IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වසර එකහමාරකට පසු මහානාමයට විදුහල්පතිවරයෙක්

කොල්ලුපිටිය මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පංතියේ නිලධරයකු වන ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

මහානාම විද්‍යාලයයේ හිටපු විදුහල්පති විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2012 අප්‍රේල් මස සිට විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පති සෙනරත් බණ්ඩාර මහතා වැඩ ආවරණය කළේය.

රාජ්‍ය සේවා කොමිසම මගින් විදුහල්පතිවරයකු පත් කිරීම සඳහා සමූඛ පරීක්ෂණ පවත්වා පසුගිය ජූලි මාසයේ බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා  විදුහල්පති ලෙස පත් කළත් ඒ මහතා වැඩ බාර නොගැනීම නිසා සමූඛ පරීක්ෂණයේ දෙවැනි තැනට   ලකුණු ලබා සිටින ප්‍රසන්න උපශාන්ත මහතා පත් කර ඇත.

මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති ලෙස කටයුතු කරන උපශාන්ත මහතා බ්‍රහස්පතින්දා (24) පෙරවරු 10.30ට මහානාම විද්‍යාලයයේ වැඩ භාර ගැනීමට නියමිතය.

1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද,  කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.

 



අදහස් (0)

වසර එකහමාරකට පසු මහානාමයට විදුහල්පතිවරයෙක්

ඉන්දික Tuesday, 22 October 2013 10:15 AM

උපේන්ද්‍රගේ කතාව සහතික ඇත්ත. (ස)

:       0       0

ඉන්දික Tuesday, 22 October 2013 10:16 AM

උපේන්ද්‍ර හරි. කේ. එන්. පි. ද සිල්වා සර්ගේ කාලේ තමයි හොඳම. ඊට පස්සේ සුමනසේකර සර්ගේ කාලේ. අපි එයාට ටයි පොල්ලා කියලත් කිව්වා තමයි. ඒත් ඒ කාලෙත් ඉස්කෝලේ හොඳට තිබුණා. (ස)

:       0       0

චමිල - පානදුර Tuesday, 22 October 2013 12:08 AM

ඔබතුමා අවංකව පාසලට සේවය කරනු ඇති කියලා අපි හැමෝම බලාගෙන ඉන්නවා. අවංකව සේවය කරන්න බැරි නම් වහාම ඉවත්වෙන ලෙසත් අපි පටන් ගන්නකොටම කියනවා. මොකද ඔය හැමෝටම වඩා පාසලේ ඉගෙනගත් දරුවෝ විදියට අපි පණ වගේ ආදරය කරනවා අපේ පාසලට. (නි)

:       0       0

ඉන්දික Tuesday, 22 October 2013 02:45 PM

රුචිර, මට වැරදුනා. ඔයා හරි. ටයි පොල්ල කිව්වේ එයාට තමයි. (ස)

:       0       0

වරුණ මුතුකුඩ Tuesday, 22 October 2013 11:00 AM

මහනාමෙට සුභ අනාගතයක්.(නදී)

:       0       0

දුෂාන් Wednesday, 23 October 2013 09:53 AM

මහානාමයට තවත් දිගු ගමනක් යන්න සේවය කරන්න ආශීර්වාද කරනවා. මහානාමයට සුබ අනාගතයක්. තව දුරටත් මහානාමය ඉදිරියට ගෙන යන්න තව තවත් ජයග්‍රාහී තත්වයට පත් කරන්න ශක්තියය ලැබේවා. පහු ගිය විදුහල්පති වරයාගෙන් සිදුවු දුෂණ සිදු නොකරමින් හොඳ සේවයක් කරන්න අපි මහනාමයේ පුතුන් විදියට බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 22 October 2013 11:14 AM

සුමනසේකර මහතා නාලන්දයටත් සේවය කළා. (නි)

:       0       0

රුචිර Tuesday, 22 October 2013 11:27 AM

මචං ටයි පොල්ල කිව්වේ රත්නදාසට.එතනින් තමයි විනාසෙ පටන් ගත්තේ. (ස)

:       0       0

මොහාන් Tuesday, 22 October 2013 11:35 AM

මෙච්චර පහු වෙලා දැම්මම කොහොමද 2014 පළමු වසර ළමුන් "ක්‍රමවත්" විදියට ගන්නේ. අඩු ගන්නේ මාස 8 කට කලින් දැම්ම නම් දැන් කට්ටියය අල්ලාගෙන නේ. පව් අවුරුද්දක්ම මිස් වෙනවා. (ස)

:       0       0

රන්ජන් ද සිල්වා Tuesday, 22 October 2013 04:50 AM

මහානාමයට බුදු සරණයි! (නි)

:       0       0

ලක්මාල් Tuesday, 22 October 2013 12:29 PM

මගේ මහානාමයට සේවය කරන්න...,බැරි නම් අයින් වුනාට කමක් නැහැ ...ස්කෝලෙන් අවුරුදු 13 ඉගෙන ගත්ත දරුවෙක් හැටියට මගේ පාසැල ගොඩක් වටිනවා... මොකද හැමදේම ලැබුනේ මහානාමෙන්.... (ස)

:       0       0

මෝහම්මෙඩ් පාවස් Tuesday, 22 October 2013 12:43 PM

කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමාගේ තමයි හොඳම කාලේ, බණ මඩුව පාසල උනේ. (ස)

:       0       0

හේමන්ත Tuesday, 22 October 2013 08:12 AM

අලුත් විදුහල්පතිතුමා වැඩට එන්නත් පෙරම ඉතාම අසුභවාදී විදියට බලන්නේ ඇයි? එතුමා දක්ෂ නිලධාරියෙක් විදියටයි මම නම් දන්නේ. හැමදෙනාම අවංකවම තම තමන්ගේ යුතුකම් කරන ගමන් හොඳ සහයෝගයක් මෙතුමන්ට දුන්නොත් මහානාම විද්‍යාලය බබළවාවි. මහානාමයට යහපතක්ම වේවා ! (නි)

:       0       0

උපේන්ද්‍ර - යු .කේ Tuesday, 22 October 2013 08:26 AM

සුමනසේකර සර් ගියාට පස්සේ තමයි මහනාමයේ පරිහානිය පටන්ගත්තේ. එදා සිට මේ වනතෙක් මහනාමය ඇතිකරගත් ඒ කීර්තිනාමය පසුව ආ සියලු දෙනා නැත්තටම නැතිකළා. පාසලේ රන්වන් යුගය වුණේ කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමා ඉන්න කාලය. මට මතකයි එතුමා පාසලෙන් ඉවත්ව යන දවසේ එතුමාට හමු වූ සියලු දේවල් පාසලට දීලා බස් එකේ ගෙදර ගියේ. ඒ රත්තරන් වටිනා මිනිසුන් යටතේ ඉගෙනගන්න අපිට වාසනාව තිබුණා. මොහු කොහොමද කියලා අපි දන්නේ නැහැ. කොහොම වෙතත් පාසැල තව පරිහානියට යා නොදීම අපගේ වගක්කීමක්. එහෙම බැරි නම් පාසැල පරිහානියට යා නොදී ඉවත් වන්න. (නි)

:       0       0

ඉන්දික Tuesday, 22 October 2013 08:41 AM

උපේන්ද්‍ර, යු .කේ ගේ අදහසට මමත් එකඟයි. (නි)

:       0       0

හැරී Tuesday, 22 October 2013 08:56 AM

මහානාමයට ජය වේවා! (ස)

:       0       0

සහන Wednesday, 23 October 2013 06:37 AM

මට හිතෙන්නේ පාසලේ පරිහානියේ පටන් ගත්තේ රත්නදාස සර් ගියාට පසුවයි. ඒවාට ලොකු පොඩි හැමෝම වගකියන්න ඕනෑ. මහත්තයෝ, අපි හොදට බලාගෙන ඉන්නවා, අපි හිතනවා ඔබතුමා උපශාන්තව අපේ පාසැල ගොඩගනී කියලා. ඔබට ජය. (නි)

:       0       0

රුචිර Tuesday, 22 October 2013 09:30 AM

උපේන්ද්‍ර හරි, පාසලේ රන්වන් යුගය වුණේ කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමා ඉන්න කාලය.කේ. එන්. පි. ද සිල්වා විදුහල්පතිතුමා ,පී.ටි.මුතුකුමාරණ,ද.ජි සුමනසේකර වගේ විදුහල්පති වරු පාසල ගොඩක් දියුණු කළා. දරුවන්ට ආදරේ කල ඒ වගේ දෙවිවරු ඊට පස්සේ පාසලට ලැබුනේ නැහැ. (ස)

:       0       0

චානක පෙරේරා Tuesday, 05 November 2013 03:55 PM

මම මහානාම විද්‍යාලයේ ශිෂයෙක් හැටියට ආඩම්බර වෙනවා. ඔබතුමා වගේ පළපුරුදු විදුහල්පතිවරයෙක් අපගේ පාසලට ලැබීම පිලිබඳව සහ තව දුරටත් ඔබතුමාට අපගේ පාසැල කොළඹ අංක එකේ පාසැල බවට පත් කිරීමට හැකි වේවා.මහානාම මාතාවට ජය වේවා... (ස)

:       0       0

සධිරිස් Monday, 21 October 2013 10:29 PM

මහානාමෙටත් දෙයියන්ගෙ පිහිටයි. (නදී)

:       0       0

නරේන්ද්‍ර ගුණතිළක Sunday, 27 October 2013 08:01 PM

කේ. එන්. පී ද සිල්වා ගුරු පියාණන් ගැන හුගක් මගේ සහෝදරවරු ගුණ කියලා තියෙනවා දුටු විට ආඩම්බරයක් ඈති වෙනවා. එතුමා අද තම ජීවිතයේ සෑදෑ සමය පානදුර පින්වත්ත ප්‍රදේශයේ ගෙවමින් සිටිනවා. ඔබට හැකිනම් තෑගි නොගෙනිච්චත් විනාඩි 10කට ගොඩ වෙලා කළගුණ සළකන්න යැයි මම ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එතුමා එය ඉතාමත් අගය කරන බව එතුමාව නිතර බලන්න යන කෙනෙක් ලෙස මා දන්නවා. (නි)

:       0       0

අශාන් මිහිරංග Thursday, 24 October 2013 02:40 PM

උඩින් දාලා තියෙන අදහස් සියල්ල කියෙව්වා, ඒ දාලා තිබෙන හැම අදහසකින්ම කියැවෙන්නේ, අලුතෙන් එන විදුහල්පති පාසලට වැඩක් කරයිද යන චකිතයයි. ඒ වගේම ඒ හැම අදහසක්ම 100% ක් වගේ නිවැරදි ඒවා කියලා මම හිතනවා. වගේම පිළිගන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 197 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1663 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2084 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5653 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1638 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6129 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18034 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site