IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි

සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කොන්දේසි සහති විශේෂ රජයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

එහිදී රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට තීරණය කර ඇත.

අනෙකුත් කොන්දේසි මෙසේය.

වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතිත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයකුගේ බලපෑම් සිදු නොවිය යුතුය.

සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම.

මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධි විධාන සලසන බව එම නිවේදනයේ දැක්වේ.



අදහස් (21)

විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි

සම්පත් Sunday, 25 June 2017 07:36 AM

මේක මේ විදිහට ගියොත් තවත් කල් මැරීමක් වැනිය..

:       3025       67

sarath Sunday, 25 June 2017 07:41 AM

මෙම ආණ්ඩුවට හැකියාවක් නැත, ප්‍රශ්නය කල් දැමීම සහ ප්‍රශ්න වැඩි කරනවා ඇර මොවුන් කරන දෙයක් නැත. සයිටම් එකේ නෑදෑ හිතවත්තු ටික ඉන්න ඇමතිවරුන් සිටින කල් සයිටම් ගැටලුවට නිසි, ප්‍රතිපත්තිගරුක උත්තරයක් ලැබෙනවා බොරු... වහාම සයිටම් එකට සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ඇති සියළුම දෙනාත්, ඔවුන්ගේ පිල්ලිත් ඉවත් කර ප්‍රතිපත්තිගරුක තීරණයක් ගතහැකි පිරිසකට මෙහි විසඳුම ලබාදීමට බලය ලබා දෙන්න!!!

:       1733       971

සිරි Sunday, 25 June 2017 09:16 AM

සාධනීය ප්‍රතිචාරයක් සහ ප්‍රායෝගික විසඳුමක්. ඒත් ශයිලොක්ලා මස් රාත්තලම ඉල්ලන එක නම් ෂුවර්....

:       729       725

charith Sunday, 25 June 2017 09:18 AM

තියෙන කුහකකම උපරිමෙන් බල ගන්න පුළුවන්..... දැන් නම් නිකන් වහන්න කියන්නත් බැහැ.

:       99       78

sam Sunday, 25 June 2017 09:43 AM

ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී වගේ ප්‍රශ්නයක් නේ... හරි හමන් කොන්දක් ඇති පාලකයෝ හිටියා නම් දෙකෙන් එකක් වෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරක් දීලා හුඟක් කල්...

:       153       125

ධම්ම Sunday, 25 June 2017 11:09 AM

මේ කිසිවක් නැතිවද සයිටම් වෛද්‍ය උපාධිය දෙන්න හැදුවේ? අපි අපේ නොදැනුවත්කමට කුහකයෝ කියමින් බැන්නාට.... ළමයි පාරට බැස්ස එකේ වරදක් නැහැ.

:       3205       2016

K Perera Sunday, 25 June 2017 03:58 PM

මේකේ ප්‍රතිචාර දැක්කම මෙය දමන්න හිතුණා... දැන් කවුද මේ සයිටම් එක ආරම්භ කළේ ! මොන හේතුවකටද? එතකොට උද්ඝෝෂණ නොකර දැන් කරන්නේ මොකටද? ආණ්ඩුවේ නිදහස අතට අරගෙන නේද?

:       198       186

sanjuMonday, 26 June 2017 01:15 AM

මෙතන තියෙන ප්‍රශ්නේ දැන් කරන්නේ ඇයි කියන එක නෙමෙඉනෙ. දැන් හරි මේකට වැරැද්ද පෙන්නලා හරි ගස්සන එක හොඳ නැද්ද. මෝඩ සමාජයක පුරවැසියන් වෙලා ඉස්සෙල්ල ආණ්ඩුවට හොඳනම් දැන් මොකද කියල අහන්න එපා.

:       0       36

anton Sunday, 25 June 2017 12:33 PM

රටේ පාලකයාට ඕක කරන්න තිබුණා... තව දවස් 2ක් ඔය වර්ජනය තියෙන්න ඇරියා නම් රටේ මහජනතාව ඔය ප්‍රශ්නය විසඳනවා. ඔය උද්දච්ඡ දොස්තරලාට නිසි පාඩමක් උගන්වලා....

:       328       490

රවිඳු Sunday, 25 June 2017 12:44 PM

තවමත් හිතන්නේ මේක වහන්න යනවා කියලයි. නෑ, ඒක එහෙම නෙමේ, අඩුපාඩු ඇත්නම් ඒ අඩුපාඩු නිවැරදි කරමින් මේ ආයතනය නීතිගත කිරීමටයි ආණ්ඩුව සැරසෙන්නේ. රටේ බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන්නේත් එයයි. එවිට, වෛද්‍ය මාෆියාව විසින් උසි ගන්නවන ලද බල්ලන්ගේ බුරන ශබ්දය ඉබේටම නවතිනු ඇත.

:       441       432

channaSunday, 25 June 2017 02:22 PM

මේක නම් මසුරන් වටිනා කතාවක්....

:       295       289

SusilSunday, 25 June 2017 04:19 PM

නියමයි රවිඳු, මේක තමයි වෙන්න ඕන. සයිටම් වහන්නෙ නෑ, ප්‍රමිතියක් ඇතුව පුද්ගලික ආයතනයක් හැටියට පාලනය වෙනව, ඉගෙනගත්ත කිසිකෙනෙකුට අසාධාරණයක් වෙන්නෙත් නෑ.. රජයට ස්තූතියි . දැන් බලමු දොස්තරල දිගටම වර්ජනය කරන හැටිත්, අන්තරේ දිගටම පාරෙ ඉන්න හැටිත්..

:       32       103

SRILANKA PURAWESIYEK Sunday, 25 June 2017 03:25 PM

වෛද්‍ය දරුවන්ගේ නාමයෙන් මේ ආයතනය බිහිකිරීම වරදක්... නමුත් සයිටම් සිසුදරුවන්ට සාධාරණයක් කල යුතුයි. යම් සයිටම් දරුවකුට අසාධාරණයක් වෙල ඇත්නම් ඔහුට වන්දි ලබාදීමට කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමනි අන්තරේ සිසුන් කැඳවා කරුණාකර කරුණු සාකච්ඡා කරන්න... ඒක ලොකු පිනක්!!!

:       62       43

SRILANKA DEMAPIYEK Sunday, 25 June 2017 03:39 PM

දරුවෝ මහා පාරේ.... සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එයාලගේ දරුවන්ගේ ආර්ථික මට්ටම තහවුරු කළ හැකිද? පැය තුනක් එහි සිටියට දරුවන් කිසිම අලාභයක් කළේ නෑ. දරුවන්ගේ දෙමාපියෝ ඉන්නේ දුක් ගින්දර ගොඩක් මත. දළදා හාමුදුවන්ගේ පිහිටෙන්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නාමයෙන්, කතරගම දෙයියන්ගේ නාමයෙන් ශ්‍රී ලංකා පාලකයන්ට නෙත් පෑදී කන් ඇසේවා...!!!

:       365       421

SusilSunday, 25 June 2017 04:14 PM

දරුවො ටියුෂන් අරන් පාස් වෙලා ඔතනට ආවෙ ඉගෙන්ගන්න, පාරෙ ඉන්න කියල කිව්වෙ කව්ද ? පැය තුනක් අමාත්යාංශට වෙලා හිටියෙ ලියුමක් අත්සන් කරගන්නද ? යකඩ පොලු අතේ තිබුනෙ පෑන වෙනුවටද ?

:       26       77

ManushyaSunday, 25 June 2017 11:17 PM

දරුවන් මෙහෙම හැසිරෙන්නේ එයාලගේ දෙමව්පියන් දරුවන් වගේ හැසිරෙන නිසා.

:       14       0

Nana Sunday, 25 June 2017 04:20 PM

මේ විසදුම හරි වගේ පෙනේ. එත් මෙතරම් සරල විසදුමල් සොයාගන්න ස්ට්‍රික් කලේ මොකද ?

:       0       0

aravinda Sunday, 25 June 2017 05:03 PM

මෙවැනි ආයතන තව 10-15 වත් රජයේ විශ්ව විද්‍යාල වලට සමාන්තරව විවෘත කරන තුරු මේ ප්‍රශ්නය විසදෙන්නේ නැහැ. දැනටමත් මේ ආයතන බිහි කිරීමට ප්‍රමාද වැඩියි. මෙවැනි ආයතන විවෘත කිරීමට තිබුනේ මීට අවරුදු 40/50 ඉහතදීයි. මේ ප්‍රමාදය නිසා රටට උගතුන් දස දහස් ගණනක් අහිමි උනා.

:       0       1

දිනේෂ් Monday, 26 June 2017 02:19 AM

සල්ලිවලට දොස්තර උපාධියක් දීල අහිංසක ජීවිත පාවාදෙන රටක්ද මේක.

:       16       15

Susil Monday, 26 June 2017 05:38 AM

ගල්කිස්සේ සාන්ත තෝමස් එකේ ළමයත්, ගමේ ඉස්කෝලේ ළමයත් උත්තර ලියන්නේ එකම උසස් පෙළ විභාගයට නම්, ප්‍රමිතිය නියම කරලා සයිටම් ළමයත් එකම වෛද්‍ය විභාගයෙන් පාස් වුණොත්, ඒ ළමයිනුත් දොස්තරලම තමයි. නොමිලයේය..., සල්ලි ගෙව්වාය කියල වෙනසක් නැහැ.

:       0       0

Padmini Monday, 26 June 2017 05:50 AM

මුදලට සියල්ල යට සිරි ලංකාවේ ප්‍රමිතියත් සල්ලි වලින් යට කරලා රට වනසන අයගේ පවුල් වලින් දොස්තරලා. බිහි කරන්න යන්නේ කියලා සමහරුන්ට නොත්රෙනවද? නොතේරුණා වගේ ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 852 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1208 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 487 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1601 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5244 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2368 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site