IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


විශේෂඥ වෛද්‍යවරයකු නෑ: කරාපිටියේ ළමයි කොළඹට

(ජී . ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද පැවසේ.එමෙන්ම මෙම කටයුත්ත සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ද කියැවේ.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙකුගෙන් විමසූවිට පවසා සිටියේ ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැරදා විදේශගතව ගිය බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

රෝගීන් ගේ දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.

 



අදහස් (18)

විශේෂඥ වෛද්‍යවරයකු නෑ: කරාපිටියේ ළමයි කොළඹට

de silva Friday, 18 August 2023 07:52 AM

පාලකයිනි දැන්වත් ලංකාවේ පුද්ගලික වයිදය විද්‍යාල ඇති කරන්න ,ලංකාවේ ඉන්න දොස්තරලා ප්‍රමාණය තව අවුරුදු 5 යනකොට ඉතා අඩු මට්ටමකින් වැටිලා.බෙහෙත් ගන්න අර පෙට්‍රල් පෝලිම් වගේ ඒවා ඇතිවේවි

:       27       19

රංජිත් Friday, 18 August 2023 11:20 AM

නිදහස් අධ්‍යපනයෙන් ඉගනගත්තු අයත් වැඩි පඩියට රට යන එකේ ලක්ෂ 80ක් දීලා private medical facility වලින් ඉගෙනගෙන ලක්ෂ 2 පඩියට ලංකාවෙ වැඩ කරයි ද???මෝඩ කතා කියන්න එපා.... .... වෛද්‍යවරුන්ගෙ පඩි වැඩිකරන්න එතකොට එයාලා ලංකාවෙ ඉදීවි

:       6       31

AB SrilaFriday, 18 August 2023 11:34 AM

ලංකාවේ උන් හරි වෙනස් .. උන්ට වැඩක් නෑ මේ මොහොතේ වෙන්නේ මොකද්ද, ඒකට හේතුව මොකද්ද කියලා ... උන්ට ඕන 2048 රට හැදෙනවා , පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් විසදෙනවා වගේ කෂණික වින්දන තමයි...

:       4       17

NimalFriday, 18 August 2023 11:37 AM

එතකොට ඇමැතිලාගෙයි, හොර කෝටිපතිගෙයි ඔක්කොම ළමයි දොස්තරලා කරන්න පුළුවන්... රට සෞභාග්‍යයට ලක්වෙයි..

:       4       15

wedage Friday, 18 August 2023 10:29 AM

අර ඉන්න කෙහෙලියට හරි සේමසින්හට හරි බන්දුලයට හරි කීවානම් කරන්න ඕන දේ කියලා දදේවි

:       1       11

wedgaeFriday, 18 August 2023 03:34 PM

පහළ කමෙන්ට් දාලා තියෙන්නේ බද්‍රානි කියලා කෙනෙකුත් පිටරටින් දොස්තරවරු ගේන්න කියලා තියෙනවා... ඒකත් හොඳයි වගේ...

:       1       0

අරවින්ද මොනරවිල Friday, 18 August 2023 11:06 AM

අවුලක් නැහැ කොළඹත් නැති උනොත් මවුන්ට් එලිසබෙත් යන්න පුළුවන් වෙයි 2048 වෙනතුරු ජීවත්වෙලා හිටියොත්.

:       4       16

Rata Perata Friday, 18 August 2023 11:48 AM

මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හැටියට ඉන්දීය ණය පහසුකම යටතේ පොලිසියට ගේන්න සැලසුම් කරපු ජීප් 750 වෙනුවට ප්‍රහාරක ජල බවුසර ගේන්න යනවලු... පේනවනේ රනිල්ගේ මොලේ. රජා පිස්සු වුණත් එකයි, පිස්සෙක් රජ වුණත් එකයි කියලා කියමනක් නම් තියෙනවා..

:       3       18

බද්රානි Friday, 18 August 2023 01:06 PM

පිටරට විශේෂඥ වෛද්‍යවරු ලංකාවට ගෙන්වන්නේ නැතිව මේ රටේ පාලකයෝ පොල් ගානවද...? ඔය උඩ දාගෙන පිටරට පැනපු ලංකාවේ දොස්තරලට ඒ රටවල් වල ටැක්ස් නොගෙවා වැඩ කරන්න පුළුවන් කියලද ඔවුන් හිතාගෙන ඉන්නේ...? ලංකාවේ වගේ වාහන පර්මිට් දීලා වාහනයේ ඉදිරිපස වීදුරුවේ ලොකුවට බැජ් එකක් ගහන්න දෙනවා කියලද හිතාගෙන ඉන්නේ...? ටයි කරපටිය පැළඳගෙන රෝගීන් පරික්ෂා කරන්න පුළුවන් කියලද හිතාගෙන ඉන්නේ..? පැය දෙකක් උදේට වාට්ටු පරීක්ෂා කරලා, රෝහලෙන් එලියට පැනලා ප්‍රයිවට් ප්‍රක්ටිස් කරලා, රජයට ටැක්ස් නොගෙවා මුදල් ටික සාක්කුවට දාගන්න පුළුවන් කියලද ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ..? මට නම් හිතෙන්නේ කල පව් ගෙවන්න දොස්තරලට කාලය ඇවිදින්... කරුණාකරලා මොවුන්ව සේවයෙන් පහකරලා පිටරටවලින් වෛද්‍යවරු මේ රටට ගෙන්වන්න..

:       18       12

අරවින්ද මොනරවිලFriday, 18 August 2023 03:03 PM

රනිල් ආවාට පස්සේ බද්රානිගේ මොලය කචල් වෙලා වගේ, මේ ඉන්න අයත් රට පනින්න ට්‍රයි කරනවා... එහෙව් රටකට කැමැත්තෙන් එන අය ඉන්නවා නම් මුලින්ම එයාගේ මොලය පරික්ෂා කරන්න වෙනවා...!

:       4       14

බද්රානිFriday, 18 August 2023 04:24 PM

අරවින්ද මහත්තයෝ... අත්‍යාවශ්‍ය භාණ්ඩ විසි පහක මිල අඩු කරලා රුපියල් එකසිය දාහතට පෙට්‍රල් ගහගෙන, රුපියල් දාහකින් පඩිය වැඩිකරගෙන ඉන්න කාලේ කන්න නැතත්, ඉන්න රටක් ඕනෑ වුණු මොලේ කචල් කාරයින්ගේ තරම් මගේ නම් මොලේ කචල් වෙලා නැහැ කවදාවත්... ලංකාවේ දොස්තරලා බිහිවෙයි කියලා බයට, "සයිටම්" එකක් අල්ලාගෙන රටේ ජනතාවගේ මොලේ කචල් කළේ මමද...? සිංගප්පුරු ගිවිසුම වෙලාවේ ඉන්දියාවේ හා සිංගප්පුරුවේ වෛද්‍යවරු හා වුර්තිකයන් මේ රටට එයි කියලා බයවෙලා මොලේ කචල් කරගත්තේ ලංකාවේ දොස්තරලා නෙවෙයිද..? සුවසැරිය ගිලන් රථ සේවයට බයවෙලා මොලේ කචල් කර ගත්තේ අපිද..? පැමිණීමේ හා පිටවීමේ ක්‍රමවේදයට බය වෙලා මොලේ කචල් වුනේ මගේද..? අසරණ රෝගීන්ගෙන් ගසා කාපු මුදල් වලට වන්දි ගෙවන්න කාලය හරි.. මොනවා වුණත් පිටරටකට ගියාම ලංකාවේ දොස්තරලාට වැටහෙයි ඒ රටවල රෝහල් සේවකයින්ගේ ආකල්ප ඔවුන්ගේ ආකල්ප වලට වඩා බොහෝ සෙයින් යහපත් බව හා ලංකාවේ දොස්තරලගේ හා ඔය රටින් පනින වෘත්තිකයින්ගේ ටිකිරි මොළ කචල් බව...

:       5       6

Lakmal Friday, 18 August 2023 08:57 PM

නිකමට අහන්නේ... ඔයා ඉස්කෝලේ ගියේම නැද්ද?

:       0       0

sathya Friday, 18 August 2023 02:31 PM

ඔවු ඔවු පිටරට ඩොක්ටස්ල කංකාවට එන්න බලාගෙන ඉන්නවා..

:       2       9

saman Friday, 18 August 2023 04:04 PM

දේශපාලකයින්ට මේ වගේ වගක් නැහැ. මොකද ඒ අය හෙම්බිරිස්සාවටත් යන්නේ මවුන්ට් එළිසබෙත්නේ. මෙවැනි අවස්ථාවකදී පිටරටවලින් උපකාර ඉල්වා සිටිය යුතුයි. බොහෝවිට මෙවැනි අවස්ථාවලදී බටහිර රටවල වෛද්‍යවරු ස්වේච්ඡාවෙන් මෙවැනි රටවල සේවය කරයි. ඔවුන්ගේ ආකල්ප අපේ වෛද්‍යවරුන්ගේ ආකල්ප වලට වඩා හුඟක් වෙනස්.

:       0       5

පිටරැටියා Friday, 18 August 2023 04:25 PM

ජනතාව ගැන කිසිම තැකීමක් නැති, රට ගැන කැක්කුමක් නැති දූෂිත දේශපාලුවන් රජකරන, නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයින් කරපු, ලෝකේ වටේ හිඟමන් අදින රටකට කවුරුවත් එන එකක් නැහැ...

:       0       4

Rata Perata Friday, 18 August 2023 04:50 PM

ගෙවන බඩුවලට හරියට සාධාරණයක් වෙන්න නම් මිනිස්සු බදු ගෙවයි... ලංකාවේ තත්වය එහෙම නෙවෙයිනේ... තාත්තා බලයට එනවා. පවුලේ ඔක්කොම එකතු වෙලා ජනතාවගේ බදුමුදල් අවභාවිතා කරනවා. එහෙම වෙනකොටත් බදු ගෙවන්න හිතෙනවා නම් මොලේ පරීක්ෂා කරගන්න වෙනවා.

:       0       7

Nimal Saturday, 19 August 2023 07:54 AM

මෙතන තියෙන කමෙන්ට්ස් බොහෝමයක් එකම දේ කියන්නේ... ලංකාවට දොස්තරලා එයිද පිටරටින්...? මෝඩ කතා කියන්න එපා.. ලක්ෂ 50ක් විතර පිටරට හම්බවෙන වෙලාවක, ලක්ෂ 02කට මෙහෙට එන්නේ කවුද?

:       0       1

බද්රානි Saturday, 19 August 2023 01:51 PM

ගම්වල දිළිඳු පවුල්වල ඉපදිලා සමාජ වෛරයත් සමග අධ්‍යාපනය හදාරා, දොස්තර වුණාට පස්සේ තමන්ගේ ලොකුව සමාජයට පෙන්වන්න උත්සාහ කරන ලංකාවේ දොස්තරලා හා වෙන්ඩ දොස්තරලා ගැන අපි නොදන්නවා කියලාද හිතන්නේ...? ගමේ හෝ නගරයේ වැදගත් පවුල්වල ඉපදිලා වෛද්‍යවරු වුණු අයගේ හා ඔවුන් අතර වෙනස අපි දකිනවා... ඇත්ත පිළිගන්න අකැමැති අම්බරුවන් හිතන්නේ ඔවුන් හැර අන් සියලු දෙනාම නූගත්තු කියලා... ලංකාවේ රෝගීන්ට පෙන්වන ලොකුකම් පිටරටවල නම් පෙන්වන්න ලැබෙන එකක් නැහැ... දොස්තර මහත්තයෝ... දැන් මේ රටේ දොස්තරලාට විතරද ප්‍රශ්න තියෙන්නේ...? මේ රට බංකොලොත් කළ, හොර තක්කඩි පාලකයින්ව බලයට ගේන්න මේ අමන දොස්තරලා මොනතරම් දායකත්වයක් ලබා දුන්නාද..? මතකද, පහුගිය කාලේ දඟලපු දැඟලිල්ල...? අන්න ඒවල ප්‍රතිඵල තමයි දැන් මේ භුක්ති විඳිමින් ඉන්නේ... මොනවා, කිව්වත් පිටරට වෛද්‍යවරු ලංකාවට ගෙනෙයි කියලා පුදුම භීතිකාවක් තියෙන්නේ... අපිට මතකයිනේ කරාපිටිය රෝහලේ සේවය කළ සුදු ජාතික වෛද්‍යවරයෙකුව පන්න ගත්තු හැටි...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුලියාපිටිය - කොළඹ පාර වහයි
2024 ඔක්තෝබර් මස 14 3 0

හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් කුළියාපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තණ්ඩිය සිට කොට්ට්‍රාමුල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමෙන් අද (14) පෙරවරුවේ සිට නැවත වසා දැම


කොවිඩ් 19 ආසාදිතයන්ට හදවත් රෝග අවදානමක්
2024 ඔක්තෝබර් මස 14 271 0

‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.


ඇමෙරිකා යන්න හැදූ ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
2024 ඔක්තෝබර් මස 14 225 0

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.


අල්ලස් දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ පත් කරන්න අයැදුම්පත් කැඳවයි
2024 ඔක්තෝබර් මස 14 241 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.


බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන මාස හයක් සිරගෙට
2024 ඔක්තෝබර් මස 14 1907 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක


17 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික පුතා අතින් දරුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 849 1

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 363 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 437 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1390 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site