IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


විශිෂ්ටයන්ට කැමති පාසල්

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂඨ  ප්‍රතිඵල ලබා ගත් 1ඒබී පාසල්වල (උසස් පෙළ විද්‍යා, කලා, වාණිජ අංශ තුනම ඇති පාසල්) වෙනත් ජනප්‍රිය පාලසකට යාමට තිබූ අවස්ථාව අවහිර කරමින් නිකුත් කළ 2013/4 චක්‍රලේඛය සංශෝධනය කර නැවත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය එකඟ වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

අද (17) ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කිහිපයක් සහ දෙමාපියන් කිහිප දෙනකු සමග අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා එම එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ‘ සාමාර්ථ නවයක් ලබාගත් සිසුන්ට ජනප්‍රිය පාසල්වලට යාමට හැකියාව ලැබෙන පරිදි 2013/4 චක්‍රලේඛය සංශෝධනය කිරීමට අමාත්‍යංශයේ  අවධානය යොමුව තිබේ.

ලංකා ගුරු සංගමය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික නිෂාන්ත දේශප්‍රිය, ලංකා ගුරු සංගමයේ උප සභාපති සී ජයතුංග, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ලේකම් ජගත් ආනන්ද සිල්වා මහත්වරු සහ ‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදය‘ නියොජනය කරමින් තිදෙනෙක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ.

ජූලි 15 වැනි දිනට පෙර එම සංශෝධිත චක්‍රලේඛය විදුහල්පතිවරුන්ට යවන බවද අධ්‍යාපන ලේකම්වරයා පවසා ඇත.

ලංකා ගුරු සංගමයේ භාණ්ඩාගාරික නිශාන්ත දේශප්‍රිය මහතා පැවසුවේ විශිෂට ප්‍රතිඵල ගත් සියලු ළමයින්ට තමන් කැමති පාසලකට යාමේ අවස්ථාව ලබා දිය යුතු බවයි.

සිසුන් ගැන සිතා තම ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් දීර්ඝ සටනක් ගෙන ගිය බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ ජාතික අධ්‍යාපන කොමිසමට ද පැමිණිලි කළ බවත්, සම්පූර්ණ ඉල්ලීම් නොලැබුණහොත් කළින් තීරණය කළ පරිදි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දේශප්‍රිය මහතා පැවසීය.

පසුගිය අප්‍රේල් 29 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2013/4 නව චක්‍රලේඛය නිකුත් කළේය.

ඒ මගින් සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කියමින් ලංකා ගුරු සංගමය සහ දෙමාපියන් මානව හිමිකම් කොමිසමට ගිය අතර ජාතික අධ්‍යාපන කොමිසමේ අවධානයද ඒ වෙත යොමු විය.

‘උසස්පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදය‘ නමින් සංගමයක් පිහිටුවාගෙන අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක් ද ඒ වෙනුවෙන් පැවැත්වීය.

ලංකා ගුරු සංගමය ආරම්භ කළ සටනට ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, සමස්ත ලංකා විදුහල්පති සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක සහයෝගය ද හිමි විය.

මේ වන විට පාසල් රැසක සමූඛ පරීක්ෂණ පවත්වා සිසුන් බඳවාගෙන අවසන් බව අධ්‍යාපන ආරංචි කියයි.



අදහස් (0)

විශිෂ්ටයන්ට කැමති පාසල්

අපොන්සු Tuesday, 18 June 2013 04:17 AM

පාසල් කෙසේ වෙතත් ටියුෂන් යන්න රජයෙන් ශිෂ්‍යත්වයක් දෙනවා නම් හොඳයි.(නදී)

:       0       0

කිත්සිරි Tuesday, 18 June 2013 08:30 AM

චක්‍රලේඛ නිකුත් කරන්න කලින් ටිකක් හිතල බලනවා නම් හොඳයි, ඒකෙන් වන යහපත්/අයහපත් අතුරු ඵල මොනවාද කියලා. ඒ වගේම කළ දෙයෙහි වරදක් තියනවා නම්, නිහතමානිව එම වැරැද්ද හදන්න තරම් නිලධාරින් ගුණගරුක විය යුතුයි. හුඟක් දෙනෙකුට තම වරද පිළිගන්න කොන්ද පණ නැහැ. (නි)

:       0       0

ඉලේපෙරුම Monday, 17 June 2013 11:53 PM

හොදම තත්ත්වයේ ජාතික පාසල් මේ වන විට පුද්ගලික පාසල් වලින් හා ජාත්‍යන්තර පාසල් වලින් සිසුන් ඇතුළත් කර පුරප්පාඩු පුරවලා අවසන්. රජයේ පාසල් වලින් ඉහළින් සමත්වුණු සිසුන්ට දැන් යන්න තැනක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 80 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 273 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 141 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4001 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2116 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site