(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ සියලුම රෝහල් ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සිදු වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.
මේ අතර දිවයින පුරා රෝහල්වල විශේෂ ඒකක සඳහා වෙන් කර තිබූ වාට්ටුද කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට පියවර ගත් බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
එම විශේෂ ඒකකවල විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙදියන්ද කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇතැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉක්මවා යෑම සෞඛ්‍ය අමාත්‍යාංශය හා රෝහල් ප්‍රධානීන් හා එක්ව සාර්ථකව ලෙස කළමනාකරණය කර ඇතැයිද සඳහන් කළේය.
මේ අතර ආසාදිතයෙකුගේ උගුරේ වයිරස ප්‍රමාණය වැඩි වනවිට ඒවා කෙළ බිඳිති මගින් මෙන්ම වාතය මගින්ද පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
මුල්ම අවස්ථාවේදී ආසාදිතයෙකුගේ සෙම පටලවලින් වයිරස හමුවූයේ ඒවා හතළිස් වතාවක් පමණ වර්ධනය කිරීමේදී බවත් ඊට පසු ඒවා වර්ධනය කළ යුතු වාර ගණන 30-33දක්වා අඩුවූ බවත් හෙතෙම සඳහන් කළේය.
ඉන්පසු දෙවැනි රැල්ලේදී සෙම පටල වාර 22ත්23අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වයිරසය හමුවූ බව පැවසූ ගුණසේන මහතා පසුගිය මාර්තු මාසයේදී එම ප්‍රමාණය තවත් අඩු වෙමින් 12ත්15අතර වාර ගණනක් වර්ධනය කිරීමේදී වයිරසය හමුවූ බවත් පෙන්වා දුන්නේය.
උගුරේ සෙම පටල වර්ධනය කිරිමේ එක් වාරයකදීම වයිරසය හමුවන තත්වයක් මේ දිනවල පෙනෙන්නට ඇතැයිද ඔහු කීවේය.
පවතින තත්වය යටතේ සියලුම දෙනා කොවිඩ් එන්නත්කරණයට යොමු වීම වැදගත් බවත් කිසිවකු හෝ පූර්ණ එන්නත්කරණයට ලක් නොවී සෙනග රැඳෙන ස්ථානවලට යෑම අවදානම් බවත් ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය .
එන්නත්කරණයට ලක්වුවත් මුව ආවරණ පැළඳීම දිගටම කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“විශේෂ ඒකක සඳහා වෙන් කෙරුණු වාට්ටුවලටත් කොවිඩ් රෝගීන්’’
fairoos Tuesday, 10 August 2021 02:09 PM
රට වහන්න එපා .අපි තමයි හොඳටම කරලා තියෙන්න
NuwanTuesday, 10 August 2021 03:09 PM
අපි තමයි කොරෝනාවෙන් හොඳ ගරානාවක් කලේ