(ඩයනා උදයංගනී)
විශ්‍රාමයෑමේ වයස අවුරුදු 60කට අඩුකිරීමේ තීරණය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනකු විශ්‍රාමයාමට නියමිත බවත්, ඒ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවත් උග්‍ර වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
විදේශීය පුහුණුව නිම කර ලබන වසරේදී මෙරටට නැවත පැමිණෙතැයි අපේක්ෂිත විශේෂඥ වෛද්‍යවරුන් 299 ක ප්‍රමාණයෙන් මෙම හිඟය සපුරාගැනීමට හැකි බවට ඇතැමුන් අදහස් දැක්වූවත් එය එසේ නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනා ජනවාරි මස මෙරටට නොපැමිණෙන අතර එය වසර පුරාම සිදුවන ක්‍රියාවලියක් වන අතර, රටේ වත්මන් තත්වය අනුව එම සියලුම වෛද්‍යවරුන් නැවත මෙරටට පැමිණීම ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම එම වෛද්‍යවරුන්ගෙන් ද යම් ප්‍රමාණයකට විශේෂඥ වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා මෙරටදී යම් කාලයක් පුහුණු කළ යුතු බැවින් පැමිණි විගස ඔවුන් වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස හෝ පත්කළ නොහැකි බවත්,ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂඥ වෛද්‍ය හිඟයට පිලියමක් ඉල්ලයි
nandana Sunday, 09 October 2022 05:21 PM
විශ්‍රාම වයස වැඩි කලොත් ඔබලා දෙන පුද්ගලික සේවයේ වගේ ලෙඩ්ඩු සංක්‍යාවක් රෝහලේ බලනවද
PrabaMonday, 10 October 2022 11:01 AM
රජයේ රෝහලකට ගිහින් බලන්න මේ මිනිස්සු කොච්චර වැඩ කරනවද කියලා... මීගමුව රෝහලේ ළමා වෛද්‍ය වාට්ටු සංකීර්ණය හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මෙම වෛද්‍යතුමාගේ කැපවීමෙන්...!
චිරන්ත Monday, 10 October 2022 11:24 AM
මේ කරන්න හදන්නේ නිර්පාක්ෂික අරගල කරුවන් එපා කියපු කපුටො, මයිනෝ නැවතත් බලයට ගෙනෙන සැලසුමක් කියලා හිතෙනවා. 2019 නයෙක් නැටෙව්වා. මේ පාර මුන්දැලා එකතුවෙලා... වාසුලා, විමලෙලා, ගම්මන්පිලලා, බැසිල්ලා ඇතුළු කැඩීගිය කොටස් සමග ඔක්කොම එක්ව නැගිටිමු කියන විගඩමේ කසකරුවන්ගේ පැමිණීම මේක කියන්න පුළුවන් මේක බොරුවෙයිද බලාසිටිමු.
WCA Sunday, 09 October 2022 06:34 PM
65වයස වැඩිකිරීම නෙවෙයිනේ විසදුම .හැමතැනම නාකි පප්පල යවන්න ඕනේ ගෙදර ඒක දොස්තරටත් අදාලයි තරුණ දක්ෂ අයට ඒ මක් නෑ නැත්නම්.
මොට්ටපාල Sunday, 09 October 2022 06:38 PM
ඇයි තමුන්නැහැලා සධාකාලිකව ජීවමානයි කියලා හිතාගෙනද හිටියෙ .ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි .රජයේ සේවයට බැදුනානම් එහි නීති රීති වලට අනුව කටයුතු කරන්න ඕන .වයසට ගියාම දේශපාලුවො වගේ ඉන්න ඕන නැහැ .පණ නම් තණ අග පිනිබිදු වැන්නේ අහල නැද්ද .තමුන්නැහැලා හිතන විදියට හිතනවා නම් ලෝකය කිසිදාක මෙතරම් දියුණුවක් ලබන්නේ නැහැ තවත් එකක් සුව සේවයේ ප්‍රශ්න රජය බලාගනීවි.තමුන්නැහැලා පමණක් නොවෙයි සියලු රජයේ සේවකයින් හා නිළධාරින් කරන්නෙ කොන්ත්‍රාත් එකක් මිසක් බූදලයක් රැකීම නොවෙයි .ඒක වයස 60 දී අවසන් වෙනවා වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් නැහැ කියන්න බැහැ තන්හාය ජායතී සෝකෝ තන්හාය ජායතී භයං තේරුම් ගන්න මැතිතුමා.
Rasika Sunday, 09 October 2022 07:03 PM
අයියෝ දැන් වැඩකරා ඇති . ටිකක් විවේකීව ඉන්න. මීට කලිනුත් විශේෂඥ වෛද්‍යවරු 60න් විශ්‍රාම ගියානේ. ඔයතරම් ජනතාව ගැන දුක නම් තරුන වෛද්‍යවරු ශින්ෂන රෝහල් වලට ආවම ඒ ඇති වෙනවා කියන පුරප්පාඩු වලට කොන්ත්‍රාත් පදනම මත ඔබතුමාට යන්න පුලුවන්
zeylanicus Sunday, 09 October 2022 08:19 PM
ඉස්සර 55න් පෙෂන් ගියානම් මේ වෙනකොට කොහොමටත් ඒ අය සේවයේ නෑ නේ ද ? 55 ඉඳල 60 වෙනකන් ඉන්න දෙනකොට මේ ප්‍රශ්නේ කවද හරි එන බව තේරුනේ නැත්ද? එහෙම නැත්නම් නොතේරුනා වගේ හිටිය ද ?
kasun Monday, 10 October 2022 04:52 AM
මේවට හොඳම විසඳුම තමා රජයෙ අධීක්ෂනය යටතේ ප්‍රමිතිගත පෞද්ගලික වෙද්‍යය විද්‍යාල ඇති කරන එක. රටෙ මිනිසුන්ගෙ බදු මුදලින් ඉගෙන ගෙන, විදේශ පුහුනුත් අරගෙන රටට සේවයක් කරන්නෙ නැතිනම් රජයෙ වියදමින් උගන්න්වන එක නවත්තන්න ඔනි ! ! ! ! !
siril Monday, 10 October 2022 05:33 AM
60 රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්න... 65 පුද්ගලික සේවයෙන් විශ්‍රාම ගන්න.. ඔය පැරැණි අතළොස්ස පමණක් නොවේ.. අද තරුණ හොඳ ආකල්ප තියෙන වෛද්‍යවරු ඕනෑ තරම් ඉන්නවා.
චන්දන Monday, 10 October 2022 07:05 AM
මෙතන ප්රශ්නය යට ගහලා. වෛද්‍ය පශ්චාත් උපාධිය කරන්න නවක පිරිසට ඉඩ නොදෙන්නේ ඇයි? ඒකට අවස්ථාව දෙන්නේ ඉතාම සීමිත පිරිසකට. නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් ඔවුන් පස්සට යවනවා... එතැනට පිළියම් යොදන්න..
Prase Monday, 10 October 2022 08:05 AM
රජයේ රෝහල් වහලා දාලා . සේවකයින්ට ගෙවන සල්ලි ලෙඩ්ඩුන්ට දෙන්න ප්‍රයිවට් හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්න .රජයේ රෝහල් තිබුණත් මිනිස්සු ප්‍රයිවට් යන්න ඕන හොඳ දොස්තර කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න
මහජනයා Monday, 10 October 2022 08:42 AM
කොහොමත් රටේ බුද්ධිමත් දේශපාලන ක්‍රියාකාරීන්ට පිං සිද්ධවෙන්න තව අවුරුදු 10-15 යන විට රටට අවශ්‍ය දක්ෂ බුද්ධිමත් වෘර්තීය වේදීන් ගේ බලවත් හිගයක් නිර්මාණය වනු ඇති. ඒ සඳහා පිළියම සේවයේ නිරත විශ්‍රාම යෑමට නියමිත පිරිස සේවයේ රදවගැනීම නොව, නව වෘර්තියවේදීන් රටේ රදවාගැනීමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමයි. නැත්නම් අනිවාර්යෙන් දිනක වෘර්තියවේදීන් හිගය පියවීමට වන්නේ අසල්වාසී ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් වෘර්තියවේදීන් ආනයනය කිරීමෙනි. ඒ වනවිට ඒ සඳහා අපිට ඩොලර් තියේවිද? සිතන්න...
Rexi Monday, 10 October 2022 09:58 AM
මෙහෙන් ඉගෙන ගෙන පිටරට පදිංචියට යන එක අඩු කරන්නකෝ...!