IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


විෂබීජහරණයට පැමිණි නගර සභා සේවකයෝ මුදල් භාණ්ඩ සොරාගෙන යති


(හැටන් රංජිත් රාජපක්ෂ)    

කොවිඩ් 19 වයිරසය අසාධනය වූ අසාධිතයෙකු හමුවීම නිසා වසා දමා තිබූ හැටන් නගර මධ්‍යයේ පිහිටි මත්ස්‍ය වෙළඳපලේ විෂබීජ හරණයට ලක් කිරීමට ඊයේ (06) පැමිණි හැටන්, දික්ඔය නගර සභාවේ සේවකයින් එම වෙළඳසැලේ තිබු මූදල් සහ භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව එම මත්ස්‍ය වෙළෙඳපලේ කලමණාකාරවරයා පැවසීය.

එම මත්ස්‍ය වෙළෙඳපලේ මුදල් කවුන්ටරය කඩා එහි තිබූ රුපියල් 37000ක මුදල් සහ අලෙවි කිරීමට තිබු රුපියල් 50000ක් පමණ වටිනා මිරිස් කුඩු, පොල්තෙල් බෝතල් කිහිපයක් සහ පාරිභෝගියන්ට මාළු ලබාදීමට තිබූ  පත්තර තොගයක්ද සොරාගෙන ගොස් ඇත.

එම වෙළෙඳසැලේ සේවය කළ සේවකයින් සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ අතර, එම ස්වයං නිරෝධායනය අද (07) අවසන් වීමෙන් පසු එම මත්ස්‍ය වෙළෙඳපල පවිත්‍ර කිරීමට පැමිණි එම සේවකයින් විසින් එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදි මුදල් සහ භාණ්ඩ සොරාගන්නා ආකාරය එහි සටහන් වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් එම මත්ස්‍ය වෙළෙඳසැලේ කලමණාකරු විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (4)

විෂබීජහරණයට පැමිණි නගර සභා සේවකයෝ මුදල් භාණ්ඩ සොරාගෙන යති

Rata Perata Saturday, 07 November 2020 08:42 AM

ලොකු එවුන් කරන කොට කිසි සද්දයක් නැහැ. පොඩි එකාගේ ඒවා නම් සීසීටීවී වල දාලා පත්තරෙත් දානවා. එහෙම කරලා සොහොන් හදලා රටෙත් නායකයින් වුණානේ.. කෝටි 3.5 නම් ආපහු ගෙව්වා තමයි. ඒත් ඉතිරි ටික...?

:       6       23

සෙනෙවිරත්න Sunday, 08 November 2020 01:07 AM

ඒ් ගෙව්වා කියන මුදල්ද? මහජන මුදල් නොවේද?

:       0       0

wije Saturday, 07 November 2020 10:02 AM

අතපය කඩන්න එපෑයැ. මිනිස්සු අසරණ වුණාම ඒකෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නවා.

:       2       16

ඩේවිඩ්Sunday, 08 November 2020 02:24 AM

පළාත් පාලන ආයතනවල කසල එකතු කරන්නන් සහ එම වාහනවල රියදුරන් නිවෙස් අසල කුණු එකතුකිරීමට සංතෝසම් බලාපොරොත්තු වෙනවා. නුදුන්නොත් මාස ගණනක් ගියත් එවැනි නිවෙස් අසල කුණු ගෙනයන්නේ නැති බව මමත් සේවය කළ පළාත් පාලන ආයතනයක සිද්ධියක් නිසා බව දන්නවා. මෙය මම සේවයට බැඳුණු අළුතම සේවය කළ ආයතනයේ ඉහළ නිලධාරියෙක් සිට විශ්‍රාමලත් කෙනෙකුට සිදුවූ දෙයක් මම කියන නිලධාරියා විදේශගත දරුවෙකු දකින්න විදේශගත වූ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ එතුමාගේ බිරිඳ විශ්‍රාමික විදුහල්පතිනිය පමණයි. කසල එකතු කරන්නන් කීප විටක් සන්තෝසම් ගැනීමට බැලුවත් නොලැබුණු තැන මාස ගණනක් එම නිවස අසල කුණු ගෙනගොස් නැහැ. මෙම නිලධාරියා මෙරටට පැමිණි විගස මාවෙත මෙම සිද්ධිය දැන්වූ නිසා මම දැනගත් අතර එම ආයතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කැඳවා ගැටළුව විසදීමට මට හැකිවුණා. මුදලට දැඩි ගිජුකමක් දක්වන මෙම ආයතනයේ එක් සේවිකාවක් සේවය ස්ථිර කිරීමේදී ලැබූ රුපියල් විසිදහසක හිඟ මුදල පැහැර ගැනීමට ඇය මරා සැඟවීමට තරම් එම සේවිකාවගේ දුවගේ සැමියා සමත්වූ බවද කිවහැකියි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 27 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 208 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 168 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 580 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1182 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2756 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site