IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


විස්කි වතුර කර බෝතල් 924 ක් පිටරට යවලා


(*** නිමන්ති රණසිංහ)

විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (03) නියෝග කළාය.

මෙම සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇති බවත් ඉන් ශ්‍රී ලංකා රජයට බදු ආදායම විශාල වශයෙන් අහිමි වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මුනිදාස කුමාරතුංග මාවත, ගොරකපල, පානදුර පදිංචි ශ්‍රී ලංකා රේගු අධිකාරියේ ප්‍රධාන රේගු පරීක්ෂක රණවක ආරච්චිගේ ගාමිණී පෙරේරා, චාල්ස් පියනම මාවත, නාගොඩ, කඳාන පදිංචි ශ්‍රී ලංකා රේගු අධිකාරියේ රේගු පරීක්ෂක මාපලගම ආරච්චිගේ නිශාන්ත ලක්සිරි සහ 3 වන පටුමග නාගොඩ, කළුතර පදිංචි ශ්‍රී ලංකා රේගු අධිකාරියේ රේගු පරීක්ෂක කාලවිල පතිරගේ කසුන් ගයත්‍රී පතිරගේ  යන අයයි.

ලියනගේමුල්ල සීදුවේ පිහිටි ග්ලෝබල් ට්‍රාන්ස්පෝටේෂන්  ඇන්ඩ් ලොජෙස්ටික් පෞද්ගලික සමාගමේ තීරුබදු සහිත ගුදම්වල සිට ප්‍රතිඅපනයනය කිරීම සඳහා රැගෙන එන ලද මෙම විදේශීය මත්පැන් තොගයෙන් විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ඇතුළු මත්පැන් බෝතල් 924ක් වෙනුවට ලීටරයේ විනිවිද පෙනෙන වතුර බෝතල් පුරවා මෙම වංචාව සිදුකර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

විදේශීය මත්පැන් බෝතල් සහිත ලොරි රථය රේගුවේ සිට අදාළ සමාගම පිහිටි අංක 719/17 ලියනගේමුල්ල, සීදුව යන ස්ථානයට පිටත්ව නොගොස් පෑලියගොඩ නුගේ පාරේ පිහිටි රහසිගත ස්ථානයක් වෙත ගොස් මෙලෙස මත්පැන් බෝතල් මාරුකර ඊට වතුර බෝතල් පුරවා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

රේගු අංගණයෙන් එම ලොරි රථය පිටත්ව යාමට පෙර ඒවා මුද්‍රා නොතබා අදාළ රහසිගත ස්ථානය වෙත ගොස් පසුව එහි බහාලුම් කඩා ජාවාරම සිදුකර නැවත මුද්‍රා තබා ඇති බවටද කරුණු අනාවරණය වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම විදේශීය මත්පැන් සහිත ලොරි රථ රේගු අංගණයෙන් පිටත්වන විට රේගු පරීක්ෂකවරයකු වෙනම වාහනයක නැගී ලොරිය පිටුපසින්  ගමන් ගන්නා බවත්, පසුව අදාළ රහසිගත ස්ථානය වෙත ගොස් මෙම ජාවාරම සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම වංචාව සම්බන්ධයෙන් වූ මත්පැන් තොගය මාලදිවයින වෙත ප්‍රතිඅපනයනය කිරීම සඳහා සූදානම් කර තිබූ එකක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.

ප්‍රතිඅපනයනය කරන භාණ්ඩ ලෙස ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කර තිබූ අදාළ විදේශීය මත්පැන් තොගයට ඇමරිකන් වෝටර් නම් වෙළෙඳ නාමයෙන් අසුරන ලද විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල් 744ක් ද විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 114ක් ද රේගු විමර්ශන අංශය භාරයට ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

ප්‍රතිඅපනයනයට ඉදිරිපත් කර ඇති රේගු සටහන්වලට අනුව ඊට අදාළ ඉන්වොයිස් භාණ්ඩ විශ්ලේෂණය කිරීමේදී මෙම වංචාව හසුවී ඇති බවත් රේගු ආඥාපනත ප්‍රකාරව අදාළ සමාගමේ ගුදම ඉකුත් 22 වැනිදා මුද්‍රා තබා ඇති අතර මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශයේ සහකාර රේගු අධිකාරී අමරසිංහ මුදුන්කොත්ගේ අරුණ ශාන්ත අමරසිංහ මහතා ඉකුත් අගෝස්තු මස 18 වැනිදා පැමිණිල්ලක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 01 අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී. රණවක, නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

 



අදහස් (5)

විස්කි වතුර කර බෝතල් 924 ක් පිටරට යවලා

Prabha Friday, 04 September 2020 10:11 AM

රේගු නිලධාරීන්ගේ වත්කම් හෙව්වොත් බලාගන්න පුළුවන් ඉහළ සිට පහළම ඉන්න පියන් දක්වාම ඉන්නේ හොරුනේ...

:       25       121

sunil Friday, 04 September 2020 11:54 AM

පහුගිය කාලේ නම් වොඩ්කා වතුර කළහැකි ඇමති කෙනෙකුත් හිටියා.

:       0       43

jamboo Saturday, 05 September 2020 11:33 AM

ඔය සමහර ආගම්වල ලියවිලා තියෙන විදිහට මේක ‘‘ප්‍රාතිහාර්යමය‘‘ ක්‍රියාවක්..

:       0       0

Sanjeewa Monday, 07 September 2020 09:04 AM

මේක ඉතින් රවී කරුණානායකගේ ගෝලයා එතනෝල් ජයලත්ගේ වැඩක් තමයි.

:       0       0

ජයලත් Monday, 07 September 2020 09:08 AM

මේක ඉතිම් රවීගේ ගෝලයා එතනෝල් ජයලත්ගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 93 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 549 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 363 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 171 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 735 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 173 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site