( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජවර්ධනය මහතා අද (28) ඉවත් වූයේය.
මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා , ප්‍රියන්ත ජයවර්ධන සම මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී ප්‍රියන්ත ජවර්ධන විනිසුරුවරයා පෞද්ගලික හේතූන් මත තමන් එම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.
පෙත්සම්කාර පාර්ශවයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලූවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බවයි අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදී අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේ පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න පිළිබඳව.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ මෙම අවස්ථාවේදී එවැනි ප්‍රතිඥාවක් ලබාදීම අපහසු බවයි.
ඒ හේතුවෙන් පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මාර්තු 07 වැනිදා කල් තැබීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
කෝට්ටේ බැද්දගාන අංක 99 /3 දරණ ස්ථානයේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කරනු ලැබ ඇත.
නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ.
නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයෙකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප්රදානියාට උපදෙස් ලබා දුන්නේය.
තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු අඩංගු ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.
මෙම ප්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දුන්නේය.
මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී.
මෙම ප්‍රකාශයන් සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.
පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.
මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , වග උත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසන්ත කරන්නාගොඩගේ නඩු විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත් වෙයි
Rata Perata Thursday, 28 February 2019 07:30 AM
ගෝඨාගේ නඩුවේ අයට හඳුනාගන්න බැරි ලෙඩේද දන්නේ නෑ...
nishanFriday, 01 March 2019 10:59 PM
පෙත්සම්කරු පෙත්සමේ කියපු දේවල් ඇත්ත විදියට දාලා. ට්‍රැවිස් සින්නයියා බොරු කිව්වලු. පෙත්සම්කරු මහින්දගේ සහ ගොඨාගේ සමීපතයන්ලු.
kaveesha Thursday, 28 February 2019 08:14 AM
යුද්දෙට අණදීපු රණ විරුවො එක එකා ඇතුලට දානව.....තොප්පිගල කැලයක් කියල,ඕනෙ ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන් කියල මිලේනියම්සිටි පාව දීල එදා ඉඳල යුද්ධයට බකට් එක දාපු අය අතේනෙ රට තියෙන්නෙ.............
lanka Thursday, 28 February 2019 08:35 AM
පෙත්සම්කරු හිටපු පාලකයන්ගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.
Mahee Thursday, 28 February 2019 09:06 AM
එතුමා හරි. තමා සම්බන්ධ කරුණකදී තමා විනිශ්චයකරු නොවිය යුතුය. එහෙමයි ස්වාභාවික නීතියේ මුලධර්මය.
ජනතා Thursday, 28 February 2019 11:04 AM
රස්සාවෙන්ම අයින් වෙනවද? අනේ! අපොයි! අපේ රටේ නීතිය, මේකද? පොඩි මිනිසුන්ගේ නඩු විතරද අහන්නේ? ලොකු මිනිසුන්ගේ නඩු අහන්න බයද? මෙහෙමත් රැකියා තිබිය යුතුද?
rohana kumara mendis Thursday, 28 February 2019 11:06 AM
මිනි මරුවන්ට මංකොල්ල කාරයන්ට මෙයාලා කොයි තරම් බයද?
harimaga Thursday, 28 February 2019 12:18 PM
පාර්ලිමේන්තුවේ වැඩි බලය තියන කණ්ඩායම තමන් කැමති විනිසුරුවන් විතරක් පත්කර ගන්නේ ඇයි කියලා දැන් තේරෙනවනේ? අගමැති පට්ටම බේරගත්තේ අනූනවයෙන්. හැබැයි රණවිරු දඩයම තාම නවත්තලා නෑ..
ravi Thursday, 28 February 2019 12:22 PM
රණවිරුවකු වුවත් මිනීමරුවකු නම් ගැලවීමක් නොමැත. පමා වී හෝ රට හරි පැත්තට යන බව පෙනෙන්නට තිබේ.
udayaFriday, 01 March 2019 11:14 PM
එතකොට මහා බැංකුව කොල්ල කපු අය හොඳ අයද? දැන් ඇමති කමක් අරන් ඉන්නේ. ඔක්කෝටම කලින් උන් අල්ලගෙන හොරා කාපු සල්ලි අරන් රට හදන්න...
Sriyal Thursday, 28 February 2019 03:42 PM
රටේ අපරාධ මර්දනය කිරීමට අවශ්‍ය නව නීති පාර්ලිමේන්තුවෙන් සම්පාදනය නොකර, තම වරිගය රකින දේශපාලකයින් රට කැදවීම හැලියක් බවට පත්කරමින් ගෞරවනීය පුද්ගලයන් මර්දනය කරමින් සිටියි. අපේ රටේ අනාගතය කොහෙද? බුද්ධිමතුන් දැන්වත් තම වගකීම රට බේරා ගැනීමට කැපවිය යුතුය. සෑම දියුණු රටකම බුද්ධිමතුන් රට දියුණු කරන්න කැප වී ඇත. අපි රට භාර දී ඇත්තේ නූගතුන් වෙතයි.
Chandima Friday, 01 March 2019 03:44 AM
ඇත්තටම මෙතුමා අපේ රට නිදහස් කරගන්න නාවික හමුදාවට අති විශිෂ්ට නායකත්වයක් දුන්නටද මේ තරම් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ? මටනම් අපේ ජාතිය ගැන දැන් තියෙන්නේ මහා ලැජ්ජාවක්. තිස් වසරක සාපය නැති කරපු අපේ රණවිරුවෝ ටික මේ ඊළම් වාදී එක එක ද්‍රෝහීන්ට ඕනි කරන විදියට පහත් කරලා ඉතිහාසයෙන් මකන්න හදනවා.
Rata PerataFriday, 01 March 2019 07:08 AM
මෝඩ තර්ක දෙන්න එපා
ChandimaFriday, 01 March 2019 12:38 PM
අනේ ඔහෙලගේ බුද්ධිමත් තර්ක.... ඔහෙලගේ බුද්ධිය උඩ වෙන්නැති ඔහෙලා වාඩිවෙන්නේ. ඔහෙලා රට ගොඩට නෙමෙයි රට වලපල්ලට කියල හඳුන්වාගන්න.
vis Friday, 01 March 2019 06:37 AM
මිනී මරන්න අනුබල දුන්නා නම් එයට මුහුණ දියයුතුයි. රණවිරුකමට නිගාදෙන වැඩ කරලා සුදනන් වන්න හදන එක පාපයකි. මේ අය අහිංසක කොල්ලෝ 11ක් මරලා බේරෙන්න හදනවා. කිසිම ඉඩක් දියයුතු නැහැ...
janahitha Monday, 04 March 2019 09:04 AM
අනේ ඔව් හරිම අහිංසක ළමයි ටික..., අර කැබිතිගොල්ලාවේ, මැණික් ෆාම්, ඩොලර් ෆාම් අරලගන්විල මැරුවේ දරුණුම ත්රස්තවාදීන්, කොටි ගහනකොට හමුදාව හොඳයි... එන්.ජී.ඕ. සල්ලි බෙදන කොට ඔවුන් මිනීමරුවන්... ඕක ජාතකේ වැරැද්ද...
ගගල්කටස් Friday, 01 March 2019 06:39 AM
දුක් නොවන්න ..දැන් ඔක්කොම වැරදි කර අැත්තේ හමුදාවයි.
ජයන්ත මිලානෝ Friday, 01 March 2019 07:24 AM
ඇත්තටම එතුමා යුද වීරයෙක් වෙන්න පුලුවන්..... විරත්වයට මුවාවෙලා දැනුවත් වෙන්න කවුරු හරි අහිංසක දරුවන් බිල්ලට ගන්න එක යුතුද ?එසේ වූ අය ආරක්ෂා කරන එක හරිද? ඔබෙන් මගෙත් දරුවන් නොවන නිසා වීරත්වයෙ නාමයෙන් එතුමන්ලාට සුදුහුණු ගාන එක යුතුද?
ChandimaFriday, 01 March 2019 03:22 PM
මෙහෙම දෙයක් තියෙනවා. අපි දන්නේ නැහැ මේවා එතුමාගේ අනුදැනුම ඇතුව වුණාද නැද්ද කියලා. හැබැයි ඔය කියන කාලේ පොට්ටු අම්මාන් විසින් උතුරේ දෙමල තරුණයන් විශාල පිරිසක් එවලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කරලා කොළඹ මහා විනාශයක් ගිනි ජාලාවක් කරන්න සැලසුම් කරලා තිබුණු බව ඔබ දන්නවද? ඒ උත්සාහයන් ව්‍යවර්ථ නොකළා නම් තාමත් යුද්දේ ඉවර නැහැ. ඒ නිසා හැම පැත්තම බලන්න වෙනවා.
nimal Friday, 01 March 2019 07:36 AM
කෙලෙහිගුණ නොදන්න, එසේම රට ජාතිය අගම අනාගතේ රට බාර ගෙනීමට සිටින ජාතියේ දරුවන් ගැන කිසිම හැගීමක් නැති, ප්‍රතිපත්තියක් නැති පාලන කාලයකි
Akm Dodampotta Monday, 04 March 2019 04:51 AM
කොළඹ 07 අය සේවය කරන්නේ අමෙරිකාවටනේ...