මූල්‍යමය අතින් දුප්පත් කී‍්‍රඩාවක් වුවත් දස්කම් අතින් පොහොසත් කී‍්‍රඩාවක් ලෙස හැඳින්විය හැකි වුෂූ කී‍්‍රඩාව, වත්මන් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ වර්ගීකරණයට අනුව ‘ඒ’ කාණ්ඩයට අයත් කී‍්‍රඩා 10 අතරේ ආරම්භයේ සිට මේ වන තුරුත් පවතින්නේ ශ්‍රී ලංකා ජාතික වුෂූ සම්මේලනයේ කැපවීම නිසා බව ශ්‍රී ලංකා වුෂූ සම්මේලනයේ වත්මන් සභාපති මානෙල් ධර්මකීර්ති මහතා පවසයි.
කොළඹදී ඊයේ (15 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ධර්මකීර්ති මහතා මේ බව කියා සිටියේය. ‘ජාතික වූෂූ සංසදය’ විසින් වුෂූ ජාතික සම්මේලනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව කරනු ලබන ප‍්‍රකාශයන්ට පිළිතුරු දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණ.
වූෂූ කී‍්‍රඩාව මෙරටට හදුන්වා දුන් මුල් කාලයේ සිටම එම කී‍්‍රඩාව ප‍්‍රගුණ කරමින් එයින් දස්කම් දැක්වූ කී‍්‍රඩකයන්ට නිසි තැන නොලැබුණ බවත් ඔවුන්ගේ දක්ෂතා හුදෙක් සහතික පත් වලට සහ පදක්කම් වලට පමණක් සීමා වී තිබූ බවත් මානෙල් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ආරම්භයේ සිටම ව්‍යාපාරයක් ලෙස පැවති වුෂූ කී‍්‍රඩාවට නව පනක් දෙමින් 1993 වසරේදී ශ්‍රී ලංකා වුෂූ ජාතික සම්මේලනය පිහිටුවීමට පුරෝගාමීයා ලෙස කටයුතු කළේ තමන් බවද ධර්මකීර්ති මහතා පවසයි.
තමන් වූෂූ කී‍්‍රඩාව පිළිබඳ කිසිවක් නොදන්නා අයකු යයි පවසමින් ශ්‍රී ලංකා වුෂූ සංසදය නමින් පෙනීසිටින සංවිධානයක සාමාජිකයන් ද්වේශ සහගතව අවලාද නැගුවද තමන් වසර ගණනාවක සිටම අන්තර්ජාතික මට්ටමේ ‘ඒ’ ශ්‍රේණියේ වූෂූ තීරකවරයකු මෙන්ම තරග විනිශ්චයකරුවකු බවත් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය.
එවැනි කාල වකවානුවක වුෂූ කී‍්‍රඩාවේ ජීව ගුණය රැුකගැනීමට ඉදිරිපත් වෙමින් 1993 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික වුෂූ සම්මේලනය පිහිටුවා වසරක් වැනි කෙටි කාලයක් තුළ වුෂූ කී‍්‍රඩයකයන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමට කටයුතු කළ අයුරු කරුණු සහිතව විස්තර කිරීමටද ධර්මකීර්ති මහතා අමතක නොකළේය.
තමන් මාධ්‍ය ආයතනයක සේවකයෙකු බැවින් කී‍්‍රඩා සංගමයක සභාපති ධූරය දැරීම කී‍්‍රඩා පනතේ වගන්තියක් උල්ලංඝණය කිරීමක් බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ ධර්මකීර්ති මහතා පවසා සිටියේ තමන් මාධ්‍ය ආයතනයක සේවය කරන නමුත් තමන් එම මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවන බවයි. ඒ අනුව තමන් කී‍්‍රඩා පනතේ කිසිදු වගන්තියක් කඩ කර නැති බවත් අළෙවිකරුවෙකු පමණක් බවත් ධර්මකීර්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.
වුෂූ කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන් තමන් ගෙනයන කි‍්‍රයාදාමයන්ට බාධා පමුණුවමින් කි‍්‍ර‍්‍රයා කරන්නන්ගේ මීලග උත්සාහය වන්නේ අනිද්දා පැවැත්වීමට නියමිත කණිෂ්ඨ වුෂූ තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී නොකරවන ලෙස පවසමින් පාසල් වලට ලිපි යැවීම බවත්
එලෙස යැවූ ලිපියක් තමන් සතුව ඇති බවත් වූෂූ සම්මේලන සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
වුෂූ කී‍්‍රඩාවට සේවයක් කරමින් වුෂූ කී‍්‍රඩාව ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජාතික වුෂූ සම්මේලනය සමග එක්වී කටයුතු කිරීමට හැකි බවත් හෙතෙම වශයෙන් අවධාරණය කර සිටියේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වූෂූ ‘ඒ’ කාණ්ඩයේ කී‍්‍රඩාවක් ලෙස පවතින්නේ සම්මේලනයේ කැපවීම සහ කාර්යභාරය නිසයි
අහමෙඩ් Thursday, 16 May 2013 03:20 PM
මම මේ ක්‍රීඩාව ප්‍රගුණ කලේ 1990 දශකයේදී විතර. එතකොටත් මොහු අවුරුදු 5 කට වඩා පරණ ශිෂ්‍යයෙක්. (නි)
දම් Thursday, 16 May 2013 03:21 PM
ලකී ,අන්තර්ගතය බලන්න මල්ලි. පොටෝ එක අහකට දමන්න. (නි)
ලකී Thursday, 16 May 2013 01:26 PM
නියම ෆොටෝ එක. තට්ටේට උඩින් කොන්ඩේ ජුන්ඩක් වැවිලා වගේ.(නදී)