IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා

2016-10-31-ent-08

වේශ නිරූපණයෙන් ජාත්‍යන්තර තලයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වූ හේමන්ත ගමගේ 1982 වසරේ සිට වේශ නිරූපණ කටයුත්තේ නියැළෙන්නෙකි. මේ ඔහු "අද" පුවත්පත සමග කරන ලද සාකච්ඡාවකි.

 

ක්ෂේත්‍රයට පිවිසීම

2016-10-31-ent-13අපට ඉගෙනගන්න මෙහෙ පාසල් නැතත් තරංග රුක්මල්වල මහතා යටතේ වේදිකා නාට්‍යවලින් බොහෝ පරිචයක් ලැබුවා. ඒ කාලෙ මම "තාරාවෝ ඉගිලෙති" වැනි නිර්මාණවල වැඩ කළා. මම මුලින්ම වැඩ කළේ ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ "අරගලය" චිත්‍රපටයේයි.

 

කලා කටයුතු

වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස මම දේශීය නිර්මාණවල වැඩ කළත්, චන්ද්‍රන් රත්නම් මහතාගේ ෆිල්ම් ලොකේෂන්ස් ආයතනය හරහා මම බොහෝ විදෙස් නිර්මාණවල වැඩ කටයුතු කරලා තියෙනවා.

ඉන්පසු මම "හිත හොඳ ගැහැනියක්", "මධූට මං ආදරෙයි", "චෙරියෝ ඩාලිං", "ලොකු දුව", "ඉන්ද්‍රඛීලය", "රාජ්‍ය සේවය පිණිසයි", "වෑකන්ද වලව්ව", "සුළං කිරිල්ලී", "සැමීගේ කතාව", "අම්මාවරුනේ" වැනි චිත්‍රපට ඇතුළු නිර්මාණවල වැඩ කළා. ටෙලිනාට්‍යවලින් "හිරුට මුවාවෙන්", "තරු", "ලෝකාන්තය", "මහනඩුව", "චල අචල", "මහා ඇත්පවුර", "සපිරිවර" වැනි බොහෝ නිර්මාණවල වැඩ කළා.

 

විදෙස් නිර්මාණ

1987 සිට සහාය වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස "Sacrifice", "Dangerous Life", "Gods Can’t do it", "Shadow of the cobra", "Fifty Fifty", "Ordinary Magic", "Water", "Hostages" වැනි චිත්‍රපටවල වැඩ කළා. "Mother Theresa" සහ "Solar Eclipse" චිත්‍රපටවල මම ප්‍රධාන වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළා.

 

වේශ නිරූපණ ශිල්පියෙකුගේ වගකීම

වේශ නිරූපණ ශිල්පියෙකුගේ වගකීම වන්නේ වේශ නිරූපණය සිදුකළ බව නොපෙනීමයි. ඔවුන් මාව මෙම නිර්මාණවලට තෝරාගත් හේතුව වූයේත් එයයි. තාක්ෂණයත් දියුණු නිසා මේකප් කළ බව නොපෙනිය යුතුමයි. තාක්ෂණික කාරණාව කොහොම වුණත් අත්දැකීම් සමග අපේ ඇහැ හුරුවෙනවා අපේ මේකප් එක හරිද නැද්ද කියන දේ හඳුනාගන්න. අද ලංකාවේ අධ්‍යක්ෂවරුන්ගෙන් බොහෝ දෙනෙකුට මේකප් ගැන එතරම් දැනීමක් නැහැ. නමුත් අධ්‍යක්ෂවරයෙකුට අනිවාර්ටයෙන්ම මේකප් ගැන දැනීමක් තිබිය යුතුමයි. නැතිනම් ඔහුට අවශ්‍ය දේ ඉල්ලාගන්නට බැරිවෙනවා. අධ්‍යක්ෂවරයා විදෙස්ගතව අධ්‍යාපනය හැදෑරුවා නම් ඔහුට එම අධ්‍යයනයේ කොටසක් ලෙස වේශ නිරූපණය උගන්වනවා. සමහරු මම මොන රැවුල දාලා දුන්නත් පිළිගන්න මට්ටමේ ඉන්නවා. ගොඩක් චිත්‍රපටවල මේකප් ටෙස්ට් කරන්නෙත් නෑ. ගිහිල්ලා හිතෙන විදියට මේකප් කරලා එනවා.

 

ඇගයීම්

"මහ නඩුව" ටෙලිනාට්‍යයේ වේශ නිරූපණයට සුමති සම්මානය ලැබුණා. "ඉන්ද්‍රඛීලය"ට ජනාධිපති සම්මානයත්, "සුළං කිරිල්ලී" චිත්‍රපටයයට සරසවි සම්මානය හා සිග්නීස් සම්මානයත්, 2015 වසරේදී %සැමීගේ කතාව^ චිත්‍රපටයටත් සම්මාන ලැබුවා. ඒ හොඳම අංගරචනා ශිල්පියා ලෙසයි.

 

අවස්ථා

අවස්ථා තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට මුදල මතයි. ප්‍රවීණ ශිල්පීන් ගන්න මුදලක් තිබෙනවා. ඒ නිසා ඒ මුදලට වඩා අඩු මුදලකට වැඩ කරන පිරිස්වලට ඒ නිර්මාණ ලැබෙන්නේ. කැමරා අධ්‍යක්ෂවරයාට ලයිට් සහ කැමරා සියල්ල ගෙනත් දෙනවා. ඒ දීලා ඔහුට ඔහුගේ මුදල දෙනවා. වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා. විදෙස් චිත්‍රපටයක ප්‍රධාන අයවැයෙන් මේකප් බඩුවලට වෙනම මුදලක් වෙන් වෙනවා. එය මෙහි සිදුවන්නේ නැහැ. මේවායේ බඩුගන්න සල්ලි ඉල්ලුවොත් ෆිල්ම් එක හම්බවෙන්නේ නැහැ.

 

0712 703 388

රචින්ත ජයවර්ධන

 

2016-10-31-ent-12
2016-10-31-ent-11
2016-10-31-ent-10
2016-10-31-ent-09
2016-10-31-ent-07
 



අදහස් (0)

වේශ නිරූපණ ශිල්පියාගෙන් පමණක් තනි මුදලට බඩුයි, වැඩයි දෙකම බලාපොරොත්තු වෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 993 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2041 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1070 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 355 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1591 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1116 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site