IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වාස්ගේ පුතුට රටින් පිටවීම වලක්වයි

බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු  වන රවිදු ගුණවර්ධන රටින් බැහැර වීමට ඉඩ  ඇති හෙයින්  එය වැළැක්වීමට පියවර ගන්නැයි රහස් පොලීසිය අද(30)  කොළඹ කොටුව අතිරේක මහෙස්ත්‍රාත්  මොහොමඩ් සහබ්දීන් මහතාගෙන් ඉල්ලා සිටියේය.

 ඒ අනුව ඔහුට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙසට මහෙස්ත්‍රාත්වරයා  ආගමන විගමන පාලකට නියෝග කළේය.

 රවිදු  ගුණවර්ධන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ  පුත්‍රයෙකි.

 වාස් ගුණවර්ධන මහතා ද මේ නඩුවේ සැකකරුවෙකි.

 



අදහස් (0)

වාස්ගේ පුතුට රටින් පිටවීම වලක්වයි

සිල්වා Tuesday, 30 July 2013 05:47 PM

ඇත්තටම දැන් ඔහු කොහේද ඇත්තේ? (නි)

:       0       0

නිමල් Tuesday, 30 July 2013 06:03 PM

ඔව්... කොහෙද ඇත්තේ ඔහු? නිසැකයෙන්ම ඇති කොහේ හෝ. අහුවේවි කවදා හරි. කවදාවත් වැරදි කර සැගවෙන්න බැහැ (නි)

:       0       0

දම් Wednesday, 31 July 2013 01:54 PM

ඔය වැඩ හරියට කරන හැටි පොලිසියේ පොඩ්ඩොත් දන්නවා. (නි)

:       0       0

නිල්මිණි Tuesday, 30 July 2013 06:30 PM

ඔහු නිවැරදි නම් ඇයි හැංගිලා ඉන්නේ? (නි)

:       0       0

ඩෑන් Wednesday, 31 July 2013 09:17 AM

මොකක්හරි පක්ෂයක එල්ලුනා නම් හරි... (නි)

:       0       0

චන්දි Wednesday, 31 July 2013 10:39 AM

දැන් පොලිසියට වෙලා තියෙන්නේ රටේ ලොකු ලොකු තනතුරු දරන අයගේ රාජකාරි කටයුතු කරන්න මිසක් දුගී දුප්පත් මිනිසෙකුගේ රාජකාරියක් කරන්න නෙමෙයි. (නි)

:       0       0

රූපවති Tuesday, 30 July 2013 08:45 PM

වැරදි කරුවෙක් නම් ..? මෙලහටත් රටින් පිටවෙලා ඇති . දැන් එයා සිංගප්පුරුවේ ඇති...? හුගක් වැරදිකරුවෝ නීතියෙන් බේරිලා නවාතැන් ගන්න යන්නේ මෙහාට මයි ..? (අ)

:       0       0

දුමින්ද Tuesday, 30 July 2013 09:40 PM

වැරදි කළ නිසායි හංගන්නේ (අ)

:       0       0

ජයන්ත Tuesday, 30 July 2013 10:01 PM

වාස් වෙනුවන් ගුණ කියපු අය කෝ? (නි)

:       0       0

පවිත්‍ර Wednesday, 31 July 2013 11:42 AM

නිවන්තිඩිය ගමේ අපේ වොලිබෝල් පිට්ටනිය සම්බන්ධ නඩුවකුත් තවම විභාග වෙමින් පවතිනවා (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 31 July 2013 11:45 AM

නමුත් වෙනත් නමකින් ඔහුට රටින් පිටවෙන්න අවකාශ සළසා ගන්න පුළුවන් නේද? (නි)

:       0       0

චානක. Tuesday, 30 July 2013 11:01 PM

දැන් මේ නීති විරෝධීව හැංගෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කළ ඉහළින්ම සිටි ප්‍රධානියෙකුගේ පුතෙක් නේද කියලා හිතන්නේ කොහොමද? (නි)

:       0       0

රූපවතී Wednesday, 31 July 2013 04:58 PM

අර වටිනා පින්තූර දෙකත් රටින් පිට කරන්න එපා කිවුවා. අර මතක නැතිකෙනාත් ලංකාවෙන් පිට වුණාට පසුව අත් අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කළාලු නේද ..? අපේ රටේ ආරක්ෂාව දෙන්නෙත් විශේෂ තැන් වලට ඒවායේ තිබෙන දේවල් හොරු ගෙනගියවිටයි. (නි)

:       0       0

ලලිත් Wednesday, 31 July 2013 12:22 AM

එහෙනම් ලඟදි රට ගිහින් එන්න ඇති? (අ)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 06:37 AM

මං කියන්නෙ නැහැ වාස් එලියට දැමිය යුතුයි කියලා. නමුත් අර දැරණියගල ලොක්කා කොහොමද කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ? සබරගමුවේ දෙවි කෙනෙක්ගේ අනුහසින්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 1 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 257 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1393 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1562 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 549 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1769 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site