.

:       0       0

කසුන් Thursday, 05 January 2023 04:00 PM

කැම්පස්වල ඔයාලා කරවන නවකවදය නවත්තලා පෙන්නුවොත් ඔයාට අපේ පොඩි මාමව සෙට් කරලා දෙන්නම්, හා ද?

:       9       19

දිමුත් Thursday, 05 January 2023 04:05 PM

අර ජනපතිගේ තරුණ වේදිකාවට ගියානම් හරි...

:       5       7

නිමලසිරි Thursday, 05 January 2023 04:56 PM

මෙතුමිය දන්නවා එක් බත් පැකට් එක දෙතුන් දෙනෙක් කනවා කියලා... සමහර දෙනෙක් එකක් කාලා අනෙක කනවා. ඒකත් කාලා තවත් එකක් කනවා. ඒත් එතුමිය ඇයගේ නැත්නම් ඇය සේවයේ යෙදෙන හෝ යෙදුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට අවුරුදු පහකින්වත් උපාධිය ගන්න බැහැ කියලා (තොත්ත බබා නිසා) දන්නේ නැහැ... සමහර දරුවන් අවුරුදු හතක්, අටක් පමණ සාමාන්‍ය උපාධියවත් ගන්න බැරුව දුක් විඳිනවා. මම දන්නා දරුවෙක් එකම වසරේ කැම්පස් ඇතුළට ගොස් එයාගේ කැම්පස් එකේ ඉගෙනුම ලබද්දී ඒ සමග වෙනත් කැම්පස්වලට ගිය යහළුවන් බොහෝ පිරිසක් දැනට රජයේ උපාධිධාරීන් ලෙසට රැකියා කරනවා. ඒ නිසා දරුවන්ට පමණක් නොවෙයි, ඒ අයගේ දෙමාපියන්ට පවා සමාජයට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙනවා. මෙතුමිය ඒවා ගැනත් බලනවා නම් ඔය කතාව පිළිගන්න පුළුවන්... මුන්දෑ තමන්ගේ ඇහේ පරාලයක් තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්දක් අදින්න හදනවා...

:       6       14

කසුන් Thursday, 05 January 2023 05:06 PM

එහෙම අඩුවෙන් ආහාර ගත් සිසුවියන්ට සහ සිසුන්ට නවක වදය ලෙස ලැබුණේ පිට්ටනිය වටේ දිවීමට යි.

:       0       2

saliya Thursday, 05 January 2023 05:30 PM

එදත් අදත් එක කැම පිඟානේ අඩුව (මදි පාඩුව​) අරන් දෙන්නා කනවා.. ෆුල් බත් එක දෙන්නා තුන් දෙනා කනවා...

:       0       2

thilak Thursday, 05 January 2023 05:43 PM

අද ඔය කරදර කාටත් තියෙනවා. අද එක වේලක් විතරක් කන පවුල් කීයක් රටේ ඉන්නවද?

:       0       2

fairoos Thursday, 05 January 2023 05:54 PM

නූගත් ආණ්ඩුවට කඩේ යන කාලකන්නින්ට කොහෙද මේවා තේරෙන්නේ

:       1       0

BamunuarachchiSunday, 08 January 2023 01:21 PM

මේ ඔක්කොටොම මුල සිංහල අපි අපේ අනාගත සිංහල දරුවන්ට ඉතිරි කරන සම්පත් බුරුතු දනන් වදලා පිනට කන හම්බසෙට් එක නිසා කියලා උඹට කවුරුවත් කියන්නේ නැහැ නේද? උඹලා මෙරටින් ත්ලොන්චි උනදාට අපේ ළමයින්ට හරියාවි.

:       0       0

Chaminda Thursday, 05 January 2023 05:57 PM

හාමුදුරුවන්ට වගේ පිනට අපිට විශ්ව විද්‍යාලයට යන්න හම්බවෙන්නෙ නෑනේ

:       0       1

Rasika Thursday, 05 January 2023 09:20 PM

අපි අවුරුදු 20කට කලින් කැම්පස් යනකොටත් හැමෝම ගෙවල් වලින් ගේන බත් දහයක් විතර එකතු වෙලා අනලා ඒකෙන් කන්න කියපු මානසික ලෙඩ්ඩු හිටියා. දැන්නම් දෑවැදි එක්ක බැඳලා, ප්‍රයිවට් ප්‍රැක්ටිස් රෑ වෙනකම් කරලා කොළඹ, නුවර ගෙවල් හදාගෙන ඉන්නෙ නවක වදයටත් විරුද්ධයි

:       0       1

Bamunuarachchi Sunday, 08 January 2023 01:17 PM

ඕක ඉස්සර කාලෙත් තිබුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ නැතුව දේශපාලනය කරපු අයත් හිටියා. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න එවුන්ට ඉගෙන ගන්නනොදී අවුරුදු ගණන එක තැන පල්වෙවී ඉගෙන ගන්න කෙනාට වලකපපු අයත් හිටියා.. දැන් ඒ අය හිරේ. අහිංසක දරුවන්ට නවක වදේ දීලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය එපා කරපු අයත් හිටියා. මේ ඔක්කොම නිදගස් අධ්‍යාපනය නිසා වෙනදේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1317 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1132 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1073 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 702 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 594 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5335 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25412 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site