(යොහාන් භාසුර)
‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාවට හරවා යැවීමට ‘බාර්බරා’ නැමැති නෞකාව එන තෙක් බලාසිටින බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ‍්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප‍්‍රිය මහතා පවසයි.
නැව කොළඹ වරායට ඊයේ රාත‍්‍රී පැමිණීමට නියමිත බවත් එහි කාලසටහන අනුව පොල්තෙල් තොගය ප‍්‍රතිඅපනයනය කරන දිනය තීරණය වන බවත් රේගු අධ්‍යක්‍ෂවරයා කියයි.
මෙම පොල්තෙල් තොගය මේ වන විට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී පර්යන්තයේ ගබඩා කර ඇති බවත් රේගු අධ්‍යක්‍ෂවරයා කීය.
කටාන ප‍්‍රදේශයේ පෞද්ගලික සමාගමට අයිති මෙම පොල්තෙල් තොගය කන්ටේනර් හයක ගබඩාකර ඇති බවත් එහි නියම වටිනාමක රුපියල් 30,754,500 ක් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා මීට පෙර පැවසීය.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට
Nihal Sunday, 11 April 2021 02:21 PM
ඇත්තටම යවන්නේ විෂ පොල්තෙල් ද?
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 11 April 2021 03:00 PM
විශ්‍රාමික හමුදා නිලධාරීන්ට රටේ පරිපාලන කටයුතු බාරකිරීමේ කටයුත්තේ ඇති බැරෑරුම්කම හා එම නිලධාරීන් පරිපාලන කටයුතු සඳහා දක්වන නොහැකියාව ගැන වර්තමාන තත්ත්වය මොනවට සාක්ෂි දරයි.රටේ පරිපාලන කටයුතු සඳහා හමුදා නිලධාරීන් පත්කිරීම ගැන අප රට මානව හිමිකම් චෝදනාවලටද ලක්වීමට සිදුවූ දෙයක්.පුදුමය කියා කියන්නේ විෂ පොල්තෙල් ගෙනියන්න ඒ අදාළ තැන් වලින් ඇවිත්.ඒත්,බන්දුල කියන්නේ එහෙම පොල්තෙල් වල විෂ ඒවා නැතිලූ.මෙහෙමත් අමන කතා.
Dilan Sunday, 11 April 2021 05:24 PM
මොකක් හරි නාට්‍යයක් පෙන්නල ඔය පොල්තෙල් ටික අපටම කවනවා.
Binkunndaa Sunday, 11 April 2021 07:48 PM
කුණූ පොල්තෙල් මෙහෙ තියලා මැලේසියාවට යන්නේ වතුරට දන්නේ නැ....
chandima Sunday, 11 April 2021 08:09 PM
එතකොට ඒ තෙල්වලට ගෙවපු සල්ලි? අන්තිමට සල්ලිත් නැතුව තෙල්ලුත් නැතිව වෙයිද දන්නේ නෑ?